උපන් දිනය

මා කිසි දිනෙක මාගේ උපන් දිනය ගැන කියමින් මෙවැනි ලිපියක් ලිවීමට කිසි දිනෙක සිතුවේ නැත.නමුත් පාන්දරම ලැබුනු දුරකථන ඇමතුම නිසා මා තාමත් ඉන්නේ ඉතාම ප්‍රිතියෙන් මෙන්ම දැඩි කනගාටුවකිනි.

ජුනි 16, එය මගේ උපන් දිනයයි. මෙලොව කිසිවෙකු නැතත් ඇයට නම් එම දිනය කිසිම දවසක අමතක වන්නේ නැත.

මාගේ මෙතුවක් පැවති සැම උප්න්දින්යක දීම සියල්ලටම පළමුව පැමින මා හට සුභ පතන්නේ ඇයයි.ඇයගේ සුභ පැතීම ආරම්භ වන්නේ උපන්දිනයට සතියකටත් පොරොත්තුව සිටය. උපන්දිනය දා උදෑසනම මාගේ ඇද වෙත පැමිණ හිස අතගා “මගේ අප්පච්චිට සුභ උපන්දිනයක් වේවා” කියා ප්‍රාර්ථනා කොට ආශිර්වාද කරන්නීය.

නමුත් අද ඇයට ඇගේ පුරුදු චාරිත්‍රය කිරිමට නොහැකි විය. ඒ ජිවිතේ පළමු වරට මාගේ උපන් දිනය දා මා නිවසින් බැහැරව සිටිමට සිදුවු නිසාය. පෙර දින පොසොන් පෝදා වු නමුත් මා නිවසට නොගොස් කොළඹම රැදුනේ කල යුතුව තිබු වැඩ කීපයක් නිසාය.

අද උදයේද පුරුදු පරිදි ඇය මාගේ කාමරය වෙත යන්නට ඇත. නමුත් ඇයට මා නැති බව සිහිවී නෙතට කදුළු නැගෙන්නටද ඇත. එය මා හට තහවුරු වූයේ ඇය දුරකථ්නයෙන් මා හට අමතන විට සියුම්ව ඇසුන ඇගේ ඉකියෙනි.

පන් දිනය දා මට වටිනාම ත්‍යාගය දෙන්නේ ඇයයි.  ඇය ම්ගේ අම්මායි..ම්ගේ සදාදර්ණිය අම්මායි.

ඇය මාගේ උපන්දිනයට කිසි දවසක් “කේක්” කවා නැත. සාරෙට කිරි දමා හදන් කිරි බතකුත් යම් සරළ කැවිල්ලකුත් පුෂිටිමත් කෙසෙල් ඇවරියකුත් පමණක් මාගේ උපන්දින මේසයෙ වෙයි.එහි අමුත්තන් වනුයේ අප්පච්චිත්, මල්ලිත් පමනි.එපමනක් වන මාගේ උපන් දිනය අවසන් වනුයේ පියාගේන් නොවරදවාම ලැබෙන පැළයක් කොහේ හෝ සිටුවීමෙන්ය. රැකියාවක් කිරීමට පටන් ගත් දා සිට මා මට ම හුරු කර ගත් දෙයක් ද විය. ඒ යාචකයෙකු බලා ඔහුට කෑම වේලක් ලබා දීමය. ඔය කියන කාරනා ඇරෙන්න මා කිසි දිනෙක් උපන් දින සාද නම් සමරා නැත. මේ දිවිය උපන් දින‍යට තැගී ලැබුනා නම් ලැබුනේ අම්මාගේ අසීමිත “ආශිර්වාදයත්” අප්පච්චිගෙන් ලැබුන “පැළය” පමණි.

කිසි දිනෙන කතාකරන බෝනික්කන්, සයිරන් පිඹින කාර්, තුවක්කු..ආදි විච්චුරන මට “උපන්දිනය දා ” ලැබී නැත. නමුත් අද වනවිට වත්ත වටේ මා සිටවු “උපන්දින තෑගි” ලොකු වී මහා ගස් බවට පත් වී ඇත. එවායේ ඵල මාද අප සියලු දෙනාමද එකසේ බුක්ති විදිමු.

මාගේ මේ සාර්තකත්ව‍යට හේතුව අන් කවරෙක්වත් නොව මා මෙලොවට බිහි කල මාගේ ආදර්ණීය අප්පච්චිත් ආදර්ණීය අම්මාත් වෙයි.

මාගේ උපන්දින ප්‍රාතනාව මගේ එම ඉෂ්ට දේවතාවුන්නාන්සේලා දෙපලගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි මගේ ආයු ගෙන මටත් වඩා කල් යෙහෙන් බෙලෙන් වැජබේවායි යන්නයි.

අද මාගේ මව හා පියා මා ලඟ නොමැති අඩුව හොද හැටි දැනේ. මාගේ නෙතද තෙත් කරමින් දෙකපුල හරහා මේ රූරා වැටෙනුයේ ඔව්න්ගේ ආදරයේ කදුලු නොවන බව පැවසිය හැක්කේ කාහටද..?

ආදරයේ උල්පත වු අම්මා – මා ඔබගේ පුතු වු
ඔබ මතු බුදුවන දවසේ – මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි – සුළැඟිල්ලේ එල්ලී

අව්වේ මුතු කැට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

8 Responses to උපන් දිනය

  1. සුභ උපන්දිනයක් වේවා ..! (ඹන්න මමත් සුභ පැතුව යාළු.)

    @ @@@@ @ @ @@@@
    @ @ @ @ @ @
    @ @ @ @ @ @@@@
    @@@@ @@@@ @ @
    @@@@

    කැමතියි

  2. මා උපන්දිනය නොසමරන්නෙමි. මන්ද මම වයසට යන අවුරුදුදක් අවුරුද්දක් පාසා උපන් දිනය යැයි දවසක් යෙදා විහිළු නොකරන බැවිනි.එහෙත් එය නොදත් අැතමුන් තමන් වයසට යන්නේයැයි කියා සතුටු වෙති.නමුත් මා වයසට හෝ මරනයට බිය නොවෙමි

    කැමතියි

  3. යසිත පවසයි:

    අද මගෙත් උපන්දිනේ 😀

    කැමතියි

  4. Bandula Wijesiri පවසයි:

    Suba Upan Ninak Weva. Mamth Upan dineta Sathutu wannek.
    Jeevithaya Astheerai. Heta Dawasa monawa weida kiya Kiyanna Baha.
    Ethin upan dinaya samarana ekath vadagath. Anunta pinata yamak deela.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න