නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ

හුදෙකලාව..පාළුව..තනිකම..කාන්සිය මේ හැමදේම අද මගේ ජීවිතයේ අරක් ගත් මහා වෘක්ෂ වෙයි. “පාලුව දෙවනත් කර කර මේ මහ රෑ තව හයියෙන් අඬපන් උල ලේනෝ….තනිකම කවද හරි කොහෝම හරි හැමෝටම එනවමයි….අද මම නාඩා ඉන්නම් උඹ අදපන් උල ලේනෝ….තව හයියෙන් අඬපන්…

කොන්කිරීට් වනතරේ වගේම මේ කැලැවත් අද හරිම හීතයි…උඹට පොරොගන්ට ඔය අත් තටු තිබ්බ්බට මට මගේ දෑත විතරයි…මේ කීරී ගැහෙන හීතලට ගුලි වෙලා වෙලා මම ඉන්නම්…උඹ අඬාපන් උලලේනෝ…උඹ අඬාපන්…

ආපස්සට අයේ කොහෙ කියල හැරෙන්නද හැම දෙම ඉහිරිලා කුඩුවෙලා ගිහින් මගෙ මේ යශෝරාවය අහගෙන තව අඬපන් උලලේනෝ..

තව දොහකින් දෙකකින් මගේ හිත හෑල්ලු වෙලා යනවා…අසාර වෙච්ච මේ ලොකේ සාර දෙයක් කොහෙද…උබ අඬපන් උලලේනෝ…තව හයියෙන් අඬපන්…. උබයි මායි එක දවස නිවන් යන දාට ඇහෙන්ට තව හයියෙන් අන්න්ඩ්පන්…උල ලේනෝ….

පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ … උල ලේනෝ…

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ… උල ලේනෝ …

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උල ලේනෝ… උල ලේනෝ…

පද – රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය- විශාරද ගුණදාස කපුගේ

ගීතය මෙතනින් බාගත කර ගන්න

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. කස්සා පවසයි:

    මම දන්න විදියට මේක ඉස්සර ලංකාවෙ විප්ලවේ තිබිච්ච කාලේ ලියවුන එකක්..

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )