කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

කොහොමත් මැයි මාසේ ඉවර වෙලා වැස්සත් එක්ක තියෙන්නේ හරිම කටුක සීතලක්.රෑට වඩා උදේට සීතල වැඩියි. හැමොම වෙහෙසෙන්නේ කොහොම හරි ඉර එළිය වැටෙනකන් ඉදලා ඉර එළියට ගුලිවෙන්න. එදාත් සුපුරුදු ඉරිදාවක් හින්දා අපි දෙන්නා කතා උනා වැව රවුමේ සුපුරුදු අපි දෙන්නාගේ “බංකුව” ලග හමබ වෙන්ට. මට එදා මට විශේෂ දවසක් උනේ ඒ ඉරිද හරියටම මගේ උපන් දිනේ යෙදිලා තිබ්බ හින්දා. ඔයා මට කීප සැරයක්ම කිවුවා උදේම එන්ඩ කියලා….

උපන්දිනේට නොවැරදීම මම අලුත් පොතක් අරගෙන කියැවීමට පුරුදු වෙලා හිටියා. සෙනසුරාද මම අලුත් පොතක් අරගෙන ආවේ මගේ සුපුරුදු ඇබ්බැහි වීම හින්දමයි. පොත තුල වු සුන්දරත්වය නිසාද, මගේ කියැවීමට ඇති මහා ඇබැහි වීම නිසාද මම දන්නේ නෑ මම පොත ඉවර වෙනකම්ම කියෙවුවා. පොත කියැවලා ඉවර වන විට වේලාව අළුයමත් පසු වී තිබුනු නිසා හනි හනිකට ඇද වෙත ගොඩ වූයේ මහාමායා එක ලග මා එන තුරු ඔයා මග බලාගෙන ඉන්න නිසායි. පොරොනා දෙක තුනක් ඇගේ හලා ගත් මා ඔයාගේ උනුසුමට තුරුල්වී නිදන්නට උනා…

මා නැගිටුනේ අම්මාගේ කථාවෙනි. හදිසියෙම ඔරලෝසුව දෙස බැලුනු මා හට කිසිවක් සිතා ගත හැකි වුයේ නැත. වෙලාව උදෑසන හතට ආසන්න වී ඇත….මම හොදටම දන්නවා මේ වන කොටත් ඔයා උදැසන තේවාවට සහභාගී වීමට සුදු මල් වටියක් අරන් මා එනතුරු සිටින බවට.අප දෙදෙනාම දෙදෙනාගේම උපන් දිනේ දා උදෑසනම දළඳා හාමුදුරුවන් වැදීමට යෑම පුරුද්දක් කර ගෙන තිබුනි. නමුත් මෙවර මගේ කුම්මැහි නින්ද නිසා එය මග හැරෙනු ඇත.

මා හැකි ඉක්මනින් දනි පනි ගා හැඩවී ඔයා ලඟට එන කොටත් වෙලාව අට හමාර පසු වී තිබුනි…

ඔයා මට කිසි දෙයක් කීවේ නෑ…මගේ මූණ දිහා බලාගෙන හිටපු ඔයා “මම උදේ හය හමාරේ ඉදන්…..!!!! ” යැයි කීවා පමණි. ඔයාට ඉකි ගැසුනි……

මාහට කිසි කියා ගත හැකි වූයේ නෑ…ලෝලු ගෙඩිවගේ පිරිලා තිබ්බ කඳුලු කැට ඔයාගේ ලස්සන ඇස් බොඳ කරලා තිබ්බා…උදේ හය හමාරේ ඉදලා ඔයා පිණි බබා මම එනකන් මඟ බලාගෙන ඉදලා…මට ඇති වූයේ මහා දුකක් වගේම මහා අපරිමාන ප්‍රේමයක්…මම ඔයා ලඟින් වඩිවෙලා ඔයාගේ හීතල වෙලා තිබ්බ අත්දෙක අල්ලගන්න කොට එබේටම වඝේ මගෙ ඇස් වලිනුත් කඳුලු බිදු එක එක කඩාගෙන වැටුනේ හිම දිය වී දිය බින්දු වැටෙන්නාක් මෙනි..අපි ඒ විදිහට කොච්චර වෙලාවක් සිටෛයා දැන් මා දන්නේ නැත. මා තවමත් ගොළු වූ වෙකු ලෙසින් මුණිවත රැක්කේ මා සිතින් අඬන යුරු ඔයාට දැනේ වී යන අනියත බියෙනි.

හදිසියේම මගෙ අතින් ඇද ගෙන ඔයා මාළිගාව දිහාවට යන්නට උනේ කිසිත් නොවුන ගානට. නමුත් මා තවමත් පෙර නිද්‍රාවෙන් ම පසු වන්නට විය.

පුරුදු පරිදි සියල්ල සිදු උන නමුත් මාගේ සිතට හරි නැත. ඔයාට නම් කිසිවක් මතක නැති ගානට මාගේ අතේ එල්ලි මට උසුළු විසුළු කරමින් සිටින්නට විය. එවිටම මා හට මතක් වූයේ හවස මා වෙනුවෙන් නිවැසියන් සිදු කිරීමට යන බෝධි පූජාවය. දැන් පිටත් වීමට කාලය ඉතාම සුදුසුය….මා නැවතත් කල්පනා ලොවේ අතරමං විය. මා හට ඔයාව දමා කෙසේ වත් යා නොහැක. එසේම අම්මාද දැන් මා එනු ඇතැයි මග බලා ගෙන ද සිටිනු ඇත.

බෝධි පූජාව මා සදහාය, මගේ ආරක්ෂාව සදහාය, නමුත් ඒ සියල්ලටම වඩා මට ඔයගේ සිනහව, සතුට වැදගත්ය. එම නිසා කිසිස් නොකියා ඔයා සමගම ඉතිරි කාලයත් ගෙවා දැමීමට තීරනය කලෙමි.

වෙනදාටත් වඩා වැරයෙන් ඔයාව අල්ලා ගෙන මා මාවත් දිගේ ඇවිද යන්නට විය. උදැසන කඳුලු මහා ආශිර්වාදයක් වී අප දෙදෙනා අතර වු ඒ මහා අපරිමාන ප්‍රේමයේ බැදීම තවත් ශක්තිමත් කරන්නට විය…..උපන් දිනය ඔයාගේ ආදරයත්, හිනාවත් අතරේ මා එසේ ගෙවා දමන ලදි….

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ කිව මැන කල්පනා ලොවේ..//

මතුවේ සිහින් සුසුම් රැළි අද විල් දියේ මාගේ
කිසිවත් ලොවේ වෙනත් නැත මට – ඔබ තරම් මග
රැජිණ ඔබයි උදාරියේ- මගේ දිළිඳු ලෝකයේ

මා වෙසෙනා තුරු ලොවේ – ඔබ කිසිදිනෙක තනි නොවේ
හමුවන්න එන්න ‍ප්‍රියේ – අද මෙන් මතුදා මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස – සනසා දයාවියේ

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ කිව මැන කල්පනා ලොවේ..//

ගායනය – එච්.ආර් . ජෝතිපාල

මුල් කෘතිය : ආජ් ඕර් කල් (1963)
මුල් ගායනය : මෝහොමඩ් රාෆි

සිංහල ගීතය : මෙතනින්
හින්දි ගීතය : මෙතනින්

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. ama පවසයි:

    ආදරේ කියන්නේ ගොඩාක් ගැඹුරු දෙයක්.තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ඕණෑම දෙයක් කරන්න පුළුවන්.මමත් මේ විදිහේ ගොඩාක් විදින ආදරයක් ලබනවා.ආදරේ කියන්නේ විදින දෙයක් මිස විදවන දෙයක් නෙමෙයි කියලා දැන්නේ මගේ ආදරේ මට ලැබුන දවසේ. ගොඩාක් ලස්සන නිර්මාණයක් අයියේ

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )