කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else
කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch
කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch
කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් තෝරා ගෙන එය ක්‍රියාත්මක කිරීමටයි. මෙයත් if
වගේම තාර්කික වරණයන් එහෙමත් නැති නම් තාර්කිකව යම් දෙයක් තෝරා ගැනිමට භාවිතා කරනවා.
මෙහි කේත ආකෘතිය පහත පරිදි වෙනවා.
<?php
switch (n) {
case x:
if x == n නම් x ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.
case y:
if y == n නම් y ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.
case z:
if z == n නම් z ව ධාවනය කරන්න
break; // සැසදීම සාර්ථක උනු නිසා මෙතැන් ඉදිරියට යන්ඩ එපා.
default:
n සමග කිසිවක් සමාන නොවුන නිසා q ධාවනය කරන්න
}
?>
මෙහි switch හි සරළතම කේත ආකාරය තමා මම ඉදිරිපත් කරල තියෙන්නේ. n සැම විටම “වාගේ” විචල්‍යය වෙයි. එහිදි n යනු පහලින් ඇති case සන්සන්ධනට ගන්නා අගය නියෝජනය කරයි. break මගින් ඊලඟ case එකට යෑම නවතනු ලබනවා. මෙය සිදුවන්නේ අදාල case එක n අගය සමඟ සැසදුනොත් පමණි.
default මගින් සිදුවනුයේ, n අගය කිසිම case එකක් සමග නොගැලපුන විට සිදුවිය යුතු විධානය ලබා දීමයි.
අප මෙය උදාහරනයකින් වටහා ගමු.
<?php
$myCountry = "Sri Lanka";
switch ($myCountry) {
case "UK":
echo "Your country is UK!";
break;
case "USA":
echo "Your country is USA!";
break;
case "Sri Lanaka":
echo "Your country is Sri Lanka!";
break;
default:
echo "Your country is neither UK, USA, or Sri Lanka!";
}
?>
මෙය ධාවනය කිරීමෙන් ඔබට පහත පිළිතුර ලබා ගත හැකි වෙනවා.
Your country is Sri Lanka!
මීලඟ පාඩමෙන් අපි Loops වර්ග ගැන ඉගෙන ගමු.