ගොම්මනේ අඬහැරය

දෑත වෙවුලා වැටී
තින්ත ඉහිරී ගියා
කොපි කොලය පුරාවට
කළු පාට විසිරිලා….

තවත් නෑ මට ඉඩක්
පෙම් කවක් ගොතන්නට
පුපුරලා බිද වැටුන
මගේ සිත් අහස යට…..

ගොම්මනේ අඬහැරය
සොයා මම දිව ගියා
නොදැනීම බොරු වලක
වැටී මා විදෙවුවා…

නැත තාම වාරුවක්
ගොඩ එන්ට යලිවරක්
හැකිවේද දන්නේ නෑ
අඳුර තුල සිර වෙලා….

දුක් වින්ද අතීතය
යලි යලිත් සිහි වුනා
වරක් නොව දහස් වර
තනිව මා දුක් උනා….

කපුරු පෙති බිද වැටී
දෙපා මුල අළු උනා
හඬන්නට නෙතු අඟට
කඳුළු බිදු හිඟ වුනා….

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ගොම්මනේ අඬහැරය සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. Kathu පවසයි:

    Midennata yai kiya
    nohaka apasu vatennata
    namudu nagitiya yuthuwa atha
    midennata adurin…..

    කැමතියි

  2. ..උත්පලා.. පවසයි:

    කවදාම හෝ දිනෙක
    ඇසේවී,
    සෙත් පිරිත් හඬ
    මුදු සරින් ,
    නමුත්
    සනසමින්
    ඔය සවන් යුග…

    විසීර ගිය කපුරු පෙති
    සිනාවී,
    සත්තකයි
    ගෙනේවී,
    නැවුම් සුවඳක්ම,
    කඳුල එළවමින් දුර ඈත….

    එතෙක් අල්ලාගන් තදින්,
    හිත,
    කැඩී බිඳි ගිය කෑලි
    විසීරී නොයන ලෙස,
    ඉමක් නොපෙනෙන
    මුහුදු පතුලට….

    කෙසේ නමුදු මට දැනුන කවක්…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )