යුතුකම් අයිතිවාසිකම් හා මැයි දිනය

අයිතිවාසිකම් වලට පෙර “යුතුකම් උදෙසා පෙළ ගැසෙන පරම්පරාවේ ආරම්භයෝ.

“හැමදෙනාම එකම හැඟීමකින් යුතුව කථා කරනවා ප්‍රීතියෙන් දයාවෙන් හිත පිරිලා. එකිනෙකා අවබෝධ කර ගන්ට වචන ඔනේ කරන්නේ නෑ.එකම නඩයක් වගේ ජීවත් වෙනවා හැමදෙනාගෙන හදවත් තුල රැවුදෙන්නේ එකම ගීතයක්. ඒ හැන ගීතයක්ම උල්පත් වගේ ගලාගෙන ගලාගෙන ඇවිල්ලා එකම විශාල ගංඟාවකට එකතු වෙනවා. ඒ ගංඟාව ගලගෙන ගිහින් “නිදහස හා යහපත් ජීවිතය” නැමති මහ සාගරයට වැටෙනවා. අන්න ඒ දවසට ලෙයින් කඳුලින් තොර ලස්සන “මැයි දිනයක්” උදාවෙනවා.”

වැසි වසිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි….!!!

අපේ පැතුම් අහසට විහිදී යයි
කම්හල් වල දුම් වලලු දිගේ
අපේම දහදිය මුගුරු ගලා එයි
ගංගා ඇළ දොළ කඳුළු වගේ

දෙරණ පලා රතු කැට මතුවන්නට
අප අත දෙනතුරු බලා හිදී
බලව් යොමා නෙත රටේම මාවත
අපේ අතින් ගොඩ නැ‍ඟෙන හැටි…!!

වැසියෝ අපි පුර වැසියෝ..!!!
රට රකිනා ජනතාවෝ….!!!

ගත වැකි දුහුවිලි රන බරනයි
දයඩිය මඩ, විළවුන් සුවඳයි
රට වෙනුයෙන් ගත සිත වෙහෙසෙයි
සිත සතුටේ උල්පත එතනයි…!!

වැසියෝ අපි පුරවැසියේ
රට රකිනා ජනාතාවෝ….!!

සිරි ලංකා රටම “අපි”……!!!

ෆෙඩ්‍රික් එංගල්ස් කියුවේ “ශ්‍රමය” විසින් “මිනිසා” බිහිකල බවයි. එය මහා ප්‍රකාශයකි. මහා මානව සංස්කෘතියක් බිහිකල මිනිසා පසුපස සිටියේ ඔහුගේ ශ්‍රමයයි. නමුත් ඔහුගේ ශ්‍රමයට සරිලම හිලවුව සමාජය විසින් සධාරණව ලබා දුන්නේ නැත. වහල් යුගයේ “ස්පාටකස්”ලාගේ සිට නූතන “තොරතුරු තාක්ශණවේදි” කම්කරුවා දක්වා සිදුව ඇත්තේ ඔවුන්ගේ ශ්‍රමය හුරා කෑමය. එදා සිට මේ දක්වා ඔවුන්ගේ මේ නොනිමි අරගලය, ඔවුන් සදහා වු බුක්තියේ සාධාරණ අයිතිය ලබා ගැනීමටය.

අටසිය අසුහයේ මැයි පලවැනිදා (1886-05-01) ඇමරිකාවේ “හේමාකට්” චතුරශ්‍රයට එකතුවු කම්කරු ජනතාව අරගල කලේ පැය 8 ක සේවාමුරයක් ලබා ගැනීමටය. එදාත් පාලකයන්ගේ යකඩ සපත්තුවලට තැලි පොඩි වි ගිය කම්කරුවන්ගේ ඉල්ලීම්, ඔවුන් හැදි සුදු රෙදි රක්ත වර්ණ කරමින් නිමා විය. දහඩියෙන්, කඳුලින් නිමවු ඔවුන්ගේ හීනය, යකඩ සපත්තුවේ උල් ඇණවලට හිල් වී ගලා ගිය ලෙයින් තෙත් විය. එදා “හේමාකට්” චතුරස්‍රයේ රත් පැහැ ගත් ඒ පැහැය, අදත් කම්කරුවාගේ පැහැය වී ඇත.එදා සිට අද දක්වා දහදියත් කඳුලත් පමණක් නොව රුධිරයත්, කම්කරුවා මූර්තිමත් කරන ලදි.

අටසිය අසුනවයේ (1889) දි රැස් වු ජාත්‍යන්තර කම්කරු සංවිධානය සෑම මැයි 01 වැනිදා දිනයක්ම ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශ කරන ලද්දේ, අටසිය අසුහයේ (1886) කම්කරු අයිතිය සඳහා රුධිරය වැගිර වු අරගලය සිහිවනු පිණිස වෙයි. එදා සිට අද දක්වා මැයි මස පළවැනිදා “කම්කරුවන්ගේ” දිනය ලෙස ලොව පුරා වැඩකරන ජනතාව වෙනුවෙන් සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ නවසිය තිස්තුනේදීය (1933) දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව “ප්‍රයිස් පාක්” හිදී ලංකාවේ මුල්ම මැයි රැලිය පැවැත් විය.

පසුව නවසිය තිස් හතරේ (1934 ) “මාක්ස්වාදි සංගමයේ” ප්‍රධානත්වයෙන් මැයි රැළිය පැවත් වු අතර. මෙය සමාජවාදි චින්තය රැගත් ප්‍රථම මැයි රැලිය විය. “ජාතික නිදහස හා සමාන වැටුප්” යන තේමාවෙන් එවකත රාජ්‍ය මන්ත්‍රන සභාවේ මන්ත්‍රීවරයකු වූ දොස්තර “එස්. ඒ. වික්‍රමසිංහ” මහතා මුලිකත්වයෙන් සිදුවන ලදි. එදා මෙදදා තුර ලංකික අපද මැයි පලමුවැනිදා වැඩකරන ජනයා වෙනුවෙන් වෙන්කර ඇත.

ධනවාදයට අන්තර්ජාතික වශයෙන් සමාජ ක්‍රමයක්, සමාජ රටාවක් ලෙස පෙරටුගාමිව ඉදිරියට යා නොහැකි බව සනාථ කරමින් සිටී. අද ශ්‍රමයේ ඵලය, එහි අයිතිය ඉතා කෲර අන්දමින් සූරාකමින් ඇත. තොරතුරු තාක්ශණයේ හිනි පෙත්තේ අප අද සිටියත් එතුලද ධනවාදයේ කුරිරු හස්තය මැනවින් රංගනයේ යෙදෙනු ලබයි.

අපි ගනු දෙනු කරන මේ ෆේස්බූක් එක තුලද මහා අමන අයුරින් ශ්‍රමය හූරා කෑමක් වන බව ඔබ නොදන්නවා විය හැක. එවැනි පරිසරයක උඩුගම්බලා යෑමේ තිර අදිටනක් “අපි” තුල දැන් යන්තමට වගාකරමින් ඇත.

අධිරාජ්‍යවාදී බලහත්කාරයට ශ්‍රි ලංකාව නතු වී ඇත. පන්සිය පහෙන් (1505) ඇරඹි බටහිර සංස්කෘතික අධිස්ථාපනය තුල අපි සිරකරුවන් වී ඇත. ඔව්න්ගේ එම අදිසි හස්ත්යන්ගේ බළලුන් වි ඇති, දෑ හිතකාමී වැඩකරන ජනතාවගේ ආකල්ප වෙනස් කොට “සුඛි සුභදායි” නව හෙටක් ඇතිකිරීමට “අපි” අයෝමය ලෙස අදිටන් කර ගත යුතුය.

ජාති, ආගම්, කුල මල යන්න ද්විතක සිතා, කම්කරුවාගේ සධාරන අයිතිය වෙනුවෙන් පෙළගැසි “අයිතිවාසිකම් වලට පෙර යුතුකම් උදෙසා පෙළ ගැසෙන පරම්පරාවේ ආරම්භයෝ” වෙමුයි තිර අදිටනි අපි මෙවර මැයි දිනය සමරමු.

“අපි” එකමුතුවේ මැයි දින පණිවුඩය එයයි.

“අපි” එකමුතුව මැයි දිනය වෙනුවෙන් අප නිර්මාණය කරන් ලද හඬ පටය මෙතැනින් අහන්න.

ලබැදි කට හඬ “නෙරංජි සුලක්ඛනා”

ස්තුතියි.
උමන්දා ජයෝබණ්ඩාර
අපි එකමුතුව වෙනුවෙන්

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in වර්ගීකරණය නොකළ and tagged , , . Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )