මගේත් එක්ක හිනා වෙන්න

සඳ මඬලට පෙම් කරන්න – කවි පද වැල් පද බදින්න
තරු කුමරියෝ ඕන තරම් – ඉන්නවා ලොවේ….
මගේ හදවත කිති කවන්න – මාහට කවි පද බදින්න
මගේත් එක්ක හිනා වෙන්න – කෙනෙක් නෑ ලොවේ…..

ඟං දිය දිය කඳ දරන්න – එහි ඇති අසිරිය බලන්න
ඟංගාවට මහ සයුරක් – ඉන්නවා ලොවේ…..
මගේ පාළුව මකා ගන්න – කාන්සියට ගී කියන්න
මගේත් එක්ක හිනා වෙන්න – කෙනෙක් නෑ ලොවේ…..

හිරුට ගීතිකා ගයන්න – ඉඟි මර මර සිනාසෙන්න
ඕන තරම් මල් කැකුලියෝ – ඉන්නවා ලොවේ
මගේ පැතුම් බෙදා ගන්න – එකම ලොවක් ගැන සිතන්න
මගේත් එක්ක හිනා වෙන්න – කෙනෙක් නෑ ලොවේ…..

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

3 Responses to මගේත් එක්ක හිනා වෙන්න

  1. අරුණ පවසයි:

    ලස්සන නිර්මාණය
    මම මල්ලිත් එක්ක හිනාවෙනවා

    කැමතියි

  2. Chandana Rupasinghe පවසයි:

    සඳ මඬලට පෙම් කරනා – කවි පද වැල් පද බදිනා

    තරු කුමරියෝ ඕන තරම් – ඉන්නවා ලොවේ….

    ඔබේ හදවත කිති කවන්න – ඔබ හට කවි පද බදින්න

    ඔබත් එක්ක හිනා වෙන්න – කෙනෙක් කොතැනක හෝ හිදිවි මේ ලොවේ…..

    කැමතියි

අරුණ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න