මේ විඩියෝ එක බලන්ඩ. තාක්ෂණය ගැන ඔයාලා පුදුම වේවි. නමුත් මම කියන්ඩ යන්නේ ඊට එහා ගියා අපි නොහොතන පැත්තක් ගැන.
https://www.facebook.com/photo.php?v=1392666350947762
මම කලෙකට ඉස්සර කිවුවා ඔයාලා අන්තර්ජාලයට මුදා හරින සෑම මෙගා බයිට් එකකින්ම අපි ජීවත්වෙන පෘථිවියේ භූමියෙන් වර්ග සෙන්ටිමීටරයක් අහිමි වෙනවා කියලා. ඒක වෙන හැටිත් මම පැහැදිලි කරා. පරිගණකයේ සියලුම දත්ත ඉලෙක්ට්‍රොණිකව අත්‍යන්තව පාලනය උණත් එම දත්ත සුරැකෙන්නේ භෞතිකව. අපි ඩේටා සර්වර කියන්නේ ඒවටනේ. මේ විඩියෝවේත් තියෙන්නේ ඒ වගේ ඩේටා සර්වර නොහෝත් ඩේටා සෙන්ටරයක්. විඩියෝවේ අවසානයට වෙන දේ දැක්ක නේද..? අලුත් ඩෙටා සෙන්ටරයක් හදන්ඩ පොළොව කපනවා.
මෙවැනිම දෙයක් ගූගල් සදහාද වෙනවා. කොටින්ම කියතොත් අද අපිට නොදැනී පරිසරය විනාශ කරන එක් මාධ්‍යයක් තමයි, එහෙමත් නැති නම් පරිසර දූෂකයක් තමයි, මේ අන්තර්ජාලය. මේයින්, භූමිය, වාතය, ජලය කියන තුනම දූෂණයට ලක් වෙනවා. එහෙම කියලා අපිට මේක භාව්ත නොකර ඉන්ඩත් බෑ.
හැමදාම පවතින තරඟය එක්ක විවිධ මෙවලම් ෆේස්භූක් එකට්ත එකතු වෙනවා. ළඟදිම ආපු දේ තමයි ‘ෆෝටෝ කොමෙන්ට්’ භාවිතය. එය හොද අලුත් ලක්ෂයක් උණත්, එමගින් දත්ත අවභාවිතාවක් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද. ඔයාලා ‘ෆෝටෝ කෝමෙන්ට්ස්’ වලට යොදා ගන්නා ගොනුව, බොහෝ විට අන්තර් ජාලයෙන් පරිගණකය ගෙන, නැවත අන්තර්ජාලයට මුදා හරිනවා. එක දත්තයක් තැන් තුනක නැවත ජනනය කරනවා. මම හිතනව මම කියන දේ පැහැදිලියි කියලා. බයිට් එකක් අපිට දැන්නේ නෑ. ඒ වගේම මහා සාගරය හැදිලා තියෙන ජල බිංදිත්තක් අපිට දැනේනෙත් නෑ කියලා අමතක කරන්ඩ එපා.
අද වන විට පාරිසරික ගැටලු මහා ගොඩක් ඇති වෙලා. මේ සියලු ගැටලු වලට මිනිසා ඍජුව මෙන්ම වක්‍රව දායක වෙලා තියෙනවා. නේචර් සඟරාවට අනුව, මිනිසාගේ මෙම නොමනා ක්‍රියා පාලනය නොවුණොත් තව වසර හතළිහක් පමණ වන විට කිසුදු අයුරකින් නැවත හැරවිය නොහැකි අන්දමේ පාරිසරික විනාශයන් වන බවට අනතුරු හඟවනවා. කාන්තාර කරණය නවත්වන්ඩ මිනිසාට තාම බැරි උණා. සුනාමි, භූ චලන, ගං වතුර නවත්වන්න තාමත් මේ හෝමෝ සේපියන් සේපියන්ට බැරි උණා. මිහිතල අයිති මිනිසාට පමණක්ම නෙවෙයි. සියලූම ජීවි අජිවින්ගේම අයිතියක්.
මේ පණිවිඩය තවත් එක්කෙනෙකුට හරි කියලා තවත් කෙනෙක් දැනුවත් කරන්ඩ. පරිසරය සුරකින්න උදවු වෙන්ඩ. එහෙමත් නැති නම් පරිසරය දූෂණය කිරීමෙන් වළකින්න. පරාර්ථකාමීව හිතන්ට පුරුදු වෙමු.
හැකි සෑම විටම ‘ෂෙයාර් කරමු, අප්ලෝඩ් කිරීමෙන් වලකිමු”
ෆේස් බුක් ගැනනම් මම දන්නේ නෑ …මම ඒ සමාජ ජාලය තුල නැති නිසා….නමුත් …එක් කරුණක් මම දන්නවා….තාක්ෂණයේ දියුණුව….සුන්දර පරිසරයේ අවසානය බව….
කැමතියිකැමතියි
කතාවට 100% ක් එකඟයි
//හැකි සෑම විටම ‘ෂෙයාර් කරමු, අප්ලෝඩ් කිරීමෙන් වලකිමු”//
FB එකෙන් photo කමන්ට් හදුන්වල දුන්නේ කැමැත්තකින්ම නෙමේ… ඒකෙ ඇති වැදගත් කමකුත් නැහැ. එක දිගට droped වෙන active members ල එක්කෙනෙක් හරි රඳවාගැනීම ප්‍රධාන අරමුණ…
අපේ උනුත් අත දෙකෙන්ම අල්ලන් එක බාරගත්තා.. දැන් මොන status එකට උනත් මොකක් හරි විකාරයක් දාන තරමට එකට ඇබ්බැහි වෙලා.
කැමතියිකැමතියි