ආච්චිටයි සීයටයි වදින හැටි..

ආච්චිට (නූතන ) වදින ගාථාව :

ලේලිට නුඹේ නුඹ ඇණයක් නොමවේවා
ලෙලිගේ වැරදි එක දෙක කර නොකියේවා
සිල් ගන්නා විටදි බුදු බණ සිහි වේවා
පැය දෙක තුනක් වත් ඒ සිල් පවතීවා

මා හැදු වැඩු මගේ අත්තම්මට වදින ගාථාව :

සිනහව නුඹේ මට හිරු එළියක් වේවා
සෙනෙහස නුඹේ මට මිණි පහණක් වේවා
මතු උපදිනා සංසාරේදි හමු වේවා
මගේ අත්තම්මේ නුඹ මතු බුදු හිමි වේවා

සීයට (නූතන ) වදින ගාථාව :

පුතුගේ වැඩට නුඹ ඇණයක් නොම වේවා
පුතුගේ නමට නුඹ කැලළක් නොම වේවා
බොන බොන සුරුටුව දින දින අඩු වේවා
ලබන පෝය දිනවත් පන්සල් යේවා

මා හැදු වැඩු මගේ ලොකු අත්තට වදින ගාථාව :

නුඹ හෙලු දා බිදුවේ රස අම රස වේවා
නුඹ දුන් ආදරය මතු සිළුමිණ වේවා
උපදින සංසාරේ මතු මතු හමුවේවා
ලොකු අත්තා මගේ නුඹ මතු බුදු වේවා

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

5 Responses to ආච්චිටයි සීයටයි වදින හැටි..

  1. Chathura Wijekoon පවසයි:

    සීයල’ අත්තලා ගේ ඇති සෙනෙහෙ රඟේ
    මට විඳගන්න නැහැ දුන්නේ දෛවෙ මගේ
    අත්තම්මත් ආච්චිත් වැඩි කළක් මගේ
    තනියට හිටියෙ නෑ මේ රස කවියාට වගේ

    කැමතියි

  2. දයියා පවසයි:

    දෙකේම දෙවැනි ගාථාවට මං හරිම ආසයි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )