ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය

Umanda Jayobandara
ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය ක්‍රියාත්මක වන්නේ “සිංහල බෞද්ධ සංස්කෘතියට” එරෙහිවය. එහිදි ඔවුන් ඉතා සූක්ශමව තෝරා ගනු ලබන්නේ සමාජයේ පීඩිතයන් ය.

සමාජය තුල ඊනීයා අන්දමින් පංතිවාදයක් නිර්මාණය කරමින් එතුල සමතුලිත තාවයක් අපේක්ෂා කරන්නෝ ඔවුන්ය.
මම කීමට උත්සාහ කරන්නේ, බටහිර නිෂ්පාදනය කෙරු ක්‍රිස්තියානි සංස්කෘතියේ තවත් එක් නිර්මාණයක් වන “මාර්ක්ස් වාදය” නැමති දැනුම බෞද්ධ චින්තනයෙන් සුපෝෂිත සිංහලයන්ගේ සංස්කෘතිය, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරේ වන බල පෑමයි.

අප මුලින්ම තෝරා ගත යුත්තේ දැනුම යනු කුමද කියාය. දැනුම සංස්කෘතිය අනුව වෙනස් වන බව එහිදි පැහැදිලි කර ගත හැකි වෙනවා.

මාක්ස්වාදය යනු ඉතා මනරම් “දර්ශනයක්” එය “මුදල” යන සාධයත් “ආර්ථිකය යන ” මෙවලමත් ( මෙවා මගේ කියැවීම් විසංවාද තිබිය හැක ) තුල කල හැකි හරබ්යන් ගැන හරි ලස්සන කතා කියනවා. ලංකාව තුල මාක්ස්වාදය නිවැරදිව කියවූවෝ ඉතා අල්ප වෙති. බහුතරයක් එය “දර්ශයනක්” දැනුමක් ලෙස දකින්නේ නෑ. මෙයට ජවිපේ ද ඉතා විශාල ලෙස වගකිය යුතු වෙයි. අභාගය නම් ජවිපේ අධ්‍යාපන අංශය විසින් බිම්මට්ටමේ සමාජිකයන්ට සිද්ධත ඉගැනිවීමේදි සියල්ල “අල” කර ඉගැන්වීමත පසුව, එතුලි පොර වන බිම්මටමේ සමාජිකයන් දැලි පිහිය ගත් වදුරන් මෙන් දිවීමත් ය. මා බාහිර මෙන්ම ෆේස් බූක් තුලද එවැනි වදුරන් බොහෝ සේ දැක ඇත.

අප සියලු දේ අවබෝධ අර ගන්නේ සංයුක්තවය. ඉථින් අප කෙසෙද වියුක්තය යන්න දකින්නේ..?

………………………..
Damith Kethaka
මාක්ස්වාදයේ පදනම තමයි බයිබලයේ Exodus නම් කොටස… මෝසස් විසින් රැම්සීස් පාරාවෝ යටතේ වහල් කමෙහි ගන්වා සිටි ජුදා ජාතිකයන් සීනායි කතර ඔබ්බට රැගෙන ගොස් 42 වසරක දේශාඨනයකින් පසුව ඔවුන්ට “ඊසා ( දෙව් ) – අරා ( පොරොන්දු ) – අබියෙල් ( දේශය ) ” නොහොත් “ඊශ්‍රායෙල්” ලබා දෙනවා..මේක මත තමයි මාක්ස් – ලෙනින් දර්ශණයේ “පක්ෂ න්‍යාය සහ නායකත්ව න්‍යාය” රැඳී පවතින්නේ..

ඒ අතර තුර, ඒ අයට පිළිපදින්න නීති 10 ක් දෙවියන් විසින් සීනායි කඳු මුදුනේදී මෝසස්ට දෙනවා.. අනතුරුව දෙවියන් මෝසස්ට අණ කරනවා සියළුම දේව දරුවන්ට මේ “තමන්ව අඳුර විසින් පාලනය කරනු ලබන බවත් , ඒ අඳුරේ ගැලී නොසිට එළියට ආ යුතු බවත්, දෙවියන් මෙලොව දුන්නේ තමන් සියළු දෙනාට සම සේ භුක්ති විඳින්නට බවත්” අවබෝධ කරවා ඔවුන්ගේ දෑස් පාදන ලෙස… මෙන්න මේක මත තමයි මාක්ස්වාදයේ “නොනවතින ජාත්‍යන්තර විප්ලවය” කියන සංකල්පය රඳා පවතින්නේ..

බයිබලයෙහි ජෙනෙසිස් කොටසෙහි එනවා “දෙවියන් වහන්සේ උඩින් සිටීම, උන් වහන්සේ ගේ උත්තරීතර බව, සහ මිනිසුන් සියළුම දෙනාට “සර්ව සමාන වූ ආදරයක් දෙවියන් දැක්වීම සහ ඔවුන් සියලු දෙනාම “සමානව ජීවය ලැබීම”… මේ “සම – සම – සම” ( Bibilical theory of Equality) න්‍යාය මත තමයි “නායකයෙකු ( අපි ගමු ලෙනින් කියල ) උඩින් සිටී, සෙස්සෝ සමානය.. මේ ලෝකයෙ සැම සමානය ” කියලා මුළු ලෝකයේම සියළුම මිනිසුන් එකම නිළ ඇඳුමේ බහා සිතන රටාව පටන් ගන්නේ.. සියල්ලෝම සිතන්නේ එකම විදියට බැවින් සියල්ලන්ටම එකම මාදිලියේ විමුක්තිය ප්‍රදානය කළ යුතුය, කියල හිතන මාක්ස්වාදීන් රුසියාවේ, ජර්මනියේ සිදුවූ සිදුවීම් පෙළ එලෙසින්ම ලංකාවට ආරෝපණය කරන්නට ගොස් අසාර්ථක වී ජනතාවට “බූරුවන්ය” කියා බැණ වදින්නේ මේ නිසයි.. ( චේ ගෙවාරට වැඩේ වරදින්නෙත් මෙහෙම හිතන්න ගිහින් ) .. මේ ඉගැන්වීම බොදු ඉගැන්වීමට පටහැණියි.. බෞද්ධයෝ ලෝකය දකින්නෙ “නානත්ථ කායා… නානත්ථ සංඥා” කියලා..

අන්තිම කරුණ තමයි, ඔය ජෙනෙසිස් කොටසේම දෙවියන් වහන්සේ සතා සීපාවා සහ ගහකොළ මිනිසාට “පරිභෝජනයට” ප්‍රදානය කරනවා…” නුඹලාට මේ ගස් ආහාර පිණිස ඵල දරති.. ” යනාදි වශයෙන්.. එයින් ජනිත වන චින්තනය තමයි “ලෝකය ඇත්තේ අපට පළහා කන්නටය” කියන චින්තනය.. ඒ අනුව “රේඛීය සංවර්ධනය” නොහොත්, මුළු ලොවෙහිම සියළු සම්පත් උදුරාගෙන, උපුටාගෙන කෑම කියන “සංවර්ධනය” බටහිර සංවර්ධන නිර්ණායකය බවට පත් වෙනවා… ධනවාදය එහි විෂයානුබද්ධ නියෝජිතයා… මාක්ස්වාදය කියන්නේ එහි “පසුව උපන් නිවුන් සොයුරා” හෙවත් එම පරිභෝජනවාදී කාසියේම “අනිත් පැත්ත”.. ( අතන සුළුතරයකට ලෝකය පළහා කන්න ලැබෙනවා.. මෙතන බහුතරයට එය ලැබිය යුතු යැයි කෑ ගසා ඉල්ලනවා.. )..

මාක්ස්වාදයේ පදනමත් බයිබලයමය…
…………………….

Umanda Jayobandara
දමිත් බෙහෙවින්ම ස්තුතියි. නමුත් අපේ මාක්ස්ගේ බණ කියන අය, බයිබලයේ ඔය කියන කාරනා තියා, දාස් කැපිටාල්වත් කියවලා නෑ. කොහෙන් හරි පංතියකට ගිහින්, දේශනවලට ගිහින්, තැන තැන අහුල ගත්ත දෙවල් නේ කියවන්නේ.

අපේ අය මගුල් කෑම, කියවන්නේ නෑ..හැබැයි ගුරු ගීතයේ අල්තීනයි “ඇන්ඩ්” දුෂෙයින් නම් “නියම” වීරයෝ විදිහට දකිනවා. මොවුනට අපි ඇන්කරයන් යැයි කියමු.

…………………

Damith Kethaka
දාස් කැපිටලය හරියට කියෙව්වොත්, එහි අකුරක් නෑර මතක් විය යුතුයි බයිබලයේ “ජෙන්සිස්, එක්සොඩස්, සහ ඩියුටරොනොමි” යන කොටස්.. 🙂

………………

Umanda Jayobandara
තවදෙයක් දමිත් කියන පරිදි නිශ්පාදන ආර්ථිකයට ඊනීයා ලෙස පහර ගසා ගෝලීය ධනවාදයත් නව ලිබරල් සංකල්පත් ගෙන ඒමට මාක්ස්වාදය දෙන සහය සුළු පටු නොවෙයි.

මේගැන කොහෝමද උදාහරවලින් තෙරුම් කරන්නේ….මොකද මෙවැනි දෑ පොඩි කොමෙන්ටුවකින් කීම කෙතරම් සාර්ථකද කියා මා නොදන්නා නිසාය. අප ඩිඩිටි මැලේරියා මදුරුවන්ට හොද යැයි සිතා එය භාවිතා කලා. නමුත් පසුව ඩීඩීටි ප්‍රතිරෝදි නව ප්‍රභේද ඇති උනා. දැන් ඩීඩීටි කියන්නේ යල් පැන ගිය දෙයක්.

කෙසේ හෝ අප සංවාද කල යුත්තේ අප ශ්‍රිලංකාවට මෙය ඇදා ගන්නේ කෙසේද කියාය. එහිදි අප බැලිය යුත්ත “නූතන” සිංහල විඥ්ඥානය මිස ඊයේ එක නොවේ. ඒ අනුව බැලූ කල අප කල යුත්තේ හැකි පරිදි නිශ්පාදන ක්‍රමවෙද කෙරේ නැබුරු වීමත්, එහිදී එන ගැටළු වලට වියුක්තව උත්තර සෙවීමයි.

Sa Nath
තර්ක ගොඩ ගන්න පුළුවන්….මම සමාජවාදී නොවේ…නමුත් ඔය කතාව මෙහෙමත් කියන්න පුළුවන්…..ඉන්දියානු ව්‍යාප්තවාදයක් වන බුද්ධාගම සිංහලයන් මත පැටවීමෙන් ලාංකිකයින්ට ඔවුන්තුල කිසිසේත් නොමැති ශුද්ධවාදයක් ඇතිකරන්න යන බුද්ධාගම නව ලිබරල් මාක්ස්වාදයකි……
Umanda Jayobandara
මම මීට කලින් ඔය ගැන පොස්ට් එකක් දැම්මා. බුදු දහමට ආගමික පසුබිමක් ලාබ දුන්නේ අශෝක නමින්, හා එතුලින් අශෝක ලංකාව ආගමික යටත්වීතයක් බවට පත් කරා කියලා.

කලින්  පොස්ට් එක

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

6 Responses to ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය

  1. ඇන්ඩෘ කමල්කන්නි පවසයි:

    මෝඩ කතාවක් – කවුරු හරි දාස් කැපිටාල් බයිබලයට සමාන කරනවා නම් මිනිහ ඒ දෙකම කියවල නෑ කියල කියන්න පුළුවන් – මේ වගේ මෝඩ කතා වලට රැවටෙන බයියොත් ඉන්නවානේ

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න