පුරාවිද්‍යාව, රාවනා හා ඉර දරුවෝ

ඊයේ (සිකුරාදා ) දවසම පෙරුම් පුරාගෙන හිටියේ කොහොම හරි සූරිය සර්ගේ පොත එළිදැක්වීමට යන්ඩ. කොහොම හරි වැඩ ටික පෙරේදා වෙන කොට ඉවරකරපු හින්දා දෙක හමාරට පැන ගන්ඩ පිලුවන් උනා.

ලෝකයේ ලොකුම බෞද්ධ පොත් හල වෙච්ච සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ 3 න් වැනි තට්ටුවේ ඒ මම යනකොටත් බොහෝ දේ පිලියෙල කරලා තිබ්බා. ඒ වෙන කොටත් සතිස්චන්ද්‍ර මහත්තයා සභාව මෙහෙවවීමට යොදාගෙන තිබුනා. සාලිය අයියාගේ ඉලීමෙන් සූරිය සර්ගේ මේ උත්සවේ මටත් ෆෝටෝ ගන්ඩ කියලා කියපු හින්දා, මාත් මගේ කැනොන් කැමරාව එහෙම බෙල්ලේ එල්ලා ගෙන වටේ පිටේ රූප ගත්තා. ඒ වෙනකොට අපේ මැවිසුරු තුමන්, ගම්මන්පිල මහතා, කිරම හාමුදුරුවෝ, ආදී බෝහෝ අය පැමින සිටියා. අපේ මහදුරු මුදියන්සේ සර් පිටිම පස්සේ පුටුවකට වෙලා හිටියා. ඊට පස්සේ තමා අපේ රාජ් සෝමදේව සර් ආවේ. පස්සෙන් පහු කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත පිලිබද මහාචාර්ය අපේ හමුදුරුවෝ වැඩම කල අතර උන්වහන්සේ සමග මාදුලුවාවේ සෝබිත හමුදුරුවෝද වැඩම කලහ. වැඩ සටහන ආරම්භ කරමින් වෙලාවකට පසු චම්පික ඇමතිතුමාද ගුනදාස අමරසේකර මැතිතුමාද පැමිණියහ.

ආචාර්ය සූරිය ගුණසේකර තුමා පළමු දේශනය කරමින් මුලාසණාරූඩප්ප්‍රාප්ත අපේ හමුදුරුවන් ප්‍රමුක සම්භාව්‍ය ඇත්තන්ට පොත පුදා “ඓතිහාසික රාවන” පොත දොරට වඩමවන ලදි.

ඉන් පසුව වූයේ අලංකාර “තෙල්මේ” නැටුමකින් පසු, මම පුල පුල බලා සිටි දේශන දෙකය. පලමු දේශනය අපේ සංස්කෘත පිලිබද මහාචාර්ය හමුදුරුවන් කලහ. පසුව අපේ රාජ් සෝමදේව සර්ගේ කතාව පැවැතුනා. හමුදුරුවෝ, උන්වහන්සේ ඉන්දියාවේ ඉන්නා කාලයේදි ලැබූ අත්දැකීම් ගෙන හැර පාමින්, ඉන්දියාණුවන් “රාවනා” හරහා ලංකාවට ඇති ද්වේශය පෙන්වන ආකාරය කියන ලදි. දෙමළ ඩයස්පෝරාව “රාවනා” අනාගතයේදි භාවිතා කල හැකි බව පෙන්වා දුන් ආකාරය චම්පික මැතිතුමාද ඔලුවට ගත්තා යැයි සිතමි. උන්වහන්සේගේ දේශය අවසන් කලේ, අපගේ මේ “රාවන” කතාව අනාගතයේ මහා දේශපාලණික්, මෙන්න රාජතාන්ත්‍රතික ලෙසද දැවැන්ත අර්බුදයක් ඇති කරනවා යැයි, කියන රතු එළියද සමගයි.

ඊට පස්සේ තිබ්බේ අපේ රාජ්සෝම දේව සර්ගේ දේශනය. එතුමාදේ දේශනය අවසානයේ ශාලා ගැබේ අතිබහුතරය තුෂ්නිම්බූත වී සිටි බව මාද බලා සිටියේ ඉතා පුදුම සහගතව.

එතුමා රූපද එක්ක, සොයාගත “පුරා විද්‍යා සාධකද” පෙන්වමින් කල කතාව ලොමු ඩැහැ ගැන්වෙන සුලුය.

මැතක කරන ලද කැනීම් වලදි සොයා ගත් සොහොන්වල තිබු අඟුරු කාබන් කාල නිර්නයට ලක් කල විට ලැබුන කාලය අදහා ගන්ඩ බැරි එකක්. දෙවන පාරටත් කාල නිර්ණය කර එම ප්‍රථිපළය තහවුරු කරගෙන තියෙන්වා. එම සොහෝන මීට වසර හාරදාස් හාරසියකට (4400) පමණ ඈතකත දිවන යන බව විද්‍යාත්මකව සනාත උනා. අනින් ලොමු ඩැහැ ගැන්වෙන කාරනය නම් එම සොහොන් තුල “යකඩ” ආයුධ හා සකපුවරුවේ සෑදූ මැටි බදුන් හමුවීමයි.

ලෝකයේම මුලින්ම යකඩ භාවිතා කල බවට දැනට ලැබි ඇති පැරණිම දිනය වන්නේ මගේ මතකය හැටියට මින් වසර එකදාස් පන්සියක් හෝ දෙදහකට පෙර. නමුත් අපට ලැබී තියෙන්වා, මේ හෙළ බිමේ, ශ්‍රි ලංකාවේ මින් වසර 4000 කට එපිට අපේ ඇත්තෝ යකඩ භාවිතා කල බවට. මෙය මහා සොයා ගැනීමක්. අපි කියනුයේ අපට 2500 ක ඉතිහාසයක් ඇති බවයි. නමුත් මෙම සොයා ගැනීමෙන් අපේ ශිෂ්ඨාචාර ගත වීම වසර හාරදහසක පමන ඈතකට යනවා.

මේ සියලු කාරනා වලින් අපි වටහා ගත යුත්තේ කුමක්ද..?

මම මුලින්ම රාවනා ගැන අසා ගන්නේ අපේ අත්තාමාගෙන්. ඒ “පලයන් බස් එක පතහට” කියන තේරවිල්ල එක්ක. පලයන් නම් “පෝ” බස් එක නම් “රිය” පතහනම් “වල” පෝරිය වල “වාරියපොල” ලෙසට තමා ඔය තේරවිල්ල විසදන්නේ. “අත්තම්මා වාරියපොල කියන්නේ මොකක්ද..?” ඇට්ට මගේ හිතති ආපු ප්‍රශ්නය කටකමියාවක් නැති මගේ වක්කඩ කටෙන් වචන උනා. එදා අත්තම්මා මට රාවනා ගැනත්, ඔහු භාවිතා කලා යැයි කියන දඬු මොනරය ගැනත් මට කියා දුන්නා. පස්සෙන් පහු ඉස්කෝල්න්, උසස් අධ්‍යාපනයෙන්, සමාජ ඇසුරෙන්, පොත පත අනුසාරයෙන්, ජනශ්‍රැතිය මගින් මා “රාවනා” හා ඔහු ගේ පුරාවෘතය හදුනා ගන්නවා. තේරුම් ගන්ඩ උත්සාහ කරනවා හා විශ්වාස කරන්ඩ පටන් ගන්නවා.

රාවනා ගැන අද කියැවෙන, කතා මම විශ්වාස කල යුතුද..? එය ඇත්තද..? ඇත්තක් නම් එය සනාත කරනේ කෙසේද..? මෙලෙස මහා ගැටලු රාශියක් අදටත් ඔබ මට සැමට තියෙනවා.

ඒ අතර පෙලක් උදවිය මෙය රාවනාගේ කොඩියය, මේකය රාවනාගේ පුටුව, මේක රාවනාගේ දුවගේ පුතාගේ අම්මාගේ හවරියය. මෙන්න මෙතැනින් තමා රවනා පිටසක්වලට ගියේ කියලා, රාවනාව “හීරෝ” කෙනෙක් කර, රාවනා හා එම පුරාවෘතය, කිසිදු සතතව අධ්‍යනය කරන ලද, හෝ ක්‍රමවත් “ස්තායි” පදනමක් නොමැතිව “විකුණමින් ඇත. ඇතැම් විට ඒවායි “කමින්ද” සිටිනවා විය හැක. ඒ ගැන මම දන්නේ නැත.

ඒ අතර පිරිසක්, රාවන යනු බොරුවක්ය, රාවන කියා දෙයක් නැත. අහුබුදු කියන්නේ පිස්සෙක්. මේවා මෝඩ සිංහලයන්ගේ පොට්ට කතා. අලිම අලි පච කතා. ගොන් කතා, හරක් කතා, මේවා මිත්‍යා දෘෂ්ටි, මේවා කොහොමද නූතන විද්‍යාවට ( මට අනුව නූතන බටහිර විද්‍යාව විය යුතුයි ) ‘මැච්’ වෙන්නේ, ආදි නා නා විධ දේ මගින් මෙම “රාවන” මාතෘකාව නීච ලෙස, දීන ලෙස හෙලා දකිනවා, පහර ගහනවා. බැහැර කරනවා.

ඒ අතර උතුරු ඉන්දියාවේ, “දසරත්” නැමති උත්සවය පවත්වමින් රාවණා ගිණි තබමින්, රාවනාට බනිමින්, පරිභව කරමින්, “රාවනා” ප්‍රමුඛ ඔහු නියෝජනය කරන “ශ්‍රි ලංකාව” නැමති රට වෙත හින්දු වෛරය ඊනීයා ලෙස ප්‍රධර්ශනය කරනවා.

දකුණු ඉන්දියාව, දෙමළ ඩයස්පෝරාවද සමග එකතු වී, රාවණා යනු දෙමළ රජෙක්ය, ඔහුගේ බිම දෙමළ අයගේ නිජබිමය, සිංහලයාද පැවතෙන්නේ දෙමළුන්ගෙන් යන අදහස එලි කිරීමට මාන බලමින් සිටිනවා.

මගේ කියන දේ, ලොව වටිනාම දේ වෙනවා නම් මම කැමතිය. ඒ වගේම රාවණා යනු සක්විති මහා රජෙක්ය. එතුමාගේ අප පැවත එනවාය කියන්ඩ මාද කැමතිය. නමුත් අප එය සනාත කර ගතයුතුව ඇත.

අපට වසර හාරදහසකට එහා පුරාවිද්‍යා සාධක දැන් ලැබී ඇත. දැන් අප කල යුත්තේ ජාතියක් ලෙස එකට එකතු වෙලා, උඩරට, පහත රට, පද්දා බෙරවා, ආදී අප අතර ඇති බෙදීම් නැති කොට අපෙන් මේ සැඟ වී ඇති, වැළලී ඇති මහා දැනුම සෙවීම පට ගැනීම. එයට උපකාරා කිරීම හා අත්වැලක් වීමය.

ඊයේ ආචාර්ය රාජ් සෝමදේව සර් එක්ක පුද්ගලික කතා කරන්න මට අවස්ථාවක් උදා උනා. සර් කියපු දෙයින් මම ඉතා දුකට පත් උනේ, අපේ උන්ට අපේ දේ සොයන්ඩ ඇති ආසාවේ හීන කම දැක්ක විට.ප්‍රතිපාදන නෑ. ආධාර නෑ. මේක චම්පික ඇමතිතුමත් අහගෙන හිටියා. දැන්වත් ඇස් ඇරි බොරු අතිශයෝක්ති නැති නිරවුන් නිවැරදි ක්‍රමවේද ඔස්සේ පර්යේෂන කොට මෙහි ඇත්ත නැත්ත සෙවිය යුතුය. බැන ඉවත් කිරීමත් මෝඩ කමකි.අතිශයෝක්තියෙන් පිලිගෙන එය බදා ගැනීමත් මෝඩකමකි.

එසේ නොවී නම් “රවනා” ප්‍රමුණ එතුමාගේ පුරාවෘතය නැවත අවදි වනු ඇත. එවිත අප නැවත සූරිය දරුවෝ සූරීයගෙන් වැඩ ගනු ඇත.

-උමන්දා ජයෝබන්ඩාර

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )