ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය

ඩයලොග් 4G ගැන කියා කොළඹ අවට ටෙස්ටින් කරනවා යැයි කියනු ඇසිනි. මොබිටෙල් රට වටා 4G කුළුණු දහසකට වඩා තැනීමට කොන්ත්‍රරාත් දී ඇත. ඔවුන් පවසන්නේ දකුණු ආසියාවේ 4G ඇති එකම රට ලංකාව බවය. එය ආයිස්චර්යයේ ලකුණක් විය හැකි බව ගං ගොඩේ සොපි නෝනා හා බබන් ගොයියා සිතනවා විය හැක.

ලංකාවේ ADSL හා 3G කියා දෙයක් ඇත. එය වලට Dial-Up ක්‍රමයට වඩා මදක් මන්දගාමීය. ඒ අතර දිවියලෝකයේ සැප ගැන මතක් කරමින් ප්‍රකාශ විද්‍යුත් රැහැන් (Fiber Optic ) මගින් අන්තර්ජාල සම්බන්දතාවය දෙන බවට හද කිලිපොලා යන ආරංචියකද ලැබී ඇත.

Dial Up, ADSL, 3G, 4G, යනු අන්තර්ජාල සම්බන්ධතා සේවාවන් සැපයෙන තාක්ශණික ක්‍රමවේද කීපයකි.

ලංකාව තුල දෛණික විදුලි පරිභෝජනය, දෛණික බොරතෙල් පරිබෝජනය සේම දෛණික අන්තර්ජාල පරිබෝජනයක්ද ඇත. දෙදහ දශකයේ සිට ක්‍රමිකව දියුණු උනු ලංකාවේ තොරතුරු තාක්ශයන දශකයක ඇවෑමෙන් ලෝකයේ ඉතා ඉහළ තතවයකට පැමිණ ඇත. ලංකාව යනු අද ලෝකයේ තෝරතුරු තාක්ශනය සීඝ්‍රයෙන් දියුණුවන රටක් බවට පත්වී ඇත. එය ඉතාම සාධණීය ලක්ෂණයකි.

ලංකාවේ අතිබහුතරයක් අන්තර්ජාලය පරිශීලනය කරන්නන් ෆෙස්බූක් සමාජජාලය තුල වැඩි කාලයක් කාදමනු ලබයි. අද ඇතැම් තොරතුරු තාක්ශනය ඉගැන්වෙන ආයාතනවල අන්තර්ජාලය හදුන්වා දීමට ඔවුන් භාවිතා කරන්නේද ෆේස්බූක් වීම නම්, තොරතුරු තාක්ශණික වෘතිකයන් හැටියට අපට ඇත්තේ විශාල කනගාටුවක්.

කෙසේ නමුත් සෑම අවශ්‍යතාවයකට වගේම අන්තර්ජාල සම්බන්ධතා වෙනුවෙන්ද “ඉල්ලුමට සැපයුම” සමතුලිතව ලංකාවේ ලැබෙන්නේ නැත. සෑම දෙයක්ම සිමා සහිතව ලැබෙනු ලැබයි.

මෙය වඩාත් බලපාන්නේ, සාමාන්‍ය අන්තර්ජාල පරිශිලයන්ට නොවෙන, අතර විශේෂයෙන් සර්වර සදහා වැඩසටහන් ලියනු ලබන ආයතන හා එම ඉංජිනේරුවන් බොහෝ විට මෙම ඛේදවාචකයට ලක්වී ඇත. බොහෝ අවස්ථාවල ඇතිවන අධිකතර “ජාල තදබදය (Network Traffic )” නිසා අතිවන සංකූලතා බොහෝ වෙයි. එය ඇතැම් විට ආර්ථික අතිමහත බලපෑම් කිරීමට සම්ත්ය.

තවද නව තාක්ශණික අංගෝපාංග සහිතව ලියනු ලබන ඇතැම් අන්තර්ජාල මෘදුකාංග සදහා වැඩි වේගයකින් යුතු ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙයි. ඒවා අඩු ජාල සම්බන්ධතාවයක් තුල ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු වන අතර ඇතැම් යෙදවුම් ක්‍රියාත්මක කරවීමටම බැරි අවස්ථා ඇත.

ලංකවේ බාගත වේගයට (Download Speed ) වඩා ඉතා අඩු මට්ටමක උපයත වේගය (Upload Speed ) ඇත.

ලංකාවේ අප බොහෝ විට සියළුම සර්වර විදේශයන්වලින් මිලදී ගෙන ඇත. ඒ සදහා වසරකට ලංකාවේ ඩෝලර් මිලියන ගණන්ක් ගෙවනු ඇතැයි මම සිතමි. හොද තත්වයේ කාර්යශම සර්වර ඉතා ඉහල මිලක් ඇති අතර බාල සර්වරද අපට දැනෙන ප්‍රමාන‍යට මිල අධිකය. විශේෂම කාරනය අප ඒවා සදහා ගෙවීම් කරන්නේ “ඩොලර්” හරහා බැවින් තත්වය තවත් බරපතලය. මක්නිසාද යත්, ඉන් වැයවන්නේ රටේ ඩෝලර් සංචිතයයි.

ලංකාවේ ජාල ඉංජිනේරු විද්‍යාවට වඩා මෘදුකාංග ඉංජිනෙරු විද්‍යාව ඉහල තැනක ඇති බවට මගේ පුද්ගලික විශ්වාසය වෙයි. අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් හදනු ලබන මෘදුකාංග ඉතා ඉහල තත්වයේ ඇත. ඒ අනුව ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන්ට වෙළදපලේ හොද වටිනාකමක් ඇත.

අද ලංකාවේ සීග්‍රයෙන් දියුනුවන විදේශ මුදල් රටට එන ක්‍රමවෙදයක් ලෙස මෘදුකාංග වෙළදාම හැදින්විය හැක. ලංකාවේ “දෘඩාංග ඉංජිනේරු” විද්‍යාව භාවිත වෙන්නේ නැත. ඒ සදහා අවශ්‍ය විද්‍යාගාර අප රට තුල ඇති වීමට තව ඉතාවිශාල කාලයක් බලා සිටිය යුතුව ඇත. නමුත් පල්ලේකැලේ රැම් පත් සාදන කම්හලක් ඇත. නමුත් එහි කිසිදු පර්යේශයක් වන්නේ නැත.

දැන් ලෝය යොමු වී ඇත්තේ “නෙට්වර්ක් කම්පියුටින්” නොහොත් ජාලගත පරිඝක යන සංකල්පයටය. ඒ අනුව ඩෙස්ක්ටොප් පරිඝණක භාවිතය මතුවට අඩුවනු ඇත. නමුත් ජාලගත පරිඝණක සදහා ඉතා හොද තත්වයේ සන්නිවේදන ක්‍රමවේද තිබිය යුතුය. නැතහොත් එය හරි හැටි භාවිත කල නොහැක. ලංකාවේ තොරතුරු තාක්ශණික ආයතනයක් ඇත. එයින් කුමක්වන්නේද කියා අපවත් දන්නේ නැත. සෑම රාජ්‍ය ආයතනයකටම වෙබ් අඩවි සෑදුවා කියා ලංකාව “අයි.ටි” වෙන්නේ නැත. ඒ සදහා ක්‍රමවත් දැනුම් බෙදා දීමේ වැඩපිලිවෙලක් අවැසිය.

ලංකාව කෘෂිකාර්මික රටකි. රතක් දියුනු කිරීමට නිෂ්පාදන ක්‍රියාවලිය නැංවිය යුතුය. නමුත් ලංකාව යන්නේ අනෙක් පසටය. පරිබෝජනවාදි වී නිශ්පාදනය නවතා ඇත. එයට ප්‍රධාන ලෙසම ආන්ඩුව වග කිවයුතු යැයි මා කියන්නේ රටකරවන්නේ ඔවු නිසාය. ඔවුන් පමණක් ගොඩ ‍යෑම හොද නෑය. අඩුම තරමේ ඔවුනට ඡ්න්දය දුන් කීප දෙනෙක් වත් ගොඩයා යුතුය. කෙසේ නමුත් අද ලංකාවේ තැනක් ඇත්තේ ඩොක්ටර්ස්ලාට්, ටීචර්ස්ලාට හා ලෝයර්ස්ලා වැනි වෘතිකයන්ටය. ඉංජිනේරුවන්ට තැනක් නැත්තේද නැත. ඇත්තේද නැත. ලංකාවේ විශිෂ්ටතම ඉංජිනේරුවා වන ගොවියාට තැනක් තියා ඉන්ඩ පැලක්වත් නැත.ඔහු පිටරට ගොස් “ගුවන්යානා ඇංජින්” නොගෙනා අතර වී බත් කර අපිට කැමට දෙන එක කරන ලදි.

කෙසේ හෝ අප රතක් ලෙස මේ තත්වය තේරුම ගත යුතුව ඇත. ඒ අනුව ලොයර්ස්ලාගෙන් පාර්ලිමෙන්තුව පිරවීම මදකට නතර කොට අනෙකුන් වෘතිකයන්ද පාර්ලිමෙන්තු ගොස් නිසි අවබෝධයක් ඇති අයට අදාල විශය පථයට ගැලපෙන අමාත්‍යංශය ලබා දීම කල යුතුය. කලා අයෙක් ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍යංශය හෝ, වෛද්‍යවරයෙක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය හෝ ඉංජිනේරුවෙක් මුදල් අමාත්‍යංශය හෝ ලබා ගැනීම මහා අලකංචියකි.මේ තත්වය ආන්ඩුව වටහාගෙන අනාගත අර්බුද කවරේදැයි සොයා බලා වඩා යහපත් ක්‍රමවෙද ඔස්සේ රට කරවන්නේ නම් රටේ ආශ්චර්ය ඇතිවීම පහසුය්ව. එවිට ආසියාවේ නොව තුන් ලෝකෙම ආස්චර්ය ලංකාව යැයි කියා ලෝකි බෝඩ් ගැසුවාට කම් නැත.

-උමන්දා ජයෝබණ්ඩාර

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

2 Responses to ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය

  1. Pravin Indranama පවසයි:

    දුරකථන සමාගම් තමන්ගේ infrastructures දියුණු නොකර තව තවත් අන්තර්ජාල සම්බන්ධතා විකුණන්නට යාමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ අන්තර්ජාල සම්බන්ධතාවල ගුණාත්මක බව පිරිහෙන්නේ. මිලියන 5කට අන්තර්ජාල සම්බන්ධතාවය දුන්නා ආදී වශයෙන් සංඛ්‍යාත්මකව පාරම් බානවා මිසක් අන්තර්ජාල සම්බන්ධතාවය මෙන්න මේ මේ ආකාරයට ගුණාත්මකව දුන්නා කියලා පාරම් බාන්නට අවශ්‍යතාවයක් නැහැ දුරකථන සමාගම් වලට.

    අනිත් අතට පරිශිලකයන්ගේ attitudes මීට වඩා වෙනස් විය යුතුයි. අපේ රටේ අතිමහත් අන්තර්ජාල පරිශීලකයන්ට අන්තර්ජාලය = ඩවුන්ලෝඩ්. ඒ වගේ තත්වයක් තුල එය පාලනය කිරීමත් සිදුවිය යුතුයි. නැත්නම් ඔබ කිව්වා වගේ අත්‍යාවශ්‍ය සේවා කාරණා සඳහා අන්තර්ජාලය භාවිතා කරන අයට සිදුවන්නේ අසාධාරණයක්.

    SLT ආයතනය තමන්ගේ unlimited කියලා විකුණපු සම්බන්ධතා වලට FUP එකක් හඳුන්වාදීම ගැන පුද්ගලිකව මම මනාපයි, මමත් unlimited පැකේජයක හිමිකරුවෙක් උනත්. එතැන වරද ඇත්තේ එය ප්‍රසිද්ධ නිවේදනයකින් තොරව හොර රහසේ කිරීමත්, blacklist වන පාරිභෝගිකයෙකුට නැවත whitelist වීමට ඇති ක්‍රමවේදය ගැටලු සහගත වීමත්. නමුත් SLT එකත් infrastructure දියුණු කිරීමෙන් තොරව තොග ගණනින් අන්තර්ජාල හා PeoTV සම්බන්ධතා විකුණනවා. වරද පටන් ගන්නේ එතැනිනුයි.

    කැමතියි

  2. දැන් ලෝය යොමු වී ඇත්තේ “නෙට්වර්ක් කම්පියුටින්” නොහොත් ජාලගත පරිඝක යන සංකල්පයටය. ඒ අනුව ඩෙස්ක්ටොප් පරිඝණක භාවිතය මතුවට අඩුවනු ඇත. නමුත් ජාලගත පරිඝණක සදහා ඉතා හොද තත්වයේ සන්නිවේදන ක්‍රමවේද තිබිය යුතුය. නැතහොත් එය හරි හැටි භාවිත කල නොහැක. ලංකාවේ තොරතුරු තාක්ශණික ආයතනයක් ඇත. එයින් කුමක්වන්නේද කියා අපවත් දන්නේ නැත. සෑම රාජ්‍ය ආයතනයකටම වෙබ් අඩවි සෑදුවා කියා ලංකාව “අයි.ටි” වෙන්නේ නැත. ඒ සදහා ක්‍රමවත් දැනුම් බෙදා දීමේ වැඩපිලිවෙලක් අවැසිය.

    අනිවාර්යයෙන්ම එකගයි

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )