ශ්වේත රාත්‍රිය, නන්දා හා සිරස

ගිය සති අන්තයේ රොටරි සමාජයේ වාර්ශික ක්‍රිකට් තරගයටත් සහභාගි වෙලා ගෙදරත් ගියපු නිසා ලියන්ඩ නම් සිද්ධි නහුතයක් විතර. ඒත් ඒවායින් කෝක ලියන්ඩද කියලා හිත හිත ඉන්න කොටම තමා මට “නන්දා” මතක් උනේ. එහෙම කිවුවාට එකපාරටම මේ කවුද කියලා නිච්චියක් නැති වග මම දන්නවා. ඒත් ඇයට මා කතා කරන්නේ “නන්දා” කියලා හින්දයි, අපෙ අම්මගේ නමත් “නන්දා” හින්දත්, ඔය දෙකේ හුරුවටම ඒකම ලියවෙන්ඩ ඇති.

ඇය ඇගේ පෞර්ශවය ගොඩනගා ගනු ලබන්නේ ගීත ගායනයත් සමග. ඇගේ කට හඬට වශිකෘත නොවු අය මේ සමාජය තුල නොමැති තරම්. ප්‍රේමය වෙනුවෙන්, විරහව වෙන්වෙන් පමණක් නොව පීඩිතයාගේ විමුක්තිය උදෙසාද ඇගේ හඬ ස්වරාලිප්ත වූ වාර අනන්තයි. එකල කොල්ලන්ගේ මෙන්ම කෙල්ලන්ගේද පෙම්පත් වලින් පිරි ගිගේ ඈ ගැයු ගී හි පද බව මට මතක් උනේද, මා තිෂාරාටද යවන්නේ ඇගේ ගීත නිසාම වෙන්ඩ ඇති. ඇය මට “නන්දා”. ඔබට “නන්දා මාලනි”.

“ස” කියු සැනින් අප වික්ටර්ව දකිමු. එලෙසින් ඒක පුද්ගල ප්‍රසංග කල කිසිවෙකු මෑතකදී අප දුටුවේ නැතිය. වික්ටර් “ස” ද නවතා දමන ලදි. හෙළ සංගීත කෙතෙහි සැදෑසමය එළබී ඇති බව බොහෝ තැන්වල කතා කරනවා මට බොහෝ අවස්ථාවල ඇහුනා ඔය අල්ල පනල්ලේ “සිරස” විසින් “ශ්වේත රාත්‍රිය” නමින් ප්‍රසංග මාලාවක් පවත්වන්ඩ කටයුතු කරන්නේ. “ශ්වේත රාත්‍රිය” නන්දාගේය. නමුත් දැන් ශ්වේත රාත්‍රියද නන්දා විසින් අවසන් කොට ඇත.

“සියලු රස සමගින්” යැයි කියා ගනිමි ඇරබි සිරස එෆ් එම් නාලිකාව විසින් එෆ් එම් නාලිකා නැමති කසි කබල් ආර නිර්මාණයට මුල් ගල තබන ලදි. එතෙක් කල් පැවත ආ ගුවන් විදුලිය පරයා මුදල් සොයා කාලාව මාධ්‍ය හරහා විකුණන් කන අයුරු උගන්වන්නට විය. එහි කූඨප්‍රාප්තිය අද අප අත් විදිමින් සිටිනු ලබයි.අද ඉතා විශාල ප්‍රමාණයක් ගුවන් විදුලි නාලිකා ඇති අතර, ඒවායින් කිසිම ආකාරයක හරවත් දෙයක් සිදුවන්නේම නැත. ලමා පිටිය වෙනුවට අද සමනලද මොකක්ද එකක් ඇත. ප්‍රවෘත්ති වෙනුවට නිවුස් ෆර්ස්ට් ඇත. මුවන්පැලැස්ස වෙනුවට ටාසන්ගේද මොකාගෙද විගඩන් ඇත. බුදු බණ වෙනුවට උදේ හවහා තාලෙට කියන පිරිත් ඇත. සුභාරති වෙනුවට රස රිසි ගී ටොප් ටෙන් ඇත.

මෙවැනි පරිසරයක “නන්දා” වැනි “යල්” පැන ගිය ගායිකාවක් “සිරස” නැමති තාරුණ්‍යයේ නාලිකාවක් තෝරා ගෙන “ශ්වේත රාත්‍රිය” වැනි අති දැවැන්ත ඒක පුද්ගල ප්‍රසංගයක් කිරීමට පෙළබීම කාට නැතත් මට නම් හරි ප්‍රශ්ණයක්. භාතිය- සන්තුෂ් වැනි විකටයන් නටවා “සිරසට” සල්ලි කොල යහමින් සෙල වීමට තිබිනි. නමුත් ඔවුන් තෝර ගත්තේ නන්දාය.

ඉරාජ්ලාගේ,චිලිලාගේ, සිංදු වලින් දවසම කන්බෙරය පලන “සිරස” වේදිකාවේ කොනකට විත් ශ්වේත රාත්‍රියේ දැහැන් ගතවන්ඩ ආරාධනා කරයි. ඒ ආරාධනය පිලිගෙන එන්නේ ඉරාජ්ගේ සින්දු වලට නටන අද කාලේ කොල්ලෝ කෙල්ලෝ නොවන අතර, එදා නන්දාට පෙම් බැදි සුභාවිත කවියේ අක්මුල් හදුන ගත් සැබැ කාලාකාමින්මය. නන්දා කියන පරිදි සිරස මේ ප්‍රසංග මාලවෙන් සත පහක ආදායමක් ලබා ගත්තේ නැත. නමුත් සිරස ඒ හරහා ගා ගත් සුදු හුණු ප්‍රමාණය ඉතා ඇතිය.

මම නන්දාගේ ශ්වේත රාත්‍රිය විවේචනය කිරීමට තරම් කුහක වීමට අකමැතිය. හිතේ යම් හෝ සතුටක් ඇත්තේ නිහඬ නන්දා මේ අයුරුන් හෝ නැගිටිමය. නමුත් ඒ පිටු පස සිටින්නේ සිරස වීම නිසා ඇත්තේ මහා දෙගිඩියාවකි. මොකද නන්දා ගෙන විත ජනප්‍රියත්වය නන්දා හරහා ගත් සිරස නන්දාට වැය කල මුදල් නෝට්ටු භාතිය සන්තුෂ්, ඉරාජ් වැනි කවටයන් ගෙන්නවා තවත් රාත්‍රියක් පෙන්වා සොයා ගැනීමට ඇති ඉඩ කඩ උපරිම වන නිසාය.රෙඩියෝ කලාව කෑ සිරස එය නොකර සිටිවී යැයි සිතීමම මෝඩකමක් කියලයි මට හිතෙන්නේ

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

එක් අයෙකු ශ්වේත රාත්‍රිය, නන්දා හා සිරස සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. indika27 පවසයි:

    සිරසේ හොද වැඩකි…ඒත් තව මෙවැනි දේවල් තිබුනානං හොදයි….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )