හීනය..

.
අම්මා එන්ට පායා පුන් සඳක් වගේ
අප්පච්චි එන්ට හිරු රැස් මඬල වගේ
මල්ලී එන්ට සඳවට කර තරුව වගේ
තනිකඩ දිවිය මට අද කහඹිලියා වගේ

අඟනක් සොයා මම දවසක් ගියා කැලේ
අං ගැලවෙච්ච ගොන් වස්සේක් වැටිලා වලේ
ඇහුවා කිට්ටු වී හරකට “මොකද බොල්‍රේ.?”
“එළ හරකියක් ගස්සා මම වැටුනා වලේ”

හරකගේ කතාවෙන් මම උඩ විසිවීලා
තව යොදුනක් කැලයට මම ඇතුල් වෙලා
එළුවෙක් අඬනවා ඇයි මම සොයා බලා
ලංවී එළුවගෙන් ඇසුවා “මොක” කියලා

ඊයේ උදෑසන කොටුවට ගෙන ආව
අඩියයි පහ හමාරක හොද රැවුලක් ආව
අං දෙක රවුන් වී පාටත් සුදු වූව
එළුවෙක් එලිච්චිය අරගෙන පැන දිවුව

එළුවගේ කතාවෙන් මම තව සුසුම් හලා
මාවත වෙනස් කර යන්නට සිතුණි බලා
හදිසියේ “ජබොක්” ගෑ හඬ මා සලිත කලා
අඟනක් නානවා දොල පාරේ ගිලිලා

අමතක උනා එළුවාගේ හා හරක් කතා
මම දිවගොසින් පැන්නා දෙවරක් නොසිතා
ඇගේ වත රැදුන අංජන පැහැයට මසිතා
කළු ගල් සපවුවා මී අඹ නේද සිතා

කලු ගල් සපනවා මගේ දත් ගැලවෙනවා
මම වෙවුලනවා ඇය මට තව ළංවෙනවා
ඔලුව වදිනවා මට තරු විසි වෙනවා
ඇඟ මැලි කඩාගෙන ඇඳ වෙත ගොඩ වෙනවා

පසුවයි තේරුනේ මෙය හීනයක් බව
ඇද යටටම රෑ නින්දෙන් ගොසින් බව
ජිල් බෝලයක් කළු ගල් ලෙස හැපුව බව
අඟනක් කියා කොට්ටය අත ගෑව බව

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

හීනය.. සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. අරුණ පවසයි:

    අගනක් සොයා ගන්නකම් මෙවැනි විකාර හීන තව තවත් පෙනීමට ඉඩ ඇතිය මලේ

    කැමතියි

  2. හිකිම හිකිම හිකිම හිකිස්…
    ඉක්මනට අගනක් හොයාගන්න ඇත්තටම

    කැමතියි

  3. Weni පවසයි:

    හිකිස් ! නියම සීන් එකනේ වෙලා තියෙන්නෙ.. හීනයක් වුනත් නිකං ඇත්ත ඇත්ත වගෙයි !

    කැමතියි

  4. දිල් පවසයි:

    පරිස්සමෙන් හීන බලන්න…හි හී….කොහොම උනත් මරු කවි ටික

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )