PHP භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

PHP යනු වෙබ් සංවර්ධනය  සඳහා බහුල වශයෙන්ම භාවිතා කරන ඉතා ජනප්‍රිය  Server-side scripting language එකකි. PHP කේත xHtml / HTML කේත සමග ඉතා පහසුවෙන් භාවිත කල හැක.විවෘත මෘදුකාංගයක් (open source ) බැවින් ඕනෑම කෙනෙකුත එය නොමිලේ භාවිතා කල හැක.  PHP  මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ ඩෙන්මාර්ක් ජාතික Rasmus Lerdorf විසින් 1995 දීය.

PHP යනු?

  • PHP යන යන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ PHP: Hypertext Preprocessor යන්නයි.
  • PHP යනු scripting language එකකි.(උදා:ASP,ASP.net,JSP,Perl,ColdFusion
  • PHP scripts, server එකක් මත ක්‍රියා කරයි.
  • PHP බොහෝ දත්ත සමුදායන් (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC, etc.) හා සහය දක්වයි.
  • PHP යනු open source software එකකි.
  • PHP නොමිලේ භාගත කර නොමිලේ භාවිත කළ හැකිය.

PHP ගොනුවක් යනු?

  • PHP ගොනු වල, text, HTML කේත හා scripts (java script) අඩංගු කළ හැක.
  • PHP ගොනු , browser එකක් මත දර්ශනය වන්නේ HTML පිටුවක් ආකාරයෙනි.
  • PHP ගොනු වල දිගුව (extension) “.php”, “.php3”, or “.phtml” ලෙස භාවිත කළ හැකිය.

PHP භාවිතය ජනප්‍රිය ඇයි?

  • PHP විවිධ platforms වල ක්‍රියා කරයි. (Windows, Linux, Unix,Solaris etc.)
  • PHP OOP (Object Oriented Programming)සිද්ධාන්ත සදහා මැනවින් සහය දකවයි.
  • PHP අද භාවිතා කරන ඕනෑම server එකක ක්‍රියාත්මක කළ හැකිය. (Apache, IIS,GlassFish, etc.)
  • PHP නොමිලේ භාගත කර නොමිලේ භාවිත කළ හැකිය:
    www.php.net
  • PHP ඉගෙන ගැනීමට ඉතා පහසු මෙන්ම එය server මත ඉතා කාර්යක්ෂම අයුරෙන් ක්‍රියා කරයි.

PHP කේතනය ඇරඹීමට පෙර මූලිකවම

  • HTML/XHTML හා JavaScript පිලිබද මූලික දැනුමක් තිබිය යුතුය.

එසේම…

PHP මෘදුකාංගය, PHP සහය ලබා දෙන web server (Apache, IIS,GlassFish) එකක් හා PHP සහය ලබා දෙන database server (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC, etc.) එකක් තිබිය යුතුය.

මීලග ලිපියෙන් ස්ථාපනය කිරීම හා  භාවිතයෙන් ක්‍රමලේඛණ ලිවීම පිලිබදව දීර්ඝ ලෙස විස්තර කරනු ඇත.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , , . Bookmark the permalink.

17 Responses to PHP භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

  1. sandaruvan පවසයි:

    mama hithanne godak hoday.. digatama karagena yanna.. php igenaganna english site thibunata sinhala eva nahane….meka godak hoday

    කැමතියි

  2. suraj පවසයි:

    ayya… meka nam nawathtanna epa… digatama karagena yanna… man hewweth me wage ekak thamai…. gud luck…

    කැමතියි

  3. ෂා නියමයි. ‍දිගටම කරගෙන යන්න, සුභපැතුම්!

    කැමතියි

  4. Udayanga පවසයි:

    very goooooooooooooooooooood……………….

    කැමතියි

  5. Geeth | ගීත් පවසයි:

    නියමයි… මේවගේ දේවල් මග නවතින්නෙ නැතිව දිගටම ලියනවනම් ගොඩක් වටිනවා..෴ Congratz!

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න