කුණු

අද තිෂාරාගේ උපන්දිනය. මගේ උපන්දිනයට කොළඹ යාළුවෝ ටිකක් එකතුකරගෙන කරපු විජ්ජා ටික තිෂාරාගේ උපන්දිනයට කරන්ඩ වුනේ නෑ. ඒ අද සතියේ දවසක් හින්දා. ලබන සති අන්තයේ නුවර යායුතුම නිසා මෙවර වැඩේ ගැස්සිලාම යනවා.ඊලඟ සති අන්තයේ දවස් දෙකම පොත් ප්‍රදර්ශණයට අරගෙන යන්ඩ ඔනේ කියලා මම මගේ හිතට හිතා ගත්තේ, මේපාර මට කරන්න පුලුවන් උපරිමය ඒදේ පමණක්ම හින්දා.කොහොම උනත් අද දවස හරි සතුටින් ගෙවුනා. ඒ කාර්යාලයේ තිබු අවම වැඩ කන්ද නිසාද කියන්ඩ හරියට දන්නේ නැති උනත් දවස හරි සැහැල්ලුවෙන් ගෙවිලා ගියා.

අදත් රෑ කෑම කඩෙන්ම අරගෙන ඇවින් කෑම කොල ටික අස්කරන කොට තමා මතක් උනේ ගිය සතිය පත්තරේ තිබ්බ “කුණු” කතාව. අපේ ගෙදරිනුත් හැම දාම කුණු මල්ලක් එකතු වෙනවා. මේ පැත්තේ කුණු එකතු කරන්න නගර සභාවෙන් සතියටම එන්නේ දවස් දෙකයි. හෙට බදාදා,හෙට කුණු ලොරිය එනවා. අපේ ගෙදර කුණු මල්ලත් හෙට කුණු ලොරියේ ඔය යන දිහවකට යයි. ඒත් ඒ කුණු වලට මොනවා වෙනවා ඇතිද..? දිරන දේවල් නම් ඔහේ කොහොම හරි පස් වෙලා යයි. නොදිරන පොලිතින් වගේ දේවල් වලට මොනවා වෙනවා ඇත්ද…?

නුවර යන හැමදාම ග්‍රැන්ඩ්පාස් පැත්තෙන් යන කොට මට මට්ටක්කුලියේ කුණු කන්ද පේනවා. ඉස්සර කොට්ටාව පැත්තේන් සුදු අයියලා දිහා යන කොට ආපිකෝ එකගාව හම්බ වෙන කුණු කන්දේ ගඳ තාමත් නාස්පුඩු අග තියෙනවා වගේ දැනෙනවා.

අපි කොහොම කරත් කුණු නිපදවීම වලක්වන්ඩ බෑ. අවම කරන්ඩ පුලුවන් උනත් කුණු එකතුවෙන එක දිගින් දිගටම සිද්ධ වෙනවා. ගෙවල් වල අපි එකතු වෙන කුණු ටික හොදට අහුරලා උදේ පාන්දරම පාරෙන් තියලා පාඩුවේ ඉන්නවා. ලඟ පාත බඩගින්නෙන් හෙබත් උනු බල්ලෙක් හිටියොත් කුණු ටික ආපහු විසිරෙනවා. හැබැයි අපිට ගානක් නෑ. මොකද කුණු තියෙන්නේ පාරෙනේ. අපිත් උඩින් පැන පැන හරි ඔහේ යනවා. වැස්ස දවසට ඔනේ නම් කලිසම හරි, ගැනූ උදවිය නම් සාය හරි උස්සගෙන යනවා. ඒත් කාර්වල යන උදවියට එහෙම ගානකුත් නෑ.

ඉස්සර කලින් වැඩ කරපු ආයතනයේ මගේ මිතුරෙක් හිටියා. බොහෝ වෙලාවට වල් කෑම ගන්ඩ අපි දෙන්නා එලියට යනවා. ඒ කියුබිකල් එකේ ඉදලම ඇතිවෙලා ඉර එලි‍ය බලන්ඩ ඇති ආසාව කියලා තමා මගේ හිත නම් කියන්නේ. කොහොම හරි බොහෝ අවස්ථාවල ණය පතෙන් තනා කෑම ගැනීම මම සිදු කරන්නේ. ඒ වෙලාවට ලැබෙන රිසිට් පත මම බොහෝවිට ප්‍රතික්ශේප කරනවා. නමුත් දිනක් එය මා අතේ ගුලිකර කර සිටියා. අවන්හලෙන් පිටවනතුරුත් එය මගේ අතේ තිබුන අතර,ක්ෂනයෙන් මම එය උඩ දමා පයින් ගසා විසිකරලා දැම්මා. ඒ දෙසත් මා දෙසත් බලා සිටි මගේ මිතුරා මගෙන් විමසුවේ “ඔය කරපු දේ හරිද” කිලාය. ක්ෂණ්යකින් මා කල දේ ගැන මටම ලැජ්ජාවක් ඇති විය. ඔහු සමග පරිසරය ගැන වැඩි පුරම කතා කරන්නේ මමය. ඔහු හැදී ඇත. මා තවම හැදී නැත. ක්ෂණයකින් මම එම ගුලි කරන ලද කොල කෑල්ල අහුලා ගෙන සාක්කුවේ ලාගන්නා ලදි. නමුත් ඒ අවට කොල කෑලි ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනු දුටිමි. ටොෆි කොල, පත්තර කෑලි, පොලිතින් මලු ආදි නොයෙක් දෑ විය. ඒවා ගොහෝමයක් අප විසින් යම් යම් දෑ වෙනුවෙන් භාවිතා කොට ඉවත දමන ලද ඒවාය. මේ අකාරයෙන් අපි නොසිතා දිනකට කොතරම් ප්‍රමානයක් සුලු සුලු හෝ අප ද්‍රව‍ය “අක්‍රමවත්ව” පරිසරයට මුදා හරිනවා ඇතිද.!

ඉදිරියේ එන්නේ වැසි සමය බව දැන් දැන් පරිසරය විසින් අනතුරු අඟවා ඇත. වසංගත රෝග ආදි දෑ මිනිසුන් අතර පමණනක් නොව සතුන් අතරද පැතිර යනු ඇත. එවිට අප වැස්සට බනිනු ඇත. පරිසරය වැරදි නැත. අප බොහෝ සේ වැරදිය.හෙට කුණු ලොරිය උදෙම එනු ඇත. අප නිවසේද කුණු තොගය රැගෙන තවත් කුනු කන්දකට එකතු කරනු ඇත. කුණු පිරෙනු ඇත. අප නැසෙනු ඇත.

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )