කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ
1. දක්ශිණ අධිවේගි මාර්ගය
2. හම්බන්තොට වරාය
3. මත්තල ගුවන් තොටුපල
මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම අනිවාර්ය වෙයි. ඒ වගේම දියුණු ගුවන්තොට හා නැවුතොට පැවතීම දියුණු සමාජයක ලක්ශණයක්වේ. සිද්ධාන්ත අනුව අපට යම්තම් හෝ මේවා ඇත. නමුත් අපි දියුණුද කියන ගැටලුව නිතරම මගේ මනසේ පවති.
අජිත් නිවාඩ් මහතා කෙතරම් ආර්ථික දත්ත සංසන්දනාත්මකව ඉදිරිප කලත් අපි ඉන්නේ කොයියම් මොහොතක හෝ පුපුරා යා හැකි මූල්‍ය සබන් බෝලයක් ඇතුලේය. රට තුල පවතින මුල්‍ය සංචිත පිලිබද ඇත්තේ අති භයංකර ආරංචි වෙයි. රට තුලට පැමිනෙණ ඩොලර් ප්රමාණයන්ට වඩා වැඩි සීග්‍රතාවයකින් රටතුලින් ඩොලර් ඉවත් වීම සිදුවෙයි.
කෙසේ නමුත් වරායන් හෝ මාර්ග, හෝ ඉදි කිරීම තුලදි රටක් ලෙස දරන අධික ප්‍රාග්ධන පිරිවැය අක්පියවා ගැනිමේ ක්‍රමවේද හෝ ආයෝජනය තුලින් කාර්යශම ගුණනීය ප්‍රති ලාභයක් ලබා ගැනීමට කුමන වැඩපිලිවෙලක් දියත්වන්නේ දැයි තේරෙන්නේ නැත. එසේම එහි මා දකින අප්රගතිය නම්, මත්තල ගුවන් තොට හා වරාය එකි ස්ථාන වලට කිසිසේත් නොගැලපීමය. මීට වඩා සංවේදි ස්ථාන ඔනෑ තරම් රට වටේ ඇති මුත් කගේ හෝ අවාසනාවට මෙය මෙසේ ඉදිකෙරිනි.
තවද දක්ශිණ මාර්ගය සදහා මූලික පිඹුරුපත් සදා ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් වන අතර, එම ඉංජිනේරු නිර්දේශ අධිස්ථාපය කරමින් ව්‍යපෘති භාර අයවලුන් ඔවුන්ගේ මතය මත මහා මාර්ගය් ඉදිකර ඇත. එහි අනිටු විපාක තව අවුරුදු 2කින් පමණ පසු දැක්මට ලැබෙනු ඇත.
මත්තල ගුවන් තොට දකුණට ගෙන ගොස් ඇත්තේ කුමන අරමුණකින්ද කියා දන්නේ නැත.කෙසේ නමුත් සංවර්ධනය ග්‍රාමීය මට්ටමට ගෙනයාම උදෙසා සුවිසල් ප්‍රාග්ධනයක් යෙදවීම නුසුදුසු බව මගේ හැඟිමවෙයි.
ලංකාව යනු පැහැදිලිවන ගෝලීය ලිබරල් ධනවාදය තුල තමන්ගේ ආර්ථික න්‍යායන් ගොඩ නගන රටකි. එය එසේ වන්නේ ප්‍රධාන ලෙස බටහිර, ආදි ධනේශ්වර සමාජ හා චීනය සිංගප්පුරුව, වැනි ආසියාතික ධනපති සමාජ පන්ති තුලින් අනවරතව සිදුවන උත්තේජය හා පෙලැබවීම නිසා බව මගේ කල්පනාව වෙයි.
කෙසේ නමුත් 70 දශකයේ පමණ හදුන්වා දුන් විවෘත ආර්ථික සංකල්ප නිසා ලංකාවේ ආර්ථික හැසිරවීම් අනවශ්‍ය ලෙස අන්තර්ජාතික කරණය විනි යැයි මා සිතමි.
ඔබ සදහන් කර තිබූ පරදිම මේ රජය විසින් යටිතල පහසුකම් සදහා කරනුලබන අායෝජන ඵලදයීතාවයෙන් අඩුය.මත්තල ගුවන් තොටුපලත් හම්බන්තොට වරායත් යන ව්‍යාපෘති දෙකම අද සුදු අලින් බවට පත් වී අැත. චීනයේ අවශ්‍යය තාවය නිසා හෝ තම ගමට මහා පරිමාණ ව්‍යාපෘති ලබාදීම සදහා හෝ මෙම ව්‍යාපෘති කඩිනම් කලේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් කොටස ඒ කියන්නේ මාතර ගොඩගම සිට කුරුදුගහහැතැක්ම දක්වා වූ කිලෝමීටර් 60 ක ප්‍රමාණය අාරම්භ කරන ලද්දේ 2003 මුල හරියේදීය. ඒහි වැඩ අවසන් කරන්නට තිබුනේ 2006 අගභාගයේදීය. නමුත් ඒයින් කොටසක් තවමත වැඩ අවසන් කොට නැත.
කැමතියිකැමතියි