ඒරොප්පේ උන්නැහේලා හා මහා ජාතියක පරිහානිය.

එකෝමත් එක කාලෙක ඒරොප්පේ උන්නැහේලා නැව් නැගලා ලොකේ වටේ හක්කලන් කොරන කලේ උන්දැලාට මුලිච්චි වෙච්චි චුටිම චුටි අඹ ඇටයක් වගේ ලස්සන රටක්. මේ රට දැකපු ඒරොප්පේ මහතැන්ලා දාහේ නිවාගන්ටත් එක්කල කියල ඇවිත් ගොඩ බැහැපි ඒ රටේ පොළෝ තලේට.

එරොප්පේ ඇත්තෝ මහා පුදුම දෙයක් දැක්කා…

සූටි රටේ ඉන්න ඔකොම ඉන්න උන් හොයාගෙන කනවා

හරියට කඩි රැලක් වගේ..මුන් කම්මැලි නැති හැටි”   එරොප්පේ ඇත්තෝ කිවුවා….

මුන් තුන් වේලටම බත් කාලා යකඩ වගේ හයි වෙලා…බොන්නේ උන්ගේ පට්ටියෙන්ම දොවා ගත්තු එළ කිරි, වත්ත පහලින් අහුල ගත්ත රණවරා, බෙලි මල්..ඒ අස්සේ බතල මඤ්ඤොක්කා, කුරහන් ගිලින්නේ හිටු කියලා..මේ ඔක්කොම කොරලත් මුන් මල් වට්ටි අරන් හවසට හිත හදා ගන්ට පන්සලට යන එක නම් කර අරින්නෙම නැ.හැමදේටම මුදුනා පන්සලේ  හමුදුරුවෝ. චීවරෙට උඩින් මුන්ගේ රටේ කුරුල්ලෙක් වත් ඉගිල්ලෙන්නැති හැටි.මුන් මහා සද්ධන්ත ජාතියක්.

පොඩි එකා ඉපදුන දොහේ ඉදන් අකුරු සැස්තරේ ඉගෙනගෙන හිරයක් ගන්න දා දක්වාම මුන්ගේ අනුසාසකයා ලොකු හමුදුරුවෝ. මුන් එහෙමටයි කියලා සතෙකුගේ පන නහන උන් නෙවෙයි.ගෙරි මස් කන උන්ට “ගෙරියා” කියලා නම් පටබදිනවා. සංගේ ඇති එකෙක් ගෙරි මස් කන්නේ නැ. මුන්ගෙ හරො එකමුතුවක් තියෙන්වා මුන් ජතියට ආගමට කේවල් කොරන්නැතුවම පණ ඇරල ඉන්නේ.

මුන් එකෙකුටවත් යටත් වෙන්නැති මහා අදීන ජාතියක්. මුන් එක්ක හැප්පිල දිනන්ට අපිට අපේ බයිනෙත්තු මදි.මුන්ට කෙලින්ට ඔනෙ මුන්ගේ මොලෙට…මුන් හැමදෙම කොරන්නේ කොරන්නේ බොහොම හොදට හිතලා මතල.මුන්ගෙ මොලෙන් මුන් මහා පුදුම දෙවල් කොරනවා.මුන්ගේ කල්පනාව බොහොම ඉහලයි.මුන්ගේ තියෙන හිතීම, කල්පනාව නැති කොරා නම් හරියට හරි.

ඉස්සෙල්ලාම මුන්ගේ ඇගේ හයිය නැති කොරන්ට ඔනේ.ඊට පස්සේ මුන්ගේ එකමුතුව නැති කොරන්ට ඔනේ.මුන්ගේ පන්සලත් එක්ක තියෙන ඇයි හොදයිය නැති කොරන්ට ඔනේ.

“මේ ඇහුනද..හිට පියයවු……බොලං ලා මෙහෙ වරෙවු මෙන්න මේවා කා පියවු මේවා
“පාන්” මෙන්න මේවා බීපියවු මේවා “අරක්කු”..මේවා මේ අපි උඹලට දෙන්නේ නොමිලේ.සතපහක් වත් එපා.වරෙවු පවුල් පන්සල් පිටින්ම වරෙවු..කාපියවු බීපියවු… නටපියවු..මොකටද ඔච්චර නැහෙන්නේ…අපි වගේ ජොලියේ හිටපල්ලා..බලා පල්ලා අපිට ඔක්කොම අතටම ලැබේනවා..අපි කනවා, බොනවා, නටනවා..වරෙවු අපිත් එක්ක එකතු වෙයල්ලා.” යකුනේ හැමදාම පන්සල් යන්නෙ මොකටැයි, ඕකට එකදවසක් ගියාම මදැයි..වරෙවු වරෙවු අපිත් එක්ක එකතු වෙන්ට.

අපේ හින්ගල වහු පැටැවු ටික ඉතින් ඒරොප්පේ උන්නැහේලා එක්ක හරි හරියට ජොගි නැටුවා..වැඩක් පොලක් කොලෙත් නැ.ඒවා ගැනැ හිතුවෙත් නැ.වතු පිටෛ පළු උනා. හරකා බාන් අයාලේ ගියා. අපේ එකාල වස කම්මැලි කුසීතයෝ උනා.ඔහොම ඉන්න කොට ඒරොප්පේ උන්නැහේලාගේ කෑම ඉවර වෙච්චි..බීමත් ඉවර වෙච්චි..අපේ උන්ගාවත් කෑම නැනේ..මොකද උන් කරේ ජෝගි නටපු එකනේ…දැන් මොකැ කොරන්නේ….ඒරොප්පේ උන්නැහේලා කියපි “අපි අපේ රටෙන් කෑම ගෙන්නන් උබල අපිට ගෙවපියවු..තොපිට සල්ලි නැත්තන් කාරි නෑ..අපේ වැඩපොල ටික කොර දීපියවු කො…අපි තොපිට හොදට ගෙවනවා..තොපි එවගෙන් ගෙවල කෑම අරන් කාපියවු…”

එදා ඉදන් අපි අද වෙනකන් කොරන්නේ ඒරොප්පේ උන්නැහේලාට ගෙවනඑක. ඒරොප්පේ උන්නැහේලා අපිට කවනවා..අපි ඒරොප්පේ උන්නැහේලාට කවනවා. අපි නැහෙන්වා උන් රැකෙනවා.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ඒරොප්පේ උන්නැහේලා හා මහා ජාතියක පරිහානිය. සදහා ප්‍රතිචාර 10ක් දක්වා ඇත

  1. Milinda පවසයි:

    සුද්ද අවේ නැත්තම් තාම අපි රදලයෝ ටිකට වහල වැඩ කර කර ඉඳීවි.. උන් ඒගැන ගනීවි.. අපි මැට්ටෝ වේවි…. ලස්සන ගනු ටික රජා ගනීවි.. ටිකක් හිතන්න එදා (1948 /2 /4) අපි නිදහස ගත්තේ නැත්තම් අපි දැන් ඉන්න තත්වේ ගැන.. කොහොමද සුද්ද Hong Kong චීනයට බාරදුන් විදිය.. අද චීනයේ තියන හොඳම ප්‍රදේශය එකනේ… සුද්දාගෙන් අපිට අසාධරණ උනා තමය් නමුත් හිතන්න ටිකක් අද ඔය ඉන්න තත්වේ ගැන … පුලුවන්නම් ලියන්න ඔබ ගැන සුද්දට යටත් නොවුන හෙළදිව ඔබ සිටියානම් කියා උප කල්පනය කර…

    කැමතියි

  2. වෙනින් රාමුවේ එකෙක් පවසයි:

    රෙද්ද තමා බොලව්
    උන් එදා පාන් කැව්වෙ නැතත් අද වෙනකොට කනවා [ඒකට තමා යකෝ ගෝලීයකරනය කියන්නෙ..හැමදාම අමුඩ ගහගෙන කුඹුරු කොටයි කියල හිතුවද?] අරක්කු නැතත් එක්කො රා මුට්ටිය ගහයි නැත්නම් කස්ප්පු බොයි

    // චීවරෙට උඩින් මුන්ගේ රටේ කුරුල්ලෙක් වත් ඉගිල්ලෙන්නැති හැටි.//
    හිතන්න බැරි අන්ධ භක්තියෙන් පිරි ජාතියක්..හොහ් හොහ්

    //යකුනේ හැමදාම පන්සල් යන්නෙ මොකටැයි, ඕකට එකදවසක් ගියාම මදැයි//
    එක දවසක් වත් යන්නෙ මක්කෙටැයි
    උබ අහල තියෙනවද පංසල් ගිහින් හැදුන එක මිනිහෙක් වත්..ගිහින් හාමුදුරුවන්ගෙන් සාදු සාදු කියල බන අහල ගෙදර ඇවිත් ආයේ පුරුදු ජීවිතේම ගෙවන ගොය්යො ඇරෙන්න…

    තමන්ගෙ වරදවල් වලට අනුන්ට බනින්නෙ නැතුව හැදෙන්න ඕනි නම් හැදෙන්න බලපියව්
    සුද්දන්ට පුදුම ඇම්මක් නේද ඇත්තෙ ලංකාවට කෙලවන්න..උඹල මොන කටින්ද බොල ඕව කියන්නෙ ? ඔන්න ඉරානෙ වගේ රටක් නම් කමක් නෑ , අඩු ගානෙ උන්ට න්‍යශ්ටික බලේ තියෙනවා..උඹල 1 මිසයිලයක් ගැහුවොත් අපි 100 ගහනව බොල කියල ප්‍රසිද්දියෙ ලෝකෙටම ඇහෙන්න කෑගන්න තරම් කොන්ද පන තියෙන උන් ඉන්නවා…අපිට තියෙන්නෙ මොනවද බොල සුද්දන්ට ඔච්චර ඉරිසියා හිතෙන්න
    අපිට ලොකෙ දරුනුම ත්‍රස්තවාදියො විනාශ කලා ? ඉතින් මොකටද බොල උන් එච්චර ශක්තිමත් වෙනකම් අපි ජෝගි නැටුවද?අනිත් රටවල් වල එහෙම නොහැදුනේ , උන් එච්චර ශක්තිමත් නොවුනේ උන් එහෙම වෙන්න කලින් නවත්තපු නිසා වෙන්න ඇති කිය්ල නිකමටවත් හිතුවද? කොටිට ප්ලේනුත් තිබ්බා ? ඉතින් යකෝ ප්ලේන් ගෙන්නන කම් ජෝගි දැම්මද ?අනිත් රටවල් වල උන්ට නොතිබුනේ උන් එහෙම ගේන්න කලින් නවත්තපු නිසා…

    මොනවද බොල අපිට තිබ්බ සංස්කෘතිය ඔය තරම් ආඩම්බර වෙන්න ? ගෑනු හැටක් විතර හිටපු රජ කෙනෙකුත් , මැටි වලන් , කෝප්ප ,වැව්, කැටයම් ටිකක් ඇරෙන්න ? ඈ ? අපේ ලිං මැඩියන්ට නම් ඔව්වා ලොකු දේවල්..බලපල්ල ඇස් ඇරල ලෝකෙ දිහා…සුද්දො හෙලුවෙන් කියන්නෙ හිටියෙ කුවේනි කපු කටින කොට..උබල වගේ මෝඩයන්ට කියන්න වචන නෑ බොල..මේ ටිකත් ටයිප් කරන එක අපරාදෙ කියලයි මට හිතෙන්නෙ.. බලපල්ල රෝමෙ,මයා,ඊජිප්තු වගෙ ශිශ්ටාචාර..දැන් ආයෙ බලපන් අපි දිහා

    තොපිට මෙව්ව කියල වැඩක් නෑ බොලව…ඒ තරමට තොපේ ඇස් වැහිල තියෙන්නෙ උද්දච්ච කමින්….උඹල ඉතින් අපිට කෙලෙව්වා අපිව කනවා කියකිය හිත හිත ඉඳහල්ලා… දැනුත් රජවරු හිටිය නම් උඹලට තෙරෙයි රඟේ…දැනුත් හාමුදුරු ගොල්ලො කියන එව අහන්න උනා නම් තේරෙයි රඟේ…ඒත් කමක් නෑ කියල හිතෙයි උඹලට නම්…හිතන්න බැරි ගොබ්බ සිංහලයො තමා මේකෙ ගොඩක් ම ඉන්නෙ….අනේ ඔනි දෙයක් කරගන්නිල්ලා…මට ‘පාන්’ ඈ……….
    උඹලගෙ ඇස් ඇරේවා

    කැමතියි

  3. Pandukabaya පවසයි:

    මේක නම් ඇත්ත. ඔය කාලකන්නි නිසා තමයි අද අපි මේ දුක් විඳින්නේ

    කැමතියි

  4. Chathuraga Perera පවසයි:

    ඔය ටික අපේ අයට තේරෙන්නැති එකයි වැඩේ. ජාතිකත්වය ගැන කථා කරන එකා පසුගාමී කියලා ලේබල් වදිනවා. අනුන්ට කඩේ ගිහිල්ලා කවුද දිනලා නැගිටලා තියෙන්නේ ? ඒත් ඉතින් සුද්දා අපේ මොල කොච්චර හොඳට හෝදලා ගියාද කියනව නම්, දැන් සමහරු කැමති නෑ සුද්දට බනිනවට වත්… අඳෝමැයි !

    කැමතියි

  5. ෆැන්ටසි පවසයි:

    සිරාම ලිපියක්………ඕක තම කතන්දරේ,එත් අපි පිළියම් ගන්න ඕන..ජාතිකත්වය නොහදා රට හදන්න බෑ
    ලිපිය නියමයි

    කැමතියි

  6. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    කැමතියි

  7. sohan පවසයි:

    රෙස්ලින් වලට කෑමතිනම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )