වෙනස් වීම

සතුට ශෝකය ජය පරාජය ලොවේ තිබෙනා දම් ස්වභාවය.
සොඳුරු බව ලද හැමදෙයක් තුල කොතැන හෝ ඇත දුබලතාවය.
කෙනෙකුහට විස දෙයම තව කෙනෙකුන්ට මිහිරිය එයයි අරුමය.
වෙනස්වන ලොව “වෙනස් වීමය වෙනස් නොවෙනා එකම ධර්මය.

කුඩා වේවිද මහා පවුවක් නැගී එන මහා බිරම් හඬකට.
මැණික් කැටයක අගය අඩුවේද මැදිව තිබුනත් කසල ගොඩකට.
වැටෙනමුත් දිය කදන් සයුරට ලවන රස අඩුවේද මදකට.
අතිර මේලොව ඉතිරි වී ඇති තිරදහම එය නොවෙද මදකට.

ජනිත වන දින කෙනෙකු මෙදියත තව කෙනෙකු එය අතැර යනවා.
තමන් හද බැදි අයත් දිනයක් දිවියේ කෙලවර අහිමි වෙන්වා.
මල්ක් විකසිත වෙත්ම අනෙකක් සුවඳ පතුරා මිලින වෙනවා.
සසර විස්කම් මෙහැම මැවුමට සොබාදම් රද සමත් වනවා.

 

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

වෙනස් වීම සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. මැණික් කැටයක අගය අඩුවේද මැදිව තිබුනත් කසල ගොඩකට.

    කැමතියි

  2. අඛිල ජයලත් පවසයි:

    වමතත් දකුනතත් දෙකක් උවත්., නාම රූපයකට අත්දෙකම එක හා සමව වටිනවා නේද ? වම නොමැතිවුවහොත්., එම ක්‍රියාවත් ඉටුකලයුතුවනුයේ දකුනතටම නේද ? එවිට වමතේ හැදුන්වීම දකුනතටත් අසාධාරණ නැහැනේද ?

    කැමතියි

  3. sameera පවසයි:

    මේ සසර ගමනේ තවත් එක් නවාතැනක් පමනි ! සසර කතර තව බොහෝ දුර යා යුතු වේ………………

    කැමතියි

  4. අපි නිකම් අමරණීයයි කියල හිතාගෙන ජීවත් වෙනව…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )