මගෙ කඳුලින් නිමා වූ මාවතේ

අලි මුඩුක්කුව එදාට වඩා දැන් ගොඩාක් වෙනස් වෙලා. ඉස්සර එකා පසු පස වතුර වලවල් වලින් පැන පැන ගිය හැටි හොද හැටි සිහිවෙයි. නමුත් අද සිමෙන්ති බදාමයෙන් පිරියම් කරලා හදලා තිබ්බත් එහි දියූණුව දැකලා හිතට සතුටක් එන්නේම නෑ. මම ආස ඉස්සර වගේ පොලිමට වලවල් උඩින් පැන පැන යන එකට. අද හැමෝම ඔහේ යනවා. මාත් සාක්කු දෙකට අත්දෙක දාගෙන හෙමින් හෙමින් වැව පැත්තට ගියේ කම්මැලි කමටත් එක්ක.

“අනේ දැන්ම යන්න බෑ….තාම රෑවෙලත් නෑනේ. ලේවැල්ල බස් එකක් තියෙන්වා හයයි කාලේ අනේ ඒකෙ යමුකො…”

අරලියා ඇවිටිලි කරන්නට විය. නමුත් අද මා හැකි ඉක්මනින් නිවසට යායුතුයි. හෙට දින ලබා දීම සදහා සකස් කලයුතු රසායන විද්‍යා නිබන්දනයට මා තවම අතවත් තබා නැත.

” අනේ අරලියා මම අද නම් යන්නම ඔනේ, හෙට උදේම ලෙක්චර් එකට මට ටියුට් එකක් හදන්න තියෙවා පැටියො…මම හෙටත් එනවනේ…අපි යමුකෝ..”

“මොනවද අනේ හැමදාම ලෙක්චර්ස් ලෙක්චර්ස්” සුපුරු නෝක්කාඩුව නැගෙන්නට විය. මම මදක් හිනා වී ඉවත බලා ගත්තේ නොයෙසේ නම් එයද අරලියාගේ නොසතුටට හේතුවක් වන නිසාය. ටික වෙලාවකට පසු මම ඇය දෙස බැලීමි, තවමත්  බෙරි කරගත් මූණ් එලෙසමයි. මා සෙමින් ඇයගේ අත ඇල්ලුවෙමි. හදිසියේම අත ගසා නැගී සිටි ඇය නැවත පසු පස නොබලාම ලේවැල්ල බස් නැවතුම් පොල වෙත යන්නට විය.

හදිසියේම නැගුනු ත්‍රිවිල් රථයේ සයිරන් හඩින් මා මෙතෙක් එල්බ සිටි සිහිනයෙන් මිදෙන්නට විය. ” කොහෙද මනුස්සයෝ උඩ බලාගෙන යන්නේ..!!! ” හදිසියේම ත්‍රිවීල් රථයෙන් එබුන මුහුණ දැඩි ස්වරයෙන් පැවසුවත් මා හිස උස්සා බැලුවා පමනි.

කලක් අරලියා හා මම බොහෝ වේලාවක් ඇවිද ගිය වැව රවුමේ පාර අද හරිම කලබල පාරක් වෙලා. යුද්ධය නිමා වීමත් සමගම ලිහිල් වෙච්ච ආරක්ෂක කලාප වල මෙතෙක් නොගිය සෙනග පොලිමේ යන්නට විය. එදා තිබ්බ පාලු නිස්කලංක බව අද නැත. පෙලින් පෙලට සැදි වීදියේ බොහෝ දිගු බස් රථ පෝලිම අක්‍රමවත් ලෙස දිග හැරුන ලණුවක් ලෙසට පෙනෙන්නට විය.මාර්ගය දෙපස විවිධ ආකරයේ පණිවිඩ රැගත් පුවරු බොහෝ විය. තවමත් රටකජු විකිනු පදිකයන් පමනක් වැවේ වලාකුළු බැම්මට හේත්තු වී තම සුපුරුදු ජීවිකාව කරගෙන යයි. මා ද ඉන් එකක් මිලදී ගෙන වැව රවුමේ ඉදිරියට ගියේ ඉද ගැනීමට බංකුවක් තිබේද කියා සොයමිනි.

“අනේ මොනාද ජයෝ, ඔයා මගෙ ඒවත් කෑවනේ, මට තව එකක් ඔනේ ” අපි රටකජු මලු දෙක තුනක් හිස් කරන්නේ ඉතා සැහැල්ලුවෙනි.

මට විශ්ව විද්‍යාලයේ දේශන හෝ ප්‍රයෝගික පරීක්ෂණ නැති බොහෝ විට මා අරලියා හමු වීමට යොදා ගතිමි. බොහෝ විට අප හමුවන්නේ වැව රවුමේ හරි ගලහ හංදිය ලගදි හරි. නමුත් මම ඉතා ආසාවෙන් හමුවන්නේ වැව රවුමේදි. මම එහි ඇති හරි අපූරු මනෝරම්‍ය හැගීමට ගොඩාක් ආස කරා. අරලියා නිවසේ සිටි නිසා සෑම විටම ඇයට මාව හමුවීමට අවැසි උනා. නමුත් ඒ වන විට මා මගේ අවසන් වසරේ සිටි නිසා, මගේ අධ්‍යනය කටයුතු අතර මා ඉතා ප්‍රභලව සිර වී සිටියා. අරලියාව මට වෙනදා මෙන් හමු විම සිදු කල නොහැකි උනා.

එදා අමනාප වී නැගී ගිය පසු මා අරලියා දැක්කේ අවුරුදු එකහාමාරකට පසුවය. ඇය එදින ගොස් ඇත්තේ අප දෙදෙනා අතර තිබු සියලු බැදීම් ඉවත කොටය. මා ඇයව සම්බන්ද කර ගැනීමට කීප වරක් උත්සාහ කල නමුත් පලක් වූයේද නෑ. ඇය අයගේ ජංගම දුරකථනයේ අංකය ද වෙනස් කර තිබුනි. කෙසේ හෝ මා පංති සාමාර්ථයක් සමග මාගේ විශ්ව විද්‍යාල ඉගෙනීම අහවර කරනවා සමගම ඕස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක පුහුණුවක් සදහා මා හට ශිෂ්‍යත්වයක් ලැබී මා විදෙස් ගත විය. අන්තර්ජාලය මගින් හෝ අරලියා සම්බන්ද කර ගැනීමට මා ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී යන ලදි. පසුව මා මගේ පුහුණු කාලය නිම කොට නැවතත් ලංකාවට පැමිණ ඇය ගැන සොයා බලන ලදි. එවිට මා දැන ගත්තේ ඇය ධනුක කාරියවසම් නම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වී ඇති බවකි.

“ඔයාට පිස්සුද අනේ මම විහිළුවක්නේ කරේ…මගෙ මුළු ලෝකෙම ඔයා මගෙ ජයෝ….”

නිතරම අරලියා මගේ අතේ දැවටෙමින් පවසන ලදි. අපි බොහෝ වෙලාවක් වැව රවුමේ ජෝයි බෝට්ටු යන දිහා බලාගෙන ඉන්නවා. ස්විස් හෝටලයේ ජේත්තුවට ඇදගත්තු මහත්තුරු දකින අරලියා “අපෝ බලන්නකෝ අර මිනිහ හරිම පොෂ් නේද..? ” යැයි අමුතු කෘතීම වදන් මුමුණන ලදි. මා සිනාසුනා පමනි. ඇය හරිම සැහැල්ලුවෙන් සිටි අතර මා එම සැහැල්ලු බවට බොහෝ සේ ඇලුම් කරා. වැඩිය සද්ද බද්ද කෙරෙ වැඩි කැමැත්තක් නොදැක්කු මම නිතරම හරිම සැහැල්ලුවෙන් සිටිමට උත්සාහ කල නිසා අරලියගේ මම දුටු ඒ සැහැල්ලු බවට බොහෝ සේ ඇලුම් කරා.

අතීත සිතුවිලි වැවේ අක්‍රමවත් දිය රැලි මෙන් නැගෙන්නට වූයෙන්, සුසුමක් පිට කරමි මා නැගී සිටියේ දැන් එම අතීතය සිහිනයක් වී හමාර නිසාය. හදිසියේම මට මතක් වුයේ හෙට දිනයේ කැළණිය සරසවියේ සිසුන් පිරිසක් අපගේ සරස්වියේ සිසුන් හා එක්ව කන්ඩායම් ව්‍යාප්‍රිතයක් සැලසුම් කර ඇති බවත්, එම දරුවන් ගේ ප්‍රධාන දේශකයා මම නිසාත් ඒ වෙනුවෙන් මට සූදානම් විය යුතු බවයි. මා සියලු මතකයන් නැවතත් හදවත ඇතුලට ඔබා ගෙන පැණිදෙනිය බස් රථයට ගොඩ වූයේ හැකි ඉක්මනින් මාගේ නිල නිවසට යන අදිටන සිත් හි දරා ගෙනය.

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු
ඔබට හිරු සඳු වේවා
වාසනාවන්
අහිමි පෙම්වතියේ

නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

පාළු කුටියේ මා පරාජිතවී
නිදා නොනිදා හිඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා
පද රචනය : –
සංගීතය  :  –
ගායනය  :එඩ්වඩ් ජයකොඩි

mp3 ගොනුව : http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=127

යූ ටියුබ් වීඩියෝව :

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු මගෙ කඳුලින් නිමා වූ මාවතේ සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. sachini පවසයි:

    වැව පාරේ මන් හිටියා ඔබ එන තුරු සතුටින්
    ඔහුත් එක්ක ඔබ ආවා සිනා වෙවි සතුටින්
    දුක කියන්න කෙනෙක් නැතිව උහුලා තනි හිතකින්
    මැරි මැරි මම ඉපදුණු හැටි මතකයි හද පත්ලෙන්…………….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )