තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!

ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි වී ඇති බව ඇගේ වචනවල බරෙන් මා වටහා ගතිමි. ඉන් ඉල්ලිප්පුනු මගේ හිත ඇදිලා ගියේ බක්මී ගහේ කොල අතරෙ තිබ්බ දිලිසෙන වතුර බිංදු දිහාවට. උඩතත්ටුවේ මගේ පරිඝණකය තබා ඇති මුල්ලට සමාන්තරව ඇති සුවිසල් බක්මී ගහ දෙස මා බොහෝ වෙලා බලා සිට ඇති මුත් අද මට යම් විශේෂත්වයක් දැනෙමින් ඇත. මීට හෝරාවකට විතර පොරොත්තුව වැටිච්ච බොල් වැස්සේ අවශේෂ පිරිච්ච බල්මී කොල පාරේ විදී ලාම්පු එළියෙන් දිළිසෙමින් ඇත. මට මතක් වූයේ මා කුඩා කල ගමේදි පිණි වැටිච්ච ගොයමට හඳ එළිය වැටි දිලිසුන අයුරු අප්පච්චි සමග බලා සිටි අයුරුය. අඩවන් දෑසින් අතීතාවර්ජනයක යෙදුන මා ලියන්න පටන් ගතිමි. මා ලියනවා යැයි සිතු තිෂාරාද මගේ කාර්යය කිරීමට දී පසෙකට විය.

මා තුල යමක් තෙරපෙනු මා දුටිමි. බක්මී කොල දෙස බැලු විට එය වඩා තීව්‍ර වන බවක් මා දුටු අතර, මගේ මනස කුතුහලයට පත් කල දේ මට පසක් විය. ඒ ඇගේ නෙත්ය. ඈ දෙස යලි වරක් නොබලාම පහත් කර ගත් හිසින් යුතුව මා ඇය ගැන ලිවීමට පටන් ගතිමි.

ටී. එම්. ජයරත්න මහතා ගයන ඉතා මනරම් ගීයක පද කීපයක් මා පහු ගිය දවස් කීපයේ මුමුණ මුමුණා සිටියෙමි. ඇය සිනාසුනා පමණක් වී නමුත්, ඇගේ රිදී පාට ඇස් තුලින් මා දුටුවේ අපරිමාන ස්නේහයත් , කරුණාබරිත ආදරයේ අනලස් සුවයත් බව මට වැටහිනි.තිෂාරාට ගී ගැයිමට උපතින්ම ආ හැකියාවක් ඇත. එය ඇගේ මවගෙන් ලැබූවකි. ඇයද ගී කීමට දක්ශය. වරක් දෙවරක් මා ඇගෙන් (තිෂාරගේ මවගෙන් ) බලන්ම ඉමාන්ගේ “සුවඳ මල් රේණු පිස එන” ගීය ගයවා ගත් හැටි මතකය. ඒ අතින් ගත් කල මා හට ගී ගැයිමේ පොඩි හෝ හැකියාවක් හෝ නැත. නමුත් මා තිෂාරා සමග සිටින විට ඇයට පමනක් ඇසෙන දේ ගී කොටස් මිමිනීමට හුරු වී ඇත. ඇය එය අසා ඉන්නේ මහා සතුටකින් බව මා වටහාගෙන බොහෝ කල්ය.

මා බොහෝ දේ ගැන ලියා ඇත. නමුත් මා ඇය ගැන ලියූ තරම මදි බව මට හැගී යමින් ඇත. ප්‍රේමයෙන් අබිස් ලද අයට වඩා, විරව තුරුලුකර ගත් සිත් තුල කවීත්වයක් ඇතැයි වරෙක අයෙක් මා හා පැවසීය. මා එදින ද ඔහු සමග එකඟ වූයේ නැත. විරහව සේම ප්‍රේමයෙන්ද මුසපත් වු කල කවීතය පමණක් නොව සකල කලාවටම අධිපති දෙවියන්ගෙන් වරම් ලැබෙන බව මා දනිමි. ප්‍රේමවන්තයෝ වේවා ආදරවන්තයෝ හෝ වෙවා, එයට වයසක් , භේදයක් ඇතැයි මා නොසිතමි. බොහෝ අය ප්‍රේම කර හෝ ආදරය කර හෝ විවාහ වෙති. පූර්ව විවාහ සමයේ පෙම් බස්, ආලවන්තකම් අතිරික්තයක් දරමින් ඇති ඔවුන් විවාහයේ පශ්චාත් සමය පටලවා ගෙන ඇති බව මා දකිමි. තමාගේ බිරිද හෝ තමාගේ ස්වාමිපුරුෂයා හෝ ප්‍රේමවන්තියක, ප්‍රේමවන්තයකු, ලෙස දැකීමට ඔවුන් පෙලබෙන්නේ නැත. ඉන් පසු බොහෝ තැන්හි හෙතෙම කාලාවට සමීප වන්නේම නැත.

මා කුඩා කල සිට ලියු සියලුම කවි, සිංදු, ලිපි, චිත්‍ර, ආදි සියලුම දෑ තිෂාරා සංරක්ශණය කර ඇත. නමුත් ඒවා තුලද ඇයට වෙනුවෙන් වෙන් කරන ලද ඉඩ අල්ප බව මා දනිමි. ඇයට දේශපාලනය වැඩක් නැත. එසේම ඇයට ආර්ථිකය හෝ නිවුටන්ගේ නියම වැඩක් නැත. අයින්ස්ටයිගේ සුශමාදර්ශය,හිග්ස් බෝසෝන් තුලින් බිද වැටුනාට ඇය පුදුම වන්නේ නැත. මාක්ස්වාදය, දයලෙක්තිය ගැන ඇයට ආසවක්ද නැත.නමුත් මා ඒවා කියවාගෙන යන විට ඇය අහක බලන්නේද නැත. මටම ඇති වී නවතන තෙක් ඇය බාධා කරන්නේද නැත. එසේම මා කියන ඇතැම් දෑ සටහන් කර තැබීමටද ඇයට අමතක වන්නේ නැත. මෙවැනි ගුණයෙන් හෙබි තිෂාරා ගැන ලිවීමට මා කොතැනින් ඇරැඹිය යුතුද යන්න මට තෙරෙන්නේද නැත.

ප්‍රේම කිරිමට අවස්ථාවක් ලැබෙනුයේ බොහෝ කලාතුරකින්ය. බොහෝ දෙනාට ආදරය කිරීම බොහෝ විට අවස්ථාව ලැබෙන මුත් එලෙසින් ප්‍රේමය ලැබෙන්නේ නැත. නමුත් මා හට ඒ උදාරතර ප්‍රේමය ලැබී ඇත. පැණිවළලු කන විට පමණක් නොව ඇයගේ නෙත් සැම විටම මා ඉන්නා විටද දීප්තිමත් වීමෙන් මා එය වටහාගෙන ඇත.පැණි වළලු තිෂාරාගේ ප්‍රියතම කෑමය. අපේ අම්මා එය දන්නා නිසා ඇ‍යට පැණි වළලු පාර්සලයක් වරදින්නේද නැත.

ඈ ගැන ලිවීමට ඇති දෑ බොහෝය. එය කවියක්ද , කතාවක්ද, සිතුවමක්ද , කියා මා දන්නේ නැත. නමුත් මා තවමත් ඇය ගැන මට සෑහීය හැකි නිමැයුමක් ගොතා නැත. මා ඇයට ලියන කවි දැක අය හොරෙන් හඬනු මා දැක ඇත. ඒ ඇයගේ සතුට දෝරේ ගලායෑමක් බා මා දනිමි. ඇයට රිසි සේ ඇඬීමට දී මා කරබාගෙන සිටිමි. ඉන් පසුව බොහෝ වේලාවක් මා සමග සිටීම ඇගේ පුරුද්දය. මේ සටන ද ඇගේ නෙතු ගැටුන් පසු ඉනික්බිති අවසානය එයම වන බව මා දනිමි. ඒ ඇය මා කෙරේ වන අසීමිත ආදරයේ සහේතුක සාරාංශයයි…!!!

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක් උහුලනා…
මැණියන්වී සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා…
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා සොඳුරියෙ
නුඹයි ඒ අම්මා..!!!

මේ ගීය මා මුමුණන සෑම විටකම පාහේ ඇගේ නෙත්දෙක කඳුලුවලින් පිරි යනු මා දැක ඇත. මේ සටහන සමග ඇය තවත් අඬනු ඇත. ඒ ඇගේත් මගේත් ඒ සා විසල් ප්‍රේමයේ නිර්ලෝභි හැගීම් වලන් ලත් ශෝබන ආතතයේ මුතු කැටයි.

– උමන්දා ජයෝබණ්ඩාර

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

One Response to තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!

  1. Akhila Jaylath පවසයි:

    දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්නුඹයි ඒ අම්මා
    සොඳුරියෙ
    නුඹයි ඒ අම්මා..!!!……………

    සුන්දරබිරිඳක් හිමිකරගැනීමට වාසනාව ලද්දෝ වෙත් ද., ඔවුන්‍ මිහිපිට ජීවත්වන්නා වූ ලෙෘඛික වාසනාවන්තයෝ වන්නෝය.

    ** වෙදනාව තනිව විඳඳරා ලොවට, මතුපරපුරක් රැකදෙන්නී
    සුන්දරබිරිඳක්ම පමනි. **

    ** වරදක් වූ විට අම්මා පෙරටුව අවලාද ලැබුවත්., තම සැමියාගේ, නම මුසුව ප්‍රශංසා ලැබෙන විට දී නිහඬව නිහතමානීව ලොවට හොරෙන් හිනැහෙන්නී,
    සුන්දරබිරිඳක්ම පමනී. **

    එවන් වූ සුන්දර බිරිඳක් ලදදෝ.,

    **දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්නුඹයි ඒ අම්මා

    සොඳුරියෙ

    නුඹයි ඒ අම්මා..!!! ** — යැයි ලොවට හඬ ගා දෝංකාර නැංවීමට භාග්‍යවන්‍තයෝ වන්නෝම වේ. ——— 2012.10.16.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )