මටත් හොරෙන් ඉඟිලිලාලු…

හෙන්දිරික්ක මල් වැට ලඟ බෙර තාලෙට පාද තියපු
දොරකඩ බුදු ගේ ලඟ ඉද මාත් එක්ක මල් පුදාපු
ලණු ඇද ලඟ මගේ තනියට නැළවි නැළවි ගී කියාපු
මගේ ලෝකේ මගේ කුමාරි මටත් හොරෙන් ඉඟිලිලාලු…

හේනේ පැලේ පැල් කොටේක තුන් යාමෙම නිදි වරාපු
තල කුරහං මුං මෙනේරි සුවඳ එක්ක දිවි ගෙවාපු
මගේත් එක්ක හිනා වෙවී මගේත් එක්ක ඉද හඬාපු
මගේ ලෝකේ මගේ කුමාරි මටත් හොරෙන් ඉඟිලිලාලු…

අළුත් ලොවක් අළුත් හෙටක් ඇගේ පැතුම ඒක වීලු
පැද්දි පැද්දි ඉඟිල්ලෙන්ට මගේ ලෝකේ ඉඩ මදීලු
මගේ කතාව මගේ හිනාව ඇය හට දැන් ඇති වෙලාලු
මගේ ලෝකේ මගේ කුමාරි මටත් හොරෙන් ඉඟිලිලාලු…

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

5 Responses to මටත් හොරෙන් ඉඟිලිලාලු…

  1. Udara Wilathgamuwa පවසයි:

    නියමයි උමන්ද……..පපුවටම වැදුනා,,,ඇත්තමයි.

    කැමතියි

  2. Ashan Madushanka පවසයි:

    me lassana pohotos gaththa link eka dendako

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න