වැටකෙයා පඳුර

වැටකෙයා  පඳුර ලඟ
පිපුණු බැල තණ මලක්
වැටකෙයා මල් සුවඳ සොයනවා
නොලැබෙනා බව නොදැන
පිපුනු ඒ පුංචි මල
සුවඳ පුරවන්ට මලු වියනවා…..

දොල ගාව රැක සිටින
රැහැයියෝ හිනැහෙමින්
වැටකෙයා මල් සුවඳ විදිනවා..
සඳට ගතු කිය කියා
පිපුනු කූඬළු මලක්
හොරෙන් තටු වසාගෙන නිදනවා…..

නිමැ’ති සෙනෙහස පතා
පිපුණු බැල තණ මලට
වැටකෙයා මල් සුවඳ ඈතයි…
ලබන ඉල් මාසයේ වහින වැහි කෝඩයට
ඉදිරිලා වැටෙන බව
නොම දනියි……

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

වැටකෙයා පඳුර සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. -Uthpala- පවසයි:

    දසන්තේ හමායන
    වසන්තය පමා වෙන
    සීත සුලඟට
    මතක නැතිව මා

    ලිහිණියන් කෑගසා
    පියඹනා
    සවස් කල
    නිනවුවක් නැති තැනෙක මා
    ගොලුවෙලා

    වැටකේයා මල් කුමරි
    නුඹ ,සිනාසුනි මා අසල
    නමුදු ඒ
    සුවඳ මට අහිමිදා…..
    ලඟ වුවත් දුරම බව
    දැනුනි මට
    නොනිමි ලෙස,
    නොපෙනුනිද සොඳුර
    අඬන්නට නැතිවෙලා කඳුලැළි,
    පියවෙනා නෙත් අග ගුලි වෙලා
    කැටි ගැසී,
    ඉල්මහේ සීත ලඟ
    මලගම් යන්න සැදි
    නුඹ ලඟම පිපී
    සිනාසී,
    නමුදු හැන්ඩු නිති,
    බැල තණ මල් පොකුර
    ඒ මම
    හැමදාම නුඹට ලැදි….

    කැමතියි

    • umanda පවසයි:

      දසන්තේ හමා ගිය
      වසන්තේ මද සුලඟ
      වස්සානයේ කොහෙද නැගණි…..

      ළිහිණියන් හඬ තලන
      කුමුදු පීදෙන හඬට
      තුන් යාමයේ කිමද ඇහැරී…

      නොබලන්න අහස් කුස
      වැටේවී පුලින කැට
      රිදේ වී ඔය දෑස පැරදී..

      උදෑසන පිණි වැටි
      නැගෙන අරුනැල්ල වෙත
      සොයා පිය මැන යන්න මිතුරි…

      අදහසට ස්තුතියි උත්පලා…

      කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )