වම් අත හා දකුණු අත

මීට දින කීපයක සිටම මට දැනුන දෙයක් තමා මාගේ දකුණු අත පෙරදා මෙන් ක්‍රීයා නොකරන බව. ඒ අනුව වෛද්‍යවරයෙකු වෙත් මාගේ දකුනු අත ඉදිරිපත් කිරීමෙන් පසු මා හට දැන ගන්ටලැබුනේ මාගේ දකුනු අත මිය යමින් සිටිනා බවට වු මාගේ හද සසල කල ප්‍රවෘතියයි.

මීට ඉහත ඉතා යහපත් සෞඛ්‍යක් තිබු මාගේ දකුනු අත, සැලකිලි පුද සත්කාර නිසාම මස් ගොබ දමා හොදින් පුෂ්ටිමත්ව වැඩි තිබුනි. හේ සෑම විටම සෑම අතින්ම් වම් අතට වඩා මාගේ හිත දිනා වම් අතට වඩා දක්ෂ ලෙස මා හට වූ සියලූම අවශේෂ කාර්යයන් නොපිරිහෙලා සිදුකරන ලද බව මා හට සපත කල හැක.

මේ ප්‍රකාශය පිලිබද මාගේ වම් අත විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියද මා එය එකෙනෙහිම නිෂ්ප්‍රභා කරමි. මක් නිසාද යත් වම නිතරම සිදුකරේ දකුණු අතට සාපේක්ෂව ඉතා පහත් ක්‍රියාය. උදාහරනයක් ලෙස වැසිකිලියාමෙන් පසු පස්ස සේදීම්, කිරිපණු ගාය සෑදුන විට පස්ස කැසීම ආදි වු සක්කිලි වැඩය. එබැවින් කිසිම අවස්ථාවකට මාගේ ගෞරවනීය දකුණු අතට එරෙහිව තුට්ටුදෙකේ වැඩ කරනු ලබන වම් අතට එරෙහි වීමට නොහැක.
අනුකම්පාවටත් වඩා වම් අත කෙරේ හිතේ වු මහා ජුගුප්සාජනක හැඟීම නිසාම මා වමතට කිසිදු ආකාරයක අවස්ථාවක් දුන්නේ නැත. එය එසේ උනි නම් මට සිදුවන්නේ මහා නින්දාවකි. නමුත් මා දකුනතට දැක්වු මහා ප්‍රසාදය හා ආදරය නිසාම මා දකුනු අත සතුව ඇති තේජස් බව ලබා ඇත.වම ඉතා කුල හීනය.නිතර දකුනු අත වැනීමත් වම් අත නොවැනීමත් නිසා අද මා විශාල ජයග්‍රහන ලබා ඇත. ඒ දකුණු අතේ වු ආනුභාවය නිසාමයි.

දකුනු අත මියෙන බව කනෙන් කොනෙන් සොයා ගෙන ඇති වම් අත මැතකදී “දකුනු අතත් වම් අතත ඉපදුනේ එකට” බව කියමින් පුරාජේරු කියා ඇත.එයින් වම් අත වෙරදරා ඇත්තේ වම් අතට නැති නමුත් දකුණට ඇති තේජස ඊනියා ලෙස කොල්ල කෑමටය. නමුත් කතාව ඇත්තය. මා මාගේ උපත පිලිබද මාගේ අම්මාගෙන් හා අප්පච්චීගෙන් විමසා සිටිය විට ඔව්න් මා හට සපත කරේ මා දෑතම දරා ඉපදුන බවය. මහාශාඛ්‍ය මගේ දකුනු අතත්, දීන කුලේ මාගේ වම් අතත් එකවර ඉපදුන නමුත් මාගේ පරම ආදරය වුයේ ආදරණීය දකුනු අතයි.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

6 Responses to වම් අත හා දකුණු අත

  1. kingping පවසයි:

    මෙයා කසාද බදින්නයි යන්නේ හික් හික්.. ඔක වත් තෙරෙන්නෙ නැත්ද?

    කැමතියි

  2. උත්පලා පවසයි:

    දැන් වමත සුරත කරගන්ටවා හැර වෙන යමක් වෙත්ද…

    කැමතියි

  3. උත්පලා පවසයි:

    දැන් වමත සුරත කර ගන්ටවා හැර වෙන යමක් වෙත්ද

    කැමතියි

  4. මල්මල් පවසයි:

    සහෝ …හින කුලේ අයත් රජ් වෙල තියෙනවා හොදේ…

    කැමතියි

  5. deeps පවසයි:

    මේ මොකක්ද මේ?? තේරුනේ නැහැ

    කැමතියි

  6. sameera පවසයි:

    මට නං මෙලෝ දෙයක් තේරුනේ නෑ ….. මොකද්ද එක අතක් මැරෙනවා කිව්වෙ ?

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )