කොළඹ පොත් ප්‍රදර්ශනය හා මගේ පොත් ගැනිල්ල

සැප්තැම්බරය සාහිත්‍ය මාසයයි කියලා අපි නම්කරගෙන දැන් ගොඩක් කල් මයේ හිතේ. ඔය කාලේට පොත් ලියන ඇත්තෝ පොත් ලියලා, ලියලා, ලියලා පොත් ප්‍රකාශයන්ට දෙනනවා, ඔවුන් පොත් ප්‍රකාශයට පත් කරනවා. අපි ඒ පොත් අර ගන්නවා. සමහරු කියනවා. තවත් සමහරු පරිත්‍යාග කරනවා.ඔය අල්ල පනල්ලේ රට පුරාම පොත් හල්වලට ගජවාසි හින්දා වට්ටම්ද ලබා දීලා පොත් විකුණනවා. කොහොමින් කොහොම හරි අපේ රටේ ඇත්තෝ පොත් කියවන්ඩ හොදම මාසය සැප්තැම්බරය කියලා දැන් යෝජනා සම්මත ස්තීර කරගෙනම ඇත.

ඒ අතර කොළඹට එන අපේ පොත් ප්‍රකාශකයෝ ගොඩ දෙනෙක් එකතු වෙලා දැන් කාලෙක ඉදලා බී.එම්.අයි.සි.එච් එකේ පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. මයේ හිතේ පුරා සතියක් පමණ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අද සති අන්තයේ නිවාඩු දවස හින්දා, සති අන්තයේ තිෂාරාගේත් මගේත් සුපුරුදු රස්තියාදුව කොළඹ පොත් ප්‍රදර්ශනයේ කරන්ඩ හිතා ගෙන අද උදේ අටට විතර දෙන්නම පිටත් උනා ටොරින්ටන් පැත්තේ තියෙන බී.එම්.අයි.සි.එච් එක දිහාවට.ඔහෝම යනකොට බම්බලපිටියෙන් උෂාන් මලයත් මුලිච්චි උනා. තුන්දෙනාම ඊට පස්සේ කර ප්‍රදර්ශනයේ කරක් ගන්ඩ ගියපු එක.කොහොමින් හරි ඇවිදලා ඇවිදලා පහ විතර වෙනක් බී.එම්.අයි.සි.එච් එකේ හතර දිග්භාගයේ කරක් ගහලා මාත් පොත් ගත්තා. මේ තියෙන්නේ මම මෙවර සාහිත්‍ය මාසය අලලා ගත් පොත් ලැයිස්තුව.

1.මහරජ ගැමුණු – ජයන්ත චන්ද්‍රසිරි
2.පැණි වළලු – මහාචාර්ය ගංගානාත් දිසානායක
3.මාගම් සෝලි – සුමිත් නානායක්කාර
4.වසභ සංග්‍රාමය – ආර් ඇටඹගස්කඩ
5.ඩොයිලි දුටු උඩරට රාජ්‍යය – ජෝන් ඩොයිලි ( උපාලි රත්නායක )
6.සිංහල අක්ෂර විචාරය – මහාචාර්ය ජේ. බි. දිසානායක
7.ඓතිහාසික රාවන – ආචාර්ය සූරිය ගුණසේකර
8.සංවර්ධන මායාව – ආචාර්ය සූරිය ගුණසේකර
9.සිතිවිල්ලක් – උපාලි උභය සේකර
10.සොඳුරු සැරිසර ( හනමිචිය දිගේ ) – සමන් අතාවුද හෙට්ටි
11.මගේ ලෝකය (තෙවැනි සංස්කරනය ) – මහාචාර්ය නලින් ද සිල්වා
12.දෙමළ ජාතිවාදයට එරෙහිව – මහාචාර්ය නලින් ද සිල්වා
13.බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ – මහාචාර්ය නලින් ද සිල්වා
14.අපේ ගම – මාටින් වික්‍රමසිංහ
15.උපන්දා සිට (බාල විය, තරුණ විය, මැද විය ) – මාටින් වික්‍රමසිංහ
16.බව තරණය – මාටින් වික්‍රමසිංහ
17.මකුට මුනිධාරි අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය – ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් ( පී.බී මීගස්කුඹුර )
18.ශ්‍රි ලංකාවේ බෞද්ධ හින්දු සහජීවනය – එස්. විජේසූරිය
19.අදුරු ගිරිලෙන් සොඳුරු බිම් කල වළගම්බා මහ රජ – එස්. විජේසූරිය
20.ටිකිරිකුමාර රාජසිංහ – එස්.විජේසූරිය
21.හෙට ඉරක් පායයි – මහගම සේකර
22.බෝඩිම – මහගම සේකර
23.මහල්ලෙකුගේ ප්‍රේමකතාව – කේ. ජයතිලක
24.වන සටන – කේ.ජයතිලක
25.මායා මාළිගා – කේ. ජයතිලක
26.කපිතන්ගේ දියණියෝ – අලෙක්සන්දර් පුෂ්කින් ( දැදිගම.වි. රුද්‍රිගෝ )
27.වානේ පන්නරය ලැබු හැටි (පලමු කොටස ) – නිකලෝයි ඔස්ත්‍රොවෙස්කි ( දැදිගම.වි. රුද්‍රිගෝ )
28.වානේ පන්නරය ලැබු හැටි (දෙවන කොටස ) – නිකලෝයි ඔස්ත්‍රොවෙස්කි ( දැදිගම.වි. රුද්‍රිගෝ )
29.පිය සමර – කුමාරතුංග මුනිදාස
30.71 කැරැල්ල – වික්ටර් අයිවන්
31.ඩේව් දුටු ලංකාව – දොස්තර ජෝන් ඩේව් ( එච්. එම්. සෝමරත්න )
32.කවි කඳුර – සුනේත්‍රා රාජකරුණානායක
33.මගේ කුළුදුල් පෙම්වතිය – උපුල් ශාන්ත සන්නස්ගල
34වන සරණ – ආර්. එල්. ස්පිට්ල් (ඒ.පි. ගුණරත්න )
35.ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය – ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
36.වෙරෝණිකා මැරෙන්න තීරණය කරයි – පවුලෝ කෝයියෝ ( ගාමිණි වියන්ගොඩ )
37.ලක්දිව එක්සේසත් කිරීම – ශ්‍රිනාත් ගනේවත්ත
38.මිහිඳු සමිඳු වැඩම කිරීම – ශ්‍රිනාත් ගනේවත්ත
39.සිරිමා බෝ රැගෙන ඒම – ශ්‍රිනාත් ගනේවත්ත
40.මහා සෑය ගොඩ නැගීම – ශ්‍රිනාත් ගනේවත්ත
41.පණ්ඩුකාභය – ශ්‍රිනාත් ගනේවත්ත
42.ගැමුණු කුමරු – ශ්‍රිනාත් ගනේවත්ත
43.අපේ ගමේ පුංචි කඩේ – උපාලි උබයසේකර
44.මතකයෙන් ඈත් වුණු චරිත – හලලියේ කරුණාතිලක
45.පුංචි අපිත් බුදුන් වදින්නයි – මල්කාන්ති ගුණරත්න
46.අපේ තාත්තා සුදුම සුදුයි – මල්කාන්ති ගුණරත්න
47.විවිධ විද්‍යා ලිපි 60 ක් – ධනසිරි බෝධිනායක
48.ශක්තිමත් මිනිසා – කුමාරි ගුණරත්න
49.අපේ අන්දරේ – එස්. විජේසූරිය

ඔය ලැයිස්තුවේ ඇතැම් පොත් මම පුස්ථකාලවලින්, මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා කියවාත් තියෙන්වා. ඒත් මම මේ පොත් මිලදී ගනු ලැබුවේ, නැවත කියවවීම සදහාත්, මා දැන් ඉතා කුඩාවට පවත්වාගෙන යන මගේ බෝඩින් පුස්ථකාලය පුලුල් කිරීම සදහාත්ය. කෙසේ නමුත් මා හෙටද ප්‍රදර්ශනය පැත්තේ රවුමක් ගැසීමට සිතාගෙන සිටින අතර, තවමත් තිෂාරා කිසිවක් කියා නැති නිසා පනහට පනහා තබා ගෙන ඇත.

අද මට තවත් දෙයක් උනා. ඒ තමයි ප්‍රදර්ශනයේ ඇති එක්තරා පුවරුවක කවියක් ලිවීමට සිදුවීම. තිෂාරගේ පෙරැත්ත නිසා කොපි කොලයක් ගෙන ඇගේම පෑනෙන් මම මෙසේ ලීවෙමි.


– පොත් –
එති
බලති
සත නිසා
යති

මා මෙසේ කුඩා වචන කීපයක් අමුනා බිත්තියේ එල්ලා ආවෙමි. මම දුටු කාරනා කීපයක් ඇත. පලමු දේ නම් පොත් වල මිලයි. සැබවිම එය ඉහළය. නමුත් සියට විස්ස, තිහ, හතලිහ මෙන්ම පනහේද වට්ටම් ඇත.

එසේ නමුත් මිනිසුන්ගේ නම් අඩුවක් මා දුටුවේ නැත. හවස තරමක් අඩුය. න්මුත් උදෑසන නම් සූගාලාය. මට එසැනින් මතකයට ආවේ, මේ බහුතරය කොළඹ අවට නේද කියාය. අනුරාධපුර, මාතර, හලාවත, මඩකලපුව ආදියේ අපේ ඇත්තෝ කොහොම මේකට එන්ඩද..? අපේ පොත් ලියන ඇත්තෝ, විකුනන ඇත්තෝ මේ ගැන නොසිතාද. නොයෙසේනම් එවන් තැන් වලට සාහිත්‍ය මාසය අකැපද..? ප්‍රදර්ශණ අකැපද. එහෙමත් නැත්නම් මේ ප්‍රදර්ශනය පොත් විකුනා ගන්ඩ විතරක්ම කරන මගඩියක්ද..?

කොහොම උනත් අපේ මිනිස්සුන්ගේ කියැවීමට ඇති ලොල් කම මම අද ඇස් පනා පිට දැක්කා. සමහරු ලොකු ලොකු පොත් කඩවලට ගොස් ලස්ස පාට පාට පොත් බොහෝම ලෙන්ගතු කමෙන් අරගෙන පිට පස්සේ මිල සහිත ලේබලය බලා මැලවුනු මූණින් ආපසු තබනු මා බොහෝ සැරයක් දුටුවෙමි.

පොත් ප්‍රදර්ශකයන් අතරින් මා දුටු ප්‍රදර්ශකයා නම් එලියේ දූවිලි වැදි වැදි තිබු “විසිදුනු පොත්” නම් ප්‍රදර්ශකයායි.මා වැඩිම පොත් තොගය ගත්තේ උන්ගේ කඩෙන්ය. මා මේ දේ කිවුවේ, ඔවුන් සෑම මිලදී ගැනීමකටම ලබා දුන් බෑගයේ ඇති වටිනා කම නිසාය. අනෙක් අය තම්ගේ වෙලඳ නාමය විකුණන විට මොවුන් මහා වටිනා උවදෙසක් සමග බැගයක් ලබා දෙන ලදි. ( තවත් අය මෙය කලා විය හැක. මා දුටුවේ මෙවුන් පමණි. )

කුමරතුගු මුණිදැස් තුමාගේ පහත උවදෙස සහිත බැගය කීදෙක් දුටුවාද කියා මා දන්නේ නැත.

පොරණ පඬින් කල පත් පොත්
නුවණ ලැබෙයි කියවුව හොත්
නො දැනැ අකුරු කියැවුව හොත්
අකුරු තමා නුවණ දෙතොත්

උදය මැ නින්දෙන් නැඟෙන් නැ
පිරිසිදු වී තැනෙකැ ඉන්නැ
අකුරට බුහුමන් කර න්නැ
නුවණ වඩන දොර හරි නැ

කුමාරතුංග මුණිදාස

ලබන වරත් ප්‍රදර්ශණය තියෙනු ඇත. බොහෝ අය එයට පැමිනෙනුද ඇත. කියවන නුවණ වැඩි කරගත්තෝ දිවිය පොත් සමග දිනනු ඇත. පොත් මගේ නෙත් වගේ බැවින් මාද ලබන වසරේත් යනු ඇත.

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

කොළඹ පොත් ප්‍රදර්ශනය හා මගේ පොත් ගැනිල්ල සදහා ප්‍රතිචාර 6ක් දක්වා ඇත

  1. lakmini disanayake පවසයි:

    Natha dewiyo Gena thiyena potha ganna puluwan kohenda kiyala kiyanna puluwanda?? Plz..

    කැමතියි

  2. සමාධි පවසයි:

    ඔයාගෙ ලිස්ට් එකෙන් මම ගත්තෙ පැණි වළලු විතරය්. ඒකත් දොරට වැඩුම දවසේ. ප්‍රදර්ශනෙන් නම් තව ගත්ත පරිවර්තන සහ “තාත්තා” විජෙසුරිය සර් ගෙ.

    කැමතියි

  3. fdsnfk පවසයි:

    Ithin apata mokkakda kiyanne? gaththanam gaththa ewa kiyawan nathuwa.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )