බුදු බණ, ත්‍රිපිටකය හා මහමෙවුනා අසපු

“පඤ්ඤාය පරිසුජ්ඣ්ති” – ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත් වෙමි.

සම්බුද්ධත්ව ජයන්ති වර්ශපූර්ණයට ඇත්තේ තව දින කීපයකි. තිලොව තිලක වු සනරාමර සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ මහා විප්ලවය ජය ගත් දිනය තව නොබෝ දිනකින් එලැබෙනු ඇත. “පිලිවෙතින් පෙළ ගැසෙමු” යන දීප ව්‍යාප්ත පාඨයෙන් අපද පෙල ගැසි සිටිමු. නගරයේ හංදි ඉතා කලබලය. තොරන්, දන්සැල් ආදි නා නා දේ ඉදි වෙමින් පවති. එය ඉතාම සුපසන්ය.

බුදුන්ගේ ඉගැන්වීම නම් චතුරාර්ය සත්‍යවෙයි. එය පසක් කොට ගැනීම ඔබ මා ඇතුලු සකල ක්ලෙශි සත්වයනේ පරම නිශ්ඨ පැතුම වෙයි. බුදුන් වහන්සේගෙන් පසුව ධර්මය මහරහතන් වහන්සේලාගේන් මුඛ්‍යගතව පැවතගෙන එන ලදි. පළමු දෙවන හා තෙවන ධර්ම සංගිතියෙන් පසුව, ලංකාද්විපයේ මාතුල ( මාතලේ ) අලුලෙන්හි ( අළුවිහාරය ) වගම්බා නිරිදුන්ගේ රාජ අනුග්‍රයෙන් පුස්ථක ගත වීම සිදු විය. පසුව එය අද දක්වා පැවත ඒම සිදු වෙයි. මුල් ත්‍රිපිටක ආකාරය පාලියෙන් රචිතය. පසුව එය සිංහල පරිවර්ථනය වී ඇති නමු එය තුල දුබලතා ඇති බව ත්‍රිපිටකාචාර්ය , ධර්මධරයන්වහන්සේලාගේ මතය වෙයි.

ත්‍රිපිටකය යනු

විනය
සූත්‍ර
අභිධර්ම යන කොටස් තුන වෙයි.

භික්ෂු භික්ෂුණියන් සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදි කොට ගත් දෑ විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සඳහා නියෝග පනවා ඇති බැවින් විනය පිටකය “ආනා දෙසනා” ලෙස හදුන්වනු ලබයි

සුත්ත විභංග
බන්ධක
පරිවාර

ලෙස විනය පිටකය ආකාර තුනක් ගනු ලබයි.

පාරාජිකා පාලි
සංඝාදිසේස
පාචිත්තිය පාලි
භික්ඛුනී විනය
මහාවග්ග පාලි
චුල්ලවග්ග පාලි
පරිවාර පාලි
පාථිමොක්ඛ

විනය පිටකකය ඉහත ආකාරයට වෙන් කොට ඇත

සූත්‍ර පිටකය තුල ප්‍රධාන ලෙස සූත්‍ර ධර්ම අඩංගු කොට ඇත. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද සූත්‍ර දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් දෙසු අවවාද, උපමා කතා,ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සූරපිටකයේ ඇති දෑ බොහෝ විත එදිනෙදා කතා බහා කරන වාග් විලාසයෙන් යොදා ගෙන ඇත. එම නිසා සූත්‍ර පිටකය ඇති දේශනා “වෝහාර දේශනා” යැයි හදුවනු ලබයි

සූත්‍ර පිටකය ගත් කල එය ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදිය හැක

1 දීඝ නිකාය
දීඝ නිකායේ සූත්‍ර 34ක් අඩංගු වෙයි. දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර දීඝ නිකාය තුල අඩංගු වෙයි

2 මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් අඩංගු වී ඇත. චතුරාර්ය සත්‍යය, කර්මය, නිර්වාණය ආදිය පිළිබඳ විස්තර පුථුල විස්තරයක් මෙම මජ්ඣිම නිකායේ සූත්‍ර වල අඩංගුය.

3 සංයුක්ත නිකාය
සංයුක්ත නිකායේ කෙටි සූත්‍ර 56 ක් අඩංගු වී ඇත.

4 අංගුත්තර නිකාය
මෙය තරමක් විශාල වන අතර එය “නිපාත” ලෙස 11 කට බෙදා ඇත.

5 ඛුද්දක නිකාය
බුද්ධක නිකාය ගත් කල මෙහි බෙදීම් ද තරමක් සංකීර්ණ වෙයි.මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අඩංගු වෙයි.

1 ඛුද්දක පාඨය – මෙහි කොටස් 9ක් ඇත

2 ධම්මපදය – මෙය අප කවුරුත් දන්නා ධම්ම පදයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.

3 උදානය – මෙහි වර්ග 8කට බෙදා ඇත.

4 ඉතිවුක්තකය

5 සුත්ත නිපාතය – මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.

6 විමානවත්ථුය (විමාන වත්ථු) – බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.මේ තුල දෙවිය ආදි කොත ගත් සත්වයින් ගැන ඉතා දිදු විවරන ඇත.

7 පේතවත්ථුය (පේථ වත්ථු) – අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.තිරිසන් ලෝක වල සතුන් පිලිබද මෙහි සවිස්තරව ඉගැන්වෙයි.

8 ථේරගාථාය (ථේර ගාථා) – භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.ඉතා රමණිය විවරන මේ තුල ඇත.

9 ථේරීගාථාය (ථේරී ගාථා)- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ

10ජාතකය – මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.

11 නිද්දේසය – මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
– මහනිද්දේසය
– චූළනිද්දේසය

12 පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) – මෙහි ප්‍රධාන කොටස් 3කි.

13 අපදානය – මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.

ථේරපදානය
ථේරීපදානය

14 බුද්ධවංසය – ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.

15 චරියා පිටකය – පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.

ගැඹුරුම ධර්ම දේශනා ඇතුලත් වනුයේ අභි ධර්ම පිටකයේ වෙයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව මනා මෙනම් ඉතා ගැඹුරු පැහැදිලි කිරීම් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. සම්මුති ලොකයෙන් බැහැර දේ පිලිබද කතා කර ඇති නිසා අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

1 ධම්මසංගණිප්පකරණය
2 විභංගප්පකරණය
3 කථාවත්ථුප්පකරණය
4 පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
5 ධාතුකථාප්පකරණය
6 යමකප්පකරණය
7 පට්ඨානප්පකරණය

අභිධර්ම පිටකය යනු පැහැදිලිමව “බුද්ධ දේශනාවක්” වෙයි.
ඉහත මා ඉතා සැකෙවින් දක්වන ලද්දේ ත්‍රිපිටකයේ සංයුතියයි.

නූතනයේ ස්වාමින්වහන්සේලා දායකයන්ට බණ දේශනා කිරිමෙහිලා මාතෘකා කොට ගනු ලබන්නේ මෙම ත්‍රිපිටකයත් ඒ ආශ්‍රිත ලියැවුනු ටිකා, ටිප්පනි, අට්ටකතා ආදියෙන්ය. මේවා සියල්ල පාලියෙන් ඇති නිසා භික්ෂුන් වහන්සේලා පාලි අර්ථතය සරළ සිංහලින් පැහැදිලි කොට දේශනා කරනු ලබයි.

ගැටලුව ඇත්තේ බුද්ධ භාෂිතය කෙසේ නම් වෙනත් බසකින් පැහැදිලි කර දිය හැකිද යන්නය. “අන්තෝ ජටා, බහි ජටා” යන පද හතර පැහැදිලි කරනු වස් එය මුල් කර ගෙන ලියැවුනු පොත නම් “විශුද්ධි මාර්ගයයි” එය අති විශාල පොතකි. පද හතරකට එවැනි පොතක් ලිවිය හැකි නම් ත්‍රිපිටාක්යේ ඇති සුවාස් දහසක් දම් කද ලියා ටිකා සපයා කෙලවර කල හැකිද..?

මහමෙවුනා අසපු නිර්මානය වන්නේ මෙවැනි පරිසරයකය. පූජනීය කීරිබත්ගොඩ මහා හිමියන්ගේ එම සංකල්පයේ කිසිදු කෙලියක් මා නොදකිමි. නමුත් අවුල ඇත්තේ ඉන් නිෂ්පාදනය කෙරෙන සංකල්ප වලය. ත්‍රිපිටකය සරල සිංහල‍යට ගත හැක්කේ කෙසේද යන්න අද ඉතා විශාල විවාද ඇත. පාලි භාෂා විශාරදයන්, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකාගිෂ්වරන් වහන්සේලා අතර මේ සම්බන්ද්ව විවිධ මත ඇත. ධර්මය අප කාටත් හුරු සිංහලයට නැගෙන එක ඉතා හොදය. ගැටලුව ඇත්තේ එහි ප්‍රමිතියේය. පාලි දත් පමනින් ත්‍රිපිටකය පරිවර්ථනය කිරිමට යෑම “ගොන්” කමක් විනා වෙන දෙයක් නොවන බව මට වැටහෙන්නේය. එය ඉංගිරීඉය යන්තමින් දැන ගෙන ශේෂ්පියර්ගේ කෘති සිංහලයට නැගීමත්, එයට විචාර දීමත් වැනි හර සුන් ක්‍රියාවකි.

පන්සල් වලින් මහමෙවුනාව වෙනස් වන්නේ එයට “අසපු” යන වචනය දීමත් සමගය. නමුත් මා එහි විශේයක් දකින්නේ නැත. අපට බුදු දහම සංස්කෘතිකව ලැබුනේ අශෝකගේ දේශපාලන මැදිහත් විමකිනි. එහිදි අශෝක අප ආගමික යටත් විජිත කරුන් කර ඇත.ඒ සම්බන්දව මා මීට ඉහත ලිපියඉන් පැහැදිලි කරන ලදි. පංසල් ක්‍රමය ප්‍රතිස්ථාපන වීම ද ඊට සමගාමිව සිදුවන ලදි. එහිදි ආරණ්‍ය ගත සම්ප්‍රදායද පැවත ගෙන එන ලදි. කෙසේ හෝ 505 හේ බටහිර ක්‍රිස්තියාණි යටත් විජිත කරන්යෙන් අන්න අසරණ වු අප අපගේ සංකෘතික ගතික ස්වභාවය සී සී කඩ කරගෙන ඇත.

මේ ආකරයෙන් සංස්කෘතික පරිනාමයත් සමගම භික්ෂුන්ගේ පරිනාමයද සිදු විය, එය කෙතරම් වෙන්ස් වී ද යත් අද වන විට බණ දේශනා කිරීමද එක්තරා ආකාරයක රියැලිටි වැඩසටහක වී ඇත. මහමෙවුනා අසපුද එවැවි සුපර් ස්ටාර්ස්ලා ගේ තැනක් ලෙස මා නිර්ලජ්ජිතව ප්‍රකාශ කරමි.

ඒ මක් නිසාද යත්, දැන් අසපුවල ක්‍රියාදාමය මුල්‍යමය හස්තයට නතු වී ඇති නිසාය. මුදල් යන්න භික්ෂූන්ට අකැපය. නමුත් මහමෙවුනාව මුදල් ප්‍රතික්ශේප කරන්නේ නැත. විවිධ ආකාරයේ නා නා විද විසිතුරු දෑ එවා තුල ඉදි කර ඇත. ඒවා රාජ මන්දිර වැනිය. එය කොතරම් ප්‍රායෝගිකද යන්න “ප්‍රඥ්ඥා” සම්පනන්ව විමසා සිටිය යුතුය.

“නමෝ බුද්ධාය” කියා මැතුරූ පමණින් බුදුන් වහන්සේට නමස්කාර කලා වෙන්නේ නෑ. එය අවබෝධයෙන් කල යුතුයි. සම්මා දිට්ඨිය අවැසි වන්නේ එතැනටය. ශ්‍රද්ධාව අවශ්‍යවේයි. එය අනිවාර්ය දෙයකි. එය නොමැතිව සිල, ප්‍රඥ්ඥා දෙක නැත. නමුත් පාලිත නොවු අසමබර ශ්‍රද්ධාව මෝඩ කමයි.

මහමෙවුනාවේ තරුණ භික්ෂූන්ට සූත්‍රපිටකයෙන් හොදින් බණ කීමට හැකිය. මම මහමෙවුනා අසපු තුලඉන් දකින එකම වටිනා දෙය එය පමණකි.

“යෝ ධම්මං පස්සති – සෝ මං පස්සති”
තෙරුවන් සරණයි

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

එක් අයෙකු බුදු බණ, ත්‍රිපිටකය හා මහමෙවුනා අසපු සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. KUMARA පවසයි:

    මසැසින් ෙනාව මනසින් බලන්ෙනකුට අභිධර්මය උගතහැකිය.අභිධර්මය ගැන පැහැදිලිකිරිම වටි .අභිධර්මය පාසල් ළමුන්ට ඉගැන්විමට ක්‍රමයක් ලංකාෙවි අැතිෙවනවානමි ෙගාඩක් ෙහාදයි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )