බටහිරයන්ගේ මීලඟ ආක්‍රමනය හා ශ්‍රි ලංකාව

බටහිරයන් ශ්‍රි ලංකාව තුල යුධමය ආක්‍රමනයක් සිදු කරනු ලබයිද..? ශ්‍රි ලංකාවටත් ඉරාකයට මෙන් නේටෝ ප්‍රහාර එල්ල වීමක් සිදු වේද..?

පැහැදිලිවම එය සිදුවනවා. එසේ වන්නේ ඇයි. ඉරාකය සතුව ඉතා විශාල තෙල් සංචිතයක් පවතින අතර, ඉරාකයට පහර දීම තුල එකී තෙල් නැමති ආර්ථිකමය ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පත ලැබෙනවා. නමුත් ලංකාව තුල මෙතෙක් එවැනි “වස්තුවක්” තිබෙන බවක් කියැවී නෑ. එසේ නම් කුමන හේතුවක් නිසාද බටහිර බලවේග ශ්‍රි ලංකාව ආක්‍රමණය කරනු ලබන්නේ.

එය වෙන කිසිවක් නොව “ථෙරවාද බෞද්ධ සංස්කෘතියි”. බටහිරුනට ඇත්තේ ප්‍රභල ප්‍රතිරෝධ 2ක් පමනි. (සංස්කෘතිකමය ) ඉන් පලමු වැන්න “ථේරවාද බෞද්ධ සංස්කෘතියයි” දෙවැන්න “මුස්ලිම් සංස්කෘතියයි”. මෙහිදි ඒ දෙකම ක්‍රිස්තියානු නූතතන්වයට එරෙහිව ක්‍රියාත්මක වීම සිදුවන අතර, ( බලපෑම පැහැදිලිවම දෙකකි ) එතුල බටහිරුන්ගේ පැවැත්ම උදෙසා ඔව්න් එම තර්ජන නැසීම කරනු ලබයි.

අප ඉතා පරෙස්සමින් වටහා ගත යුත්තේ එය කෙසේද සිදුවන්නේ කියන කාරණයයි. නමුත් මෙයට සිනා වෙන, බටහිර දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව හා සියවසක් පමන “යල්” පැන ගිය පුස් ප්‍රවාද ඔලුවේ තබාගෙන “නන් දොඩන” සමහර “වාමාශිකයන්” කරනුයේ බටහිරුන්ට කඩේ යන “ඇන්කර්” ක්‍රියාවකි.

ඔවුන් ඊනියා අන්දමින් “යුදෙවු ග්‍රික ක්‍රිස්තියානි නූතතන්වය” තව තවත් සිංහල බෞද්ධ මනස් තුල පත්තියන් කිරීමට පෙල බෙනුයේ ඉන් ඔවුන් හා ඔවුන්ගේ මතවාදයේ “ස්ථිතික” පැවැත්ම උදෙසාය.

සැබවින්ම, මෙහිදි අප කලයුතු දේ විශාලයි. එහිදි අප භෞතිකමය දියුණුව සේම, අධ්‍යාත්මික දියුණුවද ලගා කර ගැනීම අවැසිය.

පසුගිය කාලයේ ලංකාවට කාඩිනල් පදවියක් ලැබෙනුයේ කුමක් නිසාද..? වෙන රටක් මේ සදහා නොතිබුනිද..? මෙහිදි ඔව්න් ඉතා සූක්ෂම ලෙස සියුම් තැන් වලට පහර ගසමින් සිටියි. මෙහිදි මා හට ඉතා සාධාරන සැකයක් ඇතිවෙනවා “සර්ව ආගමික” අටමගලය. ඔවුන් ඉතා නිර්ලජ්ජිත ආකාරයට බුදු දහම “ආගමක්” කොට ආගමික ලක්ශන ඈදනවා.

එසේම බටහිර දැනුම මත සිටිමින් ගී ගයන පඬුවන් බුදු දහමට “දර්ශනයක්” යන තැනද ලබා දෙනවා. අපේ සමහර භික්ෂූන් වහන්සේලාද “බුදු දහම” දර්ශනයක් යැයි බණ කීම නොදැනුවත් කමින් වන්නක්ද..?

බටහිර මීලඟ ආක්‍රමනය ඉතා ලගය. අප ඒ සදහා සූදානම් විය යුතුය.

අපට සංග්‍රාමීය යුද්ධයක් කල හැකි නොවේ. නමුත් ආකල්පිය හා සංස්කෘතිකමය යුද්ධයක් කල හැකි වෙයි. එයින් අප ජය ගැනීමද කල හැකි වෙයි.

අප හැකි පමන දේශිය නිෂ්පාදනයත්, දේශිය ආර්ථිකයත් නංවා ඒ පිලිබද වඩා වැඩි අවධානයකින් කටයුතු කල යුතුවෙයි. එතුලින් ඔවුන් ඉරාකයට කරාක් මෙන් අපව කුසගින්නේ තබා පහර ගැසීම නවතා ගත හැක. එසේම අප අපේ අපනයන වෙළදපල බටහිරින් මුදවා ගත යුතුය.එහිදි අප ආර්ථිකමය ලෙස ස්ථිකත්වයක් ලබා ගත හැක.

එසේම රටතුල මතවාදි එකසත්කමක් ඇති කල යුතුය.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

බටහිරයන්ගේ මීලඟ ආක්‍රමනය හා ශ්‍රි ලංකාව සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. Lakshman Hettige පවසයි:

    Boru Liyanna Epa.
    Aththa danagena katha karanna.Api American gaththo newei.Nodanna dewal katha karala aththa prasna yata gahanna epa.Pathala saha hora thakkadingen rata bera ganna katauthu karanna.
    Minissunge oluwa aul karala nathi dewal mawanna epa.
    Rate sadacharaya, vinaya , neethiya rakena samajayak goda naganna uthsaha karanna.Ada naththeth eyai.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )