සුදු සැරයටි

මට මතකයි එක තැනක කාල් මාක්ස් මහත්තයා කියනවා “වැරදි කිරීම මෝඩකමක්, නමුත් එකම වැරැද්ද දෙවරක් කිරීම ප්‍රහසනයක්” කියලා.අද වැඩ ඇරිලා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා ඒ තරම වැඩ කන්දක් අද තිබ්බා.වැරදෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අතපසුවීම් මග හැරීම් කොයි කාටත් මොනම මොහොතක හරි වෙන්ඩ පුළුවන් දෙයක්නේ.මටත් අද උනේ එහෙම වැඩක්. උදේ ඉදලා කරපු වැඩේ වැරදි පෙන්න ගත්තේ හවස් වරුවේ. කොහොමින් කොහොම හරි රෑ දෙගොඩ හරිය වෙනකන් වෙච්ච වැරදි ටික හදන්ඩ උනා.

මෙගැන හිත හිතා බස් එකේ එනකොට මට මතක් උනේ, උදේ ගොළුමඩම හන්දියෙ හිටපු අන්ධ කාන්තාවන් දෙදෙනා. හොද සාරියක් ඇදගත් නොනාමහත්වරු දෙදෙනෙක් වු ඔවුන් හදුනාගැනිමට ඇති එකම සාධකය වූයේ සුදු සැරයටිය විතරයි. දෑසම නොපෙනෙන මේ කාන්තාවන් දෙදෙනා සංඥා ලාම්පු ලඟ ඇති පාර මාරුවන කහ ඉර දක්වාම ගොස් පදිකයන්ට පාර මාරු වීමට අවස්ථාව එනතුරු හිද පාර මාරු උනා. ඒත් එක්කම මම දැක්කේ එක පිම්මට දුවගෙන ආපු තරුණ ළමයි රෑනක් වාහන නොතකා පාර හරහා පනින මහ අශෝබන දර්ශනය. රථවාහන පොලිසියෙනුත් හිටියට ඔවුන්ටත් වගක් විභාගයක් තිබ්බේ නෑ.

මීට කලකට පෙර කොල්ලුපිටියත් බම්බලපිටියත් අතර ගාලු පාර කොටස නවීකරනය කරා. ක්‍රමවත් ආකාර‍යට වීදි ලාම්පු සංඥා ලාම්පු, මග සලකුණු ආදි දෑ අන්තර්ජාතික ප්‍රමිතියකට එකතු කරනු ලැබුවා. නමුත් ඒ සම්පත් නියම විදියට අපි පරිහනය කරන්නේ නෑ නේ. අපි කවදාවත් කහ ඉරෙන් පාර පනින්නේම නෑ. වාහන නවත්වන්ඩ එපා කියලා තිබ්බත් ඒ බෝඩ් එකත් වහලනේ වාහනේ නවත්තන්නේ. නියම මං තීරුව කිසිම වෙලාවක අනුගමනය කරන්නේ නෑ. ඒ මදිවට හෝන් සද්දේ.මහා පුදුම විකෘතියක් තමා දකින්ඩ තියෙන්නේ.හැමෝටම තියෙන්නේ මහා කිව නොහැකි තරම හදිස්සියක්.

මට දවසක් මතකයි මම ඉස්සර කෙටි ක්‍රමවලින් ගැටලු විසදනවා දැකලා මගේ භෞතික විද්‍යා ගුරුතුමා කියනවා “ජයෝබණ්ඩාර,වේගය පිනවයි.මරුවා කැදවයි” කියලා. ඒ කතාව හරි ඇත්ත. අර අන්ධ මනුස්සයෝ දෙන්නට කිසි දෙයක් පේන්නේ නැති වෙලත් නියම ක්‍රමය අනුගමනය කරා. ඒකෙන් තමනුත් රැකිලා අනුන් පවා රැකෙනවා. හැබැයි ඇස්, කන්, අත පය හොදට ඇති අපි, කිසි වගක් වගකීමක් නැති පිරිසක් වෙලා.මට දැන් හැමදේම හරි ඉක්මනට කර ගන්න ඕනේ. “ක්ෂණික” දේ අද හැම දේටම ආදේශ වෙලා. කාලය රැක ගන්ඩනේ අපි මේ “ක්ෂණික” දේ කරන්නේ. නමුත් ඒ තුලින් වෙන අහිතකර බලපෑම් අපිට දැනෙන්නේ නෑ.අන්ධ මිනිසුන්ට ඇස් නොපෙනුනාට, ඔව්න්ගේ අනෙකුත් ඉන්ද්‍රියන් ඉතාහොදින් ක්‍රියා කරනවා කියලා මම අහල තියෙනවා. ඒකේ ඇත්ත නැත්ත කෙසේ උනත් ඇස් ඇති අප වඩා ඇස් නැති ඔවුන්ගේ මොළය දියුණුයි කියලා මට අද හිතුනා.ඉස්සර මට “සුදු සැරයටි” දැක්ක ගමන් මහා අනුකම්පාවක් ඔවුන් කෙරේ ඇතිඋනා. ඒත් අද මට මං කෙරේම අනුකම්පාවක් එක්ක්ම මහා ලැජ්ජවක් ඇති උනා. අපි කොතරම් උඩින් ගියත්, ඇත්තටම අපි බිමවත් නෑ නේද..!!!

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )