මහ මඟ මැරීම

ඊයේ හිතා ගත්තා කොහොම හරි ආපහු ලියනවා කියලා.කොහොම හරි හාවා හඳ බලනවා වගේ කාලෙන් කාලෙට මගේ ලිවීමත් උඩ යට හින්දා මේ ගැනත් වැඩිය බැමි බදින්නේ නෑ. කොහොමින් හරි ලියන්ඩ මාතෘකාවක් හිතන කොටම මට ඔලුවට ආවේ අද ආපු මොරටුව පිටකොටුව බස් එක. කොල්ලු පිටියේ අද වෙනදට වැඩිය සෙනන හිටියේ බස් නැති හින්දද, එහෙමත් නැත්නම් පහ හමාරට පාරට ආවේ කාලෙකින් හින්දද කියලා හරියටම නිච්චියක් තිබ්බේ නෑ. කවදාවත් නැතුව විනාඩි දහයක් විතර ගාලු පාරේ එකම බස් එකක්වත් නැතුව හිටගෙන හිටියට, හිත තිබ්බේ මටවත් මතක නැති තැනක කියලා මතක් වෙන්නේ දැන්. සෙනග හිටියත් ආපු පලවෙනි බස් එකටම නැග ගත්තේ අදවත් කලින් ඇනෙක්ස් එකට යන්ඩ කියලා හිතාගෙන උනත්, නැග්ගේ මෝඩකම කියලා හිතුනේ බස් එක අස්සේ තිබ්බ කන්දොස්කිරියාවට.

බස් එකක් එනකන් බලගෙන හිටපු රොත්තක්ම පලවෙනියටම ආපු මේ බස් එකට නැගපු හින්දා බස් එකත් හොදටම පිරිලා. ඒ අස්සේ බස් එකේ තිබ්බ පීකර් දෙක එලොවක් නැතුව කෑ ගහන්වා. ඒ මදිවට බස් එකේ හෝන් එක. ඒකේ සද්දේ හරිම ඝෝෂාකාරී එකක්. වෙලාවකට හිතෙනවා බස් ඩ්‍රයිවර්ලා හෝන් එකට ඈම්ප් එකක්වත් හයිකරලද කියලා. ඔනවටයි එපාවටයි දෙකටම කන් පලාගෙන යන්ඩ හෝන් එක ගහනවා.

මිලාගිරියට එනතුරු කොල්ලුපිටියේ සිට එන වාහන ගාලු පාරට දමන්ඩ දැන් රථවාහන පොලිසිය ඉඩ දෙන්නේ නෑ.පටු ඩුප්ලිකේෂන් පාර මංතීරු දෙකක් උනත් වාහන පේලි හතරක් වත් තියෙන්වා. ලඟ බස් පේලිය,දුර බස් පේලිය,කාර් පේලිය,හතරවටින් යන ත්‍රිවීල් පේලිය, අස්සේන් යන බයිසිකල් පේලිය ආදි ලෙසය. මිලාගිරියෙන් ගාලුපාරට දැමු පසු දෙහිවලට එනතුරු ඇත්තේ පුදුම තදබදයකි. වාහන වැඩිය. ඒ වාහන ධාරිථාවට සරිලන මාර්ග අපට නැත. ඒ හැමටම වැඩියෙන් “විනයක්” ඇති රියදුරන් අපට ඇත්තේම නැත.

මාර්ග වල රථවාහන අර්බුදයට ඉතා විශාල වශයෙන් ත්‍රි රෝද රථ හා පුද්ගලික බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් රියධාවනය හේතුවී ඇත. මා පුද්ගලික වාහනයෙන් විනාඩි තිහෙන් යන ගමන පොදු ප්‍රවාහන සේවයෙන් පැය එකහාමාරක් අවම වශයෙන් ගමන් කරනවා. ඒ අනුව අවම වශයෙන් දිනකට පැය තුනක් මා මහ මඟ මැරෙමින් සිටිනවා. සතියකට එය පැය පහලොවක් විතර. ඒ කියන්නේ දිනකටත් වඩා වැඩි කාලයක් අපි මහ මඟ නිස්කාරනේ මැරෙනවා.

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

එක් අයෙකු මහ මඟ මැරීම සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. තිස්ස දොඩන්ගොඩ පවසයි:

    එක මිටට හේතු ටික ලස්සනට අල්ලලා තියනව..
    මේ දැක්ම නගර සංවර්ධන හා සැලසුම් නිර්මාපකයිනට ලැබෙනවනම්…
    ජය!

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )