ඩයික්‍රොමේට් බෝතලේ හා මගේ කරුමය

මෙකත් මම පාසැල් යන කාලේ මට උන දෙයක්.

රසායන ද්‍රව‍යක් තියෙන්වා පොටැසියම් ඩයික්‍රොමේට් කියල. මම හැම දාම කරන දේ තමා ඔකෙන් චුට්ටක් හොරකන් කරගෙන ඒක දහනය කරල බලන එක.හරිම් ලස්සන දර්ශනයක්.

ඔන්න ඕක හැම දාම කරන කොට ඕක අපේ රසායන විද්‍යාව ගුරුතුමීට මාට්ටු වෙච්චි. දැන් ඉතින් ගිනි කෙළියයි. මම හිතුවෙ මට අයේ රසායනාගාරය පැත්ත පලාතේ එන්න වෙන එකක් නෑ කියලා.

ගුරුතුමී මොකුත් කිව්වේ නෑ.හැබැයි ඒ වෙනුවට මට හම්බුනා සල්ෆර් වලින් අපවිත්‍ර උනු පොටැසියම් ඩයික්‍රොමේට් බෝතලයක්ම.මට ඉතින් වෙන මොනවද මල් හතයි.පූසට කිරි හම්බ උනා වගේ.

ඕක දීල ගුරුතුමී මෙහෙම කතාවක් කිවවා

“ජයෝ…! අයේ කවදාවත් ඔයාට ඉස්සරහට තියෙන පරීක්ෂණ වලට සල්ෆර් හමබ වෙන්නෙත් නැ පොටැසියම් ඩයික්‍රොමේට්ටුත් හමබ වෙන්නෙත් නැ. ඔයගේ පරීක්ෂණ ඔක්කොටම ඔය බොතලෙන් තමා සල්ෆර්යි පොටැසියම් ඩයික්‍රොමේට්ටුයි ගන්ට වෙන්නේ. හැබයි ඔයාගේ පරීකෂණ ඔක්කොම හරියටම් හරි යන ඔනේ”

එතකොට තමයි මට දෙලොව රත් උනේ…මොකද ඉස්සරහට තියෙන්නේ අකාබනික රසායනේ පරීකෂණ . කාල වරෙන්කො.

මම ඉතින් අර අපවිත්‍ර උනු සල්ෆර්යි පොටැසියම් ඩයික්‍රොමේට්ටුයි අරගෙන ඉතිරි පරික්ශණ කරා. කරපු ඔක්කොම වැරදි.

හැබැයි මට ඒ පරීක්ෂණ ඔක්කොමෝගෙම ක්‍රමය,සිද්දාන්තය හොදට “තෙරුම්” ගියා. අදටත් මට ඒ දේ මතකයි.

යලුවොන්ගේ පරීක්ෂණ ඔක්කොම හරි. ලකුණුත් ගොඩායි. ඔව්න් සිද්දාන්තය හරි බව දැනගත්තා
මම සිද්ධානතය තෙරුම් ගත්තා.

මම එදා අර අපවිත්‍ර පොටැසියම් ඩයි ක්‍රොමේට් වලට කරපු දේ

1) බොතලේ ප්ලස්ටික් හින්දා ලෙසියෙන්ම බොතලේ මැදින් කපලා පිරිසිදු පොටැසියම් ඩයි ක්‍රොමේට් ටික ඉසෙල්ලාම වෙන් කර ගත්තා.

2) ලොකුවට කැට කැට තිබ්බ සල්ෆර් ටික ඊට පස්සේ වෙන් කර ගත්තා.

3) ඔය දෙකම හරි පරිස්සමට පිරිසිදුව මගේ ලොකර් එකේ දාලා කිසිම හේතුව නිසා අයෙ නම් පොටැසියම් ඩයි ක්‍රොමේට් ගිණි තියන්නේ නෑ කියලා හිතා ගත්තා.

4) පරීක්ෂය (ඉහත මුල ද්‍රව්‍ය භාවිත කොට ) කරන හැම විටම රසායනාගාරයේ ඉදිරිපසම ගුරුතුමීට පෙන්නම කරා.

5) විශය නිර්දේශයට අදාල නොවන පරීක්ෂණ ගැන (ඉහත මුල ද්‍රව්‍ය භාවිත කොට ) හොයල බැලුව එවා අත් හදා බැලුවා.

6) හැම විටම එක වරම පරීක්ෂනයක නිවැරදි ප්‍රථිපලයක් නොලැබෙන බව ඉගෙන ගත්තා දැන ගත්තා.

7) පොතේ හැටියට නැතුව මට ඕන විදිහට පරීක්ෂන කරා ( එහෙම කරන්න ගිහින් වෙච්ච වැඩ අපමනයි. තාමත් ඒවගේ “පැච්” තියේනවා. )

තව ගොඩායි.. ඔය ඔක්කොමොගෙන්ම මම දැන ගත්තු දේ තම යමක් ඉගෙන ගන්නවාට වඩා යමක් “අවබෝධ කර ගැනීම” තමා ඉතා වැදගත් කියලා.

අපි හැමදාම ඉගෙන ගන්නවා හැබයි අවබෝධ කරගන්නේ බොහෝම ටිකයි. අපි ගොඩාක් කරන්නේ කෙනෙක් කරපු දෙයක් කරන එක හරි ඒකෙනා “නවත්වපු” තැනින් අපි පටන්ගන්න එක. ඒ හැරෙන්න අපි අපිටම මුල ඉදල පටන් ගන්න උත්සාහ කරනවා අඩුයි.

“අපි අපිම පටන් ගමු”

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ඩයික්‍රොමේට් බෝතලේ හා මගේ කරුමය සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. chathuranga Perera පවසයි:

    සම්පූර්ණ ඇත්ත සහෝ… ඉගෙන ගන්නවට වඩා අවබෝධ කර ගන්න එක තමයි හොද. මොකද එතකොට පොතේ නැති අපේම දේවල් ටිකක් අපිට ලැබෙනවා. අපේ ගොඩක් අයට හරියට වැඩක් කරගන්න බැරි ඉගෙනගත්ත දේට පිටින් යන්න අකමැති නිසා

    කැමතියි

  2. Tharindu පවසයි:

    මම ඉස්කෝලෙ යන කාලෙත් ඔහොමමයි. ඔය ඩයික්‍රෝමේට් නම් නියම භාණ්ඩෙ. ඕකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, පොටෑසියම් අයඩයිඩ් දාල එක පාරක් ගිණි කන්දක් හැදුව මතකයි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )