පසොලොස්වක

පාළුව කාන්සිය හද තුල ජනිත වන
මැදියම් රැයේ සීතල හද සසල වන
හද ගී පොතට බිතු සිතුවම් එකතු වන
නුබ ගැබ මතට පුන් සඳ විත් අත වනන

පසොලොස්වකට සිවි සැට ආභරන දරා
මිණි මුතු තරු පොකුරු තුල මුලසුනින් අරා
දියනා සදිසි නුඹ නාලිය කුටිය කරා
සැමවිට වඩිනවා මගේ දුරු අඳුර මරා

සාමුව සුතන් නානා විද කඩිසරයෝ
නුඹ ලැම තුලට විත් නිදියන සුරතලයෝ
කොද මල් සේපාලිකා ඉඟි බිගි පාන ලියෝ
නුඹ වරලසේ තැන තැන එල්ලී සිටියෝ

වැව් දිය ඉස්මත්ත මත නුබ ගැබින් නුඹ
හිනැහෙන විටදි අවරම හැරෙනවා රඹ
නුඹේ රැස් සිනිදු සුසිනිදු වැනි දුහුල් කඹ
වැදෙමින් නැලවෙනවා ගස මත පොකුරු අඹ

රිවිමත යමින් රිවිගෙන් විවරනය ලබා
ඔහු නිම කරන සේවය නුඹ වෙතට ඔබා
නිමකල මහා වටිනා තිලිනයකි බඹා
නුඹ අතහැර කෙසේ යම්දෝ මසිත ලොබා

අදුරෙහි ඉපිද මිය යන තුරු අඳුරේ සරා
නිහඬව කරන සේවය මුලු දියත පුරා
පින්බර සඳවතිය නුඹේ දිවි තිබෙන තුරා
වඩිනුය අඳුර නැසුමට මගේ කුටිය කරා

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )