විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය

4659138204_7f1c7a2de7_m

විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”.

මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ.

අද වන විට සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් සදහා නුවර හෝ කොළඹ ආශ්‍රිතව හෝටලයක අවම පහසුම් යටතේ පූර්ණ විවාහයක් ගැනීමට මිලියනයක් පමණ වැයවේ. මෙය මහා තකතීරු වැඩකි.නිස්කාරනයේ මුදල් කාබාසිනියා කිරීමකි.

ලංකීය සංස්කෘතියේ විවාහය යනු “මංගල” කරුණකි. විශේෂයෙන් උඩරට පැති වල විවාහ චාරිත්‍ර ඉතා අලංකාරය. මාද උඩරට ඉසවුවේ නිසා, එම චරිතර ධර්ම හොදින් පත්තියම් පහු කොර ගෙන ඇත.

මගුල්දා හරි උත්සව ඇත. දෙපාර්ශවයේම හතර වරිගෙම ඇත්තෝ එදාට මගුල් කෑමට එති. දැනමුතු වැඩිහිටි ඇත්තන් සහිත මහා සභාවක් මැද දෙන්නා විවාහ වෙති. අෂ්ටක, සෙත් ගායනා මෙන්ම, උපහැරණද එහිදි ඔව්නට ලැබේ.

එය මහා සංස්කෘතික උත්සවයක්….!!!

පොරුවේ සිට දායාද දක්වා සියලු දේ කරනුයේ හතරවරිගේ උන්දැලාගේ මහන්සියෙන්ය. මීට වසර ගානකට පෙර මා පුංචි අම්මාගේ මඟුල දැකීමෙන් පසු සාම්ප්‍රදායික “මගුලක්” දැක්කේද නැත. ඥාතිවරු කීප පොලක් “වෙඩින්” ගත් අතර එය හුදු මාන්නය පෙන්වීමට කරන ලද විකාර මගුලක්ය.

අද ඇත්තේ මගුල් නොව “වෙඩින්ය”.

එවා ප්ලෑන් කිරීමට ආයතනද ඇත.මෙවැනි තුප්පැහි අසික්කිත සංස්කෘතියක් ආවේ කොයිද..?

පැහැදිලිවම බටහිරින්. මගුල් දිනය වෙඩින් දිනයක් කර ඇත්තේ ඔවුන්ය. මේ සමගම සමහරක්ගේ ජීවන උපාය ලෙස මෙම වෙඩින් පත්වී ඇත. සමහරක් සැදි පැහැදී ඉන්නේ වෙඩිමේ රූප ගන්නා කැමරාකාරයා වීමටය. ඇතැමුන් එය අද “මංගල උත්සව ඡායාරූප කරන කලාව” ලෙසද හදුන්වයි. අනෙක් උන් නම් අදුම් ආයිතම්, රූප සොබාව ගැන හොයන උන්ය. තව කෑම හදන උන්, ආරාධනාපත් හද උන් එමට. මේ හැම එකක්ම කිරීමට ඒජන්සිද ඇත.

මා නිතරම කියන දෙයක් නම් අප නිශ්පාදන ආර්ථිකයෙන් බැහැරව පරිබෝජන ආර්ථිකයකට ගොස් ඇති බවය.අපගේ සෑම් ක්‍රියාවකම ඇත්තේ එම පරිබෝජනවාදි සංකල්පම පමණි.

පුංවිඅම්මාගේ මගුල් පෝරුව හැදුවේ අපිය. රෑ නිදිමාරගෙන පොල්කොල, තල් කොල, කිතුල් රෑන් ආදි නා නා ස්වභාවික දේ යොදා ශ්‍රමය හා හැකියාව පමණක් යොදා මනරම් පෝරුව සැදීම අදටත් මතකය. එදා රෑ අපි කල කී දෑ තවමත් අපිට මතකය. නමුත් අද පරපුරට එවැනි සංස්කෘතියක් නැත. දැන් පෝරුද “සේල්” දමා ඇත. සංස්කෘතිය ගැන හාංකවිසියක් දන්නේ නැති අලුගුත්තේරු තරුණ පරපුරක් අද බිහිවී ඇත.

එදා මානාලිය කැන්දා ගෙන නිවාසයට ආවාට අද ඇත්තේ “හෝම් කමිං” ය. පෝරුවට නැගීමට ප්‍රථම වෙඩින් රූපය මල්වඩමක් සේ පෝරුව ලඟ තබා තිබෙනු මා දැක ඇත. මගුල් දා පලමු වරට යමෙකු මනාලිය දුටුවා නම්, වෙඩිමෙන් පසු ඔහුට හෝ ඇයට කිසිම අයුරකින් මානාලිය හදුනා ගැනීමට හැකි නොවේ. මූණේ ඒ තරමට හුණු උලා මනාලිය එම්බාම් කර ඇත. පිපාසයට අද දෙන්නේ සිනි වලින් සංතෘප්ත වු “ජූස්” එකක්ය. දවල් බත් එකේ “ඩෙවල්” කරන ලද කොස් ඇත. කිරි කොස් නැත. උදෑසන මුල් ඇදුවෙන් සිටි මනාලයා හවස තවත් මොකක්දෝ කුරුතාවක් පටලාගෙන ඇත. අවසානයේ යහලුවන්ගෙන් අම්බානක ගුටි කා කපල් එක හනිමූන් යති.

මෙවා සුන්දරයි යැයි කියන්නේ වෙඩින් දැක ඇති අය මිසක “මගුලක්” ඇහැටවත් දැක නැති උදවියයි.

ඉතිහාසය, සංකෘතිය, ජාතිය හා රට පිලිබද අපි මීටවඩා හැදෑරිය යුතු කාලය පැමිණ ඇත. “හාලාල්” වර්ජනය මෙන්ම “සිංහල” බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සියලූම නූතන සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගේ වගකීම මෙන්ම යුතුකමක්ද වෙයි.

මෙය වටහා මෙයින් අතික්‍රමනය කරන තෙක් අපට ආසියාවේ තබා මට්ටක්කුලියේවත් ආශ්චර්යයක් ද දැකිය හැකි නොවේ.

-උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු and tagged , , , . Bookmark the permalink.

විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. ගයාත් චමින්ද පවසයි:

    කටුක, නීරස යතාර්ථය ගැන හැමෝටම නැවත හිතන්න ඔබේ මේ ලිපිය පිටුවහලක් වේවා…! මේ සියල්ල අපි අද අති විඳින්නේ 77 පසු ආර්ථිකය විවුර්ත කිරීමේ අනිටු ප්‍රතිපලයි (නමුත් හේතුව 100% ම මෙය නොවේ). ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් බටහිරයන් අපිව ආක්‍රමණය කර හමාර බව අකමැත්තෙන් උනත් කිවයුතුය.

    කැමතියි

  2. හ්ම්… ඒ විදියට හදල හැමදේම… එයින් පිට කරන්න බැරිත් නෑ.. වෙඩිම ආයේ මඟුල කරන්න පුලුවනි…. මේ යන විදියට කරගන්න හැකිවේද මංදා…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )