අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

මාගේ දිවියේ පහන් තාරකාවෝ නම්, මගේ ගුරු මව් පියන්ය…ඔව්නට මෙම ගීතය උපහාරයක්ම වේවා.

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහින්ද සමරසේකර
සංගීතය : රෝහන වීරසිංහ

ගීතයේ  mp3 ගොනුව  මෙතනින්  බා ගන්න

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

6 Responses to අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

  1. කල්හාර පවසයි:

    වැඩිය අහන්නෙ නැති වුනාට ලස්සන සිංදුවක්………………….

    කැමතියි

  2. Prabhath පවසයි:

    Thanx friend….. Sunil Edirisinghe Mahathmayage Lassanama Lassana song ekak.. Man godak asa nithara ahenne nethi song ekak..thanx lyrics demmata…..Godak hithata vadina song ekak.

    කැමතියි

  3. නදී... පවසයි:

    අපේ අම්ම අප්පච්චි දෙන්නත් ගුරුවරු.මට ඒනිසා මේ සිංදුව ගොඩක් සමීපයි.ඇස් වලට කදුලු එනව සිංදුව අහද්දි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න