මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ

“කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ”

රෝහණ බැද්දගේ මහතා ගේ මේ ගීතයට මා ඉතාමත් ප්‍රිය කරනවා.ගමත් ගමේ වු අව්‍යාජ සුන්දරත්වයත් පෙලින් පෙලට පෙල ගස්වා ඇති මෙම ගීය මා මාගේ කුඩා කාලයට රැගෙන ගියේ අතීතයේ මතක ගොන්නක් සිහි ගන්වමින්ය.

සැබවින්ම ග්‍රාමිය නිකැලැල් පරිසරයේ වු සෞන්දර්යාත්මක රිද්මය, මසැසටත්, මනසටත් එක්කරන්නේ මහා අපරිමාන වු නිස්කලංකයක්.

උදෑසන හිරු පෙරැබරින් නැගෙත්ම මතුවන කාහලයෙන් පිබිදෙන “ගම” කිටි දවස සරි කිරීමට සැරසෙයි.ගමේ වැඩ ආරම්භ කිරීම හරිම සරළයි..උදේ පාන්දරම කහට කෝප්පය හකුරු පල්ලක් එක්ක, එක හුස්මට “ගුඩුස්” “ගුඩුස්” ගාලා උගුරට දෙකට ගිලදා එලියට එන්නේ ඉර එලි‍යට යන්තම් රත් පැහැවු පෙරබරේ වු රජ මගුලට ගී කියන සියත් කැලගේ රිද්මයට ඇඟ නලවමින්ය.

හෝඩියේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ දී මා ගියේ ගමේ පාසැලටය. උදේ පාන්දර පින්න..ඒ මදිවට මීදුම හෝ ගාලා.කදු අතරින් මිදුම කපාගෙන ඉර එළිය අවත් ඇගේ ශීතල නැති කරන්න ඒ එලිය හයිය මදි.කිටි කිටියේ හීතලට අත් පා ගැහුනත් මට නම් හීතල අහලවත් නැත. නිවසට පහලි වු අඩි පාරේ යනවිට තණ අග රැදි අඩක් නිරුවත් පාදයේ වදින විට සියොලඟ කිලිපොලා ගිය මුත් එම හැගීමට මා වඩාත් ලොල් වු නිසා වැඩි වැඩියෙන් දගලන්නේ වැඩිපුර පිණි කැට කකුලේ හලා ගැනීමටය.

මේස් සපත්තු දමා ඉස්කෝලේ යෑම මට හරි කරදරයක් ය. සෙරෙප්පුද මට නොගැලපේ යැයි අප්පච්චී කියනු ලබයි. ඒ මට සෙරෙප්පු අරන් දී පිරිමැසිය නොහැකි බැවිනි. මගේ අප්පච්චි මට ඇගිලි එලියට එන හන් සෙරෙප්පු දෙකක් ගෙනත් දෙන ලදි. එය බකල් එකක් දමා තද කල පසු ගැල වෙන්නේ නැත. තවද එය දමා ගස් නැගීමට, ඇලේ දිවීමට බදාවක් නොවු බැවින් මා හය ශ්‍රේණිය පමන වනතෙක් භාවිතා කලේ එම සපත්තු වර්ගයයි.උදයේ කකුලේ හිද හවසට කරෙන් ගෙදර එන සපත්තු දෙක මගේ අන්ඩර වැඩ හොදින්ම දන්නා එකම “පුද්ගලයාද” විය.

මගෙත් එක්ක ඉස්කොලේ යන්න ගමේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි..ඒ මගේ අම්මා මට උදේ පාන්දර හදලා දෙන කව්පි ටික හරි කඩල කන්ට. උන් ටික එන්නේ පොදියට.හරියට සිණි කැටේට ඇගෙන නයි කූඹ් (තෙල් කූඹි ) රංචුව වගේ.පොරකකා එවා ගිලින මේ ගම දරුවෝ, “ජක ජක” ගාමින් ගලා යන කුඩා කුඩා වතුර කඩිති වලට කෑ කොට දමන්නේ “මාළුවන්ට” බඩගිනි ඇතැයි කියමින්ය. එය දක්නා එතැන වන කෙල්ලෙක් කියන්නේ “කෑ කොට නොකැකොට හොද කොට කන්ට සිද්දවු කොට…කාපුවා දෙන්ට හොද නෑ. පව් සිද්ධ වෙනවා..” ඇගේ වදන් නින්ගිරාවක් ලෙස ගන්නා අප ඇයට වතුර ගසා දිව යන්නේ ඇය රකින උන් ද වතුරට පෙරලා දමාය. ඇතැම් අවස්ථාවල කක්කුටන් අල්ලා කෙල්ලන්ගේ ඇගට දමා අප ඔව්නට කෝල කම් කෙරෙති. එම ආරොව හිරි දුටු පිණි ම්ව්න් වන්නේය..නැවත අප සියලු දෙනා එකට පොදි ගැසෙන්නේ රැලේ තව එකෙක්ගේ හූ තැබීමකිනි.

ඒ ඔහු හෝ ඇය ගේ අලුත් සොයා ගැනීමකි. එය පෙර දින හම්බාවෙකු පොතු ගසන ලද අඹයක් හෝ කුල්ලක් වගේ පළල් කොලපතක් වගේ දෙයකි. එවා සුරැකිව සඟවා තබා යෑමට අප වග බලා ගන්නේ, ඉස්කොලෙට ගෙන ගියොත් අයියලාගෙන් බේරීමට නොහැකි නිසාය.

කොලපත් පැදිම අපගේ ඉතාම රසවත් ක්‍රිඩාවක් වන්නේය.එබැවින් විශාල සරුවට වැඩුනු කොලපතක් හමුවු දාට අප ඉතා කාර්යබහුලය.

උදැසනම කොකො වතුවලට හා සාදික්කා වතුවලට පැනිම පුරුද්දක් වෙයි.නොයෙසේ නම් හවස් වන විට එවා සොයා ගැනීමටවත් නොහැකි නිසාය. සියලුදේටම බනින අපේ අම්මා සාදික්කා කෑමට නම් බැන්න දවසක් මට මතක නැත. සාදික්කා කෑ විට බඩේ අමාරු එන්නැති බව ඇය කියයයි.අත්තාමට අම්මට වඩා නුවන ඇත. ඇය කියනුයේ සාදික්කා කෑ විට බඩේ පණුවෝ මැරෙන බවය. මට එවා වැඩක් නැත..මා අදටත් සාදික්කා වලට පෙරෙත එහි ඇති අමුතුම රසයටයි.

කොකෝ කෑම තවත් කතාවකි. ඉදුන කොකො ගෙඩියක් ලැබෙනුයේ ඉතා කලාතුරකින්ය.යම් හෙයකින් ඉදුනු කොකෝ ගෙඩියක් ලද හොත් ඇය හෝ ඔහු එදින අපේ ලොක්කා වන්නේය. කොකෝ සතුව අපව රජ කල හැකි ගුනය එහි “කර කර” ගා හැපෙන මැද බොඩයයි. සියල්ලොම එය කෑමට ගිජුය.

හිරිගඩු පිපෙන හීතලේ වෙල් මැදින් පැන පැන  ලදු දෙනි දෙවටවල් වල රින්ඟ රින්ඟා
ඉස්කොලේ යන්නේ හිතේ පුදුමාකාර සතුටක් පුරොගෙන..ගමේ ඉස්කොලෙට යන එක එකල ජිවිතේ කොටසක්. එහි කිසිදු දුෂ්කරතාවයක් අපි දුටුවේ නැත.එබැවින් අසනීපයකට ඇරෙන්න ගෙදර හිටි දිනයක් මතක නැත.එකල මට සැදුන මාරන්තික අසනීපයනම් “හෙම්බිරිස්සාව” පමනි. හුස්ම ගැනීමට නොහැකිව ඉන්නා විට තරම් මා බියවන අවස්ථාවක් නම් තව නැත.ඔය අසනීපය පොදු අසනීපයක් බැවි අත්තාමාගෙන් දැනගත් දා සිට බිය පහව ගිය නමුත් හුස්ම් හිරවන විට නම් අප්පච්චි අත්තා (අම්මාගේ පියාට මා ඇමතුවේ එසේය ) මැරී සිටිනු මට සිහිවිය. අප කාන්ඩයට ලෙඩ දුක් අල්පය.නමුත් ඇගේ වන තුවාල කැලලි නම් කිසිදු අඩුවක් නැත.

ඉස්කොලේ ගිහින් ලියනව කියනවා අඩුයි, එක්කෝ ගහ ගන්නවා, එහෙමත් නැත්තන් අහල පහල තියෙන ගස්වල ගස් ගෙඩි කඩන්නවා, උදේ කිරිපාටට තිබ්බ කමිසේ ගුරුපාට නෝවී තිබ්බ දවසක් මට මතක් කිරීමටත් අපහසුයි.

ඉස්කොලේ කරන ක්‍රිඩාවලින් ප්‍රමුඛ ක්‍රීඩාව වන්නේ “අරිකි මිරිකි” (අද අප කබඩිකියා හදුන්වන ) නම් සෙල්ලමයි.එයට අප අතර ගැනු පිරිමි කියා බේදයක් නැත. සියල්ලොම කරට කර සෙල්ලම් කරති. එකල අප කලේ ක්‍රිඩා කිරීම පමණි. ගුරුතුමියගේ පන්තියද තිබුනේ පිට්ටනියේම වු දෙල් ගහ යට බැවින් අපට කිසි කරදරයක් නැත.ඇගේ පැවරුම් “දිඩි බිඩියේ” ලියා ඉස්කොලේ රවුම් ගැසීමට ඇගෙන්ද තහනම්ක් නොවුයෙන් ඇයට අප බොහෝ කැමතිය.

අදටත් මා ගමේ ගිය පසු නොවරදවාම බැලීමට යන මගේ මුල්ම ගුරුතුමිය (මගේ අම්මාට පසු ) වීරකෝන් මැතිනියයි.ඇය අප්ගේ මහගෙදරට (ලොකු අත්තාගේ ගෙදර ) අල්ලපු ගෙදර නිසා ඇය හා අප ඉතා හිතවත්ය. එබැවින් මුලින්ම මා පාසැලට කැදවාගෙන යන ලද්දේද ඇය විසින්මයි.ඇය සමග “ගන්සබා” පාර දිග යෑම තරම් නීරස දෙයක් මා විද නැත.කොල්ලො කෙල්ලෝ මා සමග රංචු ගැසීමෙන් පසුව මා ඇය අතහැර උන් සමග යන්නට විය.මුල් සමයේ ඇය එයට විරුද්ධ උනු නමුත් මගේ හිතුවක්කාර කමට ඇයට පැරදෙන්නට සිදු විය.

ඔය විදිහට “ගමේ” ඇලවල් වල, කැලැ වල, ලදු දෙනි වල රස්තියාදු ගහන අපි ගෙදර එන්නේ බාගෙට හෙම්බත් වෙලාය. ආපු ගමම්ම කෑම පිඟාන ඉල්ලුවත් ඒ වෙනුවට  මගේ  අම්මා ඇද ගෙන යන්නේ ළිඳ වෙතටය.ඉහින් කනින් වැටෙන්න වතුර වක්කරවු වත් සීතලක් නම් දැනෙන්නේම් නැත.ගිඩි ගිඩියේ නා ගෙන දුවන්නේ බත් කෑමටය.

මගේ අම්මාගේ කෑම වේලට මැල්ලුමක් වරදින්නේම නැත. හොහෙන් හරි හොයා ගත්ත, ගොටුකොල මිටක්, මඤ්ඤොක්කා කොල මිටක්, මුකුනුවැන්න ගොන්නක්, ඇයට ඇතිය.මගේ අම්මා කිසි දිනෙක හීලි බත් මට කවා නැත.දුම් දම දමා කැමට පුරුදුකලේ මගේ අම්මායි.සීතල බත් කෑමට මගේ අප්පච්චිද අකමැති බැවින් මගේ අම්මා තුන් වේලටම බත් ඉවීම කරනු ලබයි. පාන් කන්නේ ඉතාම කලාතුරකින්ය..ඒ මගේ අම්මා අසනීප වු දවසක හෝ ගමනක් ගොස් පරක්කු වු විටදීය.ඒ ඇරෙන්නට මට සිදු වුයේ බත් කෑමටය.

බත් කෑ මම නිවසේ නම් රැදෙන්නේ නැත. පොල් පිත්තකින් සාදා රොෂාන් මහානාමගේ රූපය අලවාගත් මගේ “බැට්” එකත් අරගෙන් වෙලට දුවන්නේ මිටින් හල කුරුල්ලෙකු ලෙසින්ය.

එකා දෙන්නා එකතු වී පොදියක් වන අපේ ගමේ කොලු රිත්ත වෙල පුරා කෑගසමින් පන්දු කෙලිති. පන්දු ගැසීම අපගේ සවස් යම ක්‍රීඩාව වන අතර, ඊට කලින් උදයේ සොයා ගත් පරිස්සමට තැම්පත් කරන ලද නිදන් වස්තු ඉවර කරන්නෙමු.

අප අතර රංඩු සරුවල් නම් එමටම විය.එකෙකුට එකෙක් නොදෙවෙනිව ගෝරි කරනු ලබයි. ගෝරියක් උස්සන්න වු විට කෙල්ලෝ මැදිහත් වෙයි. එකිනෙකාට බැන ගනිමින් එය එතැනින් ඉවර වන නමුත් පන්දු කෙලීම නම් නවතන්නේ නැත.

බින් කළුවර වැටුනත් නොනවතින මගේ පන්දු කෙලිය කෙලවර වන්නේ අප්පච්චිගේ කෝටු පාර වන්න රතු වෙන්න වැදුනායි පසුය. හූ තියාගෙන අම්මා ලඟට දිව ගියද එම පාඩම මතක සිටිනුයේ ඇදට ගොස් නින්දට යන කම් පමණි.පසුව දාත් පුරුදු පරිදි මා වෙල්යායේ කොලු රෑනට එකතුවන්නේ නිරායාසයෙන්මය.

විභාග දවසට පෙර දිනයේ ඇරෙන්න කිසි දවසක පොත් අස්සේ මා මගේ “ළමකම” සිර කලේ නැත.මට පාඩම් කිරීම හරිම කර්කශ දෙයකි.එයට වඩා කිරීමට රාජකාරි එකල මට බොහෝ විය.

මගේ  අම්මාගේ පොරේට එහෙන් මෙහෙන් බලි කුරුට්ටක් ලියා ඇදට් යන්නේ ඒ වන විට මුලු ඇඟම තෙහෙට්ටු වී ඇති නිසාය.

රට උළු සිදුරෙන් තරු දිහා බලාගෙන නිදා ගන්නා මා ප්‍රාර්ථනා කලා නම් කලේ හෙට දින ඇලේ මාළු අල්ලන විට වැඩිපුර මාළු අසුවේවා හෝ, පන්දු කෙලින විට වැඩිම හයේ පාර්වල් ටිකක් වැදේවා කියාය.

එසේ නිමා වෙන ගමේ මාගේ දිනය හරිම නිස්කලංකයි. එය හරිම ස්වභාවිකයි..කලෙන් කලට ලියු ආන්ඩුවේ විභාග වලට ලියා ගමෙන් ඈත් වී නගරට ගියද.. මා මගේ ගමේ සුවද තාමත් හදවතේ රදවාගෙන ඉන්නේ, නගරයේ ඇති කෘතීම බවට වඩා ගමේ ඇති නැවුම් ස්වභාවිකත්වයට මා බොහෝසේ ප්‍රේම කරන බැවිනි.

ගමෙන් නගරට බට බොහො දෙනා ගමේ සුවඳ එවත් කොට නගරයේ වු කට්ට කුමන්ජල් දුමට වශි වී සිට ගමට ගල් ගැසීම හිතට දැනෙනේ මහා ඛේදාන්තයකි.

මගේ දරුවන්ද යම් දිනෙක  මා කුඩා කල සිටි අකාරයටම හැදීමට ඉඩ හරිමි.. “ට්යුෂන්” වෙනුවට ඔවුන් ඇලවල් වල, ලදු කැලෑ වල ලගිනවා දැකීම මගේ සතුටයි.

එය බහුතරයකට හිනා උපදවන දෙයක් විය හැකි මුත්, මා බ’ර්නූලී ප්‍රමේය, නිවුටන් නියම, තාප ගති සිද්ධන්ත උගත්තේ පංතිකාමරයට වඩා “ගමේ මා හැදුන” පරිසරයෙන් ය.මා අද සිටිනුයේ එදා මා ලද ස්වභාවිකත්වය නිසාය.

නුතන දරුවන් කීයෙන් කීදෙනෙක් මෙය අත්විදිනවාද යන්න ඇත්තේ ලොකු සැකයක්..

මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ

ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ

මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ සදහා ප්‍රතිචාර 18ක් දක්වා ඇත

  1. ගොඩයා පවසයි:

    මට මේ ලිපිය අහම්බෙන් ඇසගැටුනේ. ලිපිය මාවත් මගේ කුඩා කාලයට අරගෙන ගියා. ඔබතුමා මේ පින්තූරය ගත්තේ කොහෙන්ද කියලා පොඩ්ඩක් කියනවද? මොකද කියනවා නම් මේ පින්තූරය අපේ ගමේ පින්තූරයක්. අනිත් කාරණය ඔය පින්තූරය ගත්තේ මම. මගේ බ්ලොග් පෝස්ට් එකකට දාන්න. ලිපියේ අන්තිමට ඒ පින්තූරෙම මුණගැහුනහම හරියට අපේ ගම ගැන කීවා වගේ හිතුනා. ඒත් ඔබතුමාගේ විස්තරයයි මගේ ගමේ විස්තරයයි පොඩ්ඩක් වෙනස්. ලස්සන ලිපියක්.

    කැමතියි

  2. supun44 පවසයි:

    ගමක තිබෙන වටිනාකම දන්න අය කී දෙනාද නගරවල ජීවත් වෙන්නේ ඒක නිසා ඒ අයට දැනගන්න හොද ලිපියක් බොහොම ස්තුතියි
    පුලුවන්නම් http://setz-uom.blogspot.com/2011/06/blog-post.html මේ ගමටත් ගිහින් බලන්න

    කැමතියි

  3. Thiwanka WEediyabandara පවසයි:

    මම ආසයි ඔබේ විදිහට…
    උමන්ද පුලුවන්ද මේ සින්දුව හොයාගන්න?

    කැමතියි

  4. Hasitha පවසයි:

    කාලය මැවු වෙනසක අරුමේ…………

    කැමතියි

  5. Dragon පවසයි:

    මෙච්චර කල් කොමොන්ටුවක් දැම්මේ නැතුවට අදනම් දාන්නම හිතෙනවා. මටත් කැමති පුන්චි ගම්මනෙකට ගිහින් නිදහසේ ඉන්න. මේ ජීවිතේ සoකීර්ණ වැඩියි.ලස්සන ගීතයක්.

    කැමතියි

  6. Kasun පවසයි:

    ඇත්තටම මම කියවූ පොත් පත් වල තිබූ සියලුම දෑට වඩා උමන්දගේ මේ කුඩා ලියවිල්ල මා කම්පනයකට ලක් කළේය.. මා මෙය තුන් වරක් කියැවීමි..කල්පනා කලෙමි..මම මෙහෙම හිටියානේදැයි මට අමතක වී තිබිණි…ලියන්නට දේවල් බොහෝ ඇත.. ජීවිතේ හරි ලස්සනයි..අපි ඇත්තටම දැන් මොනවද කරන්නේ?? සල්ලි තමා ජීවිතේ වෙලා………හ්ම්…

    කැමතියි

  7. Chamil Lakmal පවසයි:

    කියන්න වචන නැහැ යාළුවා ඔයාට හිනා වෙනවා නමි හිනා වෙන්නේ ළමා ක‍ාලයක් නැති කෙනෙක් තමයි. මමත් ඔය සුන්දරත්වය ටිකක් විතර විදලා තියෙනවා. ඔයාගේ ගම නමි ලස්සනයි. කොහේද එක තින්නේ.

    කැමතියි

  8. Bandula Wijesiri පවසයි:

    Etha Priyakarana Geethayak. Ape Gami Sundarathwaya. Me sinduwen Apuruwata
    genahara dakwanawa. Evage Evani lassana lama kalayak athvida ethi obage athdakeemda
    harima apurui. Ma epadune Colombo unath Gamithwayata mama etha kemathiy.

    කැමතියි

  9. Bandula Wijesiri පවසයි:

    Etha Priyakarana Geethayak. Ape Gami Sundarathwaya. Me sinduwen Apuruwata
    genahara dakwanawa. Evage Evani lassana lama kalayak athvida ethi obage athdakeemda
    harima apurui. Ma epadune Colombo unath Gamithwayata mama etha kemathiy.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )