මට මේ කුමරුන් කවුදෝ දුන්නේ.

මාගේ පුතුට මල් යහන සදන්නේ
දෑස සිනා රැල් පාවී එන්නේ..
රෝස කැලේකින් හමුවු වැන්නේ..
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ…

පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
කව්ද පුතුට ලේ කිරි කර දෙන්නේ..
අම්ම කියාලයි බහ තෝරන්නේ..
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ..

මවගේ ලමැද ලේ කිරට පෙරෙන්නේ..
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ..
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ..
මල් යහනාවේ පුතු නැළවෙන්නේ…

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ…

ඉස්සර ආසවෙන් බලපු වැඩසටහනක් තමයි “මනෝහාරි“. මට මතකයි මගේ අප්පච්චිගේ ඔඩොක්කුවට වෙලා මේ ගීතය අහපු හැටි.ඒ වෙලාවේ අප්පච්චි මගේ ඔලුව අතගාපු හැටි මට හොදට මතකයි. එදා දඟ මනසට ඒ ගැන එතරම් හැඟීමක් දැනුනේ නැතත් අද මගේ ඇස් වලට ඒ සිදු වීම කදුළු උනන්නේ ඔහුගේ මා කෙරේ වු අප්‍රමාන දරු ස්නේහය අද මා හට හොදින් දැනෙන නිසාය.

මගේ අප්පච්චි මහා සැර අයෙක් ලෙස කුඩා සමයේ මට දැනුනි.මා අප්පච්චිගෙන් ගුටි නොකෑ දවසක් මතකයට නගා ගත නොහැක.එදා මා කල හැමදේටම මා අවසානයේ වන්න රතු වන්තෙක් ගුටිකන්නේය.

එකල මා කල දෙවල් ඔහුට වැරදිය.එය මට මහා ගැටලුවක් විය. මා දිනක් කබර පැටියකුට මන්දක් ගසා අල්ලාගෙන එන ලදි.ඒ අත්තම්මා කියු දෙයක් හරි දැයි බැලීමටය. අත්තම්මාට එකල අප හැමොටමම වඩා නුවණ තිබුනි. අම්මාත් අප්පච්චිත් අත්තම්මාගේ වචනයට පිටින් යන්නේ නම් ඒ ඉතා කලාතුරකින්ය.ඒ අප සැමට වඩා ඇයට නුවණ තිබු බැවිනි.

අත්තම්මා දිනක් මා හා පැවසුයේ කබරයාගේ බාවෙන් ( වලිගය ) ගැසූ විට ඕනෑම දෙයක් කැපී යන බවයි. එය ඉතා කදිම දෙයක් බැවින්, මා හට කබර වලිගක් ඕනෑ විය. ඒ සදහා “රත්මල ඇලේ” ගහන ලද මද්දකින් කබර පැටියෙකු මා අල්ලා ගන්නා ලදි. ඔහු නිවසට තියා ගෙදරටවත් ගෙන ඒමට නොහැකි වුයේ අප්පච්චි ගේ අකමැත්ත නිසාය. එදා මා හොද හැටි ගුටි කන ලදි.

අත්තාමටත් වඩා නුවණ ඇත්තෙක් වේ නම් ඒ “ඕවිස්සේ” අත්තම්මායි. ඔවිස අත්තම්මා කියන දේ අපෙ අත්තම්මාත් අසයි.

මා තිබු ලෙඩ අතරින් තව ලෙඩක් ලෙස දත් පණුවන් කෑම හැදින්විය හැක. එකල මා බිම වැටි තිබෙන ඕනෑම පළතුරුක් ලද විගස කටේ ඔබා ගන්නා අතර පණුවන් නිරතුරුවම මාගේ කට තුලට ගොස් ඇත. එම පණුවන් මගේ දත් කා දමන බවට මා තදින් විස්වාස කරන ලදි. නමුත් අම්මා කියන්නේ සිනි, හකුරු, ලොසින්ජර නිසා දත් දිරා ගොස් ඇති බවය. එය මා පිලි ගන්නේ නැත. දත් දිරා නොයන බවට මාගේ කාමරයේ සැමන් ටින් වල අසුරා තබන ලද සත්තුන්ගේ දත් මාහට කියා දෙන ලදි.අම්මා එය දන්නේ නැත. මගේ කටේ සිටි පනුවන් මගේ දත් කෑ නිසා නිතර නිතර මා හට දත් කැක්කුමක් විය.

නුවණ ඇති ඔවිස අත්තම්මා මා හට රහසක් කියන ලදි. එය කටෙ පණුවන් මරණ විදිහයි.ඇය මට පැවසුවේ දත් කැක්කුම ආ විගස කාටවත්ම නොකියා ගොස් කරාබු නැටියක් හපන ලෙසය. වැඩේ හරිය. නුවණ ඇති ඔවිස අත්තම්මා සියල්ල දත් අයෙක් ලෙස මා සිතූ අතර වෙනදාට වඩ ඇය කෙරේ ගරුත්වයක් ඇති විය.එදා සිට සැම දිනකම වාගේ මාගේ කලිසමේ කරබු නැට්ටක් ද වරදින්නේ නැත.

ඔය දවස් වලම අපේ පුංචි අම්මා කෙනෙක් මල්ලි කෙනෙක්ව ඉස්පිරිතාලයෙන් අරන් එන ලදි.බාප්පා ගෙනා පෙට්ටියේ ( තොටිල්ල ) මල්ලි තබන පුංචි අම්මා පෙට්ටිය සොලවයි. එවිට මල්ලිගේ විසිල් එක නවතින අතර ඔහු නිදනු ලබයි. පුන්චි අම්මා සෑම දාම පහල වත්තේ ඇටඹ ගහේ ගෙඩියක් මල්ලීට කවයි. මා දන්නා පරිදි මා කන ලද සෑම ඇටඹ ගෙඩියකම පනුවන් සිට ඇත. පුංචි අම්මා එය දන්නේ නැත. ඇය මල්ලීට පනුවන්ද කවයි.මා දන්නා පරිදි පනුවන් කෑමෙන් දත් කැක්කුම් ඇතිවෙයි. නමුත් එයට පිලියම මා දනි. නුවණ ඇති ඕවිස අත්තම්මා මා හට හොරෙන් එය කියා ඇත. එය තවකෙකුට කිව නොහැක.එසේ උව හොත් එහි අනුහස් අඩුවන බව ඇය කියන ලදි.එබැවින් එය පුංචි අම්මාට කිව නොහැක.

මෙයට වහා පිලියම් කල යුතුය. සියල්ලොම නැති අවසථවක මල්ලී සිටි පෙට්ටියට බැසගත් මා හොදින් තලා ගත් කරාබු නැටු ගුලියක් ඔහුගේ කටට ඔබන ලදි. මා ලග ගුලි තුනක් තිබු අතර දෙකක් මා ගිල දමා ඔහුට එකක් දෙන ලදි.එසේ කලේ තරහකින්ය. ඒ පෙරදා මල්ලිට පැණි දොඩම් බික් දෙකක් දී මට එකක් දීම නිසාය. මල්ලිට කරාබු නැටි මදි වීම නිසා ඔහුගේ පෙරේත කමට මල්ලි නොනවත්වාම අඬන්නට විය.එවිට දුව ආ පුංචි අම්මා පෙරෙත මල්ලිගේ කටේ එබූ කරාබු නැටි ගුලිය ඉවත් කරන ලදි. බාප්පා පැමින මාව මල්ලිගේ පෙටියෙන් බස්සවා මොකද කලේ ඇසු විට මා රහස ඔහුට කනට කර කිවේය..ඔහු මහ හඩින් සිනා සුන මුත් පෙරේත මල්ලි අඬීම නැවැත්තුවේම නැත. එතනට පැමිණි අප්පචි සිදුවීම අසා මා හට නොසැහෙන්ට තලන ලදි.

ඔවැනි කාරනා නිසා මා සෑම විටම අප්පච්චිගෙන් ගුටි කා ඇත. නමුත් ඒ සෑම විටම මා හරි බව මා දත් නිසා, ඔහුට නුවණ නැති බව මා සිතා ගත්තෙමි.

මෙය වසර විසි ගානකට පෙර සිදු වු සිදු වීමකි.

ගිය සතියේ නිවසට ගොස් ආ පයින්ම මා හට නැවතත් කොළඹ ඒමට සිදු විය, ඒ එන විට අම්මා ඇය විසින් පිලියෙල කරන ලද “කොකිස්” පාර්සලයක් මල්ලට ඔබන ලදි. මදක් ඒ දෙස බලා සිටි මගේ අප්පච්චි, තකහනියක් ම ගොස් හොදින් ඉදුන “කොලිකුට්ටු” ඇවරියක් ගෙන විත් පැවසුයේ “ඔය කොළඹ වහ කන්ට එපා පුතා” යැයිය.

මා හට දුරකථනයෙක් අප්පච්චි කතා කරනවා අඩුය. වැඩිමනක්ම කතා කරනුයේ අම්මාය.නමුත් ඇයගේ හඬට පිටුපසින් ඇසෙනුයේ අප්පච්චිගේ හඬයි. ඔහු අසන්නේ “පුතා කාලද ඉන්නේ කියලා අහන්ට”. එවිට හයියෙන් මම “ඔව් ඔව් අප්පච්චි” කියන්නට පුරුදු වී ඇත.

පියෙක් දරුවන්ට ගසනුයේ තරහින් නොවන බව මා දනිමි. එය මා ඔප්පු කරගෙන ඇත. පිය ස්නේහය මා හොදාකාරවම දැක ඇත. විද ඇත. ලබා ඇත. දෙමාපියන් තරම් දරුවන්ට ද දරුවන් තරම් දෙමාපියන්ට ද වටින දෙයක් මිහිපිට නැත.

මාගේ අප්පච්චි අද මා ගැන නිහතමානීව සතුටුවනු නිසැකයි. මා ඔහුගේ නම්බුව, සනහුරේ නම්බුව තාකා වැඩකරමි. එය ඔහු දනි. නමුත් මා කොතෙක් කරදඬු උස් උවද තාමත් මා ඔහුගේ “නොදරුවා” වෙයි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ. සදහා ප්‍රතිචාර 8ක් දක්වා ඇත

  1. sujeewa amarasekara පවසයි:

    දයාබර උමන්ද සොයුර,
    පළමුවෙන්ම නෑවත වරක් මගේ ස්තුතිය ඔයාට පුද කරනවා මගේ පියාගේ අවමං ගල උත්සවයට පෑමිනිම පිලිබදව .ඔයාගේ මේ මතක සටහන් මගේ දෑස් නෑවත කදුලින් තෙමන්නට සමත් උනා.මගේ පියාට මා දෑක්වු ආදරයත් ඔහු මට දෑක් වු නිහඩ ආදරයත් ඈතෑම් විට මගේ මවගේත්, එකම සොයුරාගෙත් ඊර්ශාවට ලක් විමට තරම් විශල විය. මගෙ පියගේ වියෝව දරා ගෑනිමට මට හෑකි වෙයෑයි මා කිසි දිනක නොසිතුවෙමි. ඈතෑම් විටෙක පියාට කලින් මා මිය යන්නේ නම් යෙහෙකියෑයි සිතු වාර ගනන අපමණය.එනමුත් මගේ පියාට අපි කිසිම කෙනෙකු නොසිතු ලෙස හටගත් රෝගය මා සිය දහස් වර අසරණ කරන්නට තරම් බලා සිටිමට අපහසු අන්දමින් විය. අවසන් දින කිපයේ ඔහු හුස්ම ගෑනිමට ගත් වෙහෙස දුටු අප සෑම ඔහුගේ සමුගෑනිම පැතීමට තරම් අසරන විය. මා, ඔහු මියයන බව තේරුම් ගත් මොහොතේ පටන් ජිවත් විමට ගත් උත්සහය මේ මොහොතේදි සිහිපත් කිරිමට අපහසු තරම් කටුකය.ඔහුගේ වියොව දරාගෑනීමට අවැසි ශක්තිය අවසන් දින කිපය තුළ ඔහු විසින්ම මා හට ලබා දි තිබුණි. දයාබර සොයුර, මා තුල ඈති සෑම යහපත් ගති පෑවෑත්මක්ම ඔහු වෙතින් මා වෙත දායද වු මහගු දායාදයන්ය. මාගේ කවීත්වය,නර්තනය ඔහුගේ අසුරින් ලෑබු අපුර්ව දායදයන්ය. මා යම් රසවත් ආහරයක් පිසුවේ නම් ඒ ඔහුගේ මග පෙන්විමෙන්ය.මා යම් ජයක් ලබා ගත්තේ නම් ඒ ඔහුගේ අශිර්වාදයෙන්ය.
    මා අද දින සතුටු වන යම් හේතුවක් ඈත්නම් ඒ මගේ පියා හට මා හට හෑකි උපරිම ආකාරයෙන් යුතුකම් ඉටු කල නිසාවෙනි, දයාබර සොයුර, ඔහු ජිවත්ව සිටින සෑම මොහොතකම ඔහු වෙනුවෙන් කල හෑකි සෑම යුතුකමක්ම ඉටුකිරිමට උත්සහ කරන්න.ඔහු අප වෙනුවෙන් කල සියල්ලට ණය ගෙවන්නට අපහට නොකෑකි මුත් ඉන් බිදක් හෝ ගෙවන්නට ඉන් හෑකි වේ යෑයි මා විශ්වාස කරමි. ඔහු හා බෑදුන සොදුරු මතකයන් හා ජිවත් විමට එවිට අප හට ශක්තිය වාසනාව ලෑබේවි.

    කැමතියි

  2. Chandana Rupasinghe පවසයි:

    පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි…..

    කැමතියි

  3. Thushari geethika පවසයි:

    Malli, thaththa gena kiyanna wachana mee mihipita nethi tharam…

    Magee thaththage Adaree unusuma ada ma langa neee. Eeeeth eee adaree sonduru mathakayan hema welawema mage hithee rajakaramin mawa sonduru mathakayanta aragan yannee piya senehasee arutha samagin…..

    Magee thaththa magen, lokenma sadahatama samu aragana 2011.07.23 wenidata hariyatama aurudu 4 wenawa….
    Thaththage senehasa tharam watina deyak mee mihipitama neee……….
    Siyaluma adaraniya thaththalagee Gemburu adaraya Sada Amaraneeeyai….

    Thushari Akka.

    කැමතියි

  4. අමිත් පවසයි:

    කියන්න වචන නෑ උමන්ද අයියා. ෙම් ලිපිය කියවලා මම කල්පනා කරා අෙප් ඉෂ්ඨ ෙද්වතාවකු ෙමන් ඉන්ෙන් අෙප් තාත්තා ෙන්ද කියලා.

    කැමතියි

  5. subhashine gunawardana පවසයි:

    මල්ලි ,මගේ ජීවිතයේත් වටිනාම වස්තුව උනේ තාත්තා.ඔයා කියනවා වගේම ඒ තාත්තා මට නොසෑහෙන්න ගහල තියෙනවා.ගෙදර අයියෙක් හිටියත් වැඩිපුරම ගෙදර වැඩ කලේ මන්.ගුටි කෑවෙත් මන්.
    ඒත් ඔයා කියනවා වගේ දැන් ඒ තාත්ත පුදුමාකාර ආදරයක් මට තියෙන්නෙ.හැමදාම පොල්ටික, තේ කොළ ටික,හාල් ටික කන්න එවනවා.අදත් තාත්තයි මායි ගණුදෙනු කරනවා.මට වෙලාවකට කරදරයක් වගේ දැනුනත් හැමදාම හවසට මට කොල් එකක් දෙනවා.ගොඩක් කථා කරන්නෙ නැති උනත් ඔයාගේ තාත්තා වගේම කෑවද කියලා අහනවා.
    ඔයාගේ ලිපිය මගේ ඇසි වලට කඳුලු ගෙනාවා මල්ලි.මමත් මේ වගේම පොඩිකවියක් ලියලා තියෙනවා.තාත්තා ගැන.

    කැමතියි

    • umanda පවසයි:

      මෙහි ඒක පල කරන්න අක්කා…අපි හැමොටම කියවන්න..

      කැමතියි

      • subhashine gunawardana පවසයි:

        මම

        හද්දි පිටිසර ගමක ඉපදුනාට
        මම ගියේ පලාතෙම තිබුණ හොදම ඉස්කෝලෙට
        හැමදාම බස් එක නැති නිසා
        වැඩිහරියක් ගියේ පයින්මයි.
        දුර අඩි තියන තාත්තත් එක්ක හරි හරියට යන්න ‍වෙලාවකට මම හැල්ම දුවනව
        මහන්සිය යන්න කියලා
        කවි චක්කර ගාථා පාඩම් කෙරෙව්වා මට
        ඒ හින්දම
        සැතපුම් හත අටක් දුර ‍ගෙවන එක
        ඒ තරම් ලොකු ‍දෙයක් උ‍නේ නෑ ,
        අපි දිහා බල බල බෙන්ස් කාර් වලින් ගිය අය
        පස්සෙ කාලෙක දුක් විදින‍කොට
        අපට සැප ලැබුන විදිය ගැන මතක් උනා මට..
        ඉස්කෝ‍ලො ඇරිලා ‍ගෙදර ආව තාත්තා
        කෙලින්ම ගියේ අලුත් ගේ හදන දිහාවට
        අක්කර ගානක රබර් යාය පහුකරල
        මං ගියා තාත්තට දවාලට කන්න බත් අරන්-
        ගිනි කූට රස්නයට පිටුපසින්
        දහඩිය ‍පෙරා‍ගෙන ඉන්න තාත්තව මං දැක්ක.
        උසස් ‍පෙළ මං ලියල අවසාන වුන දි‍නේ
        රබර් පැල හිටවන්න යන් කිව්‍‍‍වෙ-මට ‍නො‍වෙයි අයියටයි
        ගත් කටට බෑ කිව්ව-තාත්තා සද්ද නැතිව යන්න ගියා.
        මං දිව්ව තාත්ත‍ගෙ පිටිපස්සෙන්
        අසරණව මංදිහා බලල කිව්වෙ-උඹට බෑ මගේ පු‍තේ-කියල
        මං සද්ද නැතිව පිටිපස්සෙන්ම ගියා
        එකම එක කොලයක් වත් පෑගිලා සද්ද ඇහෙයි කියන බයට
        අපි දෙන්නා එකතුවෙලා වැඩ ඉවරවුනාම
        වත්‍‍තෙ අන්නාසි ගලේ තිබුණු ලොකු ‍ගෙඩියක් කපලකන්න දුන්නා මට.
        මහා වරුසා දිනක කුඹුරොවි ‍ගෙට ගන්න
        මහ කන්ද පහු කරන් වී ගෝනි කර තියන්
        මන් ආවෙ හරි හරියට-මගේ යකඩි- කියලයි තාත්තා මට කිව්වේ.
        එක ලකුණක අඩුව මගේ මග අවුරද්දි
        මන් ‍නොවෙයි දුක් වු‍නේ තාත්තයි හොදටෝම.
        ආද‍රෙන් පැරදිලා මම කදුලු පෙරන කොට
        ඒ කදුලු පිසින්නට මව් ‍නො‍වෙයි පැමිණියේ
        ලොකු දුවේ මේ ලොවට ඔයා හොද වැඩි තරම්
        අපි හිතන විදියටම හැමෝමත් නැති තරමි-මගේ හිත හැදු තරමි.
        ‍පෝරු මස්තකය මත රෙදි කච්චියක් ‍දෙද්දි
        ‍දෝතින්ම හිස තබාගෙන හිමි හිමින් පිටවුනේ
        කදුලු කැට ‍දෝතක්ම හොවාගෙන.
        මන් ඔහුගෙ අත අරන්-ඈතකට ගිය ගමන්
        හොදටෝම ඇඩුව හැටි-නංගි කිව්වට පස්සෙ
        මට දැනුන දේ අදත්-කියන්නට බැරි තරම්.
        මහ ගෙදරින් සමු අරන් අදට මන්
        දාහතර අවුරුදුදක් ගෙවිලා ගිහින්,
        ඒත් තාමත් තාත්තගේ ආදරය
        පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ.

        කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )