කියවීම, කියවීමට දීම හා අපි

අදින් (සැප්: 30) සාහිත්‍යය මාසය නිමා වෙනවා. හැබැයි හෙට එන්නේ ලෝක ළමා දිනය. අවුරුද්දේ තුන්සිය හැටපහක් වෙච්ච දවස් වලින් එක එක දෙවල් වලට දාගත්තු දින අතර මෙකත් එක දිනයක් වෙලා. හැබැයි මේ දින රහ කර කර තලු මර මර උයාගෙන කන්නේ රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍ය ඇත්තෝ. ඒවට ඕන කරන තුන පහ අඩු වැඩිය, එක එක කිරි පිටි කොම්පැනියි, චොකලට් කොම්පැණි යි ටික හරි සාරෙටැ දෙනවා. අයෙ ඉතිං මොකෝ, ඒවාගේ සිරි විසිතුරු පාට පාට දාලා චොක්ලට් කදු අස්සෙන්, සරුසාර හරක් ගාල් අස්සෙන් පෙන්වන්න ඔය චැනල් ඇත්තෝ හරි රුසියෝ. වැඩි පුර පෙන්නන තරමට ලාභ වැඩියි. ඔය කතන්දර අස්සේ අදින් සාහිත්‍ය මාසේ ගෙවුනා වගේ හෙට ලෝක ළමා දිනයත් ගෙවිලා යයි.

ඔය අල්ල පනල්ලේ ගිය පොත් ප්‍රදර්ශනයෙන් “කියවන නුවණ” පොත් හලෙන් තිෂාරයි මායි ළමා පොත් හරි ගොඩාක් ගත්තා. ඊට කලින් මම තිෂාරාට පොරොන්දු උනා වතුරවිල ආරණ්‍යට අඩගහගෙන යතවත් කියලා. තිෂාරගේ උපන් දිනෙත් තිබ්බේ මේ මාසේ. උපන්දිනේටත් හිතට දැනෙන දෙයක් කරන්ද බැරි වුන හින්දා, අපි දෙන්නා කතා උනා වතුරුවිල පිරිවෙනේ ඉන්න පුංචිම පුංචි සාමණේර හාමුදුරුවන් ගොල්ලට එයාලට ගැලපෙන කියවන්ඩ පුලුවන් පොත් ටිකක් ගිහින් දෙන්ඩ.ඔහොම හිතලා අපි දෙන්නා පොත් ටිකක් සල්ලි දීලා ගත්තා.මම මාස් පඩි කාරයා තමයි. හැබයි බොහෝ වෙලාවට අතේ පිච්චියක් නෑ. එහෙම කියලා ඇරියේ නෑ. මම සෑහෙන තරමක් පොත් ගත්තා. තිෂාරත් පුලුවන් විදිහට පොත් ටිකක් කිහිලි ගහගෙන හිටියේ. ඊට පස්සේ ඕක ගැන මම උෂාන් මලයට කිවුවා. ඒකට උඩින්ම කැමති වෙච්ච උෂාන් මලයාත් පොත් කන්දක්ම ලෑස්ති කර ගත්තා. කොහොම හරි මම හිටියේ හර්ෂ අයියාවත් ඇදගෙන යන්ඩ. හැබැයි මනුස්සයා සෑහෙන්ඩ වැඩත් එක්ක හිර වෙලා හින්දා ගොයියට එන්ඩ බැරි උනා. හැබැයි අපිට යන්ද රෝද හතරක් හොයලා දුන්නේ සුටුස් ගාලා.කොහෙ ගියත් කාන්දම වගේ පස්සෙන් එන නෙරංජලි නොහෝත් නොරංජිට නොකීවා කියන්නේ පරම් පරාවටම දෙස් ඇහෙන සන්ගෙදියක් හින්දා එවුදෑත් ලෑස්ති කොර ගත්තා.. නෙරංජිත් පොත් කැටියක් බඩ බැදගත්තා. කොහොම හරි හතර දෙනාම අන්තිමේ පොත් සීයක් විතර ලෑස්ති කර ගත්තා.

හර්ෂ අයියා හොයලා දීපු දුවන තරමට ගෙවන වාහනේ හරියටම හත හමාරට රත්මලානත ආවා. ඒ වෙනකොටත් තාරක නොමැතිව ඒ වෙනුවට පොත් මිටියක් තුරුල් කරගෙන නෙරංජිත් ඇවිත් හිටියා. මගේ පොත් කන්ද මම උස්සන් ආපු වෙලාවේ මගේ කැමරා ආයිතම් උස්සන් ආවේ මගේ මල්ලි. තරින්ද ජයෝබණ්ඩාර. මේ පාර උසස් පෙළ කරලා අනාගය අනාත කර ගත් මුන්නැහේ කොළඹ මගේ ඇනෙක්සියට ආවේ ගිය සිකුරාදා. මේ ලියන වෙලාවේත් ගොරේ ඇද ඇද කනමදයා වගේ නිදා සිටිනා මගේ එකුස උපන් සහෝදරයාත් අපිත් එක්ක ගමන් යන්ඩ එකතු උනා. රත්මලානෙන් අපි පිටත් වෙලා කටුබැද්දේ හිටියේ උෂාන් ගොයියා එනකන්. ආපු ගමන් බනිස් ගෙඩියක් කෑ, කෑමට යහපත් අපේ උෂාන් ඊයේ කරන ලද වැඩ සටහනක හෑල්ලක් දෙසා බාපු හින්දා ඒකත් අහගෙන පානදුර පැත්තට සේන්දු උනා.පානදුරෙන් දක්ශින අධිවේගි මාර්ගයෙන් ගොස් කුරුදුගස් හැතැම්මෙන් හරවා ඇල්පිටිය හරහා වතුරවිලට යෑම මම පෙර සැලසුම් කරන ලද්දක්. ඒ හින්දා අපි අධි වේගී මාර්ගයට ඇතුල් උනා. ඒ අතර නෙරන්ජිගේත්, උෂාන්ගෙන් කැමරා චිටි චිටි ගගා පත්තු උනේ අධිවේගී මාර්ගයේ ආශ්චර්යටදෝ කියලා මට නිකමට හිතුනා.තිෂාරාගේ උදේ පාන් පාර්සලය හොද හැටි කෑ අප, බඩගින්නත් නිවාගෙන එකසිය විස්සට පාගා පැය බාගෙන් විතර ඇල්පිටියට ගියා.

නමය හමාරට විතර අපි ආරණ්‍යයට ගියා. වෙනදා වගේම අදත් බොහොම උජාරුවට කරුනාදාස මාමා අපිව පිලිගත්තා. අවුරුදු තිහක් ආර්ණ්‍ය බලාගෙන ඉන්න මේ අපූරු මිනිසාගේ සුහ්ද පිලිගැනීම ලත් අප, පසුව ගියේ රතවංශහාමුදුරුවෝ හම්බුවෙන්ඩ. ආගිය තොරතු කතා කරලා අහක් වෙච්ච අපි පොත් ටික පුස්ථකාලෙට බාර දුන්නා. පස්සේ අපි පිංඩපාතේ වැඩිය පොඩි හාමුදූරුවෝ ගොල්ල එනකන් හිටියේ තිෂාරා ප්‍රමුඛ නෙරංජි උෂාන්, ලා ගත් ටොෆි, චොකලට්, ජුජුබ්ස් කෑලි පොඩි හාමුදුරුවන්ට පූජා කරන්ඩය. කඩචෝරු කන්ඩ පොඩි උන් කැමතිය. මේ පුංචි හාමුදුරුවන් වහන්සේලා එසේ නොවන්නේ යැයි කිව හැක්කේ කාටද..? කවදත් පොඩි උන්ට කැමති තිෂාරාගේ මුහුණ අද නම් හර් හැඩය, මට තනිවම ඒ ගැන හිනාය. මල්ලි නම් සිටියේ මාතලේ විය යුතුමය. උෂාන්ට වගක් නැත. නෙරංජි උඩ පැන පැන ඇත. ඩයිවර් අයියාත් අපි ලගමය. මිනිහා හොදය. නිෂ්ශබ්දය. නමුත් වේගයෙන් වාහන එලවන්ඩ දස්සය.

ඒ වැඩෙත් ඉවර කරපු අපි ඊට පස්සේ රතවංශහාමුදුරුවන්ගේ ආරාධනයෙන් සර්වඥ්ඥ ධාතු මංදිරයට ගොස් එය වැද පුදා ගත් අතර, උවන්සේ ප්‍රමුඛ මගේ යාළු පොඩි හාමුදුරුවන් ගොල්ල පිරිත් කියා මටත්, තිෂාරාටත්, අනෙකුත් සගයන් තුන්දෙනාටත් සෙත් පතන ලදි. පිරිත් පැනෙන් හා පිරිත් හූයෙන් තවත් ආරක්ශා උනු අපි, තපෝවනයට යන්ඩ පිටත් උනත්, ඒ ගමන නැවතුනේ පොඩි ශ්‍රමදානයක් තිබ්බ හින්දා. අලුතෙන් හදන කුටියක වහලයේ තිබුන උළු වෙනත් තැනකට ගෙන යමින් තිබිනා. අපේ නඩයේ අයත් ඒ වැඩෙට හවුල් වෙලා, තපෝ වනයට ගියේ කූඩැල්ලන්ද ඇද ඇද. උෂාන් හා නෙරංජි කූඩැල්ලන්ට හරි බයය. තිෂාරා බය නැති අතර ඒ නිසා මාද බය නැතිය. කූඩැල්ලෝ නැගීම හරි කරදරයක්ය. නමුත් උන් අතට ගත් විට ඊට වඩා කරදරයක්ය. තිෂාරා නම් උන් අතට නොගනී. නමුත් මට එසේ බැරිය. උන් අතට ගැනිමේ මහා ආසාවක් මට ඇත. නමුත් උන් කන විට නම් තරහා යනවාය.

කිලෝමීටරයක් පමන වනයේ කරක් ගැ අපි නැවත අසපුවට ආවේ පිටත් වීම සදහාය. හාමුදුරුවන්ගේ අනුශාසනා, ආශිර්වාද ලැබගත් අපි, දිවා ආහාරයද ගෙන ආපු මගේම, පහ වන විට එන ලදි.අද දවස ගෙවී ගියේ එලෙසය. අප සාහිත්‍ය මාසයත්, ලෝක ලමා දිනයත් සැමරුවේ මේ ලෙසය. ඇතැම් උදවිය මහා පරිමානයෙන් සුවුසල් දේ කරනවාය. නමුත් සමාජයේ බොහෝම පුංචි මිනිස්සු වෙච්ච අපිට මේ කරපු දේ හරි සතුටුදායක දෙයක්ය.

අපි දීපු ජුජුබ්ස් වල මලුවත් මේ වෙන කොට නැතිව ඇති. පොඩි හමුදුරුවන් වහන්සේලා, ඒවා බොහෝම කැමැත්තෙන්, සතුටින් වළදන්න ඇති. හැමදාම කැවුම් කොකිස්, කෙහෙල් ගෙඩි අතුරු පසට වළදන උන්වහ්සේලා, ඒ වෙනුවට අපි පූජා කරපු ජුජුබ්ස් කැල්ලක් වලදන්ඩ ඇති. හෙට මේ පොඩි උන්නාන්සේලා පුස්ථකාලේටත් ඒවී. ඇවිත් හත්පණ කියවාවි. කිරි හාමිට හිනා වෙවි හීන්සැරය බලාවි. ඒ අතර තවත් අය ගැමුණු කුමාරයාගේ තේජස ගැන කියවාවි. ලොකු උන්නාන්සේලා අම්මා බලාවි, ගුරු ගීතය බලා දුශෙයින්ලාත්, ගුත්තිලාත් සසදාවි.

යම් දිනෙක මේ කුඩා මල් පොහොට්ටු, මේ මගේ රටත්, බුදු සසුනත්, සිංහල සහිත්‍ය කලාවත් රැකගානීවි. මේ පොඩි උන්නාන්සේලා අතරින් විදාගම හිමියන්, මහින්ද හිමියන්, වෑත්තෑවේ හිමියන්, වැනි මහා පුරුශයන් නොවනු ඇතැයි කාට කිව හැකිද..?
මෙවර මම සාහිත්‍ය මාසයත්, ලෝක ළමා දිනයත් පූර්ණව ගෙවා දැමුවාය කියන මාගේ හෘද සාක්ශිය උදම් අනනවාය. මට එය ඇත්තය. තිෂාරාට මල්ලිට, උෂාන්, නෙරන්ජිට, අර පුංචි හාමුදුරුවන්ට එය ඇත්තය. මට ඒ හොදටෝම ඇතිය.

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )