Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය )

පෙර ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛණය සම්බන්ද ලිපියෙන් මා ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද, එහි භාවිතාව කුමක් සදහා ද ආදී කොට ගත් සරළ හැදින්වීමක් කරනු ලැබුවා. මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා අවශ්‍ය මෘදුකාංග හා අනෙකුත් සැකසීම් කර ගනිමින් ඔබගේ පරිඝණකය ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනයට සහය දක්වන අයුරුන් සකසා ගන්නා ආකාරය සාකච්ඡා කිරීමයි.

මාගේ පරිඝණකය වින්ඩොව්ස් 8 නැමති මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන බැවින් මගේ පැහැදිලි කිරීම් වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සදහා වෙයි. ඔබගේ වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය Windows xp හෝ ඉහල මාදිලියක් හෝ විය යුතුයි (, windows 7 , windows 8)

ලිනක්ස් (Ubuntu, Fedora, CentOS, Mandriva)පාරිසරිකයේ හෝ, අයිඕස් පාරිසරිකයන් භාවිතා කරන අය වෙත් නම් ඔවුනට මා පසුව සැකෙවින් විමසා සිටියොත් පමණක් ස්ථාපනය පිලිබද පැහැදිලි කිරීම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප දැන් පියවරින් පියවර ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය සකසා ගන්නා අන්දම සාකච්චා කරමු.

ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය පහත දේවල් වලින් සමන්විත වෙනවා. අප කරනුයේ එම දේවල් නිවැරදිව එකිනෙක හා ගලපා ගනිමින් ස්ථාපනය කිරීමයි.

ජාවා සංවර්ධක කට්ටලය  JDK (JAVA  Development KIT)
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

eclips (කේත් ලිවීමේ මෙවලම )
http://www.eclipse.org/downloads/

ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධක කට්ටලය ADT (Android Development KIT)
http://developer.android.com/tools/sdk/eclipse-adt.html

කලින් ලිපියේ මා සාකච්චා කල අයුරුන් මාගේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛන පාඩම් මාලාව සදහා මා යොදා ගනු ලබන්නේ ජාවා ක්‍රමලේඛණ භාෂාවයි. එම නිසා පලමුව ඔබ ඔබගේ පරිඝනකයේ නිවැරදිව ජාවා පාරිසරිකය සකසා ගතයුතුයි. මා මීට ඉහත ජාවා ක්‍රමලේඛණය පිලිබද ලිපි පෙලේදී ජාවා නිවැරදිව වින්ඩෝස් පාරිසරිකයේ සකසා ගන්නා අන්දම පැහැදිලි කරනු ලැබුවා.

පහත මම දක්වම මෙම ලින්ක් එකට ගොස් එම ලිපිය බලා ඔබට ජාවා ස්ථාපනය කර ගන්නා අයුරු ඉගෙන ගත හැක. මා වින්ඩෝස් එක්ස් පී සදහා ඉදිරිපත් කරන ලද ලිපියක් උනත්, අනෙකුත් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහාද එම ක්‍රමයම අනුගමනය කල හැකි වෙයි.

JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

දැනට භාවිතා වන්නේ ජාවා 1.7 සංස්කරනය වන අතර මා දක්වා ඇත්තේ ජාවා 1.6 සංස්කරණය ස්ථාපනය කරන ආකාරයයි. නමුත් එහිද කිසිදු වෙනසක් ඇත්තේ නැ. ඔබගේ පරිඝනකයේ දැනටමත් ජාවා පාරිසරිකය ඔබ සාදා තිබේ නම් ඔබට ඉහත ක්‍රියාව අත් හල හැකිවෙයි.

නිවැරදිව ජාවා පාරිසරිකය සැකසීමෙන් පසු ඔබ කලයුත්තේ ඇන්ඩ්‍රොයිඩ් පාරිසරිකය හා ක්‍රමලේඛණ මෙවලම් සකසා ගැනීමයි.

මෙහිදි අප කියන eclips එක IDE (Integrated Development Environment ) යොදා ගැනීම කර ගනු ලබනවා. එය විවෘත කේත (Open Source) වන අතර නොමිලේ ලබා ගත හැකි කකි.

පසුව ADT නමින් ඉහත හැදින්වු ඇන්ඩ්‍රොයිඩ සංවර්ධක කට්ටලය සැකසීම කලයුතුයි.

නමුත් යම් අයෙකුට වෙන වෙන ආකාරයෙන් ස්ථාපනය කිරීමට අවශ්‍ය නම් කල යුතුවන්නේ පලමුව eclips ද දෙවනුව ADT කට්ටලයද බාගත කර ගෙන (ඉහත ලබා දුන් ලින්ක් භාවිතා කරන්න )  eclips සදහා ප්ලගිනයක් (plugin) ස්ථාපනය කරන ආකාරයට ADT කට්ටලය eclips වලට ඈදීමයි.

1 Open eclips
2 Help > Install New Software
3 Work with => Add
4 Name (i.e. ADT)
5 Archive (Click)
6 බාගත කර ගත් ADT ගොනුවේ මාර්ගය ලබා දී OK ලෙස ලබා දෙන්න. පසුව එය ස්ථාප්නය වන අතර සියල්ල අවසානයේ eclips ප්‍රතිපණ ගන්වන්න.

පහත රූපය තුලින් ඔබට මෙය තවත් පැහැදිලි වනු ඇත.

1

මෙම ක්‍රමය ටිකක් කරදර කාරි බැවින් ආධුනිකයන්ට පහත ක්‍රමය ඉතා පහසු යැයි මා සිතමි.

පලමුව පහත ලින්ක් එකට ගොස්  download the Android SDK කියන ස්ථානයෙන් Android SDK කට්ටලය බාගත කර ගතයුතුයි.

http://developer.android.com/tools/index.html

2

පසුව ලැබෙන ගොනුව විහිදුවා ගන්න. (UnZIP).එහිදි ඔබට පහ ආකාරයට ගොනු හා ඩිරෙක්ටරි ලැබෙනු ඇත.

3

පසුව eclips යන ඩිරෙක්ටරිය තුලට ගොස් එහි ඇති eclips.exe ගොනුව මත දෙවරක් ක්ලික් කොට eclips ධාවනය කරන්න.

ලැබෙන වින්ඩොව සදහා OK විධානය ලබා දෙන්න.

සියල්ල නිවැරදිව සිදුවුනි නම් ඔබ ඇණ්ඩ්‍රෝයිඩ් පාරිසරිකය සකසා අවසන්. ඔබට පහත වින්ඩොව්ව ලැබිය යුතුයි. මීලඟ පාඩමින් අප කේතනය අරඹමු.

4

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in Android ක්‍රමලේඛණය and tagged , , , , . Bookmark the permalink.

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය ) සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. charith pramodya පවසයි:

    meka mata godak wadagath ayye

    Thank you so much

    කැමතියි

  2. මුරුංග ඇත්තේ තබා බටර් ගෑමක් නොව …! ඔබව අගය කිරීමකි …!

    කදිම සරල පැහැදිලි කිරීමේ විලාසයක් …..ඉදිරියටම යන්න …! ඔයාල වගේ අය තම යි රටට අවශ්‍ය …තමන් දානං දේ තවත් කෙනකුට දෙන්න හැමෝටම බැහැ මල්ලි ..! තව කෙනකු දන්ගන්න්වට බොහෝ දෙනක් කැමති නැහැ ..! නමුත් ඔබ වැනි තරුණයෙකු තමන් උගත් දේ ගුරු මුෂ්ටියකින් තොරව සැමටම නොමිලයේ ලබාදෙම්ම සැවොම අගය කල යුතු යි ….! කටින් බතල හිටවන කලෙක , ඔබ වැනි මල්ලියෙක් සැමට ආදර්ශයක් …!

    කැමතියි

  3. Udith Ishara (@udithishara) පවසයි:

    හොද වැඩක් මචං
    ගොඩක් අයට වැදගත් වෙයි
    Keep it up

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )