අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය ( පළමු කොටස ) – ඉස්ලාමයේ උපත හා ව්‍යප්තිය

බක්මහේ පාස්කු මළ බෙරය.

සිංහල අලුත් අවුරුද්ද ලබා බක් පුරහඳ ගෙවී යමින් තිබුණි. කොළඹින් ඉසබුවකට ඈත් වූවෝ නැවත සුපුරුදු ජීවන රටාව සොයා එනු පිණිස විසිරි ගිය බඩු මලු එකතු කරන්නට විය. දිනය දෙදහස් දහනවයක් වු බක් මස විසි දෙවෙනිදා ඉරිදාය. එදින ද සුපුරුදු පරිදි පාස්කු දා ඉරිදාවේ ඉර උදාවිය. තමන්ගේ ගැලවුම් කාරයා වූ ජේසුස් ක්‍රිස්තුස්න් ගේ උත්ථානය සිහිකර තමන්ගේ සමයන්ට අනුගතව වතාවත් සදහා ලංකික කිතුනුවෝ පල්ලිය කරා ගියහ. ඇතමෙක් විවේකිවත්, ඇතමෙක් සතුටු සාමිච්චියේත්, ඇතමෙක් ව්‍යාපාරික ආදි කොට ගත් කටයුතු උදෙසාත්, ඇතමෙක් පුරුද්දක් ලෙසත්, පාස්කු ඉරිදා උදා ආහාරය සොයා නගරයේ වූ සුපිරි අවන්හල් සහිත හෝටල් වලට ගියහ. පාස්කු ඉරිදාඉරමුදුන් වූයේ නැත. ඉස්ලාම් අන්තවාදයේ උපරිමය වූ ලේ රස සෙවු පාපතරයන් ඉස්ලාම් ආගමේනාමයෙන් බිහිසුණු බෝම්බ පොකුරක් පුපුරුවා මහත් වූ ජන සංහාරයක් සිදු කළහ. එදින පිපිරි ගියබෝම්බ හඬෙහි භයංකර ගිගුම තවමත් සමාජයෙන් ඉවත් වී නැත.

එකෙකු නොව සිල්ලෝම වරදෙහි බැදුණෝ වෙත්, සියල්ලෝම දුකට ද පත් වුවෝ වෙත්

අන්තවාදී මුස්ලිම් මූලධර්ම වාදය විසින් බිහි කරන ලද මේ සන්නද්ධ ත්‍රස්තවාදයට ගොදුරු වූයේ කතෝලිකයන් හෝ බෞද්ධයන් හෝ හින්දූන් හෝ නොවේ. මධ්‍යස්ථ මතධාරි සාම්ප්‍රදායික මුස්ලිම්ප්‍රජාවද භිතියට, සංත්‍රාසයට පත්ව ඇත.
අන්තවාදී මුස්ලිම් මූලධර්ම ව්‍යප්තියට එරෙහිව ප්‍රමුඛව කතාකළෝ නම්, සිංහල බෞද්ධ ප්‍රවාහයයි. නමුත් ධනේශ්වර ලිබරල් දේශපාලනයත්, අවස්ථාවාදී පශ්චාත්නූතනවාදී හූත්, අසංදෘෂ්ටික වියපත් මාක්ස්වාධීහූත්, බොදුබල සේනා වැනි ඇතැම් අවීනීත සිංහලබෞද්ධ සංවිධානත් ප්‍රමුඛව, සිංහල බෞද්ධ චින්තය විසින් ගොඩ නගා සිටි වියත්, හා ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාදයන්, හාස්‍යයට, පරිභවයට, විකෘතියට ලක් කොට, ලත් තැනම ලොප් කර දමන ලදි. එය මුස්ලිම් මූලධර්මවාදයේ ව්‍යප්තියට හා තවුරුවට ඉතා ප්‍රබලව බලපෑම් කල බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.

දැනුම නිසැකවම ප්‍රඥාව උදෙසා මංපෙත් තනයි

අද වනවිට බහු වර්ගවාදී, බහු ආගම්වාදි රටක් වන අප, එම වාර්ගික, ආගමික හා සංස්කෘතික ප්‍රතිපත්ති වටහා ගැනීම කල යුතුය. මුස්ලිම් මූල්ධර්මවාදය හා එහි එක් ඵලයක් වන ත්‍රස්තවාදය මැඩිය හැකි ක්‍රමයක් වන්නේ ඒ පිළිබදවන නිසැක හා සාරවත් අවබෝධයයි. විශේෂයෙන් අපේ තරුණ පරපුර මේ පිළිබද දැනුමින් සන්නද්ධ විය යුතුය. එම දැනුම තුළින් අහිංසක මුස්ලිම් බහුතරයත්, අන්තවාදී සුළුතරයත් හදුනාගැනීම කල යුතුය. මේ ඇරඹුම ඒ සදහා අප විසින්නා ගන්නා සියුම් උත්සාහයකි.

ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට පෙර මක්කම විවිධ වු සමය, සමයාන්තර වලින් පිරී තිබී ඇත

ඒ කාලය වන විටත් මක්කම අරාබියේ වු ප්‍රබලතම වෙළද නගරයක් වී ඇත. ඇත පෙරදිග ඉන්දියාව, චීනය, මොන්ගෝලීයාව ආදියත්, යුරෝපයේ ග්‍රීසිය, රෝමය, ආදියත් අතර ඉතා හොද සම්බන්ධයක් තිබී ඇත. එසේම මක්කම නගරය වෙළදකටයුතු පමණක් නොව ආගමික මධ්‍යස්ථානයක් ද විය. අතීතයේ කාලවර්ණ පාශාණයකට මක්කම වැසියන් වැදුම් පිදුම් කොට ඇත. එසේම විවිධ දේවරූප, ප්‍රතිමා ආදියට ද වැදුම් පිදුම් කළෝ වූහ. ප්‍රධාන ආගම් ලෙස යුදෙවු, ක්‍රිස්තියානි, සරතුෂ්ත්‍ර ත් ( Zarathustra ), තරමක් දුරට හිංදු, හා බුද්ධ ධර්මයද ප්‍රචලිත වී ඇත. චීනයේ සිට ඇෆ්ගනිස්ථානය හරහා වැටි තිබුසේද මාවතේ වූ ප්‍රදේශ සෑම එකක්ම පාහේ බුදු දහම ප්‍රචලිතව තිබී ඇත. පහුගිය කාලයේ තලෙයිබාන් ඉස්ලාමික අන්තවාදි ත්‍රස්තයන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමත්, ඉරානය, ඉරාකය ආදි ප්‍රදේශ වලින් බෞද්ධ නෂ්ටාවශේෂ හමුවීමත්, අරාබියෙහි හි බෞද්ධ දර්ශනයේ ප්‍රචලිත බව තහවුරු කරනු ලැබේ.

එවකට අරාබියෙහි ප්‍රමුඛතම දහම වූයේ සරතුෂ්ත්‍ර දහමයි

ඉරානයේ “සොරෙස්ට්‍රා” නැමැත්තා මූලික කොට ගෙනඇති වී තිබූ සරතුෂ්ත්‍ර දහම, ලෝකය මවන ලද දෙවි කෙනෙක් ගැන කියැවෙන අතර මෙම දහම කොකේසියානු ප්‍රදේශවල වු ආර්යන්ගේ දර්ශනයට ද පාදක වී ඇත. දෙවියන්, සාතන්, ආලෝකය, අඳුර, තෝරාගත් මිනිසුන් හා තෝරා නොගත් මිනිසුන් ලෙස ලෝකය බෙදීමත්, හා එමබෙදීම උදෙසා පැවතීම්ත් ආදිය එහි සාරය වේ.

සරතුෂ්ත්‍ර දහමේ ඉගැවීම් වලට පදනම්ව එකල පර්සියානුවෝ තුළ ඉතා ප්‍රබල ව්‍යප්තවාදින් බවට පත්ව ඇත

යුදෙවු ආගම ප්‍රභල ආගමක් වී ඇත.

ලෝකය මවන ලද්දේ සර්වබලධාරී දෙවියන් විසින් බවත්, සියලු දෙනාම දෙවියන්ට යටත්ව ජීවත් විය යුතු බවත් යුදෙවු දහමේ කියැවේ. දෙවියන් විසින් තෝරාගත් ශුද්ධ වු පිරිසක් ඇති බවත් (ඊශ්‍රායලයේ ) කාලයෙන් කාලයට දෙවියන්ගේ පණිවිඩය රැගත් අයවලුන් පහළ වන බවත්, ඔවුන් මිනිසාගේ එකම ගැලවුම්කරුවන් බවත් යුදෙව් දහමේ ඉගැන්වෙයි.

ක්‍රිස්තියානි ධර්මයේ පළමු තෙස්තමේතුව ( පළමු ගිවිසුම ) යුදෙවුවන්ට හා ක්‍රිස්තියාණින්ට ද පොදු වූ එකකි. ඉස්ලාමිකයෝද එය යම් තරමකට පිළිගනු ලැබේ.

ක්‍රිස්තියානි දහම ද මුල් තැන ගනු ලැබේ.

යුදෙවුවෙක් වූ, නසරතයේ ජීසස් යුදෙවු දහමේ වු “ඇසට ඇසක් වෙනුවට”, “දකුණු කම්මුලට ගසන්නේ නම් වම් කම්මුල ද හරවන්න” යැයි කියමින් මානව කරුණාවපිළිබද රැඩිකල් අදහස් ඉදිරිපත් කරන ලදි. බයිබලයේ නව ගිවිසුම එම මතය සමග ඇතිවිණි. ජේසුතුමන්ගේ මෙම මානවවාදි, මානව ප්‍රේමය ගැන වු ඉගැන්වීම් සදහා අභාසය ලැබුණු ආකාරය ගැන මත දෙකක් ඇත.

එකක් නම් ජේසුතුමන්ගේ හා පේදුරු ගේ ඇසුරත්, අනෙක නම්, සේද මාවත හරහා පැමිණි ටිබෙට් හී බෞද්ධ ලාමාවරුන්ගේ ඇසුරයි.

ජේසුස් තුමන් බෞද්ධයෙක් බව වන මතය ඉතා ප්‍රබල කරුණක් වී ඇත. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යන මහත්වරුන් “යේසුස් නම් බුද්ධශ්‍රාවකයාණෝ” ලෙස අගනා කෘතියක් කොට ඒ මතය ගැන ශාස්ත්‍රීය සංවාදයක් ද කොට ඇත.

ඉස්ලාමයේ ඇරඹුම හා මොහමඩ් නැමති ශාස්තෘවරයාණෝ

මොහමඩ් නොහොත් මහමත් තුමා ව්‍යවහාර වර්ෂ 570 අප්‍රේල් මස අබ්දුල්ලා බින් අබ්දුල් මුටාලිබ් නම් පියාටත්, අමීනා බින්ටි වහබ් නම් මවටත් දාව මක්ක්ම නැමති වෙළද නගරයෙ උපන් බව මුලාශ්‍ර වල සදහන් වේ. මහමත්තුමාගේ දෙමාපියන් මක්කමහි “ක්වාරිස්” නැමති වෙළද ගෝත්‍රයේ වෙළෙන්දන් විය. ඔවුන් “බෙඩුයින්” නැමති කුඩාරම් ගසමින් තැනින් තැනට යන අරාබීන් ගෝත්‍රිකයෝ වූහ. ආරාබීන් යනු “නොමෑඩ්” යන ආර්යය ගෝත්‍රයක් ලෙස හැදින්වෙයි.

මේ වන විට, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම, පර්සියාවේ ඩේරියස් ද, රෝමයේ ජුලියස් සීසර් ද, ග්‍රිසීයේ ඇලෙක්සැන්ඩර් ද බිහි වී සියවස් ගණනක් පසු වී තිබිණි.

කුඩා කලම පියා අහිමි වන කුඩා මොහොමඩ් තම ලොකු අත්තා වන අබ්දුල්ලා මුතාලිබ් යටතෙත්, ඔහුගෙන් පසු, මාමාකෙනෙක් වූ අබු තාලිබ් යටතෙත් හැදී වැඩි ඇත. ඔහු සිය මාමා වන අබු තාලිබ් සමග වෙළදාම සදහා විවිධ ප්‍රදේශ වෙත යන ලදි. එහිදි ඔහුට ‘කදීජා’ නැමති වැන්දඹු නමුත් ඉතා ධනවත් කාන්තාවක් ඇසුරෙහි සේවය කිරීමට අවස්ථාව ලැබුණ අතර පසුව මොහොමඩ්, කදීජා සමග විවාහ විය. කදීජා මොහොමඩ්ට වඩා වයසින් වැඩි නමුත් ඇගේ මරණය තෙක්ම මොහොමඩ් ගේ”එකම” බිරිද වුයේ කදීජා යි. පසුව ඔහුට වෙනත් භාර්යාවන් සිට ඇත.

ජිවිතයේ තුරුණු විය ගෙවී මැදි වියද ගෙවියන විට මොහොමඩ් ඉතා නිශ්ශබ්ද, අධ්‍යාත්මික ජීවිතයකට හුරු වු බව කියැවෙයි. මක්කම “කබා” නම් දේවස්ථානයක් විය. එහි විවිධ දේවරූප වත්පිළිවෙත් වූ අතර මොහොමඩ් එහි නිතර යන එන ලදි. දිනක් ඔහු හීරා කදු මුදුනෙහි සිටින විට, ග්‍රේබ්‍රියල් දර්ශනය වී මෙසි කියනු ලැබීය.

“මොහොමඩ්, නුඹ අල්ලහ් ගේ පණිවිඩකරුවා ය.!”

එදින, එනම් රාමදාන් ( ව්‍යවහාරයෙන් 9 වැනි මාසය ) රාත්‍රියේ ප්‍රථම දිව්‍ය පණිවිඩය එසේ ලැබිණි. ඉන් පසු වූ විසි අවුරුද්ද තුළ ඔහුට මෙවැනි දිව්‍ය පණිවිඩ රැසක් ලැබුණු බව පැවසෙයි.

පසු කලෙක මේ පණිවිඩ, මොහොමඩ් තුමන්ගේ අනුගාමිකයන් විසින් ලේඛන ගත කරන ලදි. ඒ අනුව “කුරානය” නැමති ලේඛනය බිහිවිය. කුරානයේ පරිච්ඡේද 114 ක් තුල “සූරා” ( පැදි ) 6616 ක් අඩංගු වෙයි.

ව්‍යවහාර වර්ෂ 613 දි පමණ මුහමද් ඉබන් අබ්දුල්ලා නොහොත් මොහොමඩ් නබි තුමා, තම බිරිද වූ කදීජා, අලී, සායිද්, අබු බකර් ප්‍රමුඛ පිරිසක් අභිමුඛව ඉස්ලාම් ධර්මය දේශනා කිරීම ඇරඹිණි. පිළිවෙලින් කදීජා, අලී, සායිද් හා අබු බකර් යනු ඉස්ලාමයේ මුල්ම අනුගාමිකයන් ලෙසසැලකේ.

අරාබි බසින් “ඉස්ලාම්” යනු කැපවීම, සාමය යන අර්ථ දෙනු ලැබෙයි. “මුස්ලිම්” යන අරාබි වචය තුළ දෙවියන්ට කැපවු යන අර්ථය ගැබ්ව ඇත. දේව වචනය, දේව වාක්‍ය යන අර්ථයෙන් “කුරානය” යන්න යෙදි ඇත. මෙසේ ඉස්ලාමයත්, කුරානයත් මුස්ලිම්වරුත් බිහි විය.

ඒක දේවාදී ඉස්ලාමයෙහි සර්වබලධාරී දෙවියා අල්ලාහ් ය

“සියලු පිළිම, සංකේත, ඇදහීම අත්හැරිය යුතුය. සිල්ලෝම සියල්ල දත් සර්වබලධාරී අල්ලාට යටත් වීය යුතුය” යැයි ඒක දේවවාදි සංකල්පයක් නබි තුමන් ප්‍රචලිත කරන ලදි. මෙම ඒක දේවවාදි ප්‍රකාශ වලින් එවකට මක්කමහි සිටි වෙළඳ ප්‍රජාව නබි තුමාටත් ඔහුගේ ක්වරයිස් ගෝත්‍රයටත් එරෙහිව නැගි සිටි අතර කදීජාගේ සහයෙන් ඔවුන් මක්කමින් ඉවත්ව මදීනාවට පලා යන ලදි. මේ වන විට මදීනාවේ සිටියේ යුදෙවුවන්ය. මදීනාවේ සිටි කස්රාජ් ගෝත්‍රය ඉස්ලාමය වැළද ගන්නා ලදි. එසේම නබි තුමන් විසින් ‘ඔස්’ නැමති ගෝත්‍රයත් ‘කස්රාජ්’ ගෝත්‍රයත් අතර තිබූ ගැටුම් සමථයකට පත් කිරීමට දායක වූහ. ඒ අනුව ඉස්ලාමයටත් නබිතුමාටත් රැකවරණය දීමට මදීනා වැසියන් තීරණය කරන ලදි.

ඉස්ලාමයේ ව්‍යප්තිය මදීනාවෙන් ඇරඹුණි

නොබෝ කලකින් මදීනාවේ දේශපාලණික, ආර්ථික, ආගමික හා යුද බලය නබිතුමා සතු විය. මදිනාවේ සිට නබිතුමන් වෙනත් දෙවියන් යදිමින් සිටි ගෝත්‍රික ජනයා අල්ලාහ් දෙවියන්ගේ අනුගාමිකයන් බවටපත් කළහ. වෙන් වෙන්ව සිටි අයවලුන් එක්සත් කොට සම මට්ටමකට රැගෙන එන ලදි. නබිතුමන් තම අනුගාමිකයන්ගේ දෛනික ජීවිතය ක්‍රමවත්ව පවත්වා ගැනීමට කටයුතු කරන ලදි. ඔහු බෙදි සිටි මදීනාව එක් දහමක් යටතට, එක් නිතීයක් යටතට, එක් පොදු පාලනයක් යටතට ගන්නා ලදි. මෙසේ සැදුණු ජන කණ්ඩායම ‘උම්ම’ යන නමුන් හැදින් වු අතර, නබිතුමන් ‘උම්මාවේ’ ආරාක්ෂාව හා පැවැත්ම උදෙසා මහත් උනන්දුවක් දක්වන ලදි. මුලාශ්‍ර අනුව, යුදෙවුවන් අනුව යමින්. ‘ඇසට ඇසක්, දතට දතක්, තුවාලයට තුවාලයක්, ජීවිතයට ජීවිතයක්” ලෙස ඔහු ක්‍රියා කර ඇත. එයින් තමන්ගේ ගෝත්‍රයේ පැවැත්ම තහවුරු කරගෙන ඇත.

ඉස්ලාමයේ ඉතා වැදගත් අංගයක් වනුයේ, තමන්ගේ දෙවියන් හා තමන් අහදන ආගම ව්‍යප්ත කිරීමයි. මහමත් නබි තුමා මදීනාවෙන් නතර නොවීය. ඔහු ව්‍යවහාර වර්ෂ 630 දි, තම උපන් බිම වූ, මක්කම ආක්‍රමණය කිරීමට තමන්ගේ හමුදාව යොදා ගන්නා ලදි. එහිදි පරාජයඨ පත්වු ක්වරයිස්වරු ඇතමෙක් කැමැත්තෙන් ද, අනෙකුන් බලහත්කාරයෙන් ද ඉස්ලාමයට හරවනු ලැබූහ.

පසුව “කබා” දේවස්ථානය ද තමන් යටතට ගත් නබිතුමන් එහි වු ප්‍රතිමා 360 ක් කඩා විනාශ කිරීමට කටයුතු කරන ලදි. ඉනික්බිති එහි වු කාලවර්ණ පාෂාණය මතට තම යෂ්ටිය තබාගත් නබිතුමන්, ජයග්‍රහණයෙන් ප්‍රිතිමත්ව මහ හඬින් ජය ඝෝෂා කළෝය.

“අල්ලා හු අක්බර් – අල්ලාහ් දෙවිදු ශ්‍රේෂ්ඨයි”

එලෙසින් ඇරඹි ඉස්ලාමයේ “රණ ගීතය” , නූතනය දක්වාම පැමිණ ඇත.

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල
අතරමංව හිටි මොහොතක
සිනා සිසී ඔබ ආ හැටි
අද වාගේ මතකයි මට”

 

romance12pic

දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්යයි
පාරිශුද්ධයි සුරම්යයයයි

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි

ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

ඇත්ත, ප්‍රේමය මනුෂ්‍ය සන්තානය තුළ පහළවන අතිශය උත්තරීතර හැඟීමක්.ප්‍රේමය සඳ එළියක් වැන්න. එය සෞම්‍ය යය්, පිවිතුරු යය්, සුරම්‍ය යය්. ප්‍රේමයේ අරුමය ඔබ තුලින් දකින විට ඒ උත්තරීතර සුරම්‍ය හැඟිම් තුල මා ගිලීයන්නේ මතද නොදැනීමය.

ප්‍රේමය නැමති භාවනාවේ සමවැදී හුන් අපේ ඇස් තුල කාන්තිය විනා අපේ ලෝකය එළිය කල තවත් ප්‍රභාවක් කොයිබ ඇත්ද. ජිවිතය නැමති අසපුවේ ප්‍රේමය නැමති භාවනාවට සමවැදි ඇති අපේ තවුස් සිත්, කෙසේ අතහැර අපි යම්ද.? කාලයද මොහොතකට නතරවූවා නොවේද.?

මොහතකට හෝ මුමුණ වදන් පෙල තුල ගැබ්ව ඇති ශාන්තිය පිරිත් ස්වරය හා සමවන අයුරු කෙතරම් සුවණීයද? දසත නිදහසේ සරනා සියොතුන්ගේ නිදහස් මියැසියට ඉහලින් ගලා එන ඔබේ මුදුමොලොක් ප්‍රේමණිය හඬේ උත්කර්ශය කියාපාන සුන්දර්වය කෙතරම් අපූර්වද ?

දවසක් දා හැන්දෑවක, ගල්කිස්සේ වෙරළේ පනවන ලද බංකුවට වී බැස යන මළ හිරු ගේ අවසන් සක්මන දකින සද, ඔබ මගේ නෙත් දෙකට එබී මිමිණුවේ,

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

පැණසර මහා බෝසතුන් විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින් පුදදුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති එතැනය සබය සුදම්

සහලඟුරෙන් දැවෙමින් පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින් පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති එතැනය සුරලොව නම්

සැබෑව, ආලය ගැන මගේ පන්හිදෙන් ජාතක වන කවියේ මූලය ඔබේ ප්‍රේමයයි. ඔබේ තැම්පත් සමාගමයි, උණුසුමයි. ප්‍රේමයේ සිළුමිණ දකිනුවස් මා සොයන්නේ ඔබවයි. ඔබේ සිනහවයි. මගේ පෙම් කවියේ උල්පත ඔබමැයි. ඔබගේත්, මගේත් හදවත් හී ස්වරයෙන් ධ්වනිත වන කම්පනය මාගේ පෙම්කවේ ජීවයයි. ආනුභාවයයි. ජිවිතය නැමති නර්ථනයේ ගිමන් හරින් ඉසඹුව ඔබයි, ඔබගේ ප්‍රේමයයි.

ජිවිතයේ අතරමං වෙච්ච, මංමුලා වෙච්ච හැම මොහොතෙම අප දෙදෙනාට අප දෙදෙනා තවතවත් කිටි කිටියට බැදදමනු ලැබුයේ අපේ මේ මනරම් ආලයයි. මඩගොහොරුවක් වන් අවට ලෝකයේ දුර්ගන්ධය පරයා පිපුණ සුන්දර අරවින්දයක් වේ නම් ඒ අපේ ප්‍රේමය, ඒ අපේ ආලය. මනුලෝ තලේ තුසිතය අපේ ආලය.

සංසාර සාගරේ යාත්‍රා කරන අප, කොතෙක් විටක් නම් තැවෙන්නට ඇත්ද? ගිලෙන්නට ඇත්ද? ඒ හැමවිට අපේ ආලය අප අතැර නොයන්නට ඇති නොවේද ? ජීවිතය නැමති යාත්‍රාවේ රුවල් වූයේ අපේ ආලය නොවේද ? වැහි කුණාටු දළරළට එරෙහිව අපව වටකල මහමෙර අපේ ආලය නොවේද?

දවසක් දා හැන්දාවක, ඔබ මට තුරුළු වූ මොහොතක, මට මිමිණුනේ,

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියඹ ගලා යයි රැළි ලමින් සැලි සැලී
මෙ වන් සුව පෙර නොවිඳි තුන් සිත ම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන් ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස තල පොළෝ තල ඔබ ට මට පොදු වෙලා
හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

බොහෝ කලකත ඉහත අනෝරා වැහි වැටුන සමයක, හීතලෙන් ගල් හැහි, හාමතින් නිදි වැදි අතරක් නොමැති මහදට ප්‍රේමයේ මී බිදු ගෙනාවේ ඔබයි. අද මාගේ උණුහුමට ගුලිවි මාසමග හිනාවෙන, මා සමග ගී කියන, මා සමග දිවිගෙවන නුඹ කොතරම් සුන්දරද? මීට පෙර කිසිදිනෙක නොවිදි සුවයක් ඔබන් මා ලබමි. විටෙක මා හද සලිත කරවන ඔනේ ආලිංගන මගේ සිත කිතිකවන්නේ, බිගුන්ගේ සියුම් පා වැදි විලියෙන් ඇඹරෙන මල් රේණු පරිද්දෙන්. මේ අපරිමිත ආලවන්ත සුවය ගෙනා නුඹ සසර සැරිසරනතාක් මගේම වීම කෙතරම් භාග්‍යක් වන්නේද.!

වසන්තයයේ දවසක මොර මල් පිපුණු සමයක, ඔබ හා මම නිස්කලංකව ඇවිද ගිය මං පෙත ඔබට මතකද? නාමල් පිපි, මොරමල් එක්ක නැළවී, හුලඟත් එක්ක හැමුවේ අපේ ප්‍රේමයේ සුවඳ නොවේද ? ඔබේ මුව සිඹින විට යලිත් යලිත් දැනෙනේ ඒ සොදුරු සිහිලැල් සුවගන්ධය නොවේද? මෙවන් සුව පෙර නොලැබි මාහට, ඒ සුවයය මට ගෙනා නුඹ සසර සරන තුරු මගේමයි.!

නුඹ මගේ ජීවිතයේ කොටස්කාරිය යි. යසස , අයස, කිත් පැසසුම්, දුක් දොම්නස් මා සමගින් එක් ව බෙදා ගන්නා අපි, දිවි තුරා බැඳී සිටිමු.

තිෂරා, සසර සැරිසරන තෙක් නුඹ මගේ, නුඹ මගේ..

 

Posted in කථාන්දර, සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

රිදී රේඛා

අපි හැමෝගෙම ජිවිත දේදුනු පාට නෑ….. හැබැයි දේදුනු අතරින් බැබැළෙන මේ වගේ රිදී රේඛා එක පාර පහළ වෙන්නෙත් නෑ.

20130924155841_0254-Edit (1)

අද උදේ මම වැල්ලවත්තේ කොච්චිය අහුවෙච්ච කෑලි කැලී වෙලා ගියපු තරුණ ගැණු ළමයෙකුගෙයි, පිරිමි ළමයෙකුගෙයි මළ සිරුරු දැක්කා. ඊට පස්සේ මම මේ විඩියෝව දැක්කා. ජීවිතයේ ඛේදාන්ත සුඛාන්තයක් බවට පත් කරගත්ත මේ මහා චරිතය අපි හැමෝටම ආදර්ශයක්. විශේෂයෙන් තරුණ අපිට.

ෆේස්බූක් ජාලයේ ජයලාල් රෝහණ මහත්තයා සහභාගි වෙච්ච, “සිහිනයකි රෑ” වැඩසටහනේ කොටසක වීඩියෝවක් මට නරඹන්ට හම්බ උනා. එතැන කියැවෙන්නේ එතුමාගේ ජීවන ගමනේ මහා පරිච්ඡේද විකාශනයක්. එතැන ගීයක් ගැන කියැවෙනවා. ඒ වීඩියෝවේ  ගීතය අඩංගු වෙලා නෑ.

පොල්කට්ටට වතුර අරන් මුහුණ සෝදලා හනිකට“, රංජන ජයතිලක මහත්තයා ගයන, නිමල් ගුණසේකර මහත්තයා සංගීතය සැපයූ, නෙල්සන් දෙවුමුණි මහත්තයා ලියූ ඒ ගීතය හරිම විරල ගීයක්. මම කවදාවත් අහලා තිබ්බෙ නෑ. මේ තියෙන්නේ ඒ ගීය.

පොල්කට්ටට වතුර අරන් මුහුණ සෝදලා විගහට
හීල් බත් මිටෙන් සෑහී කහට උගුර බී හනිකට
පස්ස ඉරුනු කලිසම ඇඳ අකුරු කරන්නට යන විට
මල් නොපිපුනු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න

තනිලන්දේ ඉබි ගමනේ හිතට බියක් නොවෙනා
ගල් උල් වී පුංචි පතුල් එක විදියට රිදුනා
පයට හීරී ගලන කඳුළු හිත අස්සෙම මිදුනා
ඉගෙන ගන්න පුංචි හිතට තව දහිරිය ලැබුනා

දුක දැනෙන්නෙ නෑ අක්කේ.. මගෙ හිත පුරවා තියන්න
කර රිදෙන්නෙ නැහැ කූඩෙට මට පුලුවනි වැලි අදින්න
අපෙ අම්මගෙ සොහොන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න
ගියා කියල යමු පාරේ යමු අක්කේ දුක නිවන්න

මේ සිහිනයකි රෑ වැඩසටහනේ එක් තැනක මෙතුමාගේ දයාබර බිරිද ගැන කියැවෙනවා. ඇය වෙනුවෙන් මෙතුමා ගීයක් තෝරනවා. ඒකට මෙතුමා අටුවාවකුත් කියනවා. ඒයට බොහෝ ගැලපෙන සැබැ පෙම්වතියක්, බිරිදක් මටද ලැබි තියෙන නිසා ඇයත් ( තිෂාරා ) මා මේ ලියමනට ඈදනවා.

රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.
හිස් අතින් සිනා සිසී පැමිණේවා..

මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ..
මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණුනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ශ්‍රීමතී තිලකරත්න

ජයලාල් මහත්තයාගේ “සිහිනයකි රෑ” පූර්ණ වැඩසටහ YouTube එකේ තියෙනවා. නිවාඩු පාඩුවේ අහන්ඩ, බලන්ඩ. රටක් වටින මිනිසෙක්ගේ අපූරු හෝරා කීපයක්

එක්වැනි කොටස :


දෙවැනි කොටස :


තුන්වැනි කොටස :

සිව්වැනි කොටස :

පස්වැනි කොටස :

ජයලාල් ගුරුතුමණි, දයාබර ඉල්ලිමක්, ඔබේ ඔය හඬ, අකුරු බවට පත් කොට පොතක් ලියනු මැනවි.

Posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති switch Statement (Control Structures – switch Statement) (06 – 3)

කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් තෝරා ගෙන එය ක්‍රියාත්මක කිරීමටයි. මෙයත් if වගේම තාර්කික වරණයන් එහෙමත් නැති නම් තාර්කිකව යම් දෙයක් තෝරා ගැනිමට භාවිතා කරනවා.

මෙහි කේත ආකෘතිය පහත පරිදි වෙනවා.

<?php

switch (n) {
case x:

if x == n නම් x ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.
case y:

if y == n නම් y ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.
case z:

if z == n නම් z ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.

default:
n සමග කිසිවක් සමාන නොවුන නිසා q ධාවනය කරන්න
}
?>

මෙහි switch හි සරළතම කේත ආකාරය තමා මම ඉදිරිපත් කරල තියෙන්නේ. n සැම විටම “වාගේ” විචල්‍යය වෙයි. එහිදි n යනු පහලින් ඇති case සන්සන්ධනට ගන්නා අගය නියෝජනය කරයි. break මගින් ඊලඟ case එකට යෑම නවතනු ලබනවා. මෙය සිදුවන්නේ අදාල case එක n අගය සමඟ සැසදුනොත් පමණි.

default මගින් සිදුවනුයේ, n අගය කිසිම case එකක් සමග නොගැලපුන විට සිදුවිය යුතු විධානය ලබා දීමයි.

අප මෙය උදාහරනයකින් වටහා ගමු.

<?php

$myCountry = "Sri Lanka";

switch ($myCountry) {
case "UK":
echo "Your country is UK!";
break;
case "USA":
echo "Your country is USA!";
break;
case "Sri Lanaka":
echo "Your country is Sri Lanka!";
break;
default:
echo "Your country is neither UK, USA, or Sri Lanka!";
}

?>

මෙය ධාවනය කිරීමෙන් ඔබට පහත පිළිතුර ලබා ගත හැකි වෙනවා.

Your country is Sri Lanka!

මීලඟ පාඩමෙන් අපි Loops වර්ග ගැන ඉගෙන ගමු.

Posted in පන්ති කාමරේ..., php | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිංහල සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ වගකීම කොයිබටද ?

මෑතක කාලයේ මා කියැවු පොත් අතර ජයන්තයන්ගේ ‘මහ රජ ගැමුණු’ ගද්‍ය රචනය සිත තුල කිදා බැස ගත් මේ මොහොතටත් දෝංකාර දෙන්නා වු සුවිශේෂි රචනයකි. ඉතා කර්කශ වූත් දැඩි වූත් සාංසාරික වන්දනාවේ තවත් එක් වන්දනීය ඉසඹුවක මාද සාක්ෂිකාරයෙක් වී ඇති බවක් දැනේ.

ගැමුණු රජුන්ගේ උපත පිළිබද චන්ද්‍රසිරියන් කාව්‍යමය සිතුවමක් ඇද ඇත.

‘විහාර මහාදේවිය ගේ දෙ නෙත් කඳුළින් තෙත්වෙයි. අපහසුවෙන් විවර වු මුඛයෙන් ඇය යමක් පවසනවාද නැද්ද යන්න කිසිවෙකු අසන්නේ නැත. ඒ පිරිත් සජ්ඣායනයේ හඬ නිසාම නොවේ. “අනේ පොඩි හාමුදුරුවනේ තුන් වැනි වතාවටත් ඉල්ලා සිටිනවා. මගේ පුතා වෙලා ඉපදෙන්න….’
( මහරජ ගැමුණු 11 පිට.)

“ඒ විහාරමහා දේවී තොමෝ එහි ගොස් මරණාසන්න වු ඒ හෙරණුන්දෑට මාගේ පුත්බව පැතුව මැනවීයි කීවාය. සාමණේර තෙම එයින් චුතව, ඒ දේවීය කුස පිළිසිඳ ගත්තේය.”
( මහාවංශය 22 පරිච්ඡේදය, දුටු ගැමුණු උත්පත්ති කතාව )

මෑතක මා තිබ්බතිය හා වජ්‍රයානීය ප්‍රතිපදා පිළිබද ලියැවි ඇති ග්‍රන්තයක් පරිශීලනය කලෙමි. දලයි ලාමා තුමා හා තිබ්බතීය භික්ෂූ ජීවිතය පිළිබද බොහෝ දෑ කියැවිමි.

දේශපාලණික ලෙසත් ආගමික බෞද්ධ ආගමික ප්‍රතිරූපයක් ලෙසත් 14 වන දලයි ලාමා තුමන් (අතිපූජණීය තෙන්සින් ගයට්ෂෝ තුමා ) ප්‍රභල චරිතයක් වෙයි. එතුමන්ගේ උපත්තිය ගැන උන්වහන්සේගේ මව (දිකි සෙරිං)පසු කලෙක මෙසේ සිහිපත් කොට ඇත.

“දරුවා උපදින්ට පෙර දවසක මම හීනයක් දැක්කා. ඒ හීනේ හිටියේ නිල්පැහැති මකරෙක් හා හිම පැහැති සුරතල් සිංහ පැටවු දෙන්නෙක්.”

මා ගැමුණු රජුගේ උත්පත්ති කතාවත් නූතන ලෝකයේ ප්‍රභලතම බෞද්ධ නායක තුමන්ගේ උපත්ති කතාවත් ඉතාම සැකෙවි ආරම්භයේම ඈදීම යමෙකුට ගැටලු සහගත වනු ඇත. එය ලිහීමට මාන තැනීමා ලේඛකයගේ වගකීම වෙයි. ඉන් පූර්විකාව ගොන සංවාද කලයුතු තැන ඉලිප්පිම සුදුසු යැයි සිතමි.

වංශ කතා අනුව දුටු ගැමුණු රජ යනු රුහුණේ කොටගල නම් පන්සේ වැඩවාසය කරන ලද ‘සුමන’ නාමධාරි සාමනේර වහන්සේ නමකි. ඒසේම 14 වැනි දලයි ලාමා තුමා යනු 13 වැනි දලයි ලමා තුමාගේ (තුබ්තේන් ගයට්ෂෝ ) පුණරුප්පතිය යැයි තිබ්බතය පිළිගනි ( දලයි ලාමා තුමෙකු අපත්වු පසු නැත ඉපදීමක් සිදුවන බවත්, හේ ඊලඟ දලයි ලාමා තුමා විය යුතු බවත් තිබ්බතීය පිලිගැනීමයි. තෝරා ගැනීමේදි ඉතා ක්‍රමවත් පිලිවෙලක් අනුගමනය කරයි. එය භෞතික වාදිව හෝ බටහිර විද්‍යාත්මකව තේරුම් ගත නොහැකි, නමුත් නිරික්ශන හා ප්‍රතිපල ඇති සහෝතුක ක්‍රමයකි )

අරිට්ඨ මහ රහතන්වහන්සේගෙන් ඇරඹි ක්‍රමවත් සිංහලේ භික්ෂු සාසනය අද දක්වා නොනැසි පැවගෙන ඇත. යම් යම් කාලවලදී ඇති වු දේශපාලණික හා ආගමික මතවාද ඔස්සේ පරිනාමයට පත්ව ඇති ලංකීය සංඝ සමාජය එදා මෙදා තුර අති ශෝභනීය සංකෘතියක් සෑදේමෙහිලා මූලිකත්වය ගෙන වැඩසිටියි.

කෙසේ නමුත් සිංහල ජන විඥ්ඥාණයද භූමීය හා භාහිර බල ඔස්සේ පරිනාමයට ලක් වී අද පවතින ‘ලාංකික’ සමාජය දක්වා ඉතා සූක්ශමවත්, සංකීර්ණවත් ආකාරට හැඩ ගැසී ඇත. ඒ නමුත් චීනයේ භෞතිකවාදි බලපෑමෙන් පිඩාවට පත් වී ඇති තිබ්බතියේ ජනවිඥ්ඥානය එලෙස වෙනස් නොවි ඇති ආකාරය තුල ‘ලාංකික’ සමාජයත් නූතන තිබ්බතීය සමාජයත් අතර මහා රික්තකයක් මා දකිමි.

කුමක් හෝ ක්‍රියාවලික අතුරු ඵලයක් ලෙස ඇතිවූ ‘ලාංකික’ සමාජය අද වන විට ඉතා දරුණු සමාජීය අස්ථාවරත්වයක් ලබා ඇත.

මෙහි බලපතලම ඛේදවාචකය නම් සංඝ සමාජයේ ඇද වැටීමයි. ගිහි බෞද්ධයන් ලෙස අප කොතෙරම් දුරට සංඝ සමාජය තුලට බැසිය යුතුද කියා අවබෝධ කොට ඒ සම්බන්ධව මැදිහත් විය යුතු බව මගේ පිළිගැනීමයි. ඒ අපගේ කළගුණ සැලකීමක් හා සමාජීය යුතුකමක් ලෙස සැලකිය මනාය.

මධ්‍යතන යුගයට පෙර පැවති සිංහල සමාජය තුල මූලික සමාජීය සිද්ධාන්ත බවට පත්වූයේ බුදු සමයෙහි ඉගැන්වීම් වෙයි. නමුත් ඉන් පසු ඇතිවූ නව්‍යවාදි සංකෘතික අධිස්ථාපනයේ ප්‍රථිපල ලෙස සමාජය මහා පරිහානියකට ලක්ව ඇත. එය ශාසනිකවත් අන්වරතව සිදුවමින් ඇත.

ඉපැදීම සම්බන්ධව සිංහල සංස්කෘතිය තුල බුදු සමයෙහි ඇති විස්තර කිරීම් ඇතුලත් වී ඇත. අදටත් එවැනි දෑ අවශේෂ වී ඇත. ‘පෙර පින’, ‘සසර පුරුද්ද’, ආදි කොට ගත් සංකල්ප වලින් එය පැහැදිලි කෙරෙයි. නමුත් අද ‘ලාංකික’ සමාජය තුල එය මහා හාස්‍යයට කරුනකි. මෙය ශාසනයටද බලපා ඇත්තේ ඛේදාන්ත ජාලයක් ඇති කරවමින්ය.

තිබ්බතය ‘සසර පුරුද්දට’ මහණකමත් එහි නිළතලත් අදටත් ලබා දෙමින් ඔවුන්ගේ විසිතුරු සංකෘතිය රැකගෙන සිටියි. ‘ලාංකික’ භික්ෂුව සසර පුරුද්ද ඉවත් කොට ‘ලේ උරුමය’ මුල් කොට ගෙන ඇත්තේ කොතැනක වැරදීමකින්ද කියා සැම සොයා බැලිය යුතුව ඇත.

ලාංකික සමාජයේ ‘පෙර ආත්මය’ (පූර්ව ජන්මය ) ගැන හෙලි කරන දරුවන් හා මිනිසුන් ගැන මාධ්‍ය තුලින් විට විට ප්‍රචාරනය කරනු ඇසෙනු ලැබැයි. නමුත් බොහො දෙනා බටහිර මනෝවිද්‍යාවට යටව හෝ වෙනත් බලපෑමක් මත හෝ එය තකන්නේ නැත. සසර, සසර ගමන නෑ පුනරුප්පත්තිය විශ්වාස කරන අප, ඔවුන්ගෙන් ශාසනයට ගත හැකි දේ කුමක්ද කියා සොයා බලන්නේ නැත. එය මහා ඛේදයක් වී ඇත.

පෙර භවය ගැන හෙලි කල අය අතර “ධම්මික රුවන්” සුවිශේෂි චරිතයක් වෙයි. ඔහු පෙර භව කීපයක තතු හෙලිකල අයෙක් බව පැවසෙයි. කෙසේ නමුත් මෙය මහා උපහාසයෙන් දකින බටහිර උගත් ‘පඬුවන්’ වයස තුනේදි ත්‍රිපිටක සූත්‍ර ‘ඉතා නිවැරදිව’ මතකයෙන් කීම සම්බන්දව නිසොල්මන්ව ඇත.

ලංකාවේ මහන කම ‘වෘතියක්’ වී දෝ කියා මාහට සිතෙන වාර අනන්තය. එහෙයින් ලංකීක භික්ෂු සමාජය නැවත ප්‍රතිසංවිධානය විය යුතුම බව මගේ විශ්වාසය වී ඇත. මෙය කිරීමේදී අප පරිස්සම් විය යුත්තේ අපේ සංඝ සමාජයේ මුල් හා පදනම් හදුනා ගැනීමේදීය. භික්ෂුවක් පලමුව තම ආධ්‍යාත්මික දියුණුව ප්‍රධාන කර ගත යුතුව ඇත. නොයෙසේ නම් තමනුත් තමන් නියෝජනය කරන සංඝ සමාජයත්, එය පසු පස ඇදෙන පෘතජ්ජන සමාජයත් අවුලෙන් වියවුලට පත්වීම වැලකිය හැකි නොවෙයි. නූතනයේ එයට උදාහරණ බොහෝ වෙයි.

නූතන භික්ෂුවට ශාසනික අරමුණක් නැත. මෙය ඉතා බලවත් ප්‍රකාශයක් වනු ඇත. කෙසේ නමුත් මට වැටහෙන මා දකින කටුක යථාර්ථය එය වී ඇත. ඇතැම් විට මා වැරදි වනු ඇති නමුත්, මේ ලියමන මා මගේ හෘදය සාක්ෂිය කැටුව ලියන්නක් ද වෙයි. ලාංකික බොහෝ හිමිවරු අද වන විට වෙහෙසෙන්නේ තමගේ භෞතික දියුණුව තකාය. අදට ගැලපෙන අටපිරිකර සැබවින්ම පරිශ්කාර අටක්මද යන්න අද මා හට ගැටලුවක් වී ඇත. කෙසේ නමුත් මෙය සමාජයේ වරදක් මිස ඒක පුද්ගලයෙකු ලෙස ඌණනය කොට වට ගැනීමට උත්සාහ නොකරන්න.

මෑතක මා දැන ගත් පරිදි ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ ගන්න දළවශයෙන් 2500 ක් පමණය. මෙය වැරදි විය හැක. මිලියනයකට පමන වැඩි බෞද්ධ සමාජයක භික්ෂූත්වයෙහි අගය ඉතා අඩු අගයක් ගෙන ඇත. මෙයට හේතු සෙවිමේදි බොහෝ අය විවිධ දේ කියා කෑමොර ගසයි. කෙසේ නමුත් ලංකාව ගිල ගෙන ඇති ගෝලීය ලිබරල් ධනවාදය මෙයට එකම හේතුව නොවෙයි. මෑතක බොදුබල සේනා සංවිධානය මගින් හෙලිකරන ලද (සාධක සහිත ) විවිධ උපත්පාලන ආකෘති ගැන සමාජිය හා දේශපාලණික සංවාද ඇති වූයේ නැත. එයද සැලකිය යුතුව ඇත.කෙසේ නමුත් සිංහල පවුලකට සසුනට දීමට දරුවෙක් අද නැත.

තත්වය එසේ තිබියදි වසරක් තුල සංඝ සමාජයට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙන පිරිසක්ද නැත්තේ නොවේ. ඔවුන් ආකාර දෙකක් වෙතියි. පළමු ආකාරය ළමුන් වන අතර අනෙකුන් වැඩිහිටි (බහුතරය වයෝවෘද ) අය වෙති. ළමුන් පැවිදි බිමට එනුයේ ඒ පිළිබද උපන් අශාව තුලින් විනා ‘පැවිද්ද’ පිලිබද කිසිදු අවබෝධයකින් තොරවය.සසුනේ නායකයන් විසින් ඔවුන් හරි මග යැවිය යුතු බව ප්‍රත්‍යක්ශ නමුත්, අද වන විත ‘හරි’ මග ‘අරි’ මග වී ඇත්තේ කලාතුරකිනි.

අනෙකුත් වයස්ගත අයවලුන් පැවිදිවන්නේ අරුතක් ඇතිව මුත්, ශාසනාභිවෘධිය තකා මහා මෙහෙයක් කල හැකි දැයි ප්‍රශ්නාර්ථයක් ඉතුරුකර ඇත. ශාසනමාමක , බහුශ්‍රැත, තපෝධර, විනයධර මහා නායකයන්වහන්සේලා දක්වා යන සාමණේර උතුමන්ලා ඉතා අඩුය. ලාංකික බුදු සසුන “ශක්තිමත්” විය යුතුව ඇත. ඒ සදහා ක්‍රමවත් සැලසුමක් හා වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය වී ඇත. අර්ථයක් නැති වී ඇත ‘මහන’ කමට අර්ථයක් සැපයීමට මහා සංඝරත්නය වහ වහා එකතු විය යුතුය. ඒ සදහා ගිහි සමාජය උපරිමයෙන් සහය දිය යුතුය. තාමාගේ පරපුරේ පැවැත්මට හෝ, විහාරයේ හෝ පිරිවෙනෙහි ගණ පූර්ණය පවත්වා ගැනීමටත් මහනකම නොදිය යුතුය. එයම සිදුවන අද, පැවිද්දට වඩා උපැවිද්ද වැඩි වී ඇත.

සිංහල සමාජය හා බුදු සමය අතර සම්බන්ධය වසර දෙදහස් ගණනකට දිවයයි. එතුලින් ගොඩ නැගී ඇති අන්තර් ජන විඥ්ඥානය අදටත් සිංහල සමාජයේ බොහෝ සිත් තුල ‘සැඟව’ ඇත. මැතකාලීනව සමාජීය විපරියාස තුලින් මකා දමා ඇති, මෙන්ම මැකීමට යත්න දරන ‘බෞද්ධ භික්ෂුව’ යන ප්‍රතිරූපය නැවත වරක් අර්ථ පූර්ණව ගොඩ නැගිය යුතුව ඇත. හුදු ඒකීය ප්‍රපන්ච වල පැවැත්ම තහවුරු කරනු වස් අරගල කරන සිංහල තාරුණ්‍යයට මේ සදහා පුලුල් දායකත්වයක් සැපයිය හැකි බව මගේ පුද්ගලික විශ්වාසය වෙයි. ‘ථේරවාදි බෞද්ධ භික්ෂුව’ හේ සිංහල සංකෘතික අන්‍යතාවය යලි පිබිදීම ඉක්මන් නොවුනහොත් නූතන ‘ලාංකික’ සමාජය තුල නූතන බෞද්ධ භික්ෂුවගේ ‘ගබ්සා’ වීම නියතය.

උමන්ද ජයෝබණ්ඩාර
2014 මැදින් මස 15 දීය

Posted in කයිවාරු | Tagged , , | එක් ප්‍රතිචාරයක්

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා,

මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික වෙලාවක් පෑනෙන් කොලෙට තට්ටු කර කර හිටපු මම ඉබේටම වගේ කාමරයෙන් එළියේ තියෙන බක්මීගහ දිහැ බැලුවා. මේ බක් මී මල් අවාරේ උණත් මට එකපාරටම හිනාවක් එක්ක ඉමාන්ගේ මේ සින්දුව මතක් වුනා. මම සිංදුව මුමුණ මුමුණා ජනේල් පියන ටිකක් අඩවල් කරලා බක්මි ගහ දිහෑ බලාගෙන හිටියා.

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුලු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

දවසක් මේ ගහෙන් මම අහුලලා දීපු බක්මී මල තවමත් ඔයා තියාගෙන ඉන්නවා. බක්මී මල පිපුනාහම හරිම ලස්සනයි. සුවඳයි. “හරියට ඔයා වගේ” මම එහෙම කියන කොට ඔයා හිනා වෙලා ඒ මල අරන් තියා ගත්තා. ඒ මීට ගොඩක් කාලේකට කලින්. මම ආපහු කාබන් පෑන අතට ගත්තා.

මිනිස්සුන්ගේ ජිවිතවල පැවැත්මට ආදරය ඇත්තටම ඕනෙද..? එහෙමත් නැත්නම් ආදරයේ පැවැත්මට මිනිස්සු ඔනේද..? ඉස්සර මම ඔයත් එක්ක මේක ගැන බර සාරෙට කතා කරා. ඔයා අහගෙන හිටියා. මම තර්ක කරා. ඔයා බලාගෙන හිටියා. මම දිනුවා, ඔයා පැරදුණා, මම එහෙම හිතුවා. හැබැයි හිත් වලින් ඔයා, මම, අපි එකිනෙකාට ආදරය කරා.

ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්

අපේ මේ ‘ආදරය’ කියන හඳ එළිය ජිවිතයට වැටුණහම අනාදරයේ අපල අඳුරෙන් එය වසා දමන්නට මම කැමති වුණේ නෑ. ඉබාගාතේ ආකූලව ගලපු මගේ ජීවිතේට තොටමුණක් හදන්ට මම වෙහෙසුණා. මිනිහෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන්ඩ පුළුවන් ඉහළම දේ ‘ආදරය’ කියලා මම හිතන්ඩ ගත්තා. ආදරේ හදවතේ පතුලටම කිදා බහිනවා විතරක් නෙවෙයි, ඥානයත් ගෙනැත් දෙන්ඩ පුළුවන් කියලා මම හිතුවා. ආදරය නැමති හඳේ එළිය ඔයාගෙන් උරා ගත්තු මම ආපස්සට ඒ ආදර හඳ එළිය විහිදුවන්ඩ ගත්තා. ගෙදර ආපුවහම අම්මා අප්පච්චි ඉස්සරහා මල්ලි කියන ‘අයියගේ මූණේ පෙම් පාට’ මේ මගේ ආදර හඳ එළියේ පාට වෙන්ටැ කියලා මම හිතුවා.
ආදරය හා ප්‍රේමය කියන සංකල්ප දෙක ගැන මම ඉස්සර කතා කරපු හැටි මේ ලිපිය කියවගෙන යනකොට ඔයාට මතක් වෙනවා ඇති. ප්‍රේමය හා ආදරය කියන්නේ දෙකක්ද එකක්ද කියලා තේරුම් ගන්ඩ බැරි අය මේ සමාජේ කොච්චර ඉන්නවා ඇත්ද. භගවාන් රාජ් නිෂ් හෙවත් ඕෂෝ ආදරේ ගැන මෙහෙම කියනවා.

“තමන් ආදරේ යැයි කියන්නේ මොකක්ද කියා දන්නවා යැයි සිතන එක මිනිසාගේ මූලිකම මුළාවන් ගෙන් එකක්”.

පාරේ තොටේ බස් එකේ කඩ පිලේ කොච්චර නම් ආදරවන්තයන් ඉන්නවද..? ඒ හැමෝම ගාව ආදරය තියෙනවද? ආදරවන්තයන්ටම වෙන්වෙච්ච දින, උද්ද්යාන, මං මාවත් තියෙනවා. ඒවා ඇතුළේ තියෙන්නේ ආදරයද..? ඕෂෝ ආදරය මුලාවක් කියන කොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන් , ප්‍රේමය ගැන මේ විදිහට කියනවා.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වු කෙනෙකුට පූජා කරනට
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට නොසිතා බිදකුත්”

ආදරයයි ප්‍රේමයයි කියන්නේ දෙකක්. මම එහෙම හිතනවා. හැබෑ ප්‍රේමය තුළ ආලිංගන නෑ. මම එහෙම හිතනවා. ‘සක්වා ලිහිණියේ’ තැනක සේකරයන් කියනවා

ඉහළ වෙලේ ඉස්මත්තේ
දිය හබරල මල් ගොල්ලේ
නීල වරල ළමැද හෙළාලා
බිමට නැමී ඔය කවුදෝ
පලා නෙළන්නේ
නීල නුවන් දෑළවරින්
වැසි වස්සන්නේ

පහළ වෙලේ පුරං වෙලා
වල් බිහිවී ගිය කුඹුරේ
මම තනියම කාන්සියෙන්
කුඹුර කොටනවා
ඈත ඉන්න උඹේ මූණ
හිතේ ඇදෙනවා

ගමේ හැදිච්චි ඔයාටයි මටයි ගමේ හුරුව තියෙන හින්දා වෙලේ ලියද්දේ ගැමි සෙනේ ගැන ඔයාට මම මොනවට අටුවා කියනවාද. සේකරයන් ගැමි යුවළගේ ප්‍රේමය ගැන කීවා විනා ආදරයක් ගැන නොකිවා යැයි මම හිතනවා. දිය හබරල මල තද දම් පාටට හුරු නිල්පාට. මල් පොකුරට බූසෙට හැදුණාම හරිම හැඩකාරයි. හරියට ඔයාගේ කැරලි වැටිච්ච, කියබුලතා මොනවට ඇති කොණ්ඩේ වගේ. කොහොම වුණත් ඔය මොන විදිහට කිවුවත් ප්‍රේමයෙන් තොර ජීවියක් අප් දෙන්නට නෑ නේද.?

මම සෑම විටම උත්සාහ කළේ හැමදෙයක් ගැනම තාර්කිකව බලන්ඩ. අපේ ජිවිතේ අර්බුද ආපු හැමවෙලේම මම කිවුවේ හදවත වැඩක් නෑ මොලෙයි වැදගත් කියලා. කන්දේ, ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ මා දුටු සංකල්ප රූපක නාගරික මධ්‍යම උගත් පන්තියේ සිතුවිලි වලින් අධිස්ථාපනය වුණාදෝ කියලා අද මට හිතෙනවා.

ඉස්සර අපි රසායනාගාර ඇතුළට වෙලා පොත් පත් වලට ගුලි වෙලා ශාස්ත්‍රානූකූල ක්‍රම වලින් හැම දෙයක් දිහැම බලන්ඩ පුරුදු වුණා. ඉස්සර මිනිස්සු දෙවියන් විසින් සිල්ල මැවුවා කියන පුහු නිෂ්ඵල මතය කරේ තියාගෙන ගියා හා සමානවම විද්‍යාත්මක ක්‍රමයකට සියලුම දේ භෞතිකව දකින්ඩ හැදුවා. ඔයා කොහොම වුණත් මම හිතුවේ විද්‍යාව තරම් යථාර්ථයක් තව නෑ කියලා. සියලු දේට සාර්වර්ත්‍ර පැහැදිලි කිරිමක් ලෙසට විද්‍යාව පිළිගත්තා. හැබැයි ඇත්තම කතාව විද්‍යාවට අහු වෙන්නේ නැති මොකක්දෝ දෙයක් අපි අතරේ තියෙනවා කියලා මට තේරුණා. විද්‍යාවට අහුනොවෙන යථාර්ථය මනුෂ්‍ය බැදීම් ඇතුළේ තියෙනවා කියලා මට තෙරුණා. මම හිතන විදිහට අපි දෙන්නා අතරේත් ඇති වුණේ එහෙම බැදීමක් වෙන්ඩ ඇති. සාංසාරික බැදීම් කියන දේවල් හිත් වලට මිසක් යන්ත්‍රවලට දැනෙන්නේ කොහොමද..? මේ ගීය මගේ පරිගණකයේ ධාවනය වුණත් මෙකේ තෙරුම දැන්නේ මගේ හිතට මිසක් පරිගණකයට නෙවෙයි කියලා මම දැන් දන්නවා.

සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි….

ලියාගෙන ලියාගෙන යන්ඩ කොච්චර හිතුවත් හිත ඇතුළට ඔයා ගැන ලියන්ඩ එකපාරකට මහ ගොඩාක් අදහස් ඇතුල් වෙනවා. අදහස් ගොඩාක් අස්සේ මම දැන් ආපහු හිර වෙලා. ඒ අතරේ ආපහු මට බක්මී ගහ දිහා ආපහු සැරයක් බැලුණා. ලබන පසළොස්වකට හඳ මෝරාගෙන එනවා. ඒ අඩ හඳට එහැයින් වෙන්ඩ පුංචි තරුවකුත් පායලා. බක්මී කොළ අස්සෙන් හඳයි තරුවයි දිලිහෙනවා. ඒ අස්සේ එහා ගෙදර පුංචි එකාව හුරතල් කරන්ඩ එල්ලා තියෙන සුළං සීනු හුළඟට හෙලවෙනවා. මේ ඔක්කොම හරියට අපේ පෙම් කථා හොරෙන් අහගෙන ඉන්නවා කියලා මට හිතෙනවා,

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා…

කදුළු බිදු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදීම්
මහත් වියරුවෙන්..

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්…

අමරදේව මාස්ටර් මේ සිංදුව අපි දෙන්නටම කිවුවදෝ කියලා මට එක පාරටම හිතුණා. මූණට පිරිච්ච හිනාවත් එක්ක මම අයෙත් ලියන්ඩ පටන් ගත්තා.

ප්‍රේමය උත්තරිතර වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් මම තාමත් ගොළුයි. මට ඒකට දෙන්ඩ එක එල්ලේ උත්තරයක් නෑ. හැබැයි ප්‍රේමයේ චමත්කාරයත්, එහි ආනන්දයත්, රමණිය බවත් මට දැනෙනවා. එපමණකින්ම එහි වටිනාකම, තක්සේරුව අමිලයි අපමණයි. අහස් ගැබේ කොච්චරද තරු, පොළෝතලේ කොච්චර වැලි එපමණකින්ම මම ආදරෙයි. ඉස්සර චරිතාගේ ඔය ගීය ඇහෙනකොට මම දුටුවේ බොළඳ ආශාවක් පොදි කරගත් තරුණියකගේ විලාපයක්. ඒත් එහි තියෙන සංවේදි භාවාත්මක හැඟිම මට තේරුම් ගන්ඩ උවමනවක් තිබ්බේ නෑ. තිබ්බත් මම ආයාසයෙන් ඒක මැඩ ගත්තා. ඒ මගේ විනයක් නැති අසංවේදි චිත්තවේග හින්දා කියලා මට හිතෙනවා.හැබැයි අද මම නන්දගේ මේ සිංදුව ඇහෙනකොට එළියේ තියෙන කිසි දෙයක් පෙන්නේ නැති වෙන්ඩ ඇස්දෙක පියා ගන්නවා. කළුවර අස්සේ මම ඔයාව දකිනවා.

කළා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

ඉපදිච්ච දවසේ ඉදලා අද වෙන කන් අපි දෙන්නට මිනිස්සු කීදෙනෙක් නම් කියලා හම්බ වෙලා ඇත්ද. ඒ අය අතරින් කී දෙනෙක් එක්ක අපි සම්බන්ධකන් හදාගෙන ඇත්ද. ඒ අද අපේ දෙමව්පියොයි අඹ යලුවෝ ටිකයි ඇරුණාම අනෙක් සියලු දෙනාම හරියට හුළඟවගේ. සම්බන්ධකණ් ගොඩ නැගෙන්නේ කොහොමද කියන්ඩ හරියටම දන්නේ නැති උණත් සම්බන්ධකම් වල වටිනාකම මට ආපහු ආපහු මතක් කළේ ඔයනේ.

ආපහු වැහිකාලේ පටන් ගෙන. එළියේ සර සර ගාල ලාවට හිරි පොදක් යනවා.දැන් එන්නේ ශීතකාලේ හින්දා ඔයත් එක්ක නුවර පැත්තේ යන්ඩ හිතාගෙන හිටපු එක ලබන් අවුරුද්දට කල් දානවා කියලා හිතුවා. වැහිකාලේ ඇවිදින්ඩ යනවට අම්මත් කැමති නැති එකේ වෙන දිහැවක යන්ඩ හිතා ගත්තා. බක්මි කොළ අස්සෙන් දැන් හඳ පෙන්නේ නැතුව ගිහින්. බාගදා වලාකුළු හින්දා වැහිලා වෙන්ටැ. වෙලාවක් රෑ දොළහ පහුවෙලා. හෙට උදේ මම අරන්දීපු නිලුයි සුදුයි ඇදුම් ඇදගෙන අම්මා හදපු කිරි බේරෙන් රතු කැකුළු කිරිබත් කැටේ ඔයාගේ අතින් කන්ඩ  ඔනෑ හින්දා මම දැන් නිදා ගන්නවා.

ඔයාට සුබම සුබ උපන්දිනයක්.

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

2013 – සැප්තැම්බර් – 11 දා

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

අන්තර්ජාලය , ෆේස්බූක් හා පරිසරය

මේ විඩියෝ එක බලන්ඩ. තාක්ෂණය ගැන ඔයාලා පුදුම වේවි. නමුත් මම කියන්ඩ යන්නේ ඊට එහා ගියා අපි නොහොතන පැත්තක් ගැන.

https://www.facebook.com/photo.php?v=1392666350947762

මම කලෙකට ඉස්සර කිවුවා ඔයාලා අන්තර්ජාලයට මුදා හරින සෑම මෙගා බයිට් එකකින්ම අපි ජීවත්වෙන පෘථිවියේ භූමියෙන් වර්ග සෙන්ටිමීටරයක් අහිමි වෙනවා කියලා. ඒක වෙන හැටිත් මම පැහැදිලි කරා. පරිගණකයේ සියලුම දත්ත ඉලෙක්ට්‍රොණිකව අත්‍යන්තව පාලනය උණත් එම දත්ත සුරැකෙන්නේ භෞතිකව. අපි ඩේටා සර්වර කියන්නේ ඒවටනේ. මේ විඩියෝවේත් තියෙන්නේ ඒ වගේ ඩේටා සර්වර නොහෝත් ඩේටා සෙන්ටරයක්. විඩියෝවේ අවසානයට වෙන දේ දැක්ක නේද..? අලුත් ඩෙටා සෙන්ටරයක් හදන්ඩ පොළොව කපනවා.

මෙවැනිම දෙයක් ගූගල් සදහාද වෙනවා. කොටින්ම කියතොත් අද අපිට නොදැනී පරිසරය විනාශ කරන එක් මාධ්‍යයක් තමයි, එහෙමත් නැති නම් පරිසර දූෂකයක් තමයි, මේ අන්තර්ජාලය. මේයින්, භූමිය, වාතය, ජලය කියන තුනම දූෂණයට ලක් වෙනවා. එහෙම කියලා අපිට මේක භාව්ත නොකර ඉන්ඩත් බෑ.

හැමදාම පවතින තරඟය එක්ක විවිධ මෙවලම් ෆේස්භූක් එකට්ත එකතු වෙනවා. ළඟදිම ආපු දේ තමයි ‘ෆෝටෝ කොමෙන්ට්’ භාවිතය. එය හොද අලුත් ලක්ෂයක් උණත්, එමගින් දත්ත අවභාවිතාවක් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද. ඔයාලා ‘ෆෝටෝ කෝමෙන්ට්ස්’ වලට යොදා ගන්නා ගොනුව, බොහෝ විට අන්තර් ජාලයෙන් පරිගණක‍ය ගෙන, නැවත අන්තර්ජාලයට මුදා හරිනවා. එක දත්තයක් තැන් තුනක නැවත ජනනය කරනවා. මම හිතනව මම කියන දේ පැහැදිලියි කියලා. බයිට් එකක් අපිට දැන්නේ නෑ. ඒ වගේම මහා සාගරය හැදිලා තියෙන ජල බිංදිත්තක් අපිට දැනේනෙත් නෑ කියලා අමතක කරන්ඩ එපා.

අද වන විට පාරිසරික ගැටලු මහා ගොඩක් ඇති වෙලා. මේ සියලු ගැටලු වලට මිනිසා ඍජුව මෙන්ම වක්‍රව දායක වෙලා තියෙනවා. නේචර් සඟරාවට අනුව, මිනිසාගේ මෙම නොමනා ක්‍රියා පාලනය නොවුණොත් තව වසර හතළිහක් පමණ වන විට කිසුදු අයුරකින් නැවත හැරවිය නොහැකි අන්දමේ පාරිසරික විනාශයන් වන බවට අනතුරු හඟවනවා. කාන්තාර කරණය නවත්වන්ඩ මිනිසාට තාම බැරි උණා. සුනාමි, භූ චලන, ගං වතුර නවත්වන්න තාමත් මේ හෝමෝ සේපියන් සේපියන්ට බැරි උණා. මිහිතල අයිති මිනිසාට පමණක්ම නෙවෙයි. සියලූම ජීවි අජිවින්ගේම අයිතියක්.

මේ පණිවිඩය තවත් එක්කෙනෙකුට හරි කියලා තවත් කෙනෙක් දැනුවත් කරන්ඩ. පරිසරය සුරකින්න උදවු වෙන්ඩ. එහෙමත් නැති නම් පරිසරය දූෂණය කිරීමෙන් වළකින්න. පරාර්ථකාමීව හිතන්ට පුරුදු වෙමු.

හැකි සෑම විටම ‘ෂෙයාර් කරමු, අප්ලෝඩ් කිරීමෙන් වලකිමු”

Posted in කයිවාරු | ප්‍රතිචාර 2

ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය

මාධ්‍ය සදාචාරය වු කලි සියලු දේ ජනතාව දැන ගත යුතු බවත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා උදවියගේ ප්‍රකාශන අයිතියට කිසිවෙකුවත් හරස් නොවිය යුතු යැයිද කියා මධ්‍යවේදීයෝම හදුන්වා ගනු ලබයි. කලකට ඉහත චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව සමයේ මේ පිළිබද ප්‍රකාශයක් කල මංගල සමරවීර මහතා, කීමට උත්සාහ කළේ “මාධ්‍ය සාදාචාරය ඔනෑවට වඩා එපා” කියලාය.

මාධ්‍ය හෝ ජනසන්නිවේදනය කුමක් සදහා ද කියා, හෝ එහි නිශ්චිත පරාමිතීන් හෝ බහුතර සීනිබෝල මාධ්‍ය කාරයන් / කාරියන් දන්නේ නැත. දිනක් සිරස මාධ්‍යයේ සිටි ‘කිංස්ලි’ මහතා කියා සිටියේ ‘අපි මිනිසුන්ගේ හැඟිම් විකුණන බවය’. එනයි බැලු කල මාධ්‍ය අද කරනුයේ කුමක්ද හා මාධ්‍යයේ වගකීම කුමක්ද කියා ගැටලු සහිතය.

මෘද්‍රිත වෙවා, ශ්‍රව්‍ය දෘශ්‍ය වේවා, අද මාධ්‍ය හා මාධ්‍ය කාරයන් / කාරියන් කරනුයේ ‘වෙළදාමකි’ මෙහිදි විකිණෙන්නේ, සිරසේ කිංස්ලි මහා කියු පරිදි මිනිසුන්ගේ ‘හැඟිම්’ ය. අර්ථ සම්පූර්ණ මාධ්‍ය කාලාවක් වෙනුවට අද ඇත්තේ ධනේශ්වරයට මුක්කු ගසා, තමන් ගොඩ යන ආත්මාර්ථකාමී මාධ්‍ය බිස්නස් එකකි.

සිරස මාධ්‍ය ජාලය ආරම්භයට පෙර මගේ මතකය හැටියට, රජරට සේවය, ස්වදේශිය සේවය,ආදි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදන විය. නමුත් පසුව ආ ‘සිරස’ (සි- සියල්, ර- රස, ස- සමගින් ) ‘ජඩ’ එෆ් එම් සංස්කෘතියකට මුල් ගල තබා ඇත.

සිරස පසුපස ආ හිරු, සඳු, සා, බා, පා, වැනි අරුමෝසම් එම්.එම්. කරුම, අද ගුවන් විදුලිය කුණුහරුපයක් කර ඇත. අද ඇත්තේ නිවේදිකාවන් නොවන අතර ඇත්තේ ‘ප්‍රසන්ටස්ලාය’.

ස්වාධින රූපවාහිනිය, හා ජාතික රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍ය මුල්කාලයේ මනා කොට හදුනා ගෙන තිබුණි. ඒ සදහා වු පූර්ණ මෙන්ම සංයමයකින් යුතු මාධ්‍ය දැනුමකින් හෙබි සම්පත් එකල තිබුණි. ටයි මහතා අද නැත. රන්සිරිලාල් මහතාට ටයිමහතාගේ හෙවනැල්ලත් ගව්ගානක ධුරය.

ගුවන් විදුලි මාධ්‍ය කාබාසිනියා කරන ලද ‘සිරස’ රූපවානියත් කෑම ඇරඹිම සිදු විය. එහි උච්චතම අවස්ථාවේ ‘මෞලීය’ මංගල්‍ය අද වන විට දැකිය හැක. කලින් කලට එක එක රැළි නිර්මාණය කොට ජනතාව මුළා කිරීමේ කලාව හදුන්වා දුන්නේ සිරසේ ජඩ මාධ්‍ය භාවිතාව බව නොරහසකි.

බටහිර ඇති මධ්‍ය සංදර්ශන අමු අමුවේ ‘කොපි’ කිරීම ‘සිරසේ’ කලාවයි. ඔවුන් අනුව යන ස්වර්ණවාහිනිය, දෙරණ ආදිය ‘කොපිය- රීමික්ස්’ කරති.

නමුත් ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය.

මෙවැනි මාධ්‍ය භාවිතාවක පවත්වාගෙන යනු ලබන්නේ පවතින දේශපාලන රමුව විසින්ම වීම අනෙක් දුර්ගාන්තය වි ඇත. එනයි බැලු කල සර්ව සාධාරණිය නිදහස මාධ්‍ය භාවිතාවක් නැත. නිදස් මාධ්‍යවේදීන් යැයි කියා ගන්න වුන් ක්‍රියාත්මක වන්නේද තුන්වන පාර්ශවීය න්‍යාය පත්‍රයකටය. එනයි බැලු කල ලංකාවේ මධ්‍යයක් නැත. ඇත්තේ මාධ්‍ය ව්‍යාපාරයකි. ඇතැම්විට මෙය ආශ්චර්ය කරා පිය නගන් ගමනේ තවත් එක ආර්ථික උපායක් විය හැක. මම ආර්ථික විද්‍යාව දන්නේ නැත. නමුත් ඡන්දය අත ළඟය.

Posted in කයිවාරු | ප්‍රතිචාර 2

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි කාලේ ඉදලා ගමේ ඌරුවට හැදිච්ච මගේ හිත, කොළොඹ කොන්කිරීට් සෑයවල් වලට වල්මත් වෙලා. දුවන්නං වාලේ දුවන සමාජයේ තවත් පුරුකක් වෙච්ච මම කොන්ද කෙලින් කොරන් දෙපයින් නැගී හිටින කන් කොළඹ ගාට ගාට ඉදිවි. සංකර ඌරල් සමාජේ ඒ ඉහත්තාව කවදා නම් දකීද මං දන්නේ නෑ.

අපේ අම්මා සීරුවට කෑම පොදි ගහන අතරේ අප්පච්චි ඒවායේ ගුන දොස් හොයනවා. මල්ලි වාහනේ ආපහු ආපහු බලන්නේ හෙට වෙලාවට ඔෆීසියේ ඉන්ඩ ඔනෑ හින්දා මඟ කරදර අඩුවෙන්ඩ හිතාලා වෙන්ටැ.

ඒ අස්සේ අපේ ගෙදර පූසිට මේ සැරේ අවුරුද්දට පැටවු දෙන්නෙක් වදලා. පුලුන් බෝල වගේ උන් දෙන්නා හුරතල් කර කර හිටිය මම ආපහු හැරුනේ හෙට ගමනේ අඩු වැඩිය හරිද කියලා බලන්ට.

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

ගමට සංවර්ධනය

කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ

1. දක්ශිණ අධිවේගි මාර්ගය
2. හම්බන්තොට වරාය
3. මත්තල ගුවන් තොටුපල

මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම අනිවාර්ය වෙයි. ඒ වගේම දියුණු ගුවන්තොට හා නැවුතොට පැවතීම දියුණු සමාජයක ලක්ශණයක්වේ. සිද්ධාන්ත අනුව අපට යම්තම් හෝ මේවා ඇත. නමුත් අපි දියුණුද කියන ගැටලුව නිතරම මගේ මනසේ පවති.

අජිත් නිවාඩ් මහතා කෙතරම් ආර්ථික දත්ත සංසන්දනාත්මකව ඉදිරිප කලත් අපි ඉන්නේ කොයියම් මොහොතක හෝ පුපුරා යා හැකි මූල්‍ය සබන් බෝලයක් ඇතුලේය. රට තුල පවතින මුල්‍ය සංචිත පිලිබද ඇත්තේ අති භයංකර ආරංචි වෙයි. රට තුලට පැමිනෙණ ඩොලර් ප්‍රමාණයන්ට වඩා වැඩි සීග්‍රතාවයකින් රටතුලින් ඩොලර් ඉවත් වීම සිදුවෙයි.

කෙසේ නමුත් වරායන් හෝ මාර්ග, හෝ ඉදි කිරීම තුලදි රටක් ලෙස දරන අධික ප්‍රාග්ධන පිරිවැය අක්පියවා ගැනිමේ ක්‍රමවේද හෝ ආයෝජනය තුලින් කාර්යශම ගුණනීය ප්‍රති ලාභයක් ලබා ගැනීමට කුමන වැඩපිලිවෙලක් දියත්වන්නේ දැයි තේරෙන්නේ නැත. එසේම එහි මා දකින අප්‍රගතිය නම්, මත්තල ගුවන් තොට හා වරාය එකි ස්ථාන වලට කිසිසේත් නොගැලපීමය. මීට වඩා සංවේදි ස්ථාන ඔනෑ තරම් රට වටේ ඇති මුත් කගේ හෝ අවාසනාවට මෙය මෙසේ ඉදිකෙරිනි.

තවද දක්ශිණ මාර්ගය සදහා මූලික පිඹුරුපත් සදා ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් වන අතර, එම ඉංජිනේරු නිර්දේශ අධිස්ථාපය කරමින් ව්‍යපෘති භාර අයවලුන් ඔවුන්ගේ මතය මත මහා මාර්ගය් ඉදිකර ඇත. එහි අනිටු විපාක තව අවුරුදු 2කින් පමණ පසු දැක්මට ලැබෙනු ඇත.

මත්තල ගුවන් තොට දකුණට ගෙන ගොස් ඇත්තේ කුමන අරමුණකින්ද කියා දන්නේ නැත.කෙසේ නමුත් සංවර්ධනය ග්‍රාමීය මට්ටමට ගෙනයාම උදෙසා සුවිසල් ප්‍රාග්ධනයක් යෙදවීම නුසුදුසු බව මගේ හැඟිමවෙයි.

ලංකාව යනු පැහැදිලිවන ගෝලීය ලිබරල් ධනවාදය තුල තමන්ගේ ආර්ථික න්‍යායන් ගොඩ නගන රටකි. එය එසේ වන්නේ ප්‍රධාන ලෙස බටහිර, ආදි ධනේශ්වර සමාජ හා චීනය සිංගප්පුරුව, වැනි ආසියාතික ධනපති සමාජ පන්ති තුලින් අනවරතව සිදුවන උත්තේජය හා පෙලැබවීම නිසා බව මගේ කල්පනාව වෙයි.

කෙසේ නමුත් 70 දශකයේ පමණ හදුන්වා දුන් විවෘත ආර්ථික සංකල්ප නිසා ලංකාවේ ආර්ථික හැසිරවීම් අනවශ්‍ය ලෙස අන්තර්ජාතික කරණය විනි යැයි මා සිතමි.

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්