සිංහලයන් , ආගමික යටත්විජිතභාවය හා අශෝක රජු

මම මෙහෙම කියනවා, ආසියාවේ ජන විඥ්ඥානය හා ආසියාවේ “පස” හොදින්ම කියවු එදා මෙදා තුර බිහිවු අති විශිෂ්ටතම “දේශපාලඥ්ඥයා” අශෝක ලෙසට. භූමි සංග්‍රාමයක් නොකර බුදුදහමට “ආගමික” ලක්ෂන කවා ඔහු ලංකාව ආගමික යටත් විජිතයක් බවට පත් කරනවා. එහි ප්‍රථිපලයක් ලෙස ද්‍රව්‍යවාදි බ්‍රහ්මීය සංකල්ප සිංහලයන් තුල වගා වෙනවා.

අශෝක් රජුට පෙර ලක්දිවට බුදු හිමි වැඩම කල බවට පුරාවිද්‍යා සාක්ෂි තියෙන්වා.නමුත් මිහිදු මාහිමියන් “බුදු දහම” හදුන්වා දුන්නා යැයි කිම වැරදියි. සිදු වූයෙ නැවත බුදු දහම “ප්‍රතිස්ථාපනය” වීමකි.

අශෝක රජු තම දේශපාලනික ස්ථාවරත්වය බුදු දහම ආගමක් කොට ව්‍යාප්ත කරනවා.

බටහිර විද්‍යාව ව්‍යාප්ත කිරීමෙහිලා , පල්ලිය ඉතා විශාල මෙහෙවරක් කරනු ලබනවා. එහි ප්‍රථිඵලය ලෙස ඉතා සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ්ඥයින් පවා “මැවුම්කාර දෙවියකු” ගැන විශ්වාස කරනවා.

කාල් මාර්ස්ක් “ආගම” යන්න තමන්ගේ භෞතිකවාදි ප්‍රපංච ඉදිරිපත් කිරෙමෙහිලා විශාල බාධාවක් ලෙස දකිනවා. ඔහු ආගම “අබිං” යැයි කියමින් ආගම යන සංකල්ප්ය නිශේධනය කරනවා.

මෞර්ය රාජවංශිකයන් බ්‍රහ්මීය සංකල්ප වලටත් වඩා පරිබ්‍රාජකයන් ගේ ජෛන සංකල්ප වැලද ගත්තෝ වෙයි. අශෝක ද එවැනි පරපුරක පුරුකකි. නමුත් සියල්ල අවසන ඔහු බුදු දහම වැලද ගනු ලබන අතර එය වන්නේ සමේණේර නමක් දැකීමෙන් බවට ප්‍රවාදයේ වෙයි.

නමුත් අශෝක බුදු දහමේ ඇති වියුක්ත බව, ඊනියා ලෙස එයට දේශපාලන හැගීමක් මුසු කර ලංකාව ප්‍රමුක රටවලට බෙදා හරිනවා. ඉන් පසුව අශෝක අධිරාජ්‍යය තව තවත් ශක්තිමත් වෙනවා. මෙයට මා කියනවා ආගමික යටත්විජිතභාවය කියලා.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

සිංහලයන් , ආගමික යටත්විජිතභාවය හා අශෝක රජු සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. SajithDi පවසයි:

    උමන්ද..
    මිහිදු හමුදුරැෙවා ඒන්න ඉස්සර ලන්කාෙව බුද්දාගම තිබුෙන් නෑ…
    ෙමාකද බුදුන් අැවිත් පූශ්ණ නිරාකරනය කරල, දර්මය ෙද්ශාණා කරා විතරයි… මිහිදු හමුදුරැෙවා තමයි බුද්දාගම කර්මානු කුලව ස්තාපනය කලෙ..
    ඒත් මම ගොඩක් කැමති වෙනස් විදිහට ලොකය දකින්න.. ඒක ඔයාගෙ ලිපිවල තියනව..

    කැමතියි

    • කෙටි ප්‍රශ්නය : බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කල බව “අසත්‍ය” ද..?

      අප බුදුදහම “ආගමක්” ලෙස නොකියමු. එය දහමකි. එය “දර්ශණයක්ද නොවේ”

      එසේ පවසනුයේ ක්‍රිස්තියාණි නූත්නත්වය මත තම සංකල්ප ගොඩ නගන පුද්ගලය.

      ඔබට ස්තුතියි අදහස් දැක්වීම පිලිබද.

      කැමතියි

      • thathsara පවසයි:

        බුදුන් තෙවරක් වැඩියේ සාසනය පිහිටවන්න නොවෙයි මගෙ දැනුම හැටියට..එවිට ලක්දිව සාසනය පිහිටවන්න තරම් සුදුසු නොවුනා වන්න පුලුවන්….විජය පිරිස ඉන්දියාවෙන් පිටත්වන දිනේ (මට මතක හැටියව )ශක්‍ර දෙවියන්ව කැදවා බුදුන් ඔහුට එම පිරිස ආරක්ශා කරන ලෙස පැවසුවේ මේ හේතුව නිසා වන්නට පුලුවන්…නමුත් ඔබ පවසන දෙය සත්‍යක් විය හ්ඇකියි නමුදු සම්භාවිතාව 50%ක් බවයි මාගේ හැගීම….නමුත් පැහැදිලිවම බුදු දහම දර්ශනයක් මිසක් ඇදහීමට ලක්කෙරිය යුතු ආගම් නොවෙයි….කොටින්ම කිවහොත් එය එක්තරාවිදියක විද්‍යාවක්.

        කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )