ශී‍්‍ර ලංකාවේ ජාතික සංකේත

රටක ජාතික සංකේත එරට සංස්කෘතිය, අනන්‍යතාව, සභ්‍යත්වය පෙන්වන කැඩපතක් බඳුය. ජීවී මෙන්ම අජීවී වස්තූන් රටක ජාතික සංකේත අතරට අයත් වේ.

  • ජනරජ ලාංඡනය.
  • ජාතික කොඩිය.
  • බෞද්ධ කොඩිය.
  • ජාතික වෘක්‍ෂය.
  • ජාතික පක්‍ෂියා .
  • ජාතික පුෂ්පය.

යන ඒවා ශී‍්‍ර ලංකාවේ ජාතික සංකේත ලෙස පිළිගැනේ. ඒ හැරුණු විට

  • ජාතික ගීය.
  • ජාතික ඇඳුම.
  • ජාතික කී‍්‍රඩාව.

ආදී වශයෙන් ද ජාතික සංකේත කීපයක් වේ.

ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.එහි දිග පළ‍ලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.

ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස්

01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.

02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.

03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.

04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.

05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.

06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.

07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.

1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි.මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත ‍කොඩියක අචශ්‍යතාච ප්‍රබලච මතු චිය.

මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය,

  • එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
  • ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
  • ජේ.ආර්. ජයචර්ධන මහතා
  • ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
  • ටී.බී. ජයා මහතා
  • සෙනට් සභික එස්. නඩේසන් මහතා
  • ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)

ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට .1951 ‍පෙබරවාරි27 චෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත චී 1951 මාර්තු 31 චෙනිදා පැරණි පාර්ලිමේන්තුච ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නච ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා චිසින් ඔසචන ලදි.නව ජාතික කොඩිය සම්මත වීෙමන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය.1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ පුටු කකුල් හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු විය.ඉන් පසු නව ජාතික කොඩිය ප්‍රමිති කාර්යාංශය මගින් පළ කළ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතච සම්මතයන් ඉදිරිපත් කෙරිණි.
නව ජාතික ධජයේ චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කළේ එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. කලාශූරී එස්. පී.චාල්ස් මහතා එම නිර්මාණ කටයුතුවල සහායක ලෙස කටයුතු කළේ ය. නිදහසෙන් පසු නිර්මාණය වූ ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්‍ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම ය.තවද ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද සමස්ත කොඩිය වටේම කහ පැහැ පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය.මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්ත ය.සමස්ත කොඩියේ තිරස් පළලට,මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ.එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට ‍බෙදු විට (කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය.ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් S.L.S 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ‍වේ.

ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය

1. ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.

2. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.

3. කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.

4.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.

5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.

6. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.

7.හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.

8.ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.

9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.

10.ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.

බෞද්ධ කොඩිය

රාජ්‍ය වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තේ නොවේ. මෙවැනි තත්ත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්‍ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒඅනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකේය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහි වීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.

සංකේතාත්මක සන්නිවේදනයේ මාධ්‍යයක් වශයෙන් දුරාතීතයේ සිට ම භාවිතා කළ කොඩියේ පරමාර්ථ අතිශය පුළුල් පරාශයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කෝෂයේ ‘ජන කොට්ඨාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්‍රහනයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිබිඹු කිරීමට ද ඓශ්චර්යය, සෞභාග්‍ය, ආරක්‍ෂාව අභියෝගය, අවනත භාවය, අභිමානය, ගෞරවය, පක්‍ෂපාතීත්වය හා අපේක්‍ෂා යන විවිධාර්ථ ප්‍රකාශ කිරීම පිණිස කොඩිය හෙවත් ධ්වජය භාවිතා කෙරේ.’ යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ කොඩිය බිහි වූයේ බුදු දහම, බෞද්ධ සමාජය, බොදු හැදියාව, බෞද්ධත්වය කොටින්ම බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කිරීම පිණිසයි.

කෝලාහලයක්

බෞද්ධ ධ්වජය බිහි වීමට සාධක වූ ඉතිහාසයේ පසුබිම් ද කෙටියෙන් හෝ විමසීම ද වැදගත් වේ. ඒ කෙසේ ද? යත්, කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ නේත්‍රප්‍රතිෂ්ඨාපනය කිරීමේ පින්කමක් 1883 මාර්තු 25 දින සිදු කිරීමට සංවිධානය කර තිබුණි. පානදුරාවාදය ජය ගැනීමත් සමඟ පැවැත්වීමට නියමිත එම පින්කම සඳහා බොරැල්ලේ සිට දීපදුත්තාරාමයට පෙරහරක් පැමිණීමට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සංවිධානය කළහ. පෙරහර පැවැත්වීම පිළිබඳ යම් යම් දූෂමාන ආරංචි පැතිර ගොස් තිබූ බැවින් ක්‍රිස්තියානි පොලිස් නිලධාරීන් විසින් ඒ පිළිබඳ පූර්ව පරීක්‍ෂණයක් සිදු කොට පෙරහර පැවැත්වීමට අවසර දෙන ලදී.

රාත්‍රී 1.30 ට පමණ බොරැල්ලෙන් පිටත් වූ එම පෙරහර කොටහේනට ළඟා වන විට පල්ලිවල සීනු නාද කරනවාත් සමඟ අවි ආයුධ රැගත් විශාල මැර පිරිස් කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුර අසලට ළඟා වූහ. පෙරහරේ ගමන් ගත් නිරායුධ අහිංසක බොදු උවසු උවැසියන්ට දාමරිකයන් විසින් පහර දෙන ලදී. එම අවස්ථාවේ දී බෞද්ධයෙකු මිය ගිය අතර තිස් දෙනෙක් පමණ බරපතල තුවාල ලැබ රෝහල් ගත කළහ. පසුව මේ සිද්ධිය පිළිබඳ බෞද්ධයන්ගේ බලවත් ඉල්ලීම පරිදි කොමිෂන් සභාවක් පත් කොට පරීක්‍ෂණයක් කළ නමුත් වැරැදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ දඬුවම් දීමට හෝ පියවර නොගත් අතර මින් පසු බෞද්ධ පෙරහර පැවැත්වීම සපුරා තහනම් කරන ලදී.

බෞද්ධාරක්‍ෂක සභාවක්

බ්‍රිතාන්‍ය පාලනය යටතේ හුදු බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට වන මෙවැනි ශෝචනීය තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹීම පිණිස හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ, ප්‍රධාන පෙළේ බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු කොළඹ – මරදානේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට කැඳවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1884 ජනවාරි 28 දි “බෞද්ධාරක්‍ෂක කමිටුව“ නමින් නව සංවිධානයක් බිහි විය. 1940 දී පළ වූ පරම විඥානාර්ථ සංගමයේ වජ්‍ර ජයන්ති සමරු කලාපයේ බෞද්ධාරක්‍ෂක සභාවේ සමාරම්භක රැස්වීමේ වාර්තාවෙන් උපුටා ගත් පහත ඡේදයෙන් එම සංවිධානය පිළිබඳ අවබෝධයක් ලැබේ. එනම්,

“බෞද්ධයන්ටත් ඔවුන්ගේ ආගමට සහ දේපොලවලටත් පසුගිය පාස්කු ඉරිදා ආගමික කෝලාහලයේ දී සිදු වූ අලාභ හානිවලට වන්දි ලබා ගැනීම සඳහාත් නීත්‍යානුකූල හා සාධාරණ බෞද්ධ අයිතිවාසිකම් වරින් වර දිනා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට බෞද්ධාරක්‍ෂක කමිටුව නමින් සංවිධානයක් පිහිටුවීමටත්, පහත නම් සඳහන් මහතුන් එහි සාමාජිකයන් වශයෙන් පත් කිරීමටත්, සාමාජිකත්වය පුළුල් කිරීමේ බලය ද එම කමිටුවට පැවැරීමටත් තීරණය විය. විලියම් ද ආබ්‍රෙව්, දොන් කරෝලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී. ජයතිලක, ජේ.ආර්.ද. සිල්වා, සයිමන් පෙරේරා, ධර්ම ගුණවර්ධනආරච්චි, බී.එච්. කුරේ. සේදිරිස් සිල්වා, ආර්.ඒ. මිරැන්ඩෝ, නීතීඥ චාර්ලස් ඇලෙස් සැන්ඩර් ද සිල්වා, සී.පී. ගුණවර්ධන යන අය ආරම්භක කමිටු සාමාජිකයෝ වූහ.”

එවකට මදුරාසියේ සිටි හෙන්රි ස්ටීල් ඔල්කට් මහතා මෙම කමිටුවට ඇතුළත් කර ගැනීමටත්, කමිටුවේ නියෝජිතයා ලෙස ඔහු එංගලන්තයට යැවීමටත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි දොන් කරෝලිස් හේවාවිතාරණ එච්.ඒ. ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් තීරණය විය. ඒ අනුව තත් සභාවේ ඉල්ලීම පරිදි මදුරාසියේ සිට ඕල්කට් මහතා 1884 ජනවාරි 27 දින ලංකාවට පැමිණ ඊට පසු දින පැවැත් වූ කමිටු රැස්වීමට සහභාගී විය. එහි දී බෞද්ධාරක්‍ෂක සභාවේ ප්‍රධාන සභාපති වශයෙන් ඒ.පී. ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහතා ද, සී.පී. ගුණවර්ධන මහතා ලේකම් වශයෙන් ද, එච්. ඒ. ප්‍රනාන්දු මහතා භාණ්ඩාගාරික වශයෙන් ද සම්මත වූහ.

සිංහල බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් හා තාඩන පීඩන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම කමිටුව විසින් සකස් කරන ලද සංදේශයක්, 1884 මැයි 17 දින ඕල්කට්තුමා අතර යටත් විජිත භාර මහලේකම් ඩර්බ් සාමි වෙත යවන ලදී. එම සංදේශයෙහි පහත සඳහන් කරුණු සය ප්‍රධානකොට ප්‍රශ්න විසඳා ගැනීම පිණිස ඉදිරිපත් කර ඇත.

1. කොටහේනේ කලකෝලාහලයට සම්බන්ධ වූවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම. 2. ආගම පිළිබඳ උපේක්‍ෂාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හෝ සිංහල බෞද්ධයිනට තමන්ගේ ආගමික අයිතිවාසිකම් හා වරප්‍රසාද සහතික කිරීම. 3. වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. 4. ජාතික හා ආගමික තූර්ය භාණ්ඩ භාවිතය පිළිබඳ පනවා තිබූ තහංචි ඉවත් කිරීම හා චිරාත් කාලයක සිට බෞද්ධයින් විසින් පවත්වා ගෙන ආ ආගමික පෙරහර පැවැත්වීමට අවසර ගැනීම. 5. බෞද්ධ ගම්වලට බෞද්ධ විවාහ ලියාපදිංචිය සඳහා බෞද්ධ රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීම. 6. 1856 අංක 10 දරන විහාර දේවාලගම් පනත හා ගැටළු විසඳා ගැනීම.

වෙසක් නිවාඩුව

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම ගෙන ආ සමයේ සිට පොහෝ දිනය රාජ්‍ය මට්ටමෙන් නිවාඩු දිනයක් වශයෙන් සම්මතව පැවැති බව මූලාශ්‍රය ග්‍රන්ථයෝ දෙස් දෙති. බොදු ජනයා මෙසේ අවුරුදු දහස් ගණනක් පුරා අවිච්ඡින්නව භුක්ති විඳි පොහෝ නිවාඩුව, 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩුකාරයාගේ කාලයේ දී අවලංගු කොට ඒ වෙනුවට ඉරිදා දින නිවාඩු දිනයක් වශයෙන් නීතිගත කොට තිබේ. නීතිය කුමක් වූවද, බෞද්ධ ජනයා පොහෝ දිනයන් හි ආගමික වතාවන් හි නිරත වූ බව ඉතිහාසය විපරම් කිරීමේ දී ප්‍රකට වේ. මේ නිසා සුද්දන් අප රට යටත් කොට ගත් කල්හි එනම් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර සමයෙහි 1817 අංක 5 දරන ආඥා පනත යටතේ පොහෝ නිවාඩු දිනය අහෝසි කොට පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.

මේ අනුව බෞද්ධාරක්‍ෂක සභාවේ ඉල්ලීම පරිදි ඕල්කට්තුමා විසින් එංගලන්තයට ගෙන යන ලද සංදේශයෙහි අන්තර්ගත වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දවසක් කළ යුතුයි, යන ඉල්ලීම සලකා බලා ඊට අනුමැතිය ලබා දීමට තීන්දු විය. ඒ අනුව 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයින් පී‍්‍රති ප්‍රමෝද්‍යයට පත් බෞද්ධාරක්‍ෂක සභාව එම වර්ෂයේ එළඹෙන වෙසක් පුරපසළොස්වක දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කොට එය සංවිධානය කිරීම පිණිස දස දෙනෙකුගෙන් සමන්විතකමිටුවක් පත් කළේ ය.

එම කමිටුව මෙසේ ය.

1. පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමි
2.පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමි
3. දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා
4. ඒ.පී. ධර්ම ගුණවර්ධන මහතා
5. විලියම් ද ආබ්‍රෙව් මහතා
6. සී.පී. ගුණවර්ධන මහතා
7. චාර්ලස් ඒ. ද සිල්වා මහතා
8. ඇන්. ඇස්. ප්‍රනාන්දු මහතා
9.පීටර් ද ආබ්‍රෙව් මහතා
10. එච්. විලියම් ප්‍රනාන්දු මහතා

1885 වර්ෂයේ වෙසක් පුරපසළොස්වක දිනය යෙදී තිබුණේ අපේ‍්‍රල් 28 වන දිනයටයි. එදිනට එසවීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කළ යුතු යි. මෙම උක්ත කමිටුවේ අදහස විය. මේ සඳහා ඊට සුදුසු කොඩියක් නිර්මාණය කිරීම පිණිස කමිටු සාමාජිකයන්ට පැවැරිණි. ඔවුන් විසින් විවිධ කොඩි ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කොඩි සමාලෝචනයෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන කොඩියක් නිර්මාණය කොට බෞද්ධත්වය සංකේතවත් කිරීම සඳහා සම්මත වන්නට ඇතැයි තොරතුරුවලින් හෙළි වේ. සම්මත වූ ධ්වජය පිළිබඳ හාපුරා කියා ප්‍රසිද්ධ කළේ 1885 අප්‍රෙල් මස 17 දින සරසවි සඳරැස් පත්‍රයෙනි. එම වාර්තාව මෙසේ ය.

සරසවි සඳරැස වර්ෂ 1885 ක් වූ අපේ‍්‍රල් මස 17 වෙනි සිකුරාදා කොළඹදීය

බෞද්ධයන් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්

සර්වඥයන් වහන්සේ ලෝපහළ වූ දින ප්‍රකාශ කරන සලකුණක් වශයෙන්ද ගෞරවයක් වශයෙන්ද බුද්ධ රශ්මියේ වර්ණ සය ප්‍රකාශකරන කොඩියක් එසවීමට කොළඹ වැසි බෞද්ධයන් විසින් සම්මතයක් කරගෙන තිබෙයි, මේ කොඩිය මේ මස විසිඅටවෙනිදාට පැමිිණෙන වෙසඟපුර පසළොස්වක් දිනදී කොළඹ මාලිගාකන්දේ පිරිවෙණේ සහ කොටහේනේ දීපදුත්තම විහාරස්ථානයෙහිද තවත් මේ අසල විහාරස්ථානවලද ඔසවන්ට ව්‍යවස්ථාකරගෙණ තිබෙයි. මේක ලක් දිව්වැසි සියළු බෞද්ධයන් විසින් අදෘශ්‍යයවනගතයුතු යහපත් වැඩක් මෙයින් අඟයන්නේ සර්වඥයන් වහන්සේ ජීවමාන කාලයෙහි උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු නීල (2) පීත (3) ලෝහිත (4)ඕදාත (5) මාංජෙෂ්ට (6) ප්‍රභාස්වර යන වර්ණ සයයි. සර්වඥයන් වහන්සේ ජීවමාණ කාලයෙහි උන්වහන්සේගේ කේශධාතු ආදී නීලවර්ණ අවයවවලින් නීල වර්ණය ද දන්තධාතු ආදී ශේවතවර්ණ වූ අවයවවලින් සුදු පැහැද යනාදි වශයෙන් ෂඩ් වර්ණයන බුද්ධර්ශ්මීන් විහිදුන බව පොත්පත්වල ලියා තිබෙයි. එබැවින් මේ සය වර්ණ සහ ප්‍රකාශ කරණ කොඩියක් උන්වහන්සේ ලෝපහළ වූ දවසේ එසවීම යහපත් ආර්ථියක් අඟවන ක්‍රියාවකි. මේ වැඩේ කල්පනා කළ බෞද්ධයන්ට ස්තුති කරමින් සියලුම බෞද්ධයන් විසින් මේ ක්‍රියාව පැවැත්විය යුතු බව මතක් කරම්හ.’

නිර්මාතෘ?

ෂඩ් වර්ණයෙන් හෙබි බෞද්ධ ධ්වජයේ නිර්මාණෘවරයා පිළිබඳ මත භේද පවතියි. කොඩිය පිළිබඳ ප්‍රථමවතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැත. දස දෙනෙකුගෙන් සමන්විත ඉහත දැක් වූ වෙසක් උත්සව කමිටුවේ උතුමන්ගේ අදහස් හා සැලසුම්වල සමෝධානයෙන් ෂඩ් වර්ණයෙන් සුසැදි කොඩිය නිර්මාණය කොට සම්මත වී ඇත. ඒ අනුව දශවර්ගික වෙසක් උත්සව කමිටුවට ම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියේ නිර්මාතෘවය හිමිවන්නේ යැයි නිගමනය කිරීම යුක්ති යුක්ත වන්නේ ය.

වෙසක් උත්සව කමිටුවේ ලේකම් ධූරිණ පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් පශ්චාත්කාලීන ලේඛනවල සඳහන් වේ. ඒ සඳහා මූලාශ්‍රය සපයා ඇත්තේ මෙම කොඩිය නිර්මාණය වී වසර 43 ක් පමණ ගත වූ කල් හි පළ වූ ‘සුදනමිණ’ මාසික සඟරාවයි. ඇන්. චාර්ලිස් මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ වූ සුදනමිණ 1928 මැයි කලාපයෙහි බෞද්ධ කොඩියක් උවමනා යයි නියම කරගත් උතුමන් සැම දෙනාම නොයෙක් අන්දමේ සැලැස්මවල් (ප්ලෑන්) සැපයු නමුත්, ෂඩ් වර්ණ බෞද්ධ රශ්මිය මුල්කරගෙන සී.පී. ගුණවර්ධන මහත්මයා විසින් සාදන ලද කොඩිය වඩා සුදුසු යැයි සම්මත විය. යනුවෙන් සඳහන් ය. මෙය පාදක කොට බෞද්ධ කොඩිය පිළිබඳ ප්‍රකාශයට පත් ආචාර්ය කේ.සී. ජී. විමලසේන මහතාගේ ‘ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය’ පුස්තකයෙත්, ‘වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය’ යන ගෝනහේනේ ජොතිපාල හිමියන්ගේ පුස්තකයත් ආදී කොට ඇති ලේඛනයන් හි කොඩියේ කර්තෘත්වය බෞද්ධ පුනරුදයේ යෝධයෙකු වූ පූජිත ගුණවර්ධන සුධීන් යැයි නිගමනය කොට ඇත. මෙතුමා වෙසක් උත්සව කමිටුවේ ලේකම්වරයා ය. සභාවක යම් කරුණක් පිළිබඳ විවිධ මත ගොඩනැගුණු කල් හි ඒවා සමෝධානය කොට සභාවට ඉදිරිපත් කිරීම සභාවේ ලේකම්වරයාගේ වගකීම් ය. ඒ නයින් සැලකූ® විට ඉහත සඳහන්ද දෙනාගේ විවිධ සැලසුම් සමෝධානය කොට ගුණවර්ධන මහතා ෂඩ්වර්ණ රශ්මියෙන් යුත් බෞද්ධ කොඩිය ඉදිරිපත් කරන ලදුව සභා සම්මත වන්නට ඇත. ඒ කාරුණින්ම කොඩියේ නිර්මාණය ගුණවර්ධන මහතා වෙත පිරිනැමීම සෙසු සාමාජිකයන්ට කරණ අයුක්තියක් විය හැකි ය. හෑගොඩ ඛේමානන්ද නාහිමියන් 1985 දිනමිණ පුවත්පතට මේ පිළිබඳ ලිපියක් සපයමින් ‘කමිටුවේ සෑම කෙනෙකුන් ම කොඩියේ සැලැස්ම පිළිබඳ බොහෝ අදහස් ඉදිරිපත් කර ඇති අතර, සමිති සමාගම්වල චිරාගත සම්ප්‍රදාය අනුව ඒවා ලේකම්වරයාට භාර කොට සුදුසු ලෙස කොඩියේ සැලැසුම සකස් කරණ ලෙස නියම වී ඇත. ඒ අනුව ලේකම් මහතා විසින් ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය සකස් කරණ ලදුව කොමිටිය විසින් එය මැනවින් පිළිගෙන ප්‍රකාශයට පත්කර ඇත’ යනුවෙන් කර්තෘත්වය පිළිබඳ අදහස් දක්වා ඇත.

බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා යැයි තවත් ප්‍රචලිත මතයකි. එහෙත් ඒ මතය කිසිසේත් පිළිගත නොහැකි සේ ම ඒ මහතා ම ස්වකීය දින පොත් සටහන්වලින් ඒ මතය බැහැරව කොට තිබේ. කොඩිය නිර්මාණය වී ප්‍රථමවතාවට එය ඔසවන විට ඕල්කට් මහතා සිටියේ දිවයිනෙන් බැහැරව ය. බෞද්ධාරක්ෂක සභාවේ ඉල්ලීම පරිදි 1884 ජනවාරි මස 27 දින මදුරාසියේ සිට ලංකාවට එතුමා පැමිණියේ ය. බෞද්ධාරක්ෂක සභාවේ පූර්ණ බල සහිත නියෝජිතයා වශයෙන් ලිපියක් රැගෙන 1884 අපේ‍්‍රල් මාසයේ අප රටෙන් පිටත්ව එංගලන්තයට ගියේ ය. නැවත 1886 ජනවාරි මස 28 දින පැමිණියේ ය. එමනිසා මේ වන විට බෞද්ධ කොඩිය නිර්මාණය වී ප්‍රසිද්ධ කොට අවසන් ය. ඒ අනුව කොඩිය නිර්මාණයෙහිලා එතුමාගේ දායකත්වයක් කිසිසේත් ම පිළිගත නොහැකි ය.

1892 ඩාර්ජලින් නුවර පැවැත් වූ බෞද්ධ සම්මේලනයට අනගාරික ධර්මපාලතුමා ෂඩ්වර්ණ බෞද්ධ කොඩියක් ද රැගෙන ගියේ ය. සම්මේලනය පිළිබඳ ‘තියෝසොපිස්ට්’ නම් සඟරාවට වාර්තාවක් සැප යූ හෙන්රිටා මුලර් මෙනවිය ඕල්කට්තුමා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් සදහන් කොට තිබුණි. එය නිවැරැදි කරමින් ඕල්කට් මහතා ස්වකිය දින පොතෙහි ‘ මා බෞද්ධ කොඩිය සැලසුම් කළ බව කියන මුලර්ගේ වාර්තාව වැරදියි. එහි ගෞරවය හිමිවිය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ටයි’ මා කළ එකම දෙය නම් හැඩය වෙනස් කිරීම යෝජනා කිරීම පමණයි’ යනුවෙන් සඳහන් කරයි.

ඕල්කට් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය දැක අතිශය පී‍්‍රතියට පත්විය. අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ බෞද්ධ කොඩිය, ඉංගී‍්‍රසි කොඩිය අනුව යමින් දිග පළල සම කළ නැතහොත් සෘජුකෝණාස්‍රකාරව සකස් ඛ්ලමට යෝජනා කළ බැවින් එය සම්මත විය. මෙසේ සම්මත වූ කොඩිය 1886 අපේ‍්‍රල් 9 දින සරසවි සඳරැස පත්‍රයේ පළ කොට තිබේ.

වර්ණ සංයෝජනය

බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) මාංජෂ්ට (මදටිය පාට) ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වතාවට රැස් විහිදුනේ සිව්වන සතියේ රුවන් ගෙයි වැඩ වසමින් සුවිසි ප්‍රත්‍යය මෙනෙහි කරද්දී ය. අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණීප්පකරණ ග්‍රන්ථයේ අටුවාව වන අත්ථසාලිනි නම් වූ ධම්මසංගණීප්පකරණට්ඨ කථාව බුද්ධ රශ්මිය පිළිබඳ සඳහන් වන පැරණිම මූලාශ්‍රය වේ. එහි (1940 සංස්කරණය කළ හේවාවිතාරණ අටුවා පෙළෙහි) 11 වන පිටුවෙහි මෙසේ සඳහන් වේ එනම්,

සත්ථු එවං ලද්ධොකාසෙන සබ්බඤ්ඤුත ඤාණෙන යථා සුඛං සණ්හ සුඛුම ධම්මං සම්මසන්තස්ස සරීරතො නීල පීත ලොහිතොදාත මඤ්ජෙට්ඨපභස්සර වසෙන ඡබ්බණ්ණ රස්මියො නික්ඛමිංසු’ එහි අර්ථය නම්, මෙසේ ශාස්තෘන් වහන්සේ ලද අවකාශයෙන් සර්වඥතා ඥානයෙන් ඉතා සියුම් වූ ධර්මය සුව සේ විමසා බලත්ම උන්වහන්සේගේ ශරීරයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙෂ්ඨ – ප්‍රභාස්වර වශයෙන් සය වැදෑරුම් රශ්මි නික්මුණ හ.

බුද්ධ ශරීරයේ ඒ ඒ ස්ථානයන්ගෙන් එනම් කෙස් සහ නේත්‍රයන්හි නීල ස්ථානයන්ගෙන් නිල්වන් රශ්මීහු ද ශරීර සිවියෙන් ද නේත්‍රයන් හි රන්වන් ස්ථානයන්ගෙන් ද, කහවන් රශ්මිහූ ද, මාංශ ලෝහිතයන් ගෙන් ද, නේත්‍රයන්ගේ රක්ත ස්ථානයන්ගෙන් ද රක්ත වර්ණ රශ්මීහු ද, අස්ථින්ගෙන් ද, දන්තයන්ගෙන් ද, නේත්‍රයන්හි සුදු ස්ථානයන්ගෙන් ද ශ්වේතවර්ණ රශ්මීහු ද, මදටිය වන් වූ ද,, ප්‍රභාස්වරවන් ද,, රශ්මීහු ශරීරයේ ඒ ඒ ප්‍රදේශයන්ගෙන්ද නික්මුණ හ. යනුවෙන් දීර්ඝ විස්තරයක් එහි අන්තර්ගත වේ.

ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට 1885 අපේ‍්‍රල් මස 28 වන දිනට යෙදි තිබූ වෙසක් පුරපසලොස්වක දිනයේ දී ෂඩ්වර්ණයෙන් යුත් බෞද්ධ කොඩි කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානය, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ, කොළඹ හුණුපිටියේ ගංගාරාමය, කැලණි රජමහ විහාරය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් මූලස්ථානය යන ස්ථානයන්හි දී ඔසවන ලදී. ඓතිහාසික වූ උත්සවය පැවැත්වූ අන්දම පිළිබඳ දීර්ඝ වාර්තාවක් 1885 මැයි 1 දින සරසවි සඳරැස් පුවත පතෙහි ‘වෙසක් මස පුර පසලොස්වක් දින සහ කර්නල් එච්. ඇස්. ඕල්කට් තුමා’ යන හිසින් පළ විය. එයින් උපුටා ගත් කොටස් කීහිපයක් මෙසේ ය.

කලින් ප්‍රකාශ කර තිබුණු පරිද්දෙන් වෙසඟ පුර පසළොස්වක් දවස වූ ගිය මස විසි අට වෙනිදා සර්වඥයන් වහන්සේ ලෝ පහළ වූ දින සලකා ආණ්ඩුවේ සියළුම උසාවි කච්චේරි ආදිය වසා දමා නිවාඩු දවසක් කරන ලද්දේයි.

සර්වඥ යන් වහන්සේ ලෝ පහළ වූ මෙම පුර පසළොස්වක දින කොයි කාලවලත් බෞද්ධයින් විසින් පාප ක්‍රියාවලින් දුරුව විවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන දවසකි. නමුත් මේ පසුගිය වෙසක්පුර පසළොස්වක් දවස ආණ්ඩුව විසින් නිවාඩු දිනයක් කළ බැවින් ඒ පී‍්‍රතිය කරණ කොට ගෙන අතිශයින් ම ලක්දිව නානාදිග්භාග වාසී බෞද්ධයන් විසින් නොයෙක් පුණ්‍යකර්ම කිරීමෙන් හා මහත් පී‍්‍රතියෙන් කල්ගත කළ බව දැන ගතිමු.’

කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ සාමාජිකයින් විසින් කලින් ව්‍යවස්ථා කරගෙන මේ පත්‍ර මාර්ගයෙන් ප්‍රකාශ කළ ෂඩ්වර්ණ සර්වඥ රශ්මිය ප්‍රකාශ කරන කොඩිය කොළඹ විද්‍යෝදය පිරිවෙණෙහි ද කොටහේනේ දීපදුත්තම විහාරස්ථානයෙහි ද බොරැල්ල හුණුපිටිය ආදී කොළඹ පිහිටි අන්‍ය විහාරස්ථාවල ද, කැලණි විහාරය ආදී ස්ථානවල ද මනොහර ලෙස ඔසවන ලද්දේ යි. කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සභා ශාලාවේදී කොඩියක් නගන ලදී.

බොරැල්ලේ පටන් විසිතුරු පෙළහරක් කොටහේනේ දීපදුත්ත විහාරයට ගෙනයන ලද්දේ යි. පංචිකාවත්තේ පටන් බොරැල්ලේ පන්සලට පෙළහරක් ගෙන යන ලද්දේ යි. කොම්පඤ්ඤ වීදියේ සිට පෙළහරක් විද්‍යෝදය පිරිවෙණට ගෙනයන ලද්දේ යි. ලුණු පොකුණ පළාතේ සිටන් කොටහේනට පෙළහරක් ගෙන යන ලදී.

‘රාත්‍රී භාගයේ කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයෙහි මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් කරන ලද්දේ යි. සිද්ධාර්ථ කුමාරයාණන්ගේ උප්පත්තිය සහ මේ නිවාඩු දවස සම්බන්ධ වැදගත් කරුණු මේ දේශනාවේ සඳහන් විය. දවස මුළුල්ලේ ම විද්‍යෝදය පිරිවෙණේ ධර්ම දේශනා පවත්වන ලදී. රාත්‍රී භාගයෙහි දී සිප්කඩුවේ නායක ස්වාමීන්වහන්සේ සිද්ධාර්ථ ගෞතම කුමාරයාණන් ලෝ පහළ වූ ආකාර, සර්වඥ පද ප්‍රාප්ත වූ ආකාර ආදිය ප්‍රකාශ කරන ධර්ම දේශනාවක් කළේ ය.

ප්‍රමිතිය

අප රටේ දී නිර්මාණය වී භාවිතයට පත් බෞද්ධ කොඩිය 1956 වර්ෂයේ කොළඹ දී පැවැත් වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේ දී ලෝක බෞද්ධ ප්‍රජාවගේ ම කොඩිය වශයෙන් ඒකඡන්දයෙන් සම්මත විය. 1987 දී ප්‍රමිති ගත වූ කෙටුම්පතෙහි සම්මත වූ බෞද්ධ කොඩිය අන්තර්ජාතික කොඩියක් වශයෙන් ධජ විශේෂඥයන් විසින් අනුමත කරන ලදී.

‘බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර’ කෙටුම් පතෙහි කොඩියේ සැළසුම දැක්වෙන්නේ මෙසේය.

3.1 කොඩියේ හැඩ සෘජුකෝණාස්‍රාකාර විය යුතු ය.

3.2 කොඩියේ පළල හා දිග අතර අනුපාතය 2.3 විය යුතු ය. දිග මැනිය යුත්තේ කොඩිය එසවීමට යොදා ඇති කොපුව ඇතුළත් නොවන ලෙස ය. කොඩිවල ප්‍රමාණ සඳහා නිර්දේශිත මාන සමහරක් ‘ආ’ පරිශිෂ්ඨයේ දී තිබේ.

3.3 කොඩිය, සමාන සිරස් තීරු හයකින් විය යුතු ය. කොඩිය ඔසවන කෙළවරේ සිට පිළිවෙල විය යුත්තේ නීල = නිල්, පීත = කහ, ලෝහිත = රතු, ඔදාත = සුදු සහ මාංජ්‍යෙෂ්ඨ = රතු මිශ්‍ර කහ යනුවෙනි. ප්‍රභාස්වර ලෙස හැඳින්වෙන හය වන තීරුවෙහි මෙම වර්ණ පහ තිරස්ව එකක් යට එකක් පිහිටන සේ සමාන ප්‍රමාණවලින් මෙම පිළිවෙළට ම තිබිය යුතු අතර නිල් වර්ණය උඩ කෙළවරෙන් තිබිය යුතු ය.

4.1 පියවි ඇසින් පරීක්ෂා කළ විට කොඩියේ වර්ණ හා මන්සෙල් ක්‍රමයෙන් දක්වා ඇති 1 වන වගුවේ සඳහන් අදාල වර්ණ අතර දෘශ්‍යමාන වන වෙනසක් නොතිබිය යුතු ය.

4.2 කොඩියේ වර්ණ පිළිබඳ මත භේදයක් ඇති වුන අවස්ථාවක දි එය වර්ණ මනින උපකරණයක් භාවිතයෙන් නිර්ණය කළ යුතු ය.

5.0 නිර්මාණය

5.1 දාර, තීරු එකතු කර මැසීම හා කොපුව මැසීම ආදී යන්ත්‍ර මගින් සිදු කරන සියලු මැසීම් සඳහා අගුල් මැස්ම යෙදිය යුතුය. මිලිමීටර් 10 ක තිබිය යුතු මැහුම් ගණන 4කට වඩා නො අඩු විය යුතුය.

5.2 කොඩියේ නිල් සිරස් තීරුව ඇති පැත්තේ කොපුවක් මසා තිබිය යුතු ය. මෙම කොපුවෙහි පළල සිරස් තිරුවක පළලින් තුනෙන් පංගුවක් නොඉක්ම විය යුතුය.

5.3 එළිමහන් භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන කොඩිවල කොපුව දෙකෙළවර ගිරිවර දෙකක් (කොඩිය ඔසවන්නට රඳවන කොටස් ) තිබිය යුතු ය. මල නොබැඳෙන ද්‍රව්‍යයකින් ගිරිවරය සෑදිය යුතුය.

තොග වශයෙන් නිෂ්පාදනය කරන අවස්ථාවලදී භාවිතා ක්‍රමවේද ආදිය මෙහි සඳහන් කොට තිබේ.

‘බෞද්ධ කොඩිය පිළිබඳව ශ්‍රී‍්‍ර ලංකා ප්‍රමිති පිරිවිතරයෙහි’ ද අත්‍යවශ්‍යම සාධකයක් වූ බෞද්ධ කොඩියේ භාවිතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. එම නිසා ඒ ආදී කරුණු සංශෝධන කර නැවත කෙටුම්පත් කිරීමට කාලය එළඹ ඇත.

ජාතික ගීය

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
1948 වසර ලක් වැසියන්ට ඉමහත් වැදගත් කමක් ‍‍ගෙන ‍දෙන්‍නේ එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීට‍‍‍‍යෙන් නිදහස ලබා ගැනීමයි.ඉන් අනතුරුව ජාතික ගීයක ජාතික අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකා ගාන්ධර්ව සභා‍වේ අනුමැතිය පරිදි ජාතික ගීය ‍තෝරා ගැනී‍‍මේ තරගයක් පැවැත්‍‍‍‍වෙ‍‍න්‍‍‍නේ 1948 ජනවාරි මසයි.මින් ‍‍‍‍‍‍තෝරා ගනු ලබන වාසනාවන්ත ගීතය වන්‍‍නේ ආනන්ද සමර‍කෝන් මහතා නිර්මාණය කරන ලද න‍‍මෝ න‍‍‍මෝ මාතා ගීතයයි.

එ‍‍‍ගොඩහ‍‍‍ගේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ජෝර්ජ් විල්ප්‍රඩ් නමින් ක්‍රිස්තියානු පවුලකට දාව ‍‍‍‍මේ මහා නිර්මාපකයා උපත ලබන්‍‍නේ 1911 වස‍රේ ජනවාරි 13 වන දින පාදුක්‍‍කේදි‍‍ය.

එතුමා මූලික අධ්‍යාපනය හැදෑරු‍වේ ‍කෝට්‍‍ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහ‍ලෙනි.
පසුව වැඩිදුර කලාව සහ සංගීතය හැදෑරී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ අභිප්‍රා‍‍‍‍යෙන් ඉන්දියා‍‍‍‍‍‍‍වේ ශාන්ති නි‍‍කේතනය බලා ගිය එතුමා‍ගේ ගුරුවරයා වූ‍යේ රබීන්ද්‍රනාත් තා‍ගෝර් තුමාය. එතුමා ඉන්දියානු ජාතික ගී‍යේ නිර්මාතෘය.
පසුව නැවත මව් බිම බලා පැමි‍‍නෙන ජෝර්ජ් විල්ප්‍රඩ් මහතා බුද්ධ ධර්මය ‍‍වැළද ගන්‍‍නේ ආනන්ද සමර‍කෝන් ‍ලෙසින්.

තම දැනු‍මෙන් ලාංකීය සංගීතයට නව මුහුණුවරක්
ලබා දුන් එතුමා නූතන ලාංකීය සංගීත‍‍‍යේ පියාණන් ‍වේ.

1945 දී තම පස් වයසැති පුතු‍‍‍ගේ හදිසි වි‍‍යෝ‍වෙන් කම්පාවට පත් එතුමා නැවතත් ඉන්දියාව බලා යන්‍‍නේ දරාගත ‍නොහැකි ‍‍‍‍‍‍ශෝකයකින්. 1945-1951 අතර
කාල‍‍‍‍යේ ඉන්දියා‍වේ ගත කල එතුමන්‍‍ගෙන් නව ගීත නිර්මාණ කිසිවක් උපත ලැබු‍වේ නැත.
‍‍‍
ඒ අතරතුර කාල‍‍යේ එතුමා‍ගේ 1940 වස‍රේ පමණ නිර්මාණයක් වූ න‍‍මෝ න‍‍‍මෝ මාතා ගීතය 1948 දී
ශ්‍රී ලංකා ජාතික ගීතය ‍‍ලෙසින් ‍‍තෝරාගනී.

න‍මෝ න‍‍මෝ මාතා යන්‍‍නෙහි මුලකුරු වල ගන පිහිටීම අසුභ පිහිටීමක් බව විචාරකයින් විසින් හදුන්වන ලදුව මුල් ගීතය න‍මෝ න‍මෝ මාතා ‍වෙනුවට ශ්‍රී ලංකා මාතා ‍ලෙස ‍වෙනස් කරන්‍‍නට ‍‍‍‍‍යෙදුනි. ‍මින් බලවත් කම්පනයට පත් ආනන්ද සමර‍‍කෝන් මහතා තම මුල් නිර්මාණ‍ය ‍ආරක්ෂා කර ගනු පිණිස ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බො‍හෝ ‍සේ ‍සටන් කරන්‍‍නේ ‍‍‍නො‍යෙකුත් ලිපි පල ක‍රමින්.
මින් ප්‍රතිඵලයක් ‍‍නොලද තැන ‍‍තම මුල් නිර්මාණය ‍වෙනු‍‍වෙන් 51 වියැති එතුමා සිය දිවි කැප කරන්‍‍නේ 1962 වස‍රේ අප්‍රි‍‍යෙල් මස 5වන දින නිදි ‍‍‍පෙති අධිමාත්‍රාවක් ‍‍ගෙන අප රටට ‍‍‍‍‍‍‍‍ශ්‍රේෂ්ඨ සංගීතඣ‍‍‍‍යෙකු අහිමි කරමින්.

(ජාතික ගීය නිර්මාණය කළ මොහු ඔහුගෙන් නොවිමසා වචන ස්වල්පයක් වෙනස් කිරීම හේතුවෙන් ද සංස්කෘතික දෙපාර්තමේන්තුව කිසිම හේතුවක් නොදන්වා ඔහු රැකියාවෙන් නෙරපීම හේතුවෙන් මහත් කළ කිරීමට පත් වූ ඔහු නිදි පෙති 22ක් එකවර පානය කර සිය ජීවිතය නැතිකර ගත්තේ ය.
මොහුගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ සිදු වූ අවස්ථාවට ජාතික කලා පෙරමුණේ සභාපති, මාපලගම විපුලසාර හිමි, කොටහේනේ ප‍්‍රඥාකීර්ති හිමි, බඹරුන්දේ සිරි සීවලි හිමි, යක්කඩුවේ ප‍්‍රඥාරාම, විද්‍යාලංකාර පිරිවනේ කුලපති ස්වාමින් වහන්සේලා ඇතුළු විශාර ද ලයනල් එදිරිසිංහ, සුනිල් ශාන්ත, චිත‍්‍රසේන, පණීභාරත, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ආදීන් ද, මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න, ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහාචාර්ය විනි විතාරන ආදීන් පැමිණ සිටි අතර අවමංගල සභාව මෙහෙයවන ලද්දේ චිත‍්‍ර ශිල්පී හෙන්රි ධර්මසේන කලාකරුවා විසිනි.

අදටත් ජාතික ගීය කන වැ‍‍කෙන ‍‍වාරයක් පාසා මසි‍තේ ඇති වන්‍‍නේ කිව ‍නොහැකි ජාතිකාලයක් සහ ආඩම්බරයක්.

ශ්‍රී ලාංකික‍‍‍යෙකු‍‍ ‍ලෙසින් ජාතිකාභිමානය අ‍පේ
හදවතට බලවත් ‍‍සේ කාවැ‍දෙන්‍‍නේ ‍‍‍‍‍මේ උතුම් ගීතය නිසා ‍නො‍‍වේද

‍‍‍‍‍මෙම ගීය සවන් වැ‍‍‍කෙන හැම විටකදිම ම‍නෙතට කදුලු උනයි. ඒ රට ‍වෙනු‍‍වෙන් නැ‍ගෙන අභිමානය ‍‍සමග මුසුවන ආදරයකින්.

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ලාංඡනය

1972 මැයි 22 වැනි දින සම්මත කෙරුණු නව ව්‍යවස්ථාව යටතේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත් විය. ඒ අනුව ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය කුලරත්න මහතා සහ ලේකම් නිශ්ශංක විජේරත්න මහතා රැස්වීමක් කැඳවා ඒ පිළිබඳ කරුණු සාකච්ඡා කළහ.එම රැස්වීමෙන් පසුව ජනරජය සඳහා ලාංඡනයක් සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පෙ‍්‍ර්මරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයින් වූහ.ජනරජ ලාංඡනය සකස් කිරීමේ දී එය කෙසේ සකස් විය යුතු ද එයට කුමක් ඇතුළත් විය යුතු ද යන්න පිළිබඳ නිශ්ශංක විජේරත්න මහතාගෙන් කමිටුවට උපදෙස් ලැබිණි. ඒ අනුව කලාකරුවන් කීපදෙනෙක්ම ජනරජ ලාංඡනය නිර්මාණය කිරීමේ කාර්යය ආරම්භ කළහ. මේ ආකාරයට නිර්මාණය කළ ජනරජ ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේද උපදෙස් ලැබිණි. කෙසේ වෙතත් මෙම අවසන් ලාංඡනය නිර්මාණය කළේ කවුරුන් විසින් ද යන්න මතබේදයට තුඩු දී ඇත. රාජ්‍ය ලේඛනාගාරයේ ඇති නියම රාජ්‍ය ලාංඡනයේ පිටපතේ පිටුපස චිත‍්‍ර ශිල්පී එස්.එම්. සෙනවිරත්නයන්ගේ නම සඳහන්ව ඇත. එබැවින් එය ඔහුගේ නිර්මාණයක් බව සමහරුන් පවසති. තවත් මතයකට අනුව එහි නිර්මාතෘවරයා පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් බවද කියැවේ. කෙසේ වෙතත් එය අදද විසඳී නොමැති ගැටලුවකි.

ජනරජ ලාංඡනයේ ඇති සලකුණු වලින් විවිධ අරුත් ලබා දේ. ඒ අනුව ඉර සහ හඳ මඟින් – සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත රටක් සහ ඉර හඳ පවතිනතාක් ධර්මයේ ආරක්‍ෂාව සංකේතවත් වෙයි. ඕලු හෝ නෙළුම් දණ්ඩක් දරා සිටින හංසයා – හංසයාට දියෙන් කිරි වෙන්කර ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඉන් හොඳ සහ නරක වෙන්ව හඳුනාගැනීමේ හැකියාව පෙන්නුම් කරයි.පුන්කලස – සෞභාග්‍යය සංකේතවත් කරයි.සමන් වැල සහ බෝපත් සතර – සමන් වැල මඟින් නිර්මලත්වය සහ බෝ පත් සතර මඟින් බෞද්ධාගම සංකේතවත් වේ.සිංහයා – සිංහයා මඟින් ජාතිය සංකේතවත් වන අතර සිංහයා, වටා ඇති නෙළුම් පෙති මඟින් නිර්මල බව සංකේතවත් කරයි.එමෙන්ම වී කරල් වලින් සෞභාග්‍යයත්, ඉහළ ධර්ම චක‍්‍රයෙන් හික්මීමත් පෙන්නුම් කරයි. ලාංඡනය සඳහා යොදා ඇති වර්ණ -මෙහි නෙළුම් පෙති සහිත කොටසට නිල් වර්ණය යොදා ඇත. සිංහයා රතු පසුබිමක ඇඳ ඇත. එයින් අපගේ ජාතිය නිරූපණය කරයි.ජනරජ ලාංඡනය නිල කාර්යයන් සඳහාම පමණක් යොදා ගැනේ. පෞද්ගලික කාර්යයන් සඳහා ජනරජ ලාංඡනය යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. එමෙන්ම එය වෙනස් කිරීමට තහනම් කටයුත්තකි.

ජාතික ඇඳුම
පිරිමි – දිග කමිසය හා වෙට්ටිය හෝ සරම
කාන්තාවන් – ඔසරිය හා හැට්ටය
ගැහැණු ළමුන් – ළමා සාරිය සහ මන්තය යෙදූ හැට්ටය

ජාතික වෘක්‍ෂය


ඉංග්‍රීසි නාමය : IRON WOOD

උද්භිද විද්‍යාත්මක නාමය : Mesua nagassaarium

ශී‍්‍ර ලංකාවේ ජාතික වෘක්‍ෂය ලෙස සැලකෙන්නේ නා ගසයි. පාලියෙන් නාග යනුවෙන්ද, දෙමළ භාෂාවෙන් නාග තුරම් යනුවෙන් ද, ඉංගී‍්‍රසියෙන් Iron Wood යනුවෙන් ද හැඳින්වෙන නා ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Mesua nagaserium ය.ජාතික වෘක්‍ෂය ලෙස නා ගස තෝරා ගන්නා ලද්දේ මධ්‍යම පරිසර අධිකාරිය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ ලේක්හවුසිය එක්ව සංවිධානය කළ තරගාවලියක් මඟිනි. මහජනයාට යෝජනා ඉදිරිපත් කළ හැකි වූ මෙම තරගයෙන් අඹේතැන්න, හපුගොඩ ශී‍්‍ර සුභද්‍රාරාමවාසී පූජ්‍ය හපුගොඩ සුමනතිස්ස හිමියන්ට ජය අත්විය. ඒ අනුව 1986 මාර්තු 01 වැනි දින රජය විසින් නා ගස ජාතික වෘක්‍ෂය වශයෙන් පිළිගන්නා ලදී. නා ගස ජාතික වෘක්‍ෂය ලෙස පිළිගැනීමට හේතු කීපයක් විය. අලංකාර වෘක්‍ෂයක් වීම ඉන් පළමුවැන්නයි. මීටර් 30 ක් පමණ උස්වන එය හැඩයෙන් මඳක් කේතු ආකාර ගනී. නමුත් එය ආවේණික ශාකයක් ලෙස සැලකෙන අතර ඉන්දියාව සහ අනෙකුත් නිවර්තන රටවල වර්ධනය වේ. ස්වභාවිකව මෙය ලංකාවේ තෙත් කලාප වල මුහුදු මට්ටමෙන් මීටර් 1000 ට වැනි උස මට්ටම් වල වර්ධනය වේ. අලංකාරය සඳහා ද මෙය යොදා ගනී. ඓතිහාසික ග‍්‍රන්ථවල දැක්වෙන ආකාරයට බුදුන් වහන්සේගේ පළමු ලක්දිව ගමනේ දී වැඩම කර ඇත්තේ මහියංගණයේ නා ගස් අරඹකටය. එමෙන්ම මතු බුදුවන මෛති‍්‍රය බෝසතාණන් බුද්ධත්වයට පත් වන්නේ නා ගසක් මුල බව කියැවේ. ඒ අනුව ලංකාවාසීන්ට නා ගස සුවිශේෂ වැදගත් කමක් උසුලයි.

ජාතික පුෂ්පය

ඉංග්‍රීසි නාමය :  WATER LILY BLUE LOTUS

උද්භිද විද්‍යාත්මක නාමය : Symheas Stellate

නිල් මානෙල් මල ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් සැලකෙයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් Water Lily යනුවෙන් හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Nemphaea stellata ය. එය 1998 මාර්තු 04 වැනි දින ජාතික පුෂ්පය වශයෙන් පිළිගැණිනි.මෙම කාර්යය සඳහා කමිටුවක් ද පත් කෙරුණු අතර, පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම කමිටුවේ ද සභාපති වශයෙන් කටයුතු කළේය. ඒ හැරුණු විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු තවත්් රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන්ද, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය අයි. බාලසූූරිය, මහාචාර්ය ආර්. එම්. ද ෆොන්සේකා, මහාචාර්ය බාලසුබ‍්‍රමනියම්, ඩී. ආර්. නානායක්කාර (වන සංරක්ෂණ), අති පූජ්‍ය හොරණ වජිරඥාන මාහිමි, ආචාර්ය පණ්ඩිත් විලියම් අල්විස්, ආචාර්ය හැරල්ඩ් අබයසේකර, මහාචාර්ය උමා කුමාරස්වාමි සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යන විද්වතුන් සෙසු සාමාජිකයන් වූහ.ඈත අතීතයේ සිටම නිල් මානෙල් මල අපගේ සංස්කෘතියට සමීපව පැවතිණි. ක‍්‍රි. ව. 5 වැනි සියවසේ දී කාශ්‍යප රජතුමා විසින් ඉදිකරවන ලද සීගිරියේ ඇති සිතුවම්වල දැක්වෙන අප්සරාවන්ගේ අත ඇත්තේ නිල් මානෙල් මලකි. ඔවුන් මානෙල් මල් අතැතිව ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනා කිරීමට යන ආකාරය එහි නිරූපිතය. ඒ අනුව මෙම පුෂ්පය අපේ රටේ සංස්කෘතිය සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි. රාජකීය උත්සවවල දී එය වඩාත් ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වී ඇත.

ජාතික පක්ෂියා

ඉංග්‍රීසි නාමය : THE CEYLON (Sri Lanka) JUNGLE FOWL

සිංහල නාමය : වලිකුකුළා / වලිකිකිළි

දෙමළ නාමය : කාට්ටු කෝලි

කුලය : PAASIANIDAE

ශ‍්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළා නම්කර ඇත. දෙමළ භාෂාවෙන් කට්ටුකෝලායි යනුවෙන් ද, ඉංග‍්‍රීසි භාෂාවෙන් Jungle Fowl යනුවෙන් ද හැඳින්වෙන වළි කුකුළා Gullus lafayetti යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. මෙම පක්ෂියා නිවෙස්වල දක්නට ලැබෙන කුකුළාට වඩා ප‍්‍රමාණයෙන් කුඩා වේ. සාමාන්‍යයෙන් ලංකාවේ සෑම තැනකම පාහේ ව්‍යාප්තව සිටින මුත් යාල සහ විල්පත්තුව වැනි ශුෂ්ක ප‍්‍රදේශවල බහුලව දැකගත හැකිය. වළි කුකුළාගේ සිරුරේ ඇති අලංකාර වර්ණ රටාවන් නිසා ආකර්ෂණීය පක්ෂියෙකු ලෙස දිස් වෙයි. රතු පැහැයට හුරු කහ පැහැය, දුඹුරු, කළු සහ රතු පැහැය සමග මිශ‍්‍ර වූ නිල් පැහැති තීරු වලින් වළි කුකුළාගේ සිරුර අලංකාර වී ඇත.ශ‍්‍රී ලංකාවේ සිටින ආවේණික පක්ෂි විශේෂ 20 අතුරින් වළි කුකුළා අලංකාර මෙන්ම වැදගත් පක්ෂියෙකු ලෙස සැලකේ. මෙම සත්වයාට ගෞරව පිණිස සමරු මුද්දරයක් ද නිකුත් කර ඇත.

ජාතික ක්‍රීඩාව : වොලිබෝල්

එල්ලේ ක්‍රීඩාව අපගේ ජාතික ක්‍රීඩාව ලෙස නම් කිරීමට මුලින් යෝජනා වුවද එය ජාත්‍යන්තරව යොදා ගැනීමට ඇති අපහසුව නිසා වොලිබෝල් අපගේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ දී තෝරා ගැනිණි. වොලිබෝල් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1916 දී රොබට් වෝල්ටර් කැමැක් විසිනි.

ජාතික සමනළයා : ශ්‍රී ලංකා මහකුරුළු පිය පැපිලියා (Sri Lanka Birdwing – Troides Darsius)

ශ්‍රී ලංකාවේ විශාලතම සමනළ විශේෂය වන අතර, මෙරට බහුලව දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික සමනළ විශේෂයකි.
දර්ශනීය බාහිර රූපකායක් සහිත මෙම සමනළයාගේ ඉදිරි තටු කළු පැහැතිය. කළු පැහැති දාර වලින් යුතු පසුපස තටු රන්වන් කහ පැහැතිය.

මූලාශ්‍ර විකීපීඩියා හා මංජුල දිසානායකගේ මුල් ලිපිය ඇසුරෙන් වන අතර ඔහුට මගේ හද පිරි තුතිය

න් වන අතර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in උරුමය, කාලීන. Bookmark the permalink.

ශී‍්‍ර ලංකාවේ ජාතික සංකේත සදහා ප්‍රතිචාර 16ක් දක්වා ඇත

  1. gayan sampath පවසයි:

    ගොඩක් වට්නව හැමේාටම

    කැමතියි

  2. karunasara thero පවසයි:

    අපේ ජාතික පුෂ්පය
    නිල් මානෙල් තමයි
    ඒකෙ විද්‍යාත්මක නාමය
    Nymphaea nouchali burm f.

    කැමතියි

  3. K. A. D. C. LOSHAN... පවසයි:

    ඇත්තෙන්ම මෙම තොරතුරු නොදත් බොහෝ දේ දැන ගැනීමට හේතු වුනා. ඔබට සුභ පතමි..
    මම ලොෂාන් කුරුප්පු.

    කැමතියි

  4. අනුප උදයංග පවසයි:

    සැමදෙනාම දැනගතයුතු ඉතාමත්ම වටිනා ලිපියකි.

    කැමතියි

  5. අනුප උදයංග පවසයි:

    සැමදෙනාම දැනගත යුතු ඉතාමත්ම වැදගත් ලිපියකි.

    කැමතියි

  6. Hasitha පවසයි:

    වටිනා කරුනු ඇතුළත් ලිපියක්. වර්තමාන්යේ හුඟාක් ළමයි මේ ගැන දැනුවත් වෙලා ඉන්නවාද කියන ගැටළුව තියෙනවා. විශේෂයෙන් ජාතික සමනළයෙක් ඉන්නවා කියලා මමත් දැනගත්තේ අදයි. ස්තුතියි🙂

    කැමතියි

  7. suranga පවසයි:

    NIlama lipiya ……. wadagath wadak ….!

    කැමතියි

  8. santa පවසයි:

    2600 වන සම්බුද්ධ ජයන්තිය දින ලංකාවේ ජාතික පුශ්පය ලෙස නෙළුම් මල නම් කොට තිබෙන බව අද 2011/05/29 දින ලක්බිම හෝ රිවිර පුවත් පතේ පලවී තිබෙනු දුටිමි මෙහි සත්‍යතාව කුමක්ද?

    කැමතියි

  9. Bandula Wijesiri පවසයි:

    matath Kiyana thibenne Etha Agana sevayak.
    Screene shot lesa mama meya copi karala thiyagannawa
    Anagathayata.
    Bohoma Sthuthiy Me jathika Sevayata.

    Bandula Wijesiri

    කැමතියි

  10. ගෝල්ඩ් fish පවසයි:

    නියම ලිපියක්… මාරම වටිනවා.

    කැමතියි

  11. අරුණ පවසයි:

    ඉතාම අගනේ මල්ලී
    කොපි කරලා තියාගන්නවා

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )