සෙනසුරු ,කේන්දර කාරයෝ හා බෞද්ධයෝ.

සතියකට පමන පෙර සිට මුද්‍රිත හා ශ්‍රව‍ය්‍ය දෘෂ්‍ය මාධ්‍ය තුල වඩා වැඩි අවධානයක් දී කතා කල මාතෘකවක් විය. එනම් “සෙනසුරු  මාරුවක්” ගැන කතාවක් පැතිරීමය.

ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ලංකාවේ (රටේ ) ලග්නය කුම්භ යැයි කියනු ලබයි.කුම්භ ලග්න කේන්දරයේ අටවැනි කොටුවේ වක්‍ර වෙමින් ගමන් ගත් “සෙනසුරු” ඔක්තෝබර් 31 දායින් පසු උදාගමන ආරම්භ කර නොවැම්බර් 15 වැනිදා තුලා රාශියට පැමිණිමක් සිදුවන බව කියැවෙයි. මෙහි සුභාසුභ මේ මේ ඒ ගැන තතු දත්තෝ තතු කියති ,දොඩති, වනති. මෙය කෙසේ වෙතත් සතියක සිට පුවත් පත්, රූපවාහිනිය හා  ගුවන් විදිලිය අරක් ගනිමින් සිටියෝ නම් දෛවඥ්ඥයෝ යැයි කියා ගන්නා මහත්මාවරු හා මහත්මියන් ය. ඔවුන් ගේ කතා රසවත්ය. සුකුමලය. අල්හාදජනකය.

ඇතමෙකු බර සාර ලෙසද තවකෙකු ආදරණිය ලෙසද සෙනසුරු වනන්නට විය.

මේ අතර මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් සමග මා යම්  ධර්ම කරුනක් පිලිබද පිලිසදරක යෙදෙන්නට විය. එය සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුක්තයේ හතරවන පන්නාසකයේ “ආසි විසූපම” සූත්‍රය සම්බව වෙයි.

ඉතා මනරම් විවරනයක් වන එම දේශනාව මෙම ග්‍රහයන් ගැන කතා කරන විට මා හට මතක් විය. එම දේශනාව තුල ඉතා ගැඹුරු දේශනාවක් අන්තර් ගත වී ඇත. එහි දි බුදුන් වහන්සේ සර්ප විෂට සම කළ හැකි විෂ සහිත පුද්ගලයන් මේ සමාජයේ සිටිනා බවපෙන්වා දී ඇත්තාහ.

බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව සර්පයින් වර්ග හතරක් පිළිබඳ දේශනා කර ඇත

1 දෂ්ඨ කළ විගසම විෂ සහිත, එහෙත් දිගින් දිගටම විෂ නැති සර්පයින්
2 දෂ්ඨ කළ සැණින් විෂ නොවූ එහෙත් පසුව විෂ ඇතිවන සර්පයින්
3 දෂ්ඨ කළ මොහොතේත් ඉන් පසුවත් දිගින් දිගටම පවත්නා විෂ සහිත සර්පයින්
4 දෂ්ඨ කළ විගස ද විෂ නොවූ, දිගින් දිගටම පවත්නා විෂ ද නොවූ සර්පයින්

ආදි ලෙසය. නමුත් අප එම ආකාර 3  පිලිබද අවබෝධ් කර තිබෙන්නේ වැරදියටය.

මෙම මෙම සර්පයන් වර්ග සතර උපමා කර ගනිමි එසේ ගති ඇති මිනිසුන් වර්ග හතරක් ගැන දේශනා කොට ඇත.

“ඒව මේව කෝ භික්කවේ චත්තාරෝ මේ ආසි විසූපමා පුග්ගලා සන්තෝ සං විජ්ජමාන ලෝකස්මිං”

මහණෙනි, ආසි විසූපම වූ පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලොව ජීවත් වන්නේය

“ආඝත විසෝන ඝෝර විසෝ”

ඒ මොහොතෙහි පැමිණි විෂ ඇති, එහෙත් දිගින් දිගටම වූ විෂ නැති, දරුණු වූ විෂ නැති සර්පයන් බඳු පුද්ගලයින්.

“ඝෝර විසෝන ආඝත විසෝ”

ඒ මොහොතේ දරුණු විෂ නැති, එහෙත් පවත්නා වූ දරුණු විෂ ඇති සර්පයින් වැනි පුද්ගලයින්.

ඒ මොහොතේත් විෂ ඇති, දිගින් දිගටම පවත්නා වූත් විස ඇති සර්පයින් හා සමාන විෂ සහිත පුද්ගලයින් හා  සිව් වැනි පුද්ගලයා නම් ඒ මොහොතේ ද විෂ නොවූ ඉන්පසුව ද විෂ නොවූ තැනැත්තා ය.

මා මෙම දේශනාව සෙනසුරු ගැන කතා කිරීමට ගොස් ඇද ගත්තේ ඇයි කියා දැන් සිතෙනවා විය හැක.මෙම සූත්‍රයෙන් මතු පිටින් “ක්‍රෝධය” යන චේතනව ගැන කතා කල නමුත් මට මේ දේශනාව කියවන විට වැටහුනේ වෙනමම කාරනයක්.

සියල්ලම මනස විසින් නිර්මාණය කරන ලද දේ බව බුදු දහමේ ඉතා මැනවින් ඉගැන්වෙයි. පඨවි ,ආපෝ, තේජෝ, වායෝ,වර්ණ, ගන්ධ, රස, ඕජා, යන අට වැදැරුමෙන් එපිට පරමාර්ථ ලෙස කිසිත් නැති වග බුදුන් වහන්සේ පෙන්වා දෙන ලදි. සම්මුති ලෙකය තුල මසන විසින් උක්ත අට වැදෑරුම අරභයා “මම” යන්න නිර්මාණය කරනු ලබයි. සත්‍ය වශයෙන්ම එතුල කිසිවක් නැත. ඇත්තේ  පඨවි ,ආපෝ, තේජෝ, වායෝ,වර්ණ, ගන්ධ, රස, ඕජා, යන අට වැදැරුමෙහි වන ඇතී විමත්,පැවතීමත් හා නැති වීමත් පමනි. එනම් මෙහි උමන්ද කියා කෙනෙක් නැත. ඔබ මෙම ලිපිය කියවනවා යැයි කියා “ඔබ” සිතා සිටියද, එය එසේ වන්නේද නැත. එසේ වන්නේ පරමාර්ථ ලෙස ගත් කල “මම” කියා කිසිවකු නොමැති බවය.

එසේ නම් මෙය කුමක්ද..? මෙසේ මට මා කියා කෙනෙකු හා මාහට සාපේශ්ව මට බාහිර මගේ ලෝකයක් ඇති බව මට දැනෙන්නේ හැගෙන්නේ ඇයි.?

සම්මුති ලෝකය තුල සිටින සියලු දෙනා ( ඔබ මා )ත්‍රිලක්ශනය අනවබෝධයෙන් පසුවෙති. අප සියල්ලෝම ආශාව , ඇලීම , යන චෛතිසිකය තුල මෝහයට පත් වී ඇත. එසේ වන්නේ අප ඊනියා අනදමින් “ආත්මය” ඇතැයි පිලිගැනීමයි. එසේ සිතමින් යථාර්තය ඉවතලා සැපය්ක් යැයි සිතා පසිදුරන් කෙරෙ විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙමු.

එබැවින් අපි විසින්ම අපේ මනසින්ම නිර්මාණය කරන ලද පස ඉදුරන් පවත්වා ගෙන යාමට අප බොහෝ දේ කරමු. නොපෙනෙන බලවේග කෙරේ විශ්වාසය තබා ගැනීමද එවැනි අපගේ මෝහයෙන් කරන ක්‍රියාවකි. නමුත් ඒවා අප විසිම නිර්මාණය කරන ලද දේවල් බව අප අවබෝධ කර ගන්නේ නැත.

ඇතමෙකු සර්වබලධාරි දෙවියෙකු ගැන සිතා ඔහු හෝ ඇය සරණ යමින් තමාගේ පින වීම උදෙසා එය පවත්වාගෙන යාම උදෙසා කටයුතු කරයි. එසේම ඒක දේව සංකල්ප, බහු දේව සංකල්ප, බ්‍රහ්ම සංකල්ප්ය ආදි වු අදිසි බල වෙවේග උදෙසා තම සිතුවිලි සිර කොට ඉන් තෘප්තිමත් වීමට කතයුතු කරනු ලබයි.

ග්‍රහ තාරක කෙරේ ද කීමට ඇත්තේ එයයි. මින් ජෝතිශය බොරු යැයි මා කියා නැත. මා කීමට උත්සාහ කරනුයේ එය අර්ථ ශූණ්‍ය ක්‍රියාවක් බව පමනි ( පරමාර්ථ ලෙස ).

අද බොහෝ විට කේන්දර බලනවා යැයි කියා කුමක් හෝ ගජ බින්නයක් කියා, එමගින් කුස තර කර ගන්නෝ එමට වෙයි. ඔව්න් කෙප්ප රජවරු වී ඇත. නමුත් ඒ අතර අතරින් පතර ව්‍යක්ත දැනුමැත්තෝ නැත්තේද නැත.නමුත් බහුතර හිපි චරිත නිසා ඔව්න්ද ඉබේ හිපියන් වී ඇත.

බෞද්ධයා යනු නිර්වානය උදෙසා කටයුතු කරන්නකු වෙයි. ඇතමෙකු එසේ නොසිතා මම බෞද්ධ යැයි කියන්නේ නම් හෙතම මෝඩයකි. අවසනාව නම් ඔහු හෝ ඇය හෝ මෝඩයකු බව ඔවුනට නොවැටහීමයි.

තම තම නැණ පමණිම් වටහා ගනිත්වා..!!!!

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

සෙනසුරු ,කේන්දර කාරයෝ හා බෞද්ධයෝ. සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. Asanga පවසයි:

    හිරැ පායා තිෙයන විට කණාමැදිරි ඒලි ෙමානවා කරන්නද කියලා බුදු සමිදුම ෙද්ශනා කරලා තිෙයනවාෙන්. ඒත් අවාසනාවට නමට බෞද්ධ වූ පිරිසට ජෝතිශය කියන්ෙන් මහා ෙලාකු ෙදයක් කියලෙන් හිතාන ඉන්ෙන්…..
    ෙගාඩාක් ෙහාදයි..දිගටම ලියන්න

    කැමතියි

  2. Kasun පවසයි:

    ්‍කාලෙකට පස්සෙ සමබර ලිපියක්..හොදයි….වැදගත්..

    කැමතියි

  3. Weni පවසයි:

    බහුතරයක් තම අසාර්ථකවීම් දරා ගැනීමේ මාධ්‍යයක් විදියට ග්‍රහ බලපෑම් පාවිච්චි කරනවා.. මම පුද්ගලිකව නක්ශස්ත්‍රය පිලි නොගත්තත්, යම් අයකු තම පීඩනය මුදා හැර ගැන්මට කරන මේ භාවිතය තාවකාලිකව හොඳයි වගේ..හැබැයි ඒකෙන් මුලා වෙලා තම අසාර්ථකවීම් වල හේතුව නොසොයා තව තවත් වලේ වැටෙන එකත් වෙනවා ! අන්න ඒක වලක්වා ගත යුතුයි.

    කැමතියි

  4. තනි අලියා (දිපුන් නිර්මාල් පෙරේරා) පවසයි:

    අැත්ත කතාවක්!🙂

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )