මෙකත් මම පාසැල් යන කාලේ සිදු උන දෙයක්.
එකල මා දොළහ ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයි. මා සමග කුඩා කල සිට්ම දැන හදුනා ගත් මිත්‍රයකු 13 ශ්‍රේණිය් ඉගෙන් ගන්නා ලදි.මාගේ පන්ති කාමරයත්, ඔහුගේ පන්ති කාමරයත් සමාන්තරව පිහිටි අතර පන්ති කාමර ඉතා ලඟ බැවින් කියන කරනා දෑ අන් අය හා පහසුවෙන් ශ්‍රවනය ග්‍රහනය වෙයි.
අප පාසැලට “ගුරු උපදේශකයන්” එන්නේ නැත.ආවත් ඉතා කලාතුරකින්ය. හෙතුව නම් ළමුන්ගෙනුත් අප දයාබර ගුරු මාපිය වරුන්ගෙනුත් ඔව්නට ගැලවිය නොහැකි නිසාය. නමුත් කලාපය අලුතින් ආ “උසස් පෙළ ගණිතය” පිලිබද උපදේශකයා හා හා පුරා කියා ඔහුගේ “රැස්” පෙන්වීමට ගොඩ ඌයේ අවාසනාවකට මෙන් අප පාසැලටය.
හෙතෙම ආ ගමන්ම ගියේ මාගේ මිතුරාගේ පන්තියටය, අපෙ පාසැලේ ගණිත ගුරුතුමා ශුද්ධ ගණිතයේ ඇති ත්‍රිකොණමිතිය නම් “අනගිබවනීය” පාඩමට අදාල ගැටලුවක් සාධනය කරම්න් සිටින ලදි. ආ සැනින් ඔහු ගුරුතුමා හා සුද්දගේ ආරයට කථා කර “චොල්ක්” කෑල්ලයි “හුණු කොට්ටෙයි අරන් කලු ලෑල්ලේ තිබූ සියල්ල මකා ඔහු විසින් අලුත් ගැතලුවක් දී “විසදන්නැයි” අණ කලේය.
අප ද බ්‍රාන්ත වී බලා සිටියේ වෙන්නේ කුමක්ද කියාය. ළමුන් අතර කසු කුසුව වැඩිවිය. ගුරුතුමාගේ මුහුනෙ මද සිනාවකි.
හිටි හැටීම ගුරු උපදේශකයා ගුරුතුමාටත් ළමුන්ටත් බැන ගෙන බැනගෙන යන්නට විය.
“බූරූ රැලක්”
අවසන් ලෙස ඇසුන් අතර අ සමගින්ම නැගී සිටි මාගේ මිත්‍රයා කියා සිටියේ
“සර් ඔය ගාන වැරදියි. ඕක ඔහොම වෙන්ට බෑ..”
පසුව ඔහු ගුරු උපදේශකයාට උගන්වන්නට විය.
ඔහු වරක් ළමයා දෙස බැලීය ඔහුගේ මුවේ සිනාවක්ය.
ඔහු ගුරුතුමා දෙස බැලීය ඔහු බිම බලාගෙනය
කඩිමුඩියේ පොත් ටික අකුලා ගත් ඔහු මොන මොනවාදෝ මුමුනමින් පන්තියෙන් පිටව යනු දුටුවෙමි.
ඉන්පසු කිසි දිනෙක මා ඔහු දුටුවේද නැත.
ඔහු කෙස් ඉදී ගිය වයසින් මුහුකුරා ගිය වැඩිමාල්ලෙකු විය. වයස සමග පමනක් දැනුම්, බුද්ධිය හා පරිනත භාවය රදා නොපවතින බවට පලමු වරට මා “අත් දුටුවේ” එදායි. එදා සිට අද වන තුරු විවිධ තත්ව උඩ එය මා අත් දකිමි.
ගොඩ දවසකින් කියවන්න උනේ මල්ලි රසවත් තව ලියන්න
කැමතියිකැමතියි
add ur blog http://www.lankeeya.info/
කැමතියිකැමතියි