පටිච්ච සමුප්පාදය හා නිවුටන්

යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී
යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි

-මහාහත්‌ථිපදොපම සුත්‍රය

පටිච්ච සමුප්පාදය නිවුටන්ගේ චලිතය සම්බන්ද තුන්වන නියමයෙන් තේරුම් ගත හැකිවේද..?

නිවුටන් චලිත නියම වලින් කියනේ කුමක්ද..?

ඔහු පලමු නියමයෙන් කියනවා ලෝකය “වස්තු” එක්කො “චලිත” වෙනවා. නැත්තම “නිශ්චලව” තියෙන්වා. චලිත වන වස්තුවක් නිශ්චල කිරීම හෝ නිශ්චල වස්තු චලිත් කිර්ම හෝ කරන්න පුලුවන් වෙන්නේ

1 “බාහිර”
2 “අසංතුලිත”
3 බලයක් “වස්තුව මත” යෙදීමෙන් හෝ ක්‍රියා කිරීමෙන්
කියලා.

ඊට පස්සේ නිවුටන් කියනවා, චලිතවන වස්තු ගැන විතරක් සලකලා, එහෙම චලිත් වන වස්තුවල “ගම්‍යතා වෙනස්වීමේ සීග්‍රතාවය” යෙදෙන බලය මත අනුලෝමව සමානුපාතික වන පරිදි රදා පවතිනවා කියලා.

හැබැයි නිවුටන් මේ කතා කරන්නේ “චලනය” වන වස්තු ගැන විතරයි. නමුත් ඔහු ඉහලින් “නිශ්චල” අවස්ථාවක් ද කියන අතර ඉන්පසු කිසි විටෙක නිශ්චල වස්තු ගැන කියන්නේ නෑ. ලොව ඇත්තේ නිශ්චල වස්තු පමනද.? නොයේසේනම් සියල්ල චලිත වනවාද..? ඇයි නිවුටන් නිශ්චල වස්තු ගැන සදහන් කලේ. එහිදි නිවුටන් නිරීකෂකයා හා සමුදේශ රාමු යන්න ව්‍යුත්පන්න කරනවා. එනම් නිවුටන් නියම “වලංගු” වන්නේ “අවස්ථිතිම නිර්දේශ” රාමුවක පමණි.

දෙවෙනි නියමට අනුව එයට ගණිතමය ව්‍යුත්පන්නයක් ගොඩ නගන අතර එය අන් කිසිවක් නොව සුප්‍රකට “F = ma” නම් සමීකරණය.

නමුත් ගණිතමය ලෙස එය නිවැරදි වෙයි.එතුල “මහෙක්ෂිය” අවස්ථා, නොයෙසේ නම් “ඉන්ද්‍රියගෝචර” (පටලවා නොගන්න ) අවස්ථා සදහා ඉතා නිවැරදි ලෙස පැහැදිලි කිරීම කරනු ලබයි.

තුන්වැන්නෙන් නිවුටන් කියන්නේ කුමක්ද..?

ඔහු කියනවා ඕනෑම “ක්‍රියාවකට”

1 එම ක්‍රියාව හා සමාන
2 නමුත් ප්‍රතිවිරුද්ධ ( දෛශික සංකල්ප )

“ක්‍රියාවක්” තියෙන බවට.

අපේ බටහිර පඬුවන් නැට්ට පාග ගන්නේ මෙතැන් සිටය.

අප නිතරම කියනවා බටහිර විද්‍යාව හා එහි සංස්කෘතියට ඇති විශාලම අභියෝගය ථේරවාදී බෞද්ධ සංකෘතිය කියලා. ඔව්න් කරන්නේ කුමක්ද..? එයට පහර ගැසීමයි. බටහිර විද්‍යාව යනු ග්‍රික යුදෙවු ක්‍රිස්තියාණි සංස්කෘතිය නිසා ඇති වූ දැනුමක් බව අපි කියමු. එම දැනුම ලෙවකා ගත් අපේ “පඬුවන්” බටහිර විද්‍යාව “තුලින්” බුදුදහම කියැවීමට උත්සාහ කරනු ලබයි.

පටිච්ච සමුප්පාදය කියන්නේ කුමක්ද..?

“තමා නිසා” පෙර නොතිබු දෙයක් ඇති වීමට “හේතුවන්නා” වු ධර්මතාව‍ය පටිච්ච සමුප්පාදය ලෙස හදුන්වනවා.

පටිච්ඡ සමුප්පාදය යන වචනය ලිහා බැලූ විට එය පටි+ ඉච්ඡ+ සම+ උප්පාද යන ආකාරයට කඩා දැමිය හැකිය. මෙහි “පටි” යනු බැදීමයි. “ඉච්ඡ” යනු කැමැත්ත හෝ අකමැත්තයි.

“තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං”
-විභංග ප්‍රකරණය

ඉහත විභංග ප්‍රකරණයේ දැක්වෙන අන්දමට ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන හය නාමරූප නිසා හට ගන්නා “ආයතන” හයක්”  බව දැක්වෙනවා.එනම් “සිතත්”, “භෞතිකව ඇති දේ” නිසාත්, මෙම “ආයතන” හය ඇතිවන බවක් කියැවෙනවා.

මෙම ආයතන නිසා ම  මේ “මමය” මාගේය” යන “දෘෂ්ටිය” ඇතිවෙනවා. නමුත් මේ සියල්ල ත්‍රිලක්ෂන අනවබෝධය නිසා වන නිර්මාණවෙයි. එනම් අප අවිද්‍යාව (ත්‍රිලක්ෂන අනවබෝධය සරළව ) නිසා “නොමැති” මමෙක් නිර්මානය කරගෙන සිටින්නෝ වෙමු.

පටැලී ඇත්තේ කොතැනද.

අප ඇපල් ගෙඩියක් බිම වැටෙනුයේ ගුරුත්වාකර්ශන නිසා බව ( නමුත් එය වැරදි බව එනම් ගුරුත්වාකර්ශනයක් කියා දෙයක් නොමැති බව අයින්ස්ටයින් ප්‍රකාශ කලා ) දනිමු. එය සිදුවන්නේ කෙසේ දැයි කීමට අපේ “පඬුවන්”  පටිච්ච සමුප්පාදය යොදා ගනු ලබයි. ඔවුන් එයට “හේතු ඵල” දහම යැයිද කියයි.

වස්තුවක් නිශ්චිත පිහිටිමේ සිට ඉහලින් ඇති විට ඒ තුල අමතර ශක්තියක් ගබඩා වී ඇත. ඒයට අප විභව ශක්තිය යැයි කියමු.

ගස මත ඇති ඇපල් ගෙඩියේ විභව ශක්තියක් ඇත. එසේම නිවුටන්ට අනුව ඇපල් ගෙඩියත් පොලොවත් අතර ආකර්ශන බලයක් පවති. මෙය ඇපල් ගෙඩියේ ස්කන්දයත්, පොලොවේ ස්කන්දයත් යන දෙකේ ගුණිතයටත් අනුලොමවත් ඇපල් ගෙඩියේ හා පොලොව අතර දුරට ප්‍රතිලොවත් වෙනස් වෙනවා. මෙහිදි දුර වෙන වනුයේ වර්ගයක් ලෙසය. එනම් බලය දෙගුනයක් වන විට හතර ගුනයකින්, වන අකාරයටය (ප්‍රතිලෝමව )

එසේම එම බලය “සිරස්ව” පහලට ඇති බවද කියැවෙයි. තවද එම බලය නිසාම ඇපල් ගෙඩියේ නැට්ට විසින්  එම බලයට “විරුද්ධ” නමුත් සමාන බලයක් ක්‍රියාත්මක වෙනු ලබනවා. ( සිරස්ව ඉහලට ). එම නිසා ඇපල් ගස පොලොව හා මිනිසා යන රාමුව තුල “ඇපල් ගෙඩිය” නිශ්චලව පවතිනවා. (පලමු නියමය )

යම්හෙයකින් ඇපල් ගෙඩියේ නැට්ට බිදුන හොත්, සිරස්ව ඉහලට ඇති බලය නැති වී “පද්ධතිය අසංතුලිත” වෙනවා. එවිට ඇපල් ගෙඩිය මත “බාහිර අසන්තුලිත බලයක්”  ඇති නිසා ඇපල් ගෙඩිය බිමට වැටේනවා. ( දෙවන නියමය )

මෙහිදි එතෙක් පැවති විභව ශක්තිය මෙහිදි චාලක ශක්තියක් බවට පත් වී “ශක්ති පරිනාමනයක්” වන බව කියැවෙනවා. එහිදි ක්‍රියාව බලය “අසංතුලිත” විමත් ප්‍රතික්‍රියාව බලය සංතුලිත වන මට්ටමකට පද්ධතිය යොමු වීමත් බව අපට “නිවුටන්” මත සිටිමින් වටහා ගත හැක.( තුන්වන නියමය )

මෙම චිත්‍රපටිය අප දකින්නේ පෘතුවිය මතදීම බව අමතක කරන්න එපා. අප මෙය පෘථුවි පද්ධතියෙන් එපිටට ගොස් නිර්ක්ෂනය කලහෝත් කුමක් නිරීක්ෂනය කල හැකි වෙයිද..? අප සලකන ලද පද්ධතියකට එයත් ඉන්ද්‍රියගෝචර නම් පමනක් මෙය වලංගුව බව ඉන් පැහැදිලි වනු ඇත.

බටහිර දර්ශනවාදය උගත් ඊනියා ද්‍රව්‍යවාදිහු අපෝහකවාදයට පටිච්ච සමුප්පාදය ඌණනය කොට දක්වති. ඔවුන්ගේ භෞතික වාදය බටහිර භෞතික විද්‍යාව නොවෙති. ඔව්න් බටහිර භෞතික විද්‍යාවේ කිසිදු අල බෝලයක් දන්නෝද නොවෙති.යල් පැන ගිය පුස් ප්‍රවාද අල්ලා එය වමාරති, නැවත ගිලති.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

පටිච්ච සමුප්පාදය හා නිවුටන් සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. chitraka පවසයි:

    ‘නිව්ටෝනියානු පිසික්ස් ‘ දැන් යල්පැනගිය දෙයක් නේද ? නූතන ‘ ක්වෝන්ටම් පිසික්ස් ‘වලටත් මේවා විග්‍රහ කල නොහැකියි නේද? ඇත්තටම පටලවාගෙන තියෙන්නේ අපි කියලයි මට නන් හිතෙන්නේ . ප්‍රාඨමික යුගයේ ඇති ‘ බටහිර චින්තනයට ‘, සාරවත් ආකාලික සන්කිර්ණ ඒවගේම සරළ ‘ අභිධර්මය ‘ කිසිකලෙකත් අතික්‍රමණය කළ නොහැකියි . කරුනු අතින් වඩා පොහොසත් ‘ මහායාන අභිධර්මය ‘බවයි, සඳහන් වෙන්නේ . වැඩී විස්තර සඳහා ” විඤ්ඤප්ති මාත්‍රාසිද්ඪි වාදය “පොත කියවා බලන්න . හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් විසින් රචිත මේ අගනා පොතේ බොහෝ කරුණු ඇතුලත් .

    කැමතියි

  2. Hishan Melangai පවසයි:

    අපි යමක් තේරුම් ගන්නෙ අපේ දැනුමෙ තරමට නොවැ.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )