දෙවියන් සෙවීම හා දෙවියන් දැකීම

– දෙවියන් සෙවීම හා දෙවියන් දැකීම –

උදේට මම පානදුර හරි මොරටුව හරි බස් එකකට කොහොමටවත් නගින්නේ නෑ. කොල්ලුපිටියට රත්මලානේ ඉදලා යන්ඩ අඩුම තරමින් පැය එකහමාරක් වත් ඔවුන් මිඩංගු කරනවා. ඒ හින්දා මම බොහෝ විට යන්නේම දුර සිට එන බස් රථවලමයි.උදේ පාන්දරම දුවගෙන ආවත් මම බස් රථ දෙක තුනක්ම මඟ හැරියේ, ඒවායේ අතුරු සිදුරු නැතිව මිනිසුන්ගෙන් පිරී තිබුන නිසාවෙනි. කෙසේ නමුත් සෙඟ අඩු වෙච්ච මතුගම බස් එකකට නැග්ගත් එකත් ගියේ ඉබ්බෙක් වගේ ගාට ගාට.

ඔහොම යනකොට මැලිබන් හන්දියෙන් බස් එකකට “ගර්භනී මාතවක් ” ගොඩ උනා. ඒ වෙනකොට මාත් ඇතුලුව බසයේ තුන් හතර දෙනෙක් විතර පමණයි හිටගෙන හිටියේ. ඇංජිම ලඟම හිස් ආසනයක් තිබ්බත් කවුරුත් එතැනට නොගියේ ඇංජිමේ රස්නය උදෑසනම ඇඟ දැවටීම කටුක නිසා විය යුතුය.පසු පස දොරින් ඇතුලු වු ඇය බසයේ මධ්‍යටම ආවත් ඒ වනතුරුත් ඇයට ආසනයක් ලැබුනේ නැත. කොන්දොස්තර මහතා නිහඬව සල්ලි කොල ගනිමින් සිටින ලදි. ඇය හිටගෙනම ගල්කිස්ස හංදිය ලඟට පමන එනතුරු පැමිණෙන ලදි. බසයේ සිටි පිරිසෙන් බහුතරය මගේ මානයට අනුව කාන්තාවන් විය. ඔවුන් ඉතා ජැන්ඩියට ඇද ගත් මූණේ පාට ගාපු, කට රතු කරපු, තරබාරු වු අය විය. මට ප්‍රබුද්ධ හි සේකරයන් ලියු තලත්තෑනි ගැහැණුන් ක්ෂණයෙන් සිහිවිය. නමුත් බසයේ සිටි සියලුම කාන්තාවන් හිටගෙන යන මෙම “භර්භණි මාතාව” දැක්කේ නැත. ඔවුන් පමණක් නොව බඩ තදවෙන තුරු ඉනවටා පටි බැදි, කළුපාට දිලිසෙන පෙට්ටි වැනි බෑගයන් ගත්, දිලිසෙන තට්ටය ඇති පිරිමිද වූහ. අතරින් පතර කනේ පොරොප්ප ගසා ගත් තරුණයන්ද සිටියහ. නමුත් ඒ කිසිවෙකු හිටගෙන යන දරු ගැබක් දැරු මාතාව දැක්කේ නැත.

හදිසියේම එක්තරා “මහතෙකු” නැගි සිටින ලදි. එතුමාට මා මින් ඉදිරියට වැදගත් මහත්මා යැයි කියමි. හේ ඇද සිටියේ පරණ පාට ගත් ඩෙනිමකි. කමිසය තූනී රෙද්දෙන් මැසු බාල වර්ගයේ එකක් විය.එයද පට්ටා ගැසෙන තුරු ඇද තිබුනු. කකුලේ වූයේ පාවහන් දෙකකි.එහි කහපාට මඩ තැනින් තැන තැවරි තිබුනි. හිසේ බොත්තම ගැලවී සිදුරු වී ගිය තොප්පියකි. අතේ වූයේ මඩ තැවරි ගිය, පොඩි වී ගිය කලුපාට “ටියුලිප්” මල්ලකි.බැලු බැල්මට එතුමා සීතල කාමරයක සැප පුටුවක වැඩ කරන අයෙක් නොවීය. එතුමා “කම්කරුවෙක්” බව බාහිර අංගෝපාංගයන්ගෙන් මනාව මට පසක් විය. මදක් සිනාවී එතුමා අසිරුවෙන් සිටි ගැබිනි මාතාවට තම ආසනය පිරිනමා ඇංජිම ලග තිබු හිස් ආසනයට යන ලදි.

ඒ මොහොතේ මට සියුම් වේදනාවක් ඇති වු අතර, උගත් මිනිසුන් කෙරේ ඇති වුයේ මහා අප්‍රමාන පිලිකුලකි.සුසුමක් හෙලු මා “හැමෝම එහෙම නෑ” කියා මටම පවසා ගන්නා ලදි.මට වසල සූත්‍රය මතක් විය. උපතින් බ්‍රාහ්මනයෙකු හෝ වසලයෙකු නොවන මිනිසා තම ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මනයෙකු වන අයුරු බුදුන් වහන්සේ එදාද පෙන්වා දෙන ලදි.අද මා බසයේ වසලයන් මෙන්ම බ්‍රාහ්මයයෙක් දැක්කා නොවේදැයි මටම සිතෙන ලදි.

“මෙට්‍රික්ස්” චිත්‍රපටයේ ඒජන්ට් ස්මිත් විසින් මෝෆියස් ට කියනුයේ මිනිසා යනු “වෛරසයක්” හා සමාන බවය. එයතුලද සැගවුනු මහා යතාර්ථයක් ඇති බව මට දැන් දැන් වැටහිගේ යමින් ඇත.

අද මෙන් එදාත සමාජය මෙතරම් විපරත වී තිබෙන්නට ඇතිද..? නොයේ සේ නම් එදාට වඩා අද සමාජය පිරිහිලාද..?

සෑම විටම තමන්ට හිමි යුතුකම් හා වගකීම පැහැර හරින ඔබ, මම , අපි සැවෝම, තමන්ට ලැබිය යුතු වරප්‍රසාද ගැන පමණක් මුලික කොට කතා කිරීම කෙතරම සධාරනද..? බුද්ධිගෝචරද..?

සෑම විටම අනෙකාට ඇගිල්ල දිගු කර අපි අතර, අපිට අපේම ඇගිලි හතරක් අපි විසින්ම දිගු කරගෙන ඇති බව නොතේරෙන්නේ මන්ද..!!!!

-උමන්දා ජයෝබණ්ඩාර

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )