බිරිඳ මගේ ඔබ..

මුලු සිරුරම කිටි කිටියේ තද වෙන අන්දමට ඇදි මුල් ඇදුම කෙරේ පෙර දවසක් තිබු හැගීම දැන් මා තුල නැත. එහි ඇති ගාම්බීර බව, තේජස මට අද කිසිම ආකරයකින් දැනෙන්නේ ද නැත. මේ ඇදුම මට අද මහා වෙහෙසකර අපහසු ඇදුමක් වී ඇත. උඩරට කුල සිරිත හා පරපුරේ අභිමානය පෙන්වමින් නෑ හිත මිතුරෝ වෛවර්ණයෙන් සැරසි මහා උජාරුවට අසුන්ගෙන ඇත. රැජින් හෝටලයේ විවර වු එක් ජනෙල් පියනකින් නොනවත්වාම ඉහලට විදින වැව මත ඇති වතුර මල දෙස මා මද වෙලාවක් බලා සිටියෙමි. හදිසියෙම මා වෙත ආ ලොකු අප්පච්චි කනට කර කීවේ නැකැත් වේලාව හරි බවය.

මා අපහසුවෙන් නැගී සිටියෙමි. ඉර, හඳ දෙපස සිටුවා මහා ගාම්බීර ලෙස පෝරුව නිමවා තිබුනත්, මා එදින කිසිදු චමත්කාරක් වින්දෙද නැත. යෝෂිකා දෑලබණ්ඩාර මා දුටු සිවුවන නැත්නම් පස්වන අවස්ථාව විය යුතුය. ඇය තුලද මා දුටුවේ වික්ෂිප්ත බවකි. මා ඇය කෙරෙන් මාගේ දෙනෙත් ඉවතට ගනු ලැබුයේ ඇය දකින විට මා හට චමත්කා සිහි වු නිසා වෙනි.

මගුල් බෙර සක් හඬ, ස්ත්‍රොත්‍ර ගායනා වලින් රැජින හෝටලය ගිගුම් දෙන්නට විය. ජේත්තුවට ඇදගත් කුල මානයෙන් ඔලුව උදුම්මා ගත් රදලයෝ තේජස් ලීලවෙන් බලා සිතින ලදි. ඔවුන්ගේ එම බැල්ම මා හට මහා පිලිකුල් සහගත විය. මා බිම බලා ගතිමි.

සභා නායකයා සෙත් කවි කිය,මින් යෝෂිකා ගේ හා මගේ සුළැඟිලි එකට බදින ලදි. අස්ගිරියේ මහනායක හමුදුරුවන් විසින් පිරිත් කල නූලක් බව යෝෂිකාගේ පියා මගේ මව හා උජාරුවෙන් පවසනු මා හට ඊයේ හෝටලයේ සිටි විට ඇසුනි. එය සිහි වී මා හට මදහසක් නැගුනේ ඔවුන් තුල ඇති කෘතීම මානසිකත්වය නිසා වෙනි. යොෂිකාගේ දෑත් ගැටුනු දෙවන අව්සථාව මෙය විය. එනමුදු කිසිදු  හැඟීම්ක් නොදැනුනේ, නොපැමිණෙනුයේ මන්දැයි මා සිතමි..මාගේ සියලු හැඟීම් දැනීම් මීට මාස කීපයකට උඩදී මා සහමුලිනම  මරා දැමූ බව මතක් වුනද සිතිවිලි ඒ හරහා දිවනොගියේ පැන් කෙණ්ඩියේ වට සිසිල් වතුරට තවත් මාගේ ඇතැගිලි සීතල වී ගිය නිසා බව මා සිතමි. පැයකට ආසන්න කාලයක් තිස්සෙ සිදු කල පොරුවේ වැද අවසන් ඌ පසු ඇයත් මාත් වෙනම ආසනයක් වෙතට රැගෙන යන්නට විය. කුඩ, හා ලයිට් එල්ල ගත් කැමරා කරුවන් විවිද කෝන වල සිටිමින් මැරුනු මුහුනට පන දෙන්නට වෙර දැරීය.

“මට මංගල පෙරහැරවල් ඕනෙ නැහැ ..ඉක්මනටම මාව ඔයා ගාවට ගන්න මගෙ වස්තුව..”

දිනක් නාථ දේවාලයේ පඩි පෙල මත හිදිමින් ඈගේ මුවින් පිටවූ වදන් මතකයට ආවේ කුමන ආකාරයෙන්ද කියා මා හට අදහා ගත හැකි වූයේ නෑ. මගේ දැස් අග තෙත් වීගෙන යන සෙයක් දැනුන බැවින් වහ වහා මම යෝෂිකා දෙස බැලීමි. ඇගේ සිනහවකුදු නොමැති හැඟුම් විරහිත මුහුණ මා තව තවථ් අඳුරු අගාදයකට ඇද දැමුවෙන් මා ප්‍රකෘති තත්වයට ඒමට යුහුසුලු උනෙමි. යෝෂිකාද ඇයගේ ප්‍රමය ගැන සිතනවා විය හැක. මා ඇයට බ්ධා නොකර ආයාසයෙන් මනස සකස් කර ගැනීමට වෙහෙසුනෙමි.

“ජයෝ.මොකද බං ..බුම්මගෙන ඉන්නේ ටිකක් ඔලුව උස්සලා හිටපන්කෝ..”

රොෂාන් මට අනිමින් පවසන්නට විය. ඔහුගේ ඉල්ලිමෙන් නව වීරියක් ගත් මා ආයසයෙන් හිනාවක් අලවා ගත්තද එය සිනහවකත වද මුහුනේ වු වෙනසක් බව කීම වඩා නිවැරදි වෙයි.

“ඔය කාරණය උඹ හිතෙන් අයිං කරගනින්.උබට ඕන විදිහට නටන්න බෑ. උඹ වැඩ කරන්න ඔනේ අපි කියන විදිහට”

“අප්පච්චි..චමත්කා මට හොදටම ගැලපෙනව..එයා මට ආදරෙයි මමත් එයාට ගොඩාක් ආදරෙයි අනේ අප්පච්චි මට චමත්කා මං ලඟට ගන්න ඉඩ දෙන්න. මම කකුල් දෙක අල්ලලා වදින්නම්”

“පලයන් යන්න අහකට, උඹට එකිව ගැලපුනාට අපට ගැලපෙන්නෙ නැ..පුතේ උඹට මෙවා තෙරෙන්නේ නෑ තාම. අර සක්කර වට්ටම වගෙද දෑල ගේ දුව.උබට උබේ අප්පච්චි ජීවත් වෙල ඉන්නව දකින්න ආසනම් ඔය අදහස හිතින් අයින් කර ගනින්…අර බලපන් අන්න තුවක්කුව…මතක තියා ගනින් තෝ අරකිව මෙව හතර මායිමට ගෙනාවොත් උබට එකයි අරකිට එකයි අනිත් එක මට. උබ දන්නවනෙ මම දෙපාරක් කියන මිනිහෙක් නෙවෙයි කියලා”

අප්පච්චිගේ දැඩි ස්වරයෙන් නිවසේ වු සියලුම අහු මුලු ඇලලී යන්නට විය. අපේ අම්මද අප්පච්චිගේ මතයේම සිටි අතර අත්තම්මා කෙසේවත් බුරුලක් දුන්නේම නැත. මල්ලිට කර කියා ගත දෙයක් නැති වුයේ අප්පච්චිගේගේ වචනය පොල් කටු අගුරු මෙන් සැර වූ නිසා වෙනි. මා කර කියා ගත හැකි දෙයක් නොමැතිව අසරන විය. මට, මටම නොදැනි ඉකි ගැසිනි..කාමරයට වැදුන මා මුනින් අතට ඇදේ දිගා විය. මා කොතෙක් වේලා එසේ සිටියා දැයි නොදනිමි.

කාලය ගෙවී යන්නේ හරිම අලස ස්වභාවයෙනි. මගේ මාමන්ඩියද අප්පච්චිට දෙවැනි නැත. ඔවුන්ගේ පුරාජෙරු අසා සිට මා හට ඇත්තේ දැඩි වෙහෙසකි. මා හට ඉතා ඉක්මනින් තනි වීමට අවැසි විය. පසු ගිය කාලයේ වු සිදු වීම නිසා ඉතා දැඩිව මදු පානයට ලොල් වූ මා හට මේ මොහොතේද අවැසි වූයේ මදු බිදක් තොල ගෑමටය. මා ගැන හොදින් දන්නා රොෂාන් මා එයින් වැළකීමට මහා සටනක් කරන ලදි.

දිවා ආහාරයද ඉතා ඉහලින් තිබිනි. චමත්කා සමග වැව රවුමේ බංකුවක් මත හිදිමින් සීතල වී ගිය ඇය අතින්ම පිස ගෙන එන ඇගේ බත් පත තරම් තරුවලින් පිදුම් ලැබු රැජින හෝටලයේ අහාර රස නැත.චමත්කාගේ ආහාරවල රසය වැඩිවූයේ ඇය අපමන ආදරකින් බත් කට කට මා හට කැවු නිසා බව අද මට සිතේ. පින්තූර ගැනීම සදහා යෝෂිකා මට කැවු බත් කටේ මහා අප්පිරියාවක් මට දැනුනේ ඇයි  ද කියා මට නොතේරේ.

අපේ අම්මාට පසුව මගේ ජීවිතයට සමිප වු එකම ස්ත්‍රිය චමත්කා විය. මා ඇයට බොහෝ සේ ආදරය කලෙමි, ප්‍රේම කලෙමි. නමුත් ගතානුගතික ක්‍රමයත්, වැඩවසම් වහල් චින්තයත්, ධනේෂ්වර සමජතත්වයත් මට මගේ ආදරණිය චමත්කා අහීමි කරන ලදි. මෙහිදි මා ද වැරදිය. මා තවත් ඉවසුවානම් හෝ දැඩිව සිටියා නම් මට මගේ දුප්පත් අහිංන්සක ආදර‍ය ලබා ගත හැකි වීමට තිබුනි. නමුත් දෛවය එසේ වීමට ඉඩ තැබුවේ නැත.

යෝෂිකා දෑල බණ්ඩාර අද සිට මාගේ වාසගම ගත් මගේ බිරිද විය. නමුත් ඇය ගැන කිසිදු හැගීමක් මට තාමත් දැනී නැත. ඇයට ලංවන සෑම විටම මට සිහිවන්නේ චමත්කා පමණි. ඇය ගේ උනුසුම පමනි. මා දැන් මකුලු දැලක සිරවු මී මැස්සෙකු බදුය. හෙට දින කුමක් දැයි මා දන්නේ නැත. මා හට දැන් සියල්ල අහිමි වී ඇත.

බිරිඳ මගේ ඔබ..
නෑ මා ඔබගේ බිරිඳ නොවේ..

දෑඟිලිහුයකින් ..බැඳි පමණින් මා..
ඔබගේ බිරිඳ නොවේ..
ඔබගේ බිරිඳ නොවේ..

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත..
මා පෙම් කළ අය මටද ලැබී නැත..
මව් පිය නෑ සිය ආසිරි ගී මැද..
දෑඟිලි පමණක් එකට බැඳී ඇත..

සිරුරින් එකතැන..හදවත් දෙතැනක..
දෙදෙනෙකු වෙමු අපි එකම වහළ යට.
ඔබෙත් මඟෙත් හද ගැහෙනා රාවය..
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද..

පද රචනය : –
සංගීතය  :  –
ගායනය  :නන්දා මාලනී/ගුණදාස කපුගේ
mp3 ගොනුව : http://beemp3.com/download.php?file=8155392&song=Birida+Mage+Oba

යූ ටියුබ් වීඩියෝව :

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

6 Responses to බිරිඳ මගේ ඔබ..

  1. sachini පවසයි:

    අතීතය සිහිනයක් පමණයි.. සැබෑ සුවදක් නෑ.. එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ..

    කැමතියි

  2. chathuranga perera පවසයි:

    ලස්සන සංවේදී විචාරයක් සහෝ… සිංදුව ඇහුවේ නැති වුනත් පපුවටම වැදුනා…

    කැමතියි

  3. මුළු හිතම හිරිවැටුණා……….. :((( මොහොතකට මම චමත්කාගෙ සිතුවිල්ලෙ ජීවත් වුණා…….. :(((

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )