අප සේකර නිවැරදිව කියවා තිබේද..?


මහගම සේකර ( එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) මහතාගේ උපන් දිනය සිහිකරමින් එතුමා , එතුමාග නිර්මාණය හා එතුමාගේ පරිකල්පනය ගැන මාත් මගේ මිත්‍රයන් දෙදෙනෙකු එක්ව සිදු කරන ලද සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදි.

Umanda Jayobandara

“ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය පිළිබද සටහනක් ද තිබූ අතර,
පෑන පසෙක වැටී තිබුණා”

ඔහු නික්ම ගොස් තිබිණි…
හිමිගිරි කුළු ඉහළ නැගි වලා සිඹින
අහස පොළව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැග බැස පාවී යන
සිහින මුවා අසු පිට නැග
සතර කතර ගිම් සනහන
“මරණී” නම් කෙම්බිම වෙත”

“මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි”

ආදරණිය සේකර
ඔබ අමතකව නැත….
ඔබ ගත් මගෙහෙ ඉසඹුවක් හෝ
පිය නැග යමි
කෙසේ හෝ…..!!!

සේකරගේ මේ වචන
ඇහිදගත් කූඹියා මම වෙමි.
එකතු කලෙමි ඔහුගේ බර සාර දෑ
වස්සාන කාලයට යොදවන්න
හෙලු ඒ දාබිදට, ලැබෙන මේ ඇගයුම්
දැනේ වට විට මහා වැසි
නියන් සායෙන් පෙලුන මහී
ඉනික්බිති හිනැහෙන විලාසෙට

සේකර කියන්නෙ පැහැදිලිවම සංකල්ප නිර්මාණ කරුවෙක්. ඔහු සිද්ධාර්ථ චරිතය නිර්ධය ලෙස විවේචනය කරනවා. අපිට පේන්නේ සිද්ධාර්ථ තුල නූතන සමාජය කියවනවා කියලා ( මම කතා කරන්නේ ප්‍රබුද්ධ ගැන ) නෑ, ඔහු පහර ගහන්නේ බ්‍රහ්මීය වැඩවසම් අධිකාරි පාලනයට. සේකරගේ සංකල්ප වල මම නැතත්, ඔහු මට විශිෂ්ට වන්නේ නව සංකප්ල හැදූ කෙනෙක් ලෙසට. ලංකාවේ එහෙම උන් හරි අඩුයි.

දැන් බලන්න කවිසිළුමින ( අනේ සමාවන්න මගේ විශය විද්‍යාව මම පන්තිකාමර තුල හෝ දේශන ශාලාවල ඔය “සිංහල” ගැන කිසිදු අල බෝලයක් හදාරා නෑ. ) ඒකේ ආර හරි පැහැදිලියිනේ. එය සැදැස්ද, නිසදැස්ද..? එය පද්‍ය ද, කවිද, සිංදුද..?

Parana Liyanage Tilak Dayasiri
අදුනන මිනිස්සුන්ට මහගම සේකරව අමතක වෙලා ගිහින් තියෙන කාලෙක ඉතින්…ඔයාලා අපි වගේ නන්නාදුනන මිනිස්සු ගැන පොඩි විස්සවාසයක් එතුමන්ට ඒ දවස්වලත් තියෙන්න ඇති…..අවංකවම…උමන්ද…..මට මේ දැනුත් තියෙන කලකිරිම…මේ පේස්බුක් එකේ ඉන්න මහ විසාල ප්‍රමානයක් අපිට වඩා සේකර ගැන මතකයක් තියෙන්න ඕන කවින්ට ඇයි මේ මනුස්සය ගැන වචනයක් කතා කරන්න හිත දෙන්නැත්තේ කියල….

Umanda Jayobandara ‎@ Lilan Sameera
<<
නොදැනුවත්කම, කියන්න දෙයක් දන්නේ නැතී කම….
>>

නෑ ඒ කෙනා දන්නේම නෑනේ. ඒහින්දා අවුලක් නෑ. හැබැයි දැනගෙනත් ඉන්න උන් ගැන හරි දුකයි….මම පරනගේ මේ ගෲප් එකට නෙවෙයි “ගෘප් එකේ නමට” කැමති නෑ. “නිසදැස් කවි”….තව තියෙන්වා “සදැස් කවි” කියලා එකකුත්, මම හිතන්නේ තව අඩුයි “ෆේස්බූක් කෙටි කතා, ෆේස්බූක් නව කතා,” තව මොනවද ෆේස්බූක් චිත්‍ර…මෙවා මහ විහිළුනේ….
අපි නිර්මාණකරුවොනම් ඇයි මේ එක එක දේවල් වලට කොටුවෙන්නේ..?

සේකරගේ :

කළු කබා මහත ටයි
තරබාරු ප්රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්තා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්
රජයේ වර ලැබූ
වියාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
චන්දෙට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ගණ දෙතොල් උල් වූ නිය ඇති
අඩවන් තඩිස්සි ඇසි
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්..

ප්රබුද්ධ 10 පිටුව

මේ ක්තාව මෙහ්ම නොලියන්න අද මේ නිසදැස් කවි ග්‍රූප් එකත් නෑ..අපි සන්කල්ප වහලුන් වෙලා. සංක්ල්ප නිර්මාණ කරුවො වෙලා නෑ…
කෞරුථ් හිතුවද වෙනත් ආරෙක නිර්මාණ ශෛලියක් ගැන….නෑනේ…ඇයි අපෛත ස්දැස්, නිස්දැස් හයිකු තියෙන්නේ තව මොකටද…
හ්ම්
….. ඔන්න තත්වේ….

Parana Liyanage Tilak Dayasiri
……මම සේකරව දැනෙන්නෙත් ඔයාට තරම් ගැඹුරැ විදිහට නෙවෙයි….සේකර මට ගුප්ත හැගිමක්…මතක් කරනකොට නිකං ඇස්වලට කඳුලු ගන්න පුලුවන් නිමිත්තක්…

Umanda Jayobandara

ඒක තමා සේකරගේ අද්විතීය නිසඟ හැකියාව…
අභහවප්‍රාප්ත මහැදුරු සේනාධීරයන් ඉතා මනරම්ව කියන අර අමදෙවයන් කියන සේකරේ

“ඈත පෙනෙන් තනි තරුව නුඹයි” කියන ගීය ලියැවුන හැටි..
“රෝහන පේනවද අර තරුව, අර තරුව මගේ දිහාවට තමා එන්නේ….අර අර ඒ තරුව මගේ දිහාවතම එනවා..”

Colin Algama
සේකර කියන චරිතයේ කලාව අයින් කරලා පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඔහුගේ ජීවිතය ගලාගෙන ගිය වදිහ ගැන මොකද හිතෙන්නේ………..

Umanda Jayobandara
මට ඔහුගේ ජීවිතය නෑඹුල් වැටකෙයා මලක් වගේ…..කටු ගහණ අදුරු ගොම්මනක ඉහල අත්තක හැංගිලා පිපුණු, දසතම සුවඳ විහිදවු වැටකෙයා මලක්… අදටත් කවියන් තමගේ අපල වලට ඒ වැටකෙයා මල පුදනවා නොවේ ද..?

මා කියවා ඇති අයුරින් සේකරගේ දිවිය හරි සරළ සෞම්‍ය දිවියක්.ඔහු මිනිසාගේ මනෝරේඛා අහුලන්නේ හරි අමුතු දැක්මක ඉදලා. ඔහු සමාජයේ පීඩිතයාගේ ඉදලා ජේත්තුකාර ඉහල පැලැන්තියේ ප්‍රභූවරන්ගේ තේජස්කාර ලෝකේ පවා අතපත ගෑ අයෙක්.

සේකර-අමරදේව සුසංයෝගයද ඉතාම අපූරු කුලකයක්. මේ සම්බන්දව මහා පර්යේෂණාත්මක හැදෑරීමක් නැතන්, ඔව්න් හඬ ගෑ බස තුල ධිවිනිත ශබ්ධය නොකි කවියට ටිකා සපයන්නක් වෙයි.

Colin Algama
සේකරයානන් සැබැ ගැමියෙක්. අව්‍යාජ ගැමිකම ඔහුතුලින් පිටාර ගැලුවා.කිසිම දවසක කලාව මුදලට මාරු කලේ නැහැ.කලාව ධනයේ උල්පත බවට පත්කලේ නැහැ. ඉතින් අද දවසට සේකර කියනනේ නොගැලපෙන චරිතයක්.අද මිනිහෙකුගේ වටිනාකම හොයන කිසිවක් ඔහු තුල තිබුනේ නැහැ. ඔහුගේ ජීවිතය පුරාවටම පිරිලා තිබුනේ කලාව සතුට විකරයි. ඒකයි ඔහු අව්‍යාජ වෙනනේ.
ඔහුගේ ඉන්දියනු සංචාරයකින් පසුව ලංකාවට ගොඩ බසින විට ඔහුගේ අතේ තිබුනේ අම්මටත් බිරිදටත් එක බැගින් සාරි දෙකක් විතරයි…………..
හිතන්න අද දවසේ කලා කාරයෙක්ගේ තත්වය කොහොමද කියලා
අපි සේකරයානන්ව ගුරු කොට ගතයුත්තේ එනිසයි….

Umanda Jayobandara
මට යම් යම් කාරනා එක්ක , එම ප්‍රකාශයේ විසන්වාද තිබුනද, සමස්ත කාරනය පුරාම තියෙන මූලික අදහස එක්ක එකතු වෙනවා. මෙය තරම්ක් දේශපාලනික ( පක්ෂ දේශපාලනය නොවේ ) සංස්කෘතික හා ආර්ථිකමය තත්ව වලින් කතාවිය යුතු දෙයක් කියලා තමා මම හිතන්නේ. මම දන්නේ නෑ, එවැනි සංවාදීය පාරිසරිකයකට මෙම එකමුතුව තුල කෙතරම් ඉඩක් තියෙන්වද කියලා. කොහොම උනත් හැපෝටම පොදුවෙන්න මම මෙහෙම කියන්නම්.

කලාව කියන දේ සංස්කෘතිය මත රදාපවතින දෙයක්. සේකර යනු ද අප අද අත්විදින සංස්කෘතියේම සිටි අයෙක්. “කිසිදු” වෙනසක් නෑ. වෙනස්ක් වී නම් තාක්ෂණයේ යෙදීම් පමණමයි.

එහිදී සේකර ගැමියෙකු වීමටත් වඩා ඔහු ඔහුගේ අපූරු “විදිහ” ගොඩ නගා ගන්නේ ඔහුගේ වියුක්ත පරිකල්පනය තුලින්.

“දෑතේ කර ගැට සිප සනසන්නට ලාගොයමේ” (මට පද මතක නෑ ) ගීයෙන් අපේ කම්මැලි කම දකින සේකර

“ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්. ”

ලියා සමාජීය දර්ද්‍රතාවයත් දනපති ආර්ථිකයේ පිඩිතයන්ගේ අදෝනාවත් මහ අපූරුවට කියනවා.

විටෙක ඔහු සිද්ධාර්ථව ගෙන ඔහුට ඉතා නිර්ධය ලෙස පහර ගසනුයේ, ඒ මහා නිදුකානම් මේවා තිබේන නූතනයේ පැන නොනගිමින් එකල පහල වූයේ මක්නිසාද යන මහා හිතේ දුකකිනි.

Colin Algama
ඇත්ත සේකරයන් ගැන කියවීම මටනම් දේෂපාලනිකයි. ඔබ නිවැරදියි ඒ සම්බන්ධයෙන් දිගු විවේචනයන් බොහෝ දෙනෙකුට අකැපැයි. මන්ද මේ යුගයේ බලාපොරොත්තු වලට සේකරගේ දැක්ම බාධාවක්.
හැබයි මම හිතන්නේ සේකර ජීවත් වූ යුගයේ ධනවාදය මෙතරම් දුරකට ගිහිල්ලා තිබුනේ නැහැ. ඒ යුගයේ හැම දේම විකුනන තත්වයට පත් වෙලා තිබුනේ නැහැ.අද සියල්ලටම මිලක් තියෙනවා.

Colin Algama
“මා මැරී සිටි එකල
සිතන සේ ඔබ
වී නම් මා තුල කාලි දස්සකු
හසළ කිවි කම්
ඒ කිවිදු මරාගෙත
මා යළිදු ඉපිද ඇත”

සේකරයානන් රචිත කිවිදුගෙ සොහොන නම් කවියේ අවසන් කොටස (බෝඩිම-පිටු අංක 47)

Parana Liyanage Tilak Dayasiri
මම මේ අතරමැදින් පැනල මෝඩ ප්‍රශ්නයක් අහනවද මංදා???….සේකර කියන්නේ විප්ලවකාරි චරිත ස්භාවයක් තිබුනු අයෙක්ද?

Umanda Jayobandara මම දන්නේ නෑ ඇයි ඔබ දේශපාලනයේන් විතරක් දකින්නේ කියලා, මට සේකරව කියැවීමට අනෙක් ආර්ථික හා සංස්කෘතික සාධකත් උමනාකරනවා.

හරි

ඔය තත්වය ලංකාවට එන්නේ 71 විවෘත ආර්ථිකය හදුන්වා දීමත් එක්ක. හැබයි ගෝලිය තත්ව යතතේ එනම් ගෝලීය ධනවාදය හා ලිබරල්වාදි ධනේෂ්වර ආර්ථික, සංස්කෘතික අධිස්ථාපනය පැහැදිලිවම තිබ්බා. ( මේ මා හැදැරු ඓතිහාසික කාරනා මත මාගේ දැක්ම ) ඔය කාලෙනේ රැඩිකල්වාදි මාක්ස්වාදී වාමාංෂික, මාක්ස්වාදි උගතුන් ( මම කියනව ඔවුන් රැඩිකල් වාදී කියලා ) පවතින ක්‍රමයට විරුද්ධව මාක්ස්වාදි දෘෂ්ටාන්තය පොදු ජනයා රැදි බිම්මට්ටමට ගෙය යන්නේ. ඒක වෙනම් අති දේශපාලිණික සංවාදයක්. එයට මා මෙසේ තිත තබන්නම්.

මම දන්නේ නෑ විශේෂයෙන් අපිත් නියෝජනය කරන අපේ තරුණ පරපුර “ඇයි” නොසිතන්නේ අපි “සමස්ථයම” මහා ලොකු තඩි වලක වැටිලා “බක බක” ගාන ගෙම්බො කියලා. විශේෂයෙන්ම තරුණ පරපුර.

බලන්න සේකර හරි අපූරුවට ඒක දකිනවා. හීගඩු පිපෙන වචන වලින් “සක්වාලිහිණි” තුලින් එය ඉදිරිප්වත් කරනවා

“විළිබරව අතු අතර
වැදී සැඟවී සිටින
නැවුම් සුදු මල් කැකුළ
විණි මුතුව මල්වරව
විදා මුතු දසන් පෙති
සිනාසෙයි ලෝකයට

දිනක් දෙදිනක් මෙලෙස
අවට ලොව එළිය කොට
සිනිඳු පෙතිවල මෙළෙක
පිණි පොදට සේදෙමින්
ඉන් නැඟුණු සුදු සුවඳ
සුළඟ හා එක්වෙමින්
පිපුණු මල සදහටම
මැරී පරවී වැටෙයි

ඉන් පසුව ඒ අවට
පාළු හිස් ලෝකයට
ඉතිරි වනුයේ කිමද
නටුව අග කටු පමණි. ”

මේක හරි ඇත්ත තත්වයක් නේ. මට මේ සම්බන්දව ඉතා දැඩි මෙන්ම නිර්ධය විවේචනයක් තියෙන්වා මේ, පුස් වාමාංශික පුද්ගලයන් හා සංවිධාන සම්බන්දව. මේක හරි ඇත්තක් ඒවගෙම හරිම ඛේදවාචකයක්. මේක සංවාදිව පිටු ගනන් කොමෙන්ට් දාන්න පුලුවන් ඉතා පුලුල් තත්වයක්. අපි පාර ලොකු කර ගන්නේ නැතුව සේකර එක්ක ගමන් කරමු.

මම මෙහෙම කියනවා, දැන් මේ මිත්‍රයාගෙම වචනවලින් කියන පරිදි හැමදේම විකිණන්වා කියන දේ..හරි..සහතික ඇත්ත. ඒ තත්වයටතේ “ජෝ” , “ජයන්ත චන්ද්‍රසිරි” “කේමදාස” “රත්න ශ්‍රි” වෙලඳ භාන්ඩ උනා. ඕක ඔය මිනිස්සුන්ගේ වැරැද්ද නෙවෙයි. ඔබතුමා මම හිතන්නේ හොදින් වටහාගනී මෙය. මෙය යැපුම් ආර්ථිකයේ අනිවාර්ය ක්‍රියාදාමයක්..

අපි සකස්විය යුත්තේ අන්න එකි තත්වය හදුනාගෙන, එයට අප කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න තුල බවයි මගේ පුද්ගලික පිලිගැනීම.

Colin Algama
අනේ නැහැ සහෝ සේකර විප්ලවය ගැන ගිරිය පුප්පන් කෑගහපු කලා කාරයෙක් නෙමෙයි.හැබයි කවිය තුල විප්ලවයක් කරපු කවියෙක් .මොකද කවියේ ආකෘතිය වෙනස්කරලා නිසදැස් කවිය ඉදිරියට ගේන්න ලොකුම කැප කීරීමක් කරපු කවියෙක්.
පුංචි උෘන පුර්ණයක් තියෙනවා මදු විතත් දුම් වැටියත් සමග මිතුරු වු සොදුරු සරල මිනිසෙක්………

Parana Liyanage Tilak Dayasiri
කොලින් ටික වෙලාවකට ඉවත්වුනා…මම හිතන්නේ…ඒ අතරේ මට තියෙනවා…මම නියෝජනය කරන මට්ටම වෙනුවෙන් පැහැදිලි කිරිමක් කරගන්න…..සේකර නොවිකුනුනු කලාකාරයෙක් විදිහට අදුන්වන්න පුලුවන්..ඒ වගේම මෙතනදි කියවුනා සේකර සිටි යුගයේදි….ධනවාදි ආර්තිකය මේ තරම් අපේ සමාජයට බලපැමක් කරල තිබුනේ නැ කියල….වැරදිලාවත් සේකර අද වන තුරැ ජිවත්ව සිටියානම්…ඔහුත් විකිනිමට ලක්වන්න තිබුනා කියන එකද ඒකෙන් ගම්‍ය වෙන්නේ…..

Umanda Jayobandara
මෙහෙමයි පරණ, මම දන්නේ නෑ මේක තමා ඛේදවාචකය, අපි “විප්ලවය” කියන වචනය දුටු ගමන් හිතට ගන්නේ කඩු පොලු උද්ගෝෂණ, ක්දුලු ගෑස්, බෝඩ් ලෑලො සටන් පාට, වෙඩි මූනිස්සන් අන්න ඔය කී නොකී දෑනේ.

පරන, අපි ඉතාම ඉතා සංකල්පීයව පිරිහිලා ඉන්නේ අද වෙන කොට… අපි යන හසරක් දන්නේ නෑ…

දැන් ඔය කියන විදිහට මගේ නම් පිළිගැනීම බුදුන් වහන්සේ තමා මම දුටු අති විශිෂ්ටම විප්ලව වාදියා.

මම දන්නේ නෑ මගේ මේ ප්‍රකාශ කොහොම බාහිර පිලි ගනීද කියලා, අර “ඉරා අඳුරු පට” කියලා තියෙනවා වගේ අපි අපි වටා තියෙන පටල ගැලවිය යුතුමයි.

සේකර මට අග්‍රගන්‍ය විප්ලවවාදියෙක්. ඔහු ඔහ්ගේ විප්ලවය තුල සාර්ථකයි.

Colin Algama
ඇත්ත , ඇත්ත, ඇත්ත, පච්චම පච්ච ඇත්ත. ඔය කරුණ නිසා තමයි අපිට දේෂපාලනයෙන් ඉවත්වෙන්න බැරි ඕක තමයි නව ලිබරල් ධනවාදයේ ගැටලුව. අපට කොහෙත්ම අවශ්‍යනැති දෙයක් අපේ අවශ්‍යතායක් බවට පත් කරණවා ඊට පසසසේ අපිට හගවනවා ජීවිතේ සතුට ලබන්නම් ඒ අවශ්‍යතාවය ඉටුකරගත යුතුයි කියලා . ඉතින් අපිත් සියල්ල අමතක කරලා දුවන්න ගන්නවා අන්න එතනදි තමයි අපිට සේකරයන්ව නැවත කියවන්න වෙන්නේ …….
ඉතින් මේ ගැන කතා නොකර බොරුවට වටේ යන්න බැහැ. මේ හැමදේම දේෂපාලනිකයි (පරනේ නැවත වරක් සිතා බලන්න අපි කතා කල දෑ ගැන මන්ද සුක්කානම ඔබ සතුයි).

Umanda Jayobandara
අද සේකර විකිනෙනවා කියන කාරණේ මම ඉන්නවා.අද සේකරව කීදෙනෙක් මාර්කට් කරනවද….?

Parana Liyanage Tilak Dayasiri
මමත් දකින එකම විප්ලව වාදියා බුදුන් වහන්සේ පමනයි….මොකද….අපි දකින හැම විප්ලව වාදියාම කරන්නේ අනුන්ට ජයගන්න පාර කියාදෙන එක මිසක් තමන්ව ජයගන්න උත්සාහ කරන එක නෙවෙයිනේ…..ඔබ දකින කෝනය මම දන්නැ…මම බුදුන් එකම විප්ලව වාදියා ලෙස දකින්නේ..එතුමන් ජයගන්නට විප්ලවය කලේ තමන්වම නිසයි…..

මමත් විස්වාස කරනවා…සේකරත් සමාජය ආකල්පමය විප්ලවයකට යොමුකරන්න මග පැදුවා කියල…..මතවාද අතර පරස්පර ඇතත්…අපි තිදෙනාම ලෝකය දකින මානව ගුනය සමානයි කියල මම හිතනවා….ඒ දැක්මට සේකරයන් යම් මෙහෙයක් කරල තියෙනවා…..නැතිනම් අපිට මගකියාදිමක් කරල තියෙනවා…..

Colin Algama
ඒක හරි පරනේ හැබයි ඒ විප්ලවය ලෝකොත්තරයි. පරම සැප නිවන.මම ඒකට එකගයි.
හැබයි සේකර විතරක් නෙමේ බදුන් පවා අද විකිනෙනවා.ඉතින් මේ විකිනිල්ල කරන එවුන්ට විරුද්ධව යමක් කතා කරනවා කියනනේ දේෂපාලනික දෙයක් බුදු දහම විකුනන් කන එවුන්ට ඇටෑක් කලොත් ඒක ආගම ගැන කතා කිරීමක් (හිතන්න දැනට ටික කලකට පෙර පිටිදූවේ සිරිධම්ම ගැන විවේචන ඉදිරිපත් කල අයට සමාජය හිනාවුනා . අද සමාජය පිටිදුවේ සිරිධම්මට හිනා වෙනවා……………..)

Umanda Jayobandara
හ්ම්…නා නත්ත කායා නා නත්ත සංඥා…හ්ම් “මේ හැමදේම දේෂපාලනිකයි” කියන දේ ඉතා ඉහලින්ම මම “ඉවත්” කරන “බැහැර” කරන සංකල්පය. දේශපාලනය එක් සංරචකයක් පමණයි.

මෙයට

නෙරුඩා, හේගල් , මාක්ස්, ලූකාෂ් පමණක් නොව,
ෆ්‍රොයිඩ්, බ්‍රෙස්ට්,
පමණක්ද නොව, අයින්ස්ටයින්, නිව්ටන්, ,ප්ලාන්ක්, ස්වීඩීන්ගර් පමන්ක් නොව

නාගර්ජුන පාදයන්, කොන්ෆියුසිස්, තාගෝර්, “අශෝක” ආදි අයවලුත් නිදහස්ව කියැවිය යුතුයි.

“සියල්ල දේශපාලණික නැ” කිය්න මතේ තමා මම නම් ඉන්නේ.

🙂

Colin Algama ඔබේ මතයට ගරු කරමි.

Parana Liyanage Tilak Dayasiri
උමන්ද කියන තරම් ගැබුරැ විග්‍රහයකින් නෙවෙයි….ඒත් සියල්ල දේශපාලනික නැ….කියන සරල සිතිවිල්ල මාතුලත් තියෙනවා….

Parana Liyanage Tilak Dayasiri
අපි සේකරගෙන් පිට යනව වගේ නේද????

Colin Algama
නැහැ පරනේ සේකර විවර කරපු මාවත ඕක. අපිට යන්න පුලුවන් මාර්ග දෙකක් තියෙනවා
එකක් නිවන ඒක සදාතනිකයි.
අනික වඩා යහපත් හෙටක්.
මගේ මග දෙවැන්න ඒකට යන මග වැටීතියෙන්නේ දේෂපාලනය හරහා
පලමු මග යන්නන් සුගතියට පත් වන්නන් හැබැයි අවංකවම එමග යා යුතුයි

Umanda Jayobandara
ස්තුතියි Colin මහත්මයා ,ඔබේ නිහතමානීකමට මාද ගරු කරනවා

……………

පරණ, ඔබ හරි හරි අපි පොදු රාමුව තුල සේකර කතා කරන විට ගොඩක් පිට ගිහින්. මම හිතන්නේ මෙකත කොලින් මහත්තයත් ගොඩක් එකඟ වෙයි. ඕක වෙනවා පරන. අපි පරිස්සම් වෙමු අපේ සීමාවන් තුල සිටීමට. නැත්නම් නිසදැස් කවි තුල දේශපාලනය ආර්ථිකය කියලා මේ පිස්සු කියවනවා කියලා පොදු රමූව දකීවි,

අපි සරළ සිද්ධි වලින් සේකර කියවමු.

තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ලමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා… පරණ, ඔබ හරි හරි අපි පොදු රාමුව තුල සේකර කතා කරන විට ගොඩක් පිට ගිහින්. මම හිතන්නේ මෙකත කොලින් මහත්තයත් ගොඩක් එකඟ වෙයි. ඕක වෙනවා පරන. අපි පරිස්සම් වෙමු අපේ සීමාවන් තුල සිටීමට. නැත්නම් නිසදැස් කවි තුල දේශපාලනය ආර්ථිකය කියලා මේ පිස්සු කියවනවා කියලා පොදු රමූව දකීවි,

අපි සරළ සිද්ධි වලින් සේකර කියවමු.

තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ලමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…

-ළමා ගී

දැන් බලන්න සමාජයේ අපිට නිතරම ඇස ගැටෙන දෙයක්නේ මේක. ඒක සේකර ලමා මනසට දාන ආකාරය හරිම හරි අපූරු සියුවමක් වගේ නේ. දරුවා සඳට යන සංකල්ප්ය තට්ටු දෙකේ බසයෙන් මවා ගන්නවා. එතුල ඔහු චිත්තරූප් මවා ගන්නවා. එයින් අනාගත රොකට් ඉන්ජිනේරුවෙක් බිහිවීමේ පලමු වෙඩිමුරය පත්තු නොවන්නේද..?

සේකරගේ මා දුටු මුදුන් මල්කදක් බදු කෘතිය “ප්‍රබුද්ධ” එතුල මා දාස් කැපිටල් කියැවීමෙන් ලත් ප්‍රීතියට වඩ ප්‍රිටියක් ලැබුවා. එය මහා විශාල කාව්‍යමය සිද්ධාන්තයක්.
රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….

බෙදා ගෙන මහ පොළව
පර්චස් තිහට, තිස් පහට, හතළිහට
ගසා කටු කම්බි හත් අට පොට
තබා කබොක් ගල් බැඳ උස තාප්ප
දමා ගේට්ටුවට යකඩ ඉබ්බන්.

සිරවී සිටියෝය ඔවුහු
මුළු දහවල් දවස තුල
තමන්ම තනා ගත් ඒ සිර කඳවුරු තුල.

බැස ගොසින් ගිනියම් ඉර
උදාවිය පෙරගිරින් පුරා හඳ
වෙනදාට වැඩි කලඑළියට
මහතට හා වට රවුමට
දැල්වින ගෙයින් ගෙය වෙසක් කූඩු
පාට පාට බකට් පහන්
පියසි අගින් අතුපතරින්

බැලුවෙමි මිදුලට බැස.
පුදුමයක් ය!

වෙසක් පහන් වලින් ගලන
සවණ්ක් ගන රැසින් වැසී
පොළව බෙදූ තාප්ප හා කටු කම්බිද
මොහොතින් අතුරුදන් වී ගොසින්ය.

ලෝකය තනි යායකි.

ප්රබුද්ධ, පිට 58

සැ:යු: මම මේ සේකරගේ කවි රචනා උපුටා ගන්නේ ඔහුවෙනුවෙන් ඇති බ්ලොග් අඩවියෙන්
(http://mahagamasekera.blogspot.com/)

ඉහත උපුටනය ප්‍රබුද්ධ තුල ඇති කොටසක්, මෙහි ඉතා නිර්ධය ලෙස රාජ්‍යසේවය ගැන කතා කරනවා.. මම කියනවා ලංකාවේ මිනිසුන් “කුම්මැහි” වීමට එක කාරනය්ක් ලෙස යටත්විජිතවාදින් හදුන්වාදුන් මෙම “රාජ්‍ය සේවය” නැතිනම් වරප්‍රසාද ලාබී නිළධාරි ක්‍රමය. සේකර එය බැහැර කරනවා.

රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….

මෙයින් මෙම දෙයට රාජ්‍ය සෙවකයා නොව එහි යාන්ත්‍රනය වැරදි බව සේකර දෙන අපූරුව බලන්න.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

12 Responses to අප සේකර නිවැරදිව කියවා තිබේද..?

  1. Parakrama Bokalawela පවසයි:

    මම (එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) කියන ඉහත ඇති වෙබ් එකට ගිහින් බැලුවා ඔහුගෙ ජීවිත කතාව. නමුත් කිසිම තැනක ඔහු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටි කාලයක් ගැන සදහනක් නෑ (?). ඔහු කෙටිකාලීන යමක් එහිදී කල බවයි මට කියා තිබුනේ.

    කැමතියි

  2. Parakrama Bokalawela පවසයි:

    මම මහගමසේකරව එකම සැරයක් දැකලා සහ කතාකරලා තියෙනවා. ඒ 1971 විතර ගම්පොල තිබුන ඉහලපෙලේ උත්සවයකට ඔහු ඇවිත් ඉන්නකොට අප්පච්චි මා සහ අප පවුලේ අයව ඔහු ලගට ගොස් අදුන්වා දුන් අවස්තාවෙ. මම පොඩියි, නමුත් මට ඔහු ගැන මතක එකක් ඇර එකක් සිගරට් බිබී හිටි කෙනෙක් කියලා විතරයි. ඊට ටික කලකට පසු ඔහු මියගියා.

    කැමතියි

  3. Parakrama Bokalawela පවසයි:

    මගේ අප්පච්චි සහ මහගමසේකර පේරාදෙනියෙ විශ්වවිද්‍යාලයෙ එකම කාමරේ ඉදලා තියෙනවා (මට මතක හැටියට “මාස්” හෝල් එකේ). අප්පච්චිගෙ නම සේකරබන්ඩා බොකලවෙල (මැරිලා හුගක් කල්). අප්පච්චි කිව්වා ඒ දවස්වල මහගමසේකර පොතක පිටපැත්තෙ “නුබත් සේකර මමත් සේකර” කියලා ඒ දෙන්නා ගැන කවිපෙලක් ලිව්වා කියලා. කවුරුහරි එහෙම කවිපෙලක් ගැන අහලා හෝ දැකලා හෝ තියෙනවානම් කරුනාකර මටත් එය ලැබෙන්ට සලස්වන්ට. (සමහරවිට එය කවදාවත් එලියට එන්ට නැතිව ඇති. මම මහගමසේකරගෙ කිසිම කවියක් කියවා නැති කෙනෙක් )
    bokalawela@yahoo.com
    (Australia)

    කැමතියි

  4. dil පවසයි:

    ඔයා ගොඩක් සේකර ගැන දන්නවා…….සේකරව දැකලා විතරක් නෙවේ තාමත් හොඳට ආශ්‍රය කරනවා වගේ…ලිපිය අතිවිශිෂ්ඨයි.

    කැමතියි

  5. hsumudupriya පවසයි:

    මම සේකර මහත්තය ඉපදිච්ච ගමේ ඉන්නේ. ඇත්තට ම මේවා දකිද්දී මට සැකයි සේකර මහත්තය ඉපදුනේ මේ ගමේ ද කියලත්? උමන්ද ජයෝබණ්ඩාරට, අපේ පරණේ අයියට සහ කොලින්ට මහගම සේකරයන් නැවත අවදි කරවන්න තියෙන උවමනාව, එතුමා ඉපදුන ගමේ මිනිසුන්ට නැ. කේ.ජයතිලක මහත්තයත් අපේ ගමේමයි. මම පහ වසරට එනකම් ගියෙත් සේකර මහතාගේ ඉඩමේ ඉදිකරපු මහගම සේකර මහා විද්‍යාලයට. මට නම දැනෙන්නේ මහා කලකීරීමක් සහ ඔබලා තිදෙනා ගැන සතුටක් පමණයි.

    කැමතියි

  6. kumaraya පවසයි:

    මම සේකර ලියපු හැම එකක් ම කියවපු කෙනෙක් නෙවෙයි.[විශේෂයෙන් කවි] නමුත් සමහර ඒව කියවල තියෙනව.
    ඉතින් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    කවුරු ඔහුව මතක් කළත් .. නැතත් .. පොදු ජනයාගෙ සිත් සතන් තුළ .. ඔහු හැමදාම ජීවත් වෙනව.

    කැමතියි

  7. මමත් ඉතාම තදබල ලෙස සේකර රසිකයෙක්. මමත් ඔහුගේ දකින විශේෂම ලක්ෂණය තමයි ඔහු සංකල්ප නිර්මාපකයෙකු වීම.සමාජය හොල්ලන්න පුළුවන්, සමාජය ඉදිරියට ගෙනියන්න පුළුවන් මහා ජවයක් ඒ නිර්මාණ තුළ තියෙනවා. රාජතිලක ප්‍රියන්ත හා ලයනල් අවසාන වෙන හැටි කියෙව්වාම ඒක හොඳින්ම දැකගන්න පුළුවන්.
    අනිත් අතර සංකීර්ණත්වයට වඩා සරල බව ඇතිකිරීමයි අසීරු. ඔහුගේ නිර්මාණ වල මානයන් ගණනාවක් තියෙනවා. ඒත් සරලයි සුගමයි.
    මම සේකර රසිකයෙක් වුනේ කුඩා කාලෙදි, ඒත් ඒ කාලේත් මේ කාලෙත් මට එක වගේම සේකර රස විඳින්න පුළුවන්. මම වයසින් දැනුමෙන් මෝරනකොට අර කවි වලට අළුත් මානයන් එකතු වෙනවා. අළුත් තේරුම් ලැබෙනවා.
    සේකර කාලය විනිවිද යන කවියෙක්.ඒ මොකද සේකර මියගිහිනුත් දෂකයකටත් මෙහා පැත්තෙ ඉපදිච්ච කෙනෙක් වන මට තාමත් ඒ නිර්මාණ යල් පැනලා නැති බව පේන නිසා. සමහරවිට මේ ඔහුව වැඩියෙන්ම අවශ්‍යවන කාලය වෙන්නත් පුළුවන්.
    සිහිනය මිය නොයා යුතුය

    කැමතියි

  8. පවනි තරංගා පවසයි:

    මම නම් මහගමසේකරයන්ගේ ජීවිතය පිළිබඳ අධ්‍යයනය කර නැත. නමුත් එතුමන්ගේ නිර්මාන නම් බොහෝමයක් රස වීඳ ඇත්තෙමි.
    ගැඹුරු රසාස්වදයක් ලිවීමට තරම් මා දක්ෂ නොවෙමි. නමුත් සිංහල බ්ලොග් කලාව තුල ඉසිරී පැතිරී තිබෙන බොළඳ පෙම් කතා, සහ අසංවර වචන භාවිතය පිළිබඳව නම් බොහෝ සේ කළකිරී සිටින්නෙමි…
    මහ කතරක පිණි බිඳුවක් සේ මෙම බ්ලොග් පිටුව දකිමි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )