2012 හා මගේ නව වසරේ පැතුම

2012 ජනවාරි පළමු වැනිදා නව වසර ආරම්භ වීම සදහා තව ඇත්තේ හෝරාවක් පමන කාලයකි.දොළොස් මසක් ගෙවී ගොස් අලුත් දොළොස් මසක ආරම්භය තව සුළුවේල්වකින් ආරම්භ වනු ඇත. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සව කීපයකටම මිතුරන් ආරාධනා කලත් මා ඒ පිලිබද ඉතා අලස ස්වභාවයක් ගත්තේ මෙවර ජනවාරි පළමුවැනිදා මා හට නිවසට යෑමට නොහැකි වන නිසා විය යුතුය. මා නැවති සිටින ඇනෙක්සියේ පහල මාලයේ තරුණ යුවලක් සිටින අතර ඔහුගේ නිවසේ ජයටම සම්භාෂය පැවැත්වෙන අයුරු මා පහළ ඇති ශබ්බ්ධයෙන් වටහා ගතිමි. ඔහු පැමින ඔවුන් සමග එකතු වන ලෙස ආරාධනා කලද මා එයටද ප්‍රතිචාර දැක්වූයේ නැත. අද ද රැකියාවට යෑමට සිදු වූ නිසා මා මගේ ඇනෙක්සියට පැමිනි වහාම මා කලේ නිවසට ඇමතුමක් ලබා ගැනීමය. නමුත් අම්මා හෝ අප්පච්චි දුරකථනයට ඇමතුවේ නැත, ඔවුන් නිවසින් බැහැර වී ඇතැයි සිතූ මා නැවත මා මගේ පරිඝනකය පණගන්වන ලදි. මගේ ඊමේල් ගිණුම සුභ පැතුම් වලින් පිරී තිබුනි. එසේම ෆේස්බූක් ගිණුමද නව වසර සදහා වන සුභ පැතුම් වලින් පිරී තිබුනි.

දෙසැම්බර් 31 විශේෂ දිනයක් වනුයේ අද රාත්‍රි 12 පසු උදාවන්නේ අලුත් වසරක් බැවිනි. එදින සිට සියලු දේ අලුත් වී නැවතත් පටන් ගන්නවා යැයි අපි සිතමු. ඒ අනුව ගෙවුනු වසර මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී නව වසර උදාවෙයි.  මෙම දිනය අනෙකුත් දිනවලට වඩා වෙනස් වන්නේ එ බැවිනි. අනෙකුත් දිනවල මෙන් නොව ජනවාරි පළමු වැනිදා සෑම අයෙකුගෙන්ම වෙනසක් දැකිය හැකිව දිනයකි. හිමිදිරියේ සිට ම සැවොම “සුබ අලුත් අවුරුද්දක් වේවා” යනුවෙන් එකිනෙකාට සුබපතා ගැනීම සුවිශේෂි වේ. සෑම ගෙදරකම කිරිබත් පිසීම, අලුත් ඇඳුම් ඇඳීම අනෙකුත් දිනවලට වඩා වෙනස් බවක් පෙන්වයි. ජනවාරි පළමු වැනිදා අනෙකුත් දිනවලට වඩා වෙනසක් නොවුනද සෑම අයෙකුගේම සිත් අලුත් වේ. ඒ නිසා ලෝකයම අලුත් වේ.

මා හට ලැබුන සුභ පැතුම් වලට පිලිතුරු සපයනවා සේම මට ද අන් අයට සුභ පැතීමට අවැසි විය. ඒ සදහා මා කල්පනා කල විට මා හට මතක් වූයේ පා දෙකම අහිමි “කෙටි දුර” ධාවකයාගේ කතාවයි. ඔහු ලබන වසරේ ලන්ඩනයේ ඇති ඔලිම්පික් උලෙළ සදහාද නියෝජන‍ය කිරීමට සූදාම බව ආරංචි විය.

අප සියලු දෙනා බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි කිසි විටෙකවත් අපි සතුව ඇති දේ ගැන කල්පනා කරන්නේ නෑ. ඔබට වතුර අඩක් පිරවු වතුර වීදුරුවක් ලැබුන හොත් ඔබ දකිනුයේ වතුර නොපිරුනු අඩුව මිසක් අඩක් හෝ පිරුන වතුර ප්‍රමානය දෙස නොවේ.

මේ ක්‍රීඩකයාගේ කකුල් දෙකම නැති අබාධිතයෙක්. නමුත් ඔහු ධාවකයෙක්. කෙතරම් ධෛර්ය සම්පන්න්ස මිනිසෙක්ද..?

ඔහුට හැකි නම් ඇයි අපිට බැරි….අපි අපේ දුර්වලතාවයන් ගැන මදකට අමතක කරමු. අපි අපේ පොඩි හරි හැකියාව ගැන අවධානය යොමු කරමු. ඒ හින්දා මම 2012 ට පහත ආකාරයට සුභ පතන්න හිතුවා.

“වැරදුනු තැන් දුබල වු තැන්
දෙස යලිත් නොබලමින්
නුඹේ ඇති හැකියාව
බලමින් ලබා ධෛර්යය
පා තබා අරඹන්න
අලුත් දෙදහස් දොළහ…”

මගේ ආදරණිය මිතුරු මිතුරියන්ට
සිරි සුභ නව වසරක් වේවා කියලා සුභ පතනවා…..!!!
මම
-උමන්ද ජයෝබණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

2012 හා මගේ නව වසරේ පැතුම සදහා ප්‍රතිචාර 8ක් දක්වා ඇත

  1. Weni පවසයි:

    ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    කැමතියි

  2. kumaraya පවසයි:

    හුදෙකලා නොවන නව වසරකට මගෙන් ආසිරි …

    කැමතියි

  3. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )