මාධ්‍ය සදාචාරය වු කලි සියලු දේ ජනතාව දැන ගත යුතු බවත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා උදවියගේ ප්‍රකාශන අයිතියට කිසිවෙකුවත් හරස් නොවිය යුතු යැයිද කියා මධ්‍යවේදීයෝම හදුන්වා ගනු ලබයි. කලකට ඉහත චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව සමයේ මේ පිළිබද ප්‍රකාශයක් කල මංගල සමරවීර මහතා, කීමට උත්සාහ කළේ “මාධ්‍ය සාදාචාරය ඔනෑවට වඩා එපා” කියලාය.
මාධ්‍ය හෝ ජනසන්නිවේදනය කුමක් සදහා ද කියා, හෝ එහි නිශ්චිත පරාමිතීන් හෝ බහුතර සීනිබෝල මාධ්‍ය කාරයන් / කාරියන් දන්නේ නැත. දිනක් සිරස මාධ්‍යයේ සිටි ‘කිංස්ලි’ මහතා කියා සිටියේ ‘අපි මිනිසුන්ගේ හැඟිම් විකුණන බවය’. එනයි බැලු කල මාධ්‍ය අද කරනුයේ කුමක්ද හා මාධ්‍යයේ වගකීම කුමක්ද කියා ගැටලු සහිතය.
මෘද්‍රිත වෙවා, ශ්‍රව්‍ය දෘශ්‍ය වේවා, අද මාධ්‍ය හා මාධ්‍ය කාරයන් / කාරියන් කරනුයේ ‘වෙළදාමකි’ මෙහිදි විකිණෙන්නේ, සිරසේ කිංස්ලි මහා කියු පරිදි මිනිසුන්ගේ ‘හැඟිම්’ ය. අර්ථ සම්පූර්ණ මාධ්‍ය කාලාවක් වෙනුවට අද ඇත්තේ ධනේශ්වරයට මුක්කු ගසා, තමන් ගොඩ යන ආත්මාර්ථකාමී මාධ්‍ය බිස්නස් එකකි.
සිරස මාධ්‍ය ජාලය ආරම්භයට පෙර මගේ මතකය හැටියට, රජරට සේවය, ස්වදේශිය සේවය,ආදි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදන විය. නමුත් පසුව ආ ‘සිරස’ (සි- සියල්, ර- රස, ස- සමගින් ) ‘ජඩ’ එෆ් එම් සංස්කෘතියකට මුල් ගල තබා ඇත.
සිරස පසුපස ආ හිරු, සඳු, සා, බා, පා, වැනි අරුමෝසම් එම්.එම්. කරුම, අද ගුවන් විදුලිය කුණුහරුපයක් කර ඇත. අද ඇත්තේ නිවේදිකාවන් නොවන අතර ඇත්තේ ‘ප්රසන්ටස්ලාය’.
ස්වාධින රූපවාහිනිය, හා ජාතික රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍ය මුල්කාලයේ මනා කොට හදුනා ගෙන තිබුණි. ඒ සදහා වු පූර්ණ මෙන්ම සංයමයකින් යුතු මාධ්‍ය දැනුමකින් හෙබි සම්පත් එකල තිබුණි. ටයි මහතා අද නැත. රන්සිරිලාල් මහතාට ටයිමහතාගේ හෙවනැල්ලත් ගව්ගානක ධුරය.
ගුවන් විදුලි මාධ්‍ය කාබාසිනියා කරන ලද ‘සිරස’ රූපවානියත් කෑම ඇරඹිම සිදු විය. එහි උච්චතම අවස්ථාවේ ‘මෞලීය’ මංගල්‍ය අද වන විට දැකිය හැක. කලින් කලට එක එක රැළි නිර්මාණය කොට ජනතාව මුළා කිරීමේ කලාව හදුන්වා දුන්නේ සිරසේ ජඩ මාධ්‍ය භාවිතාව බව නොරහසකි.
බටහිර ඇති මධ්‍ය සංදර්ශන අමු අමුවේ ‘කොපි’ කිරීම ‘සිරසේ’ කලාවයි. ඔවුන් අනුව යන ස්වර්ණවාහිනිය, දෙරණ ආදිය ‘කොපිය- රීමික්ස්’ කරති.
නමුත් ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය.
මෙවැනි මාධ්‍ය භාවිතාවක පවත්වාගෙන යනු ලබන්නේ පවතින දේශපාලන රමුව විසින්ම වීම අනෙක් දුර්ගාන්තය වි ඇත. එනයි බැලු කල සර්ව සාධාරණිය නිදහස මාධ්‍ය භාවිතාවක් නැත. නිදස් මාධ්‍යවේදීන් යැයි කියා ගන්න වුන් ක්‍රියාත්මක වන්නේද තුන්වන පාර්ශවීය න්‍යාය පත්රයකටය. එනයි බැලු කල ලංකාවේ මධ්‍යයක් නැත. ඇත්තේ මාධ්‍ය ව්‍යාපාරයකි. ඇතැම්විට මෙය ආශ්චර්ය කරා පිය නගන් ගමනේ තවත් එක ආර්ථික උපායක් විය හැක. මම ආර්ථික විද්‍යාව දන්නේ නැත. නමුත් ඡන්දය අත ළඟය.
දස දහස් වාරයක් පළවූ අදහස් නැවත ලිවීමක් පමණයි. කිසිදු හරයක් නැත. මේ ගැන මීට වඩා හරවත් ලිපි අනන්තවත් පලවී තිබේ.
කැමතියිකැමතියි
WELL WRITTEN
කැමතියිකැමතියි