ලිවීම හා සිතීම

මේ සාහිත්‍ය මාසයයි. අදත් තිෂාරා සමග පොත් කඩවල කරක් ගැසුවෙමි. අතේ සතපහක් නැතත් ණය පත පෙන්වා පොත් කීපයක් මිල දී ගතිමි. ස්වර්ණ පුස්ථකය සදහා තෙරුණු පොත් දෙස කෙල හලමින් බලා සිටි මා තිෂාරාගේ පෙරැත්තෙන් එය ප්‍රදර්ශණය එන තෙක් කල් දැමීමි. ඊයේ මා තවත් බාල වර්ගයේ මේසයක් ඇනෙක්සියට අරගෙන ආමි. ලෑල්ල බාල උනත් මිල නොතැකුවෙ පොත් ගැන ඇති තැකීම වැඩි නිසා බව සිතමි. බ්ලොගය අක්‍රිය වී ඇත. අනෙකුත් ලියන දෑද කෙසේ හෝ අඩුවී ඇත. මා ලියන දෑ කොතරම් වටිනවා දැයි මා නොදනිමි. නමුත් පෙර මෙන් මා නොලියමි. මා එයට මා විසිම හෙතුද හදාගෙන ඇත. නමුත් එය වැරදිය. එය වැරදි බව තිෂාරා හොදින් දනි. නමුත් මා තවමත් පෑනක් කොලයක් අල්ලා හෝ නැත. කුමක් හෝ දෙයක් හිතේ ඇතන් එය හිතෙන් පෑනටත් පෑනෙන් කොලයට එන්නේම නැත.

වෙනදා මෙන් මනස නිරවුල් නැති බව සැබෑය. නමුත් එය මාගේ ලිවීම නැවතුවේ ඇයි කියන්ඩ සිතා ගත
නොහැකිය. පෙර මා ප්‍රේමය ලද විට ලීමි. විරහව ලද විටද ලීමි. කදුල ගැන ලීමි. සිනහව ගැන ලීමි. පාලකයන්ගේ යගදාවලින් නැහෙන පීඩිතයන්ගේ දාඩිය ගැන ලීමි. ජාතිය ගැන ලීමී. පරජාතිය ගැන ලීමි. සාහිත්‍ය මාසයේද දැන සතියක් ගොස් ඇත. තව ඇත්තේද සතිවලින් තුනකි. එයද ගෙවි යනු ඇත.
තිෂාරා හරි අතර මා වැරදිය. නමුත් මා තවමත් සිතනුයේ ඇයි මම වැරදි කියාය..!!!

– උමන්දා ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කයිවාරු. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )