දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

මම එදා ගුවන් තොටුපලින් සමුගෙන යන මොහොතේ පවා දෙතුන් සැරයක් පසු පස හැරිලා බැලුවේ ඔයා මොහොතකට හරි එයි කියලා…..ඒත් එදා මම බලාපොරොත්තු නැමති පුළින මාළිගය බිද දමාගෙන ඒ රොප්පෙට  නැවු නැග්ගා…කාලය දින සති මාස ලෙස ගෙවී ගිහින් ම නැවත ලංකාවට ආවේ ම විදෙස් ගතවු කාරනය අවසන් වු නිසාවෙනි…..

මා හිතවතුන් හමුවු විගස මා සොයා බැලුවේ ඔයා ගැනය…විදෙස් ගත වු පසුත් මා ඔයාව සම්බන් කරගන්න හැකි සෑම විදිහකටම උත්සාහ කරා…ලිපි කීපයක් එවූ නමුත් පසුව මිතුරෙකුගෙන් මා දැන ගත්තෙ ඔයාලා ගමෙන් කොළඹ පදිංචියට ආ බවයි…එයින් ඔයාව සම්බන්ද කර ගත හැකිව තිබු එකම මාර්ගයත් ඇහිරුනා. හැමදාම උපන්දිනෙට තිළිණයක් විදිහට පොතක් දෙන්ට පුරුදු වෙලා හිටිය මම පිට රට හිටිය වසර හයේදීම ඔයාගේ උපන්දිනෙට පොතක් අරගෙන සුරැකිව තියා ගත්තේ ලංකාවට ආ හැටියේ ඒ තිළිණ ඔයාට දිය හැකියි කියන අදහසින්.

ඒත් ඔයා මම ලංකාවේ නැති කාලය තුල දී…………..!!!!!!

——-

අපි ඉස්සර වැඩිපුරම ඇවිද්දේ දළදා විදියෙයි, අලි මුඩුක්කුවෙයි…අපි වැඩි පුරම කාලය ගත කරේ වැව රවුමේ මහමායා එකට පහලින් තිබ්බ බංකුව මත..ඔයා හැමදාම වගේ මොනව හරි දෙයක් අරන එනවා…මතකද..!!! අපි ඒවා මළුන්ටත් කව කව කාපු හැටි….

ඉස්සර හැමදාම වගේ අසනීප වෙන මාව හැමදාම වගේ දොස්තර මහත්තයා ලඟට අරගෙන යන්නේ ඔයා….දොස්තර එනකන් මම ඔයගේ උකුලේ මගේ ඔලුව තියාගෙන ඉන්නවා….මතකද…!!! ඔයා මගේ අවුල් වෙලා තිබ්බ කොන්ඩ කැරලි අස්සෙන් ඔයගේ අතැගිලි දාලා මගේ ඔලුව අත ගාපු හැටි..

ඉරිදට හැම දාම අපි කොහේ හරි යනවා…කදු නගින්ට හරි ආස මම ඔයත් ඇදගෙන හන්තානට, උඩවත්තට , බහිරවකන්දට , හුන්නස්ගිරියට , අම්බුලුවාවට කොච්චර නම් සැරයක් නැගල ඇත්ද….මතකද…!!! ඔයත් හරි හරියට මගෙත් එක්ක කදු නැගපු හැටි….කන්ද මුදුනටම නැගලා හයියෙන් අපි දෙන්නගේ නම් කියපු හැටි…

——

මේ සියලු දේ චිත්‍රපටයක ජවනිකා මෙන් මාගේ දෑසේ ඇදෙන්නට විය…මා හදිසියේම මාගේ අතීතානුස්මරනයෙන් මිදුනේ මාගේ මිත්ත්‍රයෙකු ගෙන් ලැබුන දුරකථන ඇමතුමෙනි. මා හට අද සවස ඇති දේශය පිලිබද ඔහු මා යාවත්කාලීන කරන ලදි. මා සුසුමක් හෙලා නැවත පෙර මා දේශනය වෙනුවෙන් ලියමින් සිටි ලිපිය ලියන්නට වීමි. මා හට මේ සියලු දෙය දමා නැවත විදෙස් ගත වීමට මහා ඕනෑකමක් වෙතත් එය මාහට කල නොහැක්කේ මාගේ මාපියන් මා සමග වසන බැවිනි. සොහොයුරාද කාර්යබහුල බැවින් ඔව්න් දෙපලගේ වගකීමෙන් මා නිදහස් වියනොහැකි අතර එය කිරීමට මා සිතද මාහට අවසර නොදෙයි.

——

ඔබ පිලිබද මතකය මා කෙසේ හෝ අමතක කල යුතුව ඇතත් එය කිරීම මා අපොහොසත් වන කාරණය මා නොදනිමි. ඔබට මා අතිශයින්ම ප්‍රේම කරමි. නමුත් ඔබ මට සමාජීය බැදීම වලින් අහිමි කර ඇත. නමුත් මා ඔබව අමතක කල යුතුව ඇත….

ඒ සදහා මා කුමක් කලයුතු දැයි මා දන්නේ ද නැත….

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල්තල සිඹ සුසුම් උණුහුම විදින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගී වැල් ගයන්න
සේල යහනේ වරු ගණන් නිදිවරන්න
දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

ළඟම රැදෙමින් කඳුළු හසරැල් විදින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරුපුරුදු ලෙස ඔබේ තුරුලේ වෙලෙන්න
දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

ගායනය : කසුන් කල්හාර

ඔන්ලයින් අසන්න :

http://www.myspace.com/kasunkalhara/music/songs/dethol-vila-matha-64954575

බාගත කර ගෙන අසන්න :

www.mediafire.com/?nmiejc1wmik

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... and tagged . Bookmark the permalink.

දිනක් ඒ විද ආයෙමත් මට කියන්න සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. susantha sanjeewa karunarathna පවසයි:

    දයාබර මල්ලියේ ඔබ දිගටම ලියන්න මම අද පටන් ඔබගේ රසිකයෙක්

    කැමතියි

  2. Dilan Maduranga පවසයි:

    ලිපිය ගොඩක් හොදයි. විවේකයක් ලැබෙන වෙලාවට ඇටිත් මේ වගේ ලිපියක් කියවන්න මම ගොඩක් කැමතියි. ඔයාගෙ බ්ලොග් ‍එකේ මම කියවපු පළවෙනි ලිපිය තම‍යි මේ. ඉඩ තියෙන වෙලාවක ඇවිත් අනිත් ලිපිත් කියවන්නම්. දිගටම ලියන්න.
    සුභ පැතුම්…………
    මම ඩිලාන්.
    (මේක කියවල මකල දාන්න.. )

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )